කොමියුනිස්ට් වාදයේ ප්‍රභේද

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කොමියුනිස්ට් වාදයේ ප්‍රභේද


    Communism.jpg


    සමාජවාදය ට සම්බන්ධ එක එක වාද තියෙනව නෙ. මේ ඒව ගැන කෙටි හැඳින්වීමක්.

    (මේක කොහෙත්ම සම්පූර්න විස්තරයක් නෙවෙයි. මේ මතවාදයන් ඉතා සංකීර්නයි. වාක්‍යය තුන හතරකින් විස්තර කරන්න බෑ. මේ ජෙනරල් අයිඩියා එකක් ගැනීම සඳහා විතරයි.)

    සමාජවාදය (Socialism)
    රටක ආර්ථික ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම හෝ වැඩි වශයෙන් පුද්ගලික අයිතිය මත නොව සාමූහික අයිතිය මත පදනම් විය යුතුයි ය​න දේශපාලන න්‍යාය​.


    කොමියුනිස්ට්වාදය​ (Communism)
    රටක ආර්ථික ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම හෝ වැඩි වශයෙන් පුද්ගලික අයිතිය මත නොව සාමූහික අයිතිය මත පදනම් විය යුතුයි සහ පුද්ගලයන් සතු පුද්ගලික දේපල සීමා සහිත විය යුතුයි යන දේශපාලන න්‍යාය​. මේ ක්‍රමයේදී සෑම පුද්ගලයෙක්ම ඔහුගේ හැකියාව අනුව ආර්ථික ක්‍රියාවලියට දායක වන අතර ඔහුගේ අවශ්‍යතාවය අනුව ප්‍රතිලාභ ලබනවා. කොමියුනිස්ට්වාදය සමාජවාදයේ උපකුලකයක්.

    මාක්ස්වාදය​ (Marxism)
    ජර්මානු දාර්ශනික කාල් මාක්ස් විසින් ඉදිරිපත් කළ කොමියුනිස්ට්වාදී න්‍යාය​. මෙය ඉදිරිපත් කළ විධිමත් ආකාරය නිසා එය "විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය​" ලෙස හැඳින්වෙනවා. මාක්ස් කියපු ආකාරයට මිනිස් ඉතිහාසය කියන්නෙ පන්ති අතර ගැටුමක්. ඔහු මෙය "පන්ති අරගලය​" කියල නම් කරා. ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය අතර ඇති වන ගැටුමෙන් නිර්ධන පන්තිය ජයගෙන නිර්ධන පන්ති අඥාදායකත්වයක් ඇති කරන බවත්, එය කොමියුනිස්ට් සමාජයක් කරා පරිණාමය වන බවත් ඔහු කිව්වා.

    ඔහුගේ දාස් කැපිටාල් (ප්‍රාග්ධනය​) පොතේ විස්තර කරන ආකාරයට යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවකට වටිනාකමක් ලැබෙන්නෙ එය සකස් කිරීමේදී කම්කරුවා විසින් යොදන ශ්‍රමයෙන්. ඒ නිසා සමාජයක සියළු ධනයේ සැබෑ හිමිකරුවා කම්කරුවා බව ඔහු පෙන්වා දුන්නා.

    ලෙනින්වාදය (බොල්.ෂෙවික් වාදය​) (Leninism - Bolshevism)
    1900 ගනන් වල රුසියාවේ කොමියුනිස්ට්වාදී විප්ලවයක් ඇති කිරීම සඳහා විප්ලවය සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ ව්ලදිමීර් ලෙනින් ගේ න්‍යාය​. ඔහු කියපු ආකාරයට විප්ලවය සංවිධානය කළ යුත්තේ කුඩා, දැඩි විනයක් සහිත විප්ලවවාදී පක්‍ෂයකින්. ඔහු මෙය "පෙරටුගාමී පක්‍ෂයක්" ලෙස හැඳින්වුවා. පෙරටුගාමී පක්‍ෂයේ කාර්‍යය භාරය විය යුත්තේ කම්කරු පන්තියට පන්ති විඥානය ලබා දීම සහ විප්ලවය සඳහා ඔවුන් පෙළ ගැස්වීම​.

    ඔහුගේ පෙරටුගාමී පක්‍ෂය "මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී" ආකෘතියකින් යුක්ත වුනා. ඒ කියන්නෙ යම් තීරණයකට එලැඹෙන්න ප්‍රථම පක්‍ෂය ඇතුලේ එය වාද විවාද වලට ලක් කළ හැකියි. නමුත් වාද විවාද අවසානයේ පක්‍ෂයේ ඡන්ද විමසීමකින් සම්මත කරගත් තීරණය සියළුම දෙනා ක්‍රියාවට නැංවිය යුතුයි.

    මෙන්.ෂෙවික් වාදය​ (Menshevism)
    1900 ගනන් වල රුසියාවේ තිබ්බ අනික් ප්‍රධාන කොමියුනිස්ට්වාදී මතවාදය​. මේ මතවාදී ධාරාවේ නායකත්ව ඉසිලුවේ ජුලියස් මාර්තොව්. ඔහු පෙරටුගාමී පක්‍ෂය වෙනුවට පුළුල් මහජන සහභාගීත්වයෙන් යුතු පක්‍ෂයක් යෝජනා කළා. පෙරටුගාමී පක්‍ෂයකින් නිර්ධන පන්තියට පන්ති විඥානය "ලබා දීම​" වෙනුවට සමාජයේ ස්වාභාවික පරිණාමය මගින් ඔවුන් ඒක "ලබා ගැනීම​" විය යුතු බවයි මේ න්‍යායෙන් කියැවෙන්නෙ.

    ඒ නිසා මෙන්‍.ෂෙවික් වාදීන් සමාජයේ ස්වාභාවික පරිණාමයේ කොටසක් විදිහට වැඩවසම් ක්‍රමය බිඳ දමා ධනවාදය ඉදිරියට ඒම යහපත් දෙයක් කියල සැලකුවා. ඔවුන් එයට ආධාර කරා. 1917 ලෙනින් සහ බොල්.ෂෙවික් වාදීන් කරපු විප්ලවයට ඔවුන් දැඩි ලෙස විරුද්ධ වුනා.

    ට්‍රොට්ස්කිවාදය​ (Trotskism)
    බොල්.ෂෙවික් වාදීන් ගේ ප්‍රධාන න්‍යායාචාර්‍ය වරයෙක් වුන ලියොන් ට්‍රොට්ස්කි ගේ න්‍යායන් ගේ එකතුවක්. ඔහුගේ ප්‍රධාන න්‍යායන් දෙකක් තියෙනවා. එක - "නොනවතින විප්ලවය​". මෙන්.ෂෙවික් වාදයට එරෙහිව ගොඩ නංවපු න්‍යායක්. එහිදී ඔහු කියනවා, සමාජයේ ස්වාභාවික පරිණාමය මගින් නිර්ධන පන්තිය පන්ති විඥානය ලබා ගන්නා තුරු සිටීමට අවශ්‍යය නැති බව​. රුසියාව වගේ දුර්වල ධනපති පන්තියක් සහිත රටක ස්වාභාවික සමාජ පරිනාමය සිදු කරන්න ධනපති පන්තිය අසමත්‍ බවත්, නිර්ධන පන්තිය විසින් එය සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. එම පරිනාමය සඳහා කරන විප්ලවය, කොමියුනිස්ට් සමාජයක් සඳහා කරන විප්ලවයක් බවට දිගු කළ යුතු බව ඔහු කියනවා. නොනවතින විප්ලවය කිව්වෙ ඒකට​.

    දෙක - ලෝක විප්ලවය​. තනි රටක සමාජවාදය (හෝ කොමියුනිස්ට් වාදය​) ගොඩ නංවන්න බැරි බව ඔහු කියනවා. ලෝකයේ අනෙක් ධනවාදී රාජ්‍යයන් විසින් එය විනාශ කරන බවත් ඒ නිසා සමාජවාදයේ පැවැත්ම සඳහා ලෝකය පුරා ව්‍යාප්ත වන විප්ලවයක් අවශ්‍යය බවත් ඔහු කියනවා. ඒ නිසා සමාජවාදී රටක ප්‍රධාන වගකීම විය යුත්තේ අනෙක් ධනවාදී රටවල නිර්ධන පන්ති විප්ලවයට අධාර කිරීම බව ඔහු කියනවා.

    ස්ටාලින්වාදය​ (Stalinism)
    ට්‍රොට්ස්කි ගෙ ලෝක විප්ලවය පිළිබඳ න්‍යායට එරෙහිව සෝවියට් නායක ජෝශප් ස්ටාලින් විසින් ගොඩ නංවපු න්‍යාය​. ඔහු කියන ආකාරයට සමාජවාදී රාජ්‍යයක ප්‍රධාන අරමුණ විය යුත්තේ ලෝක විප්ලවය නොව ඒ රටේ ආර්ථික සමෘද්ධිය​​. ඒ ආදර්ශය මගින් ධනවාදී රටවල නිර්ධන පන්තිය කොමියුනිස්ට්වාදය කෙරෙහි නැඹුරු කළ යුතු බව ඔහු කියනවා. ඒ සඳහා ධනවාදී රටවල් සමඟ යම් සහයෝගයකින් වැඩ කළ යුතු බව ඔහු කියනවා. ලෝක විප්ලවය වෙනුවට තනි රටක සමාජවාදය මත ස්ටාලින්වාදය පදනම් වෙනවා.

    දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ලෝකයේ ප්‍රධාන සමාජවාදී ධාරාව වෙන්නෙ ස්ටාලින්වාදය.

    මාඕවාදය​ (Maoism)
    මාඕ සේදොං විසින් චීනයේ කොමියුනිස්ට් වාදය ගොඩ නැංවීම සඳහා ගොඩ නැංවූ න්‍යාය​. මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටාලින් ගේ අදහස් වලට අනුව කොමියුනිස්ට්වාදී විප්ලවයේ පෙරටු බල​ඇණිය විය යුත්තේ කම්කරුවන් වුනාට, මාඕ කියපු ආකාරයට එහිදී ගොවීන් සහ කම්කරුවන් සම දායකත්වයක් ලබා දිය යුතු වෙනවා. ගම්බද පළාත් වල සිට සිදු කරන ගරිල්ලා අරගලයක් දිග් ගැසුණු මහජන යුද්ධයක් බවට පරිවර්තනය කිරීමෙන් කොමියුනිස්ට්වාදී විප්ලවයක් සිදු කළ හැකි බව මාඕ කියනවා. කොමියුනිස්ට්වාදී සමාජයක් ගොඩ නැංවීමේදී මහා පරිමාන කර්මාන්ත වෙනුවට ග්‍රාමීය කෘෂිකර්මාන්තයට සහ සුළු පරිමාන කර්මාන්ත වලට වැඩි වැදගත් කමක් ලැබිය යුතු බව මාඕ කියනවා. දියුණු කර්මාන්ත සහ කම්කරු පන්තියක් නැති තුන්වෙනි ලෝකයේ රටවල මාඕවාදය බෙහෙවින් ජනප්‍රියා වුනා.

    චේ වාදය​
    චේ ගුවාරා ගේ විප්ලවය පිළිබඳ අදහස්. මාක්ස්වාදය දැඩි භෞතිකවාදී දර්ශනයක් වුනාට චේ ගේ අදහස් තරමක් විඥානවාදියි. මාක්ස් දැක්ක ආර්ථික සාධක වෙනුවට චේ ගේ විප්ලවයේ ගාමක බලය වෙන්නේ ගරිල්ලා සෙබලා. සමාජය වෙනුවෙන් සියළු පුද්ගලිකත්වය අතහැරලා වනගත ජීවිතයකට එළැඹෙන ගරිල්ලා සෙබලා මනුෂ්‍යත්වයේ උපරිම අවස්ථාව වූ පරමාදර්ශී පුද්ගලයෙක් බව චේ කියනවා. කොමියුනිස්ට් සමාජය බිහි කරන්නේ මේ පරමාදර්ශී මිනිසුන් විසින් බව ඔහු කියනවා. යම්කිසි සමාජයක කොමියුනිස්ට්වාදී විප්ලවයක් ඇතිවීමට සුවිශේෂී අවශ්‍යතා සැපිරී නොතිබිය යුතු බවත්, සමාජ අසාධාරනය තිබීම ප්‍රමානවත් බවත්, ගරිල්ලා අරගලය මගින් එකී සුවිශේෂී අවශ්‍යතා සපුරාලන බව චේ ගේ න්‍යාය මගින් දැක්වෙනවා.

    සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (Democratic Socialism)​
    ආර්ථික වශයෙන් සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන අතර​, දේශපාලනික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මගක ගමන් කරන දේශපාලන දර්ශනයක්.

    ප්‍රජාතන්‍ත්‍රවාදී සමාජවාදය (Social Democracy)
    මූලික වශයෙන් පුද්ගලික ව්‍යාපාර වලට ඉඩ සලසන අතර​, වැදගත් ආර්ථික ක්‍රියාවලීන් රජය විසින් ඉටු කරන ක්‍රමයක්.
    http://paadadaasapuva.blogspot.com/2017/10/blog-post_18.html
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කියුබාවේ තියෙන්නෙත් ජේවීපී නේද.ඔය සොන්නලු නැතිනම් ලෝකේ කොචර ලස්සන වෙනවද
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    ඔය රැවුල් පිස්සු කාලකන්නි නැත්තන් මේ ලෝකේ තවත් ලස්සන වෙලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙච්චර මේ පොඩි ඉඩම් ප්‍රමාණයක් තියාගෙන කෘෂිකර්ම ලබ්බවල් කරල රටක් ගොඩදාන්න පුලුවන් කියලද මුන් කියන්නෙ :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • ඕවයෙ වැරදි උපකල්පන තියෙනව..

    නිර්ධන පන්තිය කම්කරුව ශ්‍රමිකය කිව්වම හරි හොඳ අහිංසක මිනිස්සු කියල මෙයාල හිතල තියෙන්නෙ..
    අම්මෝ ඕකුන් තමා ලෝක කපටියො...

    සල්ලිකාර ධනපති පන්තියෙ හැමෝම කෘෘර මිනිස්සු නෙමේ. එයාල ලෝකය ලස්සනට දකිනව. අලුත් අදහස් එයාල ගාව තියෙනව..

    පන්ති වලින් නෙමේ නූතන සමාජය ගැන කතා කරන්ඩ ඕන..
    තනි තනි පුද්ගලය අරගෙන කතා කරන්ඩ ඕන..

    දුප්පත් පෝසත් කියල මිිනිස්සු බෙදල ඒක මත ඕව ගොඩනගපු එක තමා වැරැද්ද..

    නිර්ධන පන්තියෙ මිනිහෙක් ධනපති පන්තියට ගියාම හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. එයාට මතක නෑ තමන් පටන්ගත්තෙ කොහෙන්ද කියල..

    ඔය ඔක්කොම මතවාද වැරදියි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ධනපති පන්තියෙ ළමයි හරි අසරණයි.. එයාල හිතන්නෙ ලෝකය ලස්සන තැනක් කියල..
    නිර්ධන පන්තියෙ ළමයි කපටියි. ඊරිසියා කරනව. අවස්ථාව ලැබුණොත් මංකොල්ලකන්ඩ වුණත් ලෑස්තියි.. ඕන කැත වැඩක් කරන්ඩ ලෑස්තියි. (උදා-ලංකාවෙ නවක වදය)

    නිර්ධන පන්තිය කියන තරං සුදු නෑ.. ඇත්තම කියනවනං කැතම අදහස් තියෙන මිනිස්සු ඉන්නෙ ඕකෙ..
     
    ධනපති පන්තියෙ ළමයි හරි අසරණයි.. එයාල හිතන්නෙ ලෝකය ලස්සන තැනක් කියල..
    නිර්ධන පන්තියෙ ළමයි කපටියි. ඊරිසියා කරනව. අවස්ථාව ලැබුණොත් මංකොල්ලකන්ඩ වුණත් ලෑස්තියි.. ඕන කැත වැඩක් කරන්ඩ ලෑස්තියි. (උදා-ලංකාවෙ නවක වදය)

    නිර්ධන පන්තිය කියන තරං සුදු නෑ.. ඇත්තම කියනවනං කැතම අදහස් තියෙන මිනිස්සු ඉන්නෙ ඕකෙ..





    :yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය අතරෙ මාක්ස්වාදයේ දර්ද්‍රතාවය කියන පොතත් කියවන්න :D
     

    AnuradhaRa

    Well-known member
  • ඔය අතරෙ මාක්ස්වාදයේ දර්ද්‍රතාවය කියන පොතත් කියවන්න :D

    දර්ද්‍රතාවය :confused:
    දරිත්‍රතාවය නං අහල තියෙනව = (දුප්පත් කම)

    ඔය පොත්වල තියෙන්නෙ මොනාද දන්නව..
    දුප්පත් මිනිස්සු = යහපත් මිනිස්සු :lol:
    පෝසත් මිනිස්සු = ජරා මිනිස්සු :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දර්ද්‍රතාවය :confused:
    දරිත්‍රතාවය නං අහල තියෙනව = (දුප්පත් කම)

    ඔය පොත්වල තියෙන්නෙ මොනාද දන්නව..
    දුප්පත් මිනිස්සු = යහපත් මිනිස්සු :lol:
    පෝසත් මිනිස්සු = ජරා මිනිස්සු :lol:

    හරි ඉතිං පිල්ලමක් වැරදුනා දරිද්‍රතාවය තමා :yes: නෑ ඕක නලීන් ද සිල්වා ලියපු එකක්. මාක්ස්වාදය විවේචනය කරල තියෙන්නෙ :yes: කාල් මාක්ස්ගෙ දර්ශනයම විවේචනය කරනව :yes: