දෙරණෙ යන්නේ නැති නිව්ස්!! 😂🤦‍♂️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    493309527_1120785230089186_7038094092639870527_n.jpg

    ඡන්ද කාඩ් පත් 85 ක් සමග සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරග වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය සඳහන් කළේ, සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් එලෙස සොයා ගත් බවයි.

    පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය කළ ඒකාබද්ධ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ ඡන්ද කාඩ් පත් තැපැල්කරු විසින්, ඇයට ලබා දී ඇතැයි අනාවරණය වී ඇති අතර, සැකකාර තැපැල්කරු ප්‍රදේශයේ පළගොස් ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,647
    3,014
    113
    Balapan eketh hati

    ඡන්ද කාඩ් එක්ක අත්අඩංගුවට ගත් සර්වජන අපේක්ෂිකාවගේ ඇත්ත නැත්ත​

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 85ක් සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අදාළ අපේක්ෂිකාව පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    රත්මල්යාය ප්‍රදේශයේ ලිපි බෙදාහරින තැපැල්කරු විසින් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින ලෙස තමා සන්තකයේ තබාගිය බව ඇය පවසා තිබේ.

    ගම්වාසීන් පිරිසක් අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම හේතුවෙන් තැපැල්කරුට එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වීම හේතුවෙන් එලෙස ඒවා තමා සන්තකයේ තබා ගිය බව ඇය අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

    කෙසේ වෙතත් තමා මීට පෙරද තැපැල්කරු විසින් ලබාදෙන තැපැල්පත් ද ගම්වාසීන් වෙත බෙදාදෙන බව ඇය පවසා තිබේ.

    ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර අපේක්ෂිකාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

    https://sinhala.adaderana.lk/news/209173
     
    • Haha
    Reactions: Rick Sanchezz

    menna news 😂😂