එදා අප්පච්චි - ගෙදර ගෙන ආපු
එහා ගෙයි මාමා - අටවලා දීපු
එදා සිට අයියාගේ කාමරේ වෙසෙන
කොම්පියුටරේ
කාඩ්බෝඩ් සුවඳ මැද - පෙට්ටියෙන් ගත්ත
පාඩම් වැඩ වලට අත දෙනවයි කිව්ව
මහා පරිමාණ - වැඩ වුනත් ඇහැකි
කොම්පියුටරේ
වර්ඩ් වලින් යමක් - ටයිප් කර ගන්න
විකිපීඩියා ගිහින් ඉගෙන ගෙන එන්න
අය්යගෙන් අවසරය ඉල්ල ගෙන පාවිච්චි කරන
කොම්පියුටරේ
පැය ගනන් අය්ය - නොදුන්නම අවසර
අම්මාට කිව්වම -දාහක් බැණුම් අහගෙන
"ඕක කොළයක අතින් ලියපන්" - කීවාම කරබාගෙන
අත අරින කොම්පියුටරේ
අපොස සා පෙළ සමත් වූවට
තෑග්ගක් ගෙන දෙන්න ඇසු කල
"අප්පච්චි මට ඕනෙ" කියලා ගෙන්න ගත්තු
කොම්පියුටරේ
පැය ගණන් අය්ය
දොර ජනෙල් වහගෙන
හොරෙන් හොරෙන් මොනවද බලන
කොම්පියුටරේ
වෙලාවකට හය්යෙන් හිනා වෙනව ඇහෙන
අය්ය අක්කලත් එක්ක කතා කරන
ඉඟි බිඟි පාන
කොම්පියුටරේ
ෆේස්බුක් ගිය කලට
"කොල්ලො එක්ක කතා මොටද?"
දාහක් බැණුම් මට අස්සෝපු
කොම්පියුටරේ
උගත් නෝනෙක් වෙලා
අය්යගෙ ආඩම්බර නොබලා
මගේ සල්ලිම් දීල ගත යුතු
කොම්පියුටරේ
එහා ගෙයි මාමා - අටවලා දීපු
එදා සිට අයියාගේ කාමරේ වෙසෙන
කොම්පියුටරේ
කාඩ්බෝඩ් සුවඳ මැද - පෙට්ටියෙන් ගත්ත
පාඩම් වැඩ වලට අත දෙනවයි කිව්ව
මහා පරිමාණ - වැඩ වුනත් ඇහැකි
කොම්පියුටරේ
වර්ඩ් වලින් යමක් - ටයිප් කර ගන්න
විකිපීඩියා ගිහින් ඉගෙන ගෙන එන්න
අය්යගෙන් අවසරය ඉල්ල ගෙන පාවිච්චි කරන
කොම්පියුටරේ
පැය ගනන් අය්ය - නොදුන්නම අවසර
අම්මාට කිව්වම -දාහක් බැණුම් අහගෙන
"ඕක කොළයක අතින් ලියපන්" - කීවාම කරබාගෙන
අත අරින කොම්පියුටරේ
අපොස සා පෙළ සමත් වූවට
තෑග්ගක් ගෙන දෙන්න ඇසු කල
"අප්පච්චි මට ඕනෙ" කියලා ගෙන්න ගත්තු
කොම්පියුටරේ
පැය ගණන් අය්ය
දොර ජනෙල් වහගෙන
හොරෙන් හොරෙන් මොනවද බලන
කොම්පියුටරේ
වෙලාවකට හය්යෙන් හිනා වෙනව ඇහෙන
අය්ය අක්කලත් එක්ක කතා කරන
ඉඟි බිඟි පාන
කොම්පියුටරේ
ෆේස්බුක් ගිය කලට
"කොල්ලො එක්ක කතා මොටද?"
දාහක් බැණුම් මට අස්සෝපු
කොම්පියුටරේ
උගත් නෝනෙක් වෙලා
අය්යගෙ ආඩම්බර නොබලා
මගේ සල්ලිම් දීල ගත යුතු
කොම්පියුටරේ



