කොමසාරිස් භද්‍රානිට නකීඞ්ගෙන් බුරියානි

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    කොමසාරිස් භද්‍රානිට නකීඞ්ගෙන් බුරියානි

    කොමසාරිස් භද්‍රානිට නකීඞ්ගෙන් බුරියානි





    කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වන භද්‍රානි ජයවර්ධනට බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අලෙවි මව්ලානාගේ පුත් නකීඞ් මව්ලානා බුරියානි සහ තවත් දේවල් කවමින් සිටින බව ‘පැපරාසියාට’ වාර්තා වේ.

    නකීඞ්ගේ බුරියානි භද්‍රානිට කොතරම් රස වැටී ඇත්දැයි තේරුම් යන්නේ ඇය කොළඹ නගර සභාවේ විශේෂ කොමසාරිස් ඕමාර් කාමිල්ගේ හෝ කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ නියෝග තුට්ටුවකටවත් මායිම් නොකරන නිසාවෙනි.

    බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අලෙවි මව්ලානා තම පුතුගේ බුරියානි කැවීම නොදැක්කා සේ අහක බලාගෙන සිටින්නේ මුස්ලිම්වරුන්ට ඌරුමස් ඇරෙන්නට වෙන ඕනෑම මසක් අනුභවය වරදක් නොවන හෙයිනි.

    නකීඞ්ගේ හා අලෙවිගේ මග පෙන්වීම යටතේ කම්කරුවන් සිය ගණනක් කොළඹ නගර සභාවට නීත්‍යානුකූල නොවන ආකාරයට බඳවා ගැනීම සඳහා පවත්වා ඇති සම්මුඛ පරීක්‍ෂණය වහාම නවතා දමන ලෙස ඉහළින් නියෝග ලැබුනද, භද්‍රානි ජයවර්ධන කොමසාරිස්වරිය ඒ කිසිදු නියෝගයක් පිළිනොපදිමින් තම අභිමතය පරිදි කි‍්‍රයා කොට තිබේ.

    කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මෙසේ ශක්තිමත් වී ඇත්තේ අලෙවි මව්ලානාගේ බලය සහිත නකීඞ්ගේ බුරියානිවලින් බව අනාවරණය වී ඇත.
    :shocked::shocked: