කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵල

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵල

=======================================================================================================================================================================


සමස්ත ඡන්දය ප්‍රකාශ කිරීම 50‍% ත් 52% ත් අතර
pdf_button.png
printButton.png
emailButton.png
දේශීය 2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 15:28
election_01.jpg
අද සවස 4.00 න් අවසන් වූ 7 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් සභිකයින් තේරීමේ මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 50%ත් 52 ත් අතර බව පැෆරල් සංවිධානය පවසයි. කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ මන්දගාමී තත්ත්වයක් පැවති අතර, දහවල් 12.00 වන විටද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වූයේ 30% කි.


මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ මහ මැතිවරණය සමස්තයක් ලෙස ගත්කළ සාමකාමීව පැවැති බවයි. නමුත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ සමස්ථ ඡන්දය පුරාම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා මැර ක්‍රියා ගණනාවක් සිදුවූ අතර, විපක්ෂයේ ඡන්ද නියෝජිතයින්ට මෙන්ම ඡන්ද දායකයින්ට පහරදීම්, හිරිහැර කිරීම් ඇතුළු ක්‍රියා ගණනාවක් වාර්තා වන බවයි.

මේ අතර මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් මැතිවරණ කෙමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ නාවලපිටියේ බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පිරවීමේ අවස්ථා ගණනාවක් වාර්තා වූ අතර, මේ වෙනුවෙන් රජයේ ඇමැතිවරයෙකු ඍජුවම සම්බන්ධව ඇති අතර, මෙම ඡන්ද මධ්‍යස්ථවල ඡන්ද ශූන්‍ය කරන ලෙසයි.


 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහනුවර දිස්ත‍්‍රික්කයේ බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන DNA ලේකම්ගෙන් මැකොට පැමිණිල්ලක්
pdf_button.png
printButton.png
emailButton.png
ප්‍රධාන පුවත 2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 16:43
pres0228_01.jpg
මහනුවර දිස්ත්‍රික්කයේ ඉතා බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණනාවක් වාර්තා වූ බවත්, ඒ හේතුවෙන් එම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ශූන්‍ය කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත් මහතා මැතිවරණ කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත. විජිත හේරත් මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය මෙසේය.


මහනුවර දිස්ත‍්‍රික්කයේ සිදුවන බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව

මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල ආසනවල ඡන්ද මධ්‍යස්ථාන විශාල ප‍්‍රමාණයක මැතිවරණ නීති උල්ලංඝණය කිරීම බරපතල ලෙස සිදුවන බවට අප වෙත වාර්තා වී ඇත. ඒ අතරින් ඡන්ද මධ්‍යස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළුවී ඡන්දය දැමීම, හොර ඡන්ද භාවිත කිරීම, විපක්‍ෂයේ ඡන්දපොළ නියෝජිතයින්ට පහරදී පලවා හැරීම, විරුද්ධ පාක්‍ෂිකයන්ට ඡන්දය භාවිතයට අවස්ථාව නොදීම හා ඡන්ද මධ්‍යස්ථාන අසල සිදුකරන නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ප‍්‍රධාන වේ.

බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ වාර්තාවක් පහත ඇත.

01. ඡන්ද මධ්‍යස්ථානවලට බලහත්කාරයෙන් කඩාවැදී ඡන්දය දැමීම පිළිබඳව වාර්තා වන මධ්‍යස්ථාන.

පටිතලාව කණිෂ්ඨ විද්‍යාලය (03)
උඩුවැල්ල කණිෂ්ඨ විද්‍යාලය (04)
ගැමුණුපුර කණිෂ්ඨ විද්‍යාලය (06)
යටපාන කණිෂ්ඨ විද්‍යාලය (07)
වැටකේදෙණිය කණිෂ්ඨ විද්‍යාලය (08)
පැල්ලම්පිටිය කණිෂ්ඨ විද්‍යාලය ශාලා අංක 01 (11)
පැල්ලම්පිටිය කණිෂ්ඨ විද්‍යාලය ශාලා අංක 02 (12)
හල්දොල ග‍්‍රාම සංවර්ධන සමිතිය (13)
ගිරා උල්ල මහා විද්‍යාලය ශාලා අංක 01 (14)
ගිරා උල්ල මහා විද්‍යාලය ශාලා අංක 02 (16)
හැලිඋල්ල ජනපදය කණිෂ්ඨ විද්‍යාලය (15)
එම්. එස්. අලූත්ගමගේ විද්‍යාලය (18)

02. ඡන්දපොළ නියෝජිතයින් පලවා හැරීම් වාර්තා වන ඡන්ද මධ්‍යස්ථාන

වැටකේදෙණිය කණිෂ්ඨ විද්‍යාලය (08)
ශී‍්‍ර ස්වර්ණපාල කණිෂ්ඨ විද්‍යාලය (27)
ඉක්රාම් මුස්ලිම් මහා විද්‍යාලය (28)
උලපනේ මහා විද්‍යාලය (29)
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය ශාලා අංක 01 (37)
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය ශාලා අංක 02 (37)
ඉඹුල්පිටිය කණිෂ්ඨ විද්‍යාලය (38)
මීපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (44)
පස්භාගේ කෝරලයේ ප‍්‍රාදේශීය සභා සායන කාර්යාලය (45)
රඹුක්පිටිය මහා විද්‍යාලය (46)
අලූත්ගම ජනපදයේ ධර්මරාජ විහරස්ථානයේ ධර්ම ශාලාව (47)
මපකන්ද කනිෂ්ඨ විද්‍යාලය (51)
වැලිගම්පොල කණිෂ්ඨ විද්‍යාලය (52)
වැලිගම්පොල ඉසිපතනාරාම ධර්ම ශාලාව (53)
කදිරේෂන් කුමාර මහා විද්‍යාලය (54)
ශාන්ත අන්රූ බාලිකා විද්‍යාලය (55)
අනුරුද්ධ කුමාර මහා විද්‍යාලය (56)
නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලය ශාලා අංක 01, 02 (57)

නිදහස් හා සාධාරණ ඡන්දය සඳහා අවස්ථාව නොමැති තත්ත්වයක් යටතේ සැබෑ ජනමතය ප‍්‍රකාශ නොවන බැවින් බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය ආසනයෙහි යථෝක්ත ඡන්ද මධ්‍යස්ථානයන් පිළිබඳව විමසා බලා අදාළ ඡන්ද මධ්‍යස්ථානයන්හි ඡන්දය ශූන්‍ය කරන මෙන් ඉල්ලා සිටිමි.


 

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හික්.. මම හිතුවෙ....
    මොනව නැතත් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ටත් තෙරෙනවා පැන්සලෙන් ගහන කතිරෙට වඩා කොම්පියුටර් ජිල්මාට් බලවත් කියලා එනිසා.. ඡන්දෙ දාන්න යන කාලෙ වෙනත් ඵලදායි වැඩකට යොදාගන්න ඇති

    :D:P
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    හික්.. මම හිතුවෙ....
    මොනව නැතත් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ටත් තෙරෙනවා පැන්සලෙන් ගහන කතිරෙට වඩා කොම්පියුටර් ජිල්මාට් බලවත් කියලා එනිසා.. ඡන්දෙ දාන්න යන කාලෙ වෙනත් ඵලදායි වැඩකට යොදාගන්න ඇති

    :D:P
    :P 'suba anagathayak' anduwa kohoma hari dinai

    rata thamai parada wen ne