කොබෙයියා ඔලුව වනන එක

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    කොබෙයියා ඔලුව වනන එක


    16806821_392822534419243_565454412916460633_n.jpg


    "අපේ කාලෙ නම් කොබෙයියන්ට ඔහොම බෙල්ල වනන්න අපි ඉඩ දුන්නෙ නෑ අපේ හාමුජුරුවනේ" - මහින්ද රාජපක්ෂ

    "දැන් මේ කොබෙයියෙක් ඇවිත් බෙල්ල වනනවා. මම ජනාධිපතිතුමත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. එතුමා මේ ගැන පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. දැන් රාජපක්ෂලාගෙ කාලෙ මොකද වුනේ? කොබෙයියෙක්ට ඔහොම බෙල්ල වනා ගන්න නිදහස තිබ්බද? " - රනිල් වික්‍රමසිංහ

    "මේ ළඟකදී ඉඳන් කොබෙයියෙක් වනනවලු හිටං. උදේ පත්තරේ බලනකොට තමයි මාත් දැන ගත්තේ..." - මෛත්‍රිපාල සිරිසේන

    "මොකාද මේ කොබෙයියා. ඌ පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ... ඔලුව වනනවා" - එස්.බී. දිසානායක

    " ඕනම කොබෙයියෙක්ට ඔලුව වනන්න පුළුවන්." - ලක්ෂ්මන් කිරි ඇල්ල

    "මම දැනගෙන හිටියා ඔය කුහක මිනිහා කවදා ඔය සිවිලිමේ බඩ ගාගෙන හරි කොබෙයියෙක් වගේ ඔලුව වන වන මගේ පස්සෙන් එනව කියලා" - සරත් ෆොන්සේකා

    "තමුසෙ කවුද ඕයි කොබෙයියා ඔලුව වනන එක නවත්තන්න. පකයා"- වාසුදේව නානායක්කාර

    "අපි රාජපක්ෂ පාලනේ... අවසන් කළේ කොබෙයියන්ට ඔලුව වනන්න තමයි. දැන් ඕන කොබෙයියෙක්ට තමක් කැමති විදියට ඔලුව වනන්න පුළුවන්" - මංගල සමරවීර

    "කාගෙද මේ කොබෙයියා? කොහෙන්ද ඌ පාත් වුනේ. රාජපක්ෂලා හොරකම් කරල හංගගෙන හිටිය කොබෙයියෙක් තමයි දැන් මේ එළියට ඇවිත් ඉන්නේ. අම්මපා" - අනුර කු. දිසානායක

    "කොහෙන්ද මේ කොබෙයියා...කොහෙන්ද මේ කොබෙයියා...රනිල් වික්කමසිංහ මැතිතුමෝ අපි අහනවා දෙයි හාමුදුරුවනේ කොහෙන්ද මේ කොබෙයියා" - විමල් වීරවංශ

    "කොහේ ඉන්න කොබෙයියෙක් ගැනද මේ කතා කරන්නේ? මේ රටේ කොබෙයියො නැති පිරිසක් ඉන්නවා. ඒ පිරිසටයි කොබෙයියෝ ලැබෙන්න ඕන" -හරිශ්චන්ද්‍ර විජයතුංග