කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

monson

Well-known member
  • May 7, 2007
    25,796
    28,980
    113
    😍
    කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) ජනතා අයිතියට පත් කරන ලදී.
    මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43කි.
    රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බවට නිරීක්ෂණය වී තිබේ.
    එම ප්‍රමාදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසින් සිදු කරයි.

    5Lv9iDe.jpeg

    YqQdmBb.jpeg

    qSeIDjN.jpeg

    MRTMcTw.jpeg

    tTfXmcC.jpeg

    UxVgJb8.jpeg


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඔවා මොකටද හදන්නේ ඇඹුල් තියල් අරගෙන යන්න ද🤣
    මීට මෝඩ ජෙප්පෝ
     

    Similar threads