කොමිසමේ සබාපතිනිය ඉල්ලා අස්වෙයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කොමිසමේ සබාපතිනිය ඉල්ලා අස්වෙයි

Untitled-1-Recovered-Recovered.jpg


රජයේ ස්වාධීන ආයතනයක ඉහළම තනතුරක් හොබවන නිලධාරිනියක් ඉදිරි දින කිහිපය තුළ අදාළ නිලයෙන් ඉල්ලා අස්විමට නියමිතය. තම ඉල්ලා අස්විම පිළිබඳ තීරණය අදාළ නිලය දරන්නා රටේ ඉහළම නායකයෙකුට නිල නොවන මට්ටමින් ඊයේ දැනුම් දෙනු ලැබීය.

තමා නායකත්වය දෙන ආයතනයට මෑත කාලයේදී දේශපාලන වශයෙන් කරන අර්ථදැක්වීම්වලට ප්‍රතිචාර දැක්විමක් වශයෙන් මෙලෙස ඉල්ලා අස්වි ප්‍රතිචාර දැක්විමට අදාළ තනතුර හොබවන්නා තීරණය කර ඇති බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හොරකම හා දුෂණයෙන් තොරව ලංකාවේ යහපාලනයක් ස්ථාපිත කිරිම සඳහා මහත් අසිරුතා ඔස්සේ කාර්යභාරයක් කලද තම ආයතනය පිළිබඳව මෑත කාලයේ කළ අපකීර්තිමත් අර්ථ දැක්විමක් හේතුවෙන් අදාළ තනතුර දැරිය නොහැකි බව මෙම තනතුර දරන්නා විසින් රජයේ ඇමතිවරුන්ට කරුණු දක්වා ඇත.

TWITTER FACEBOOK GOOGLE +
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
“මම අස් වෙන්නේ නෑ” අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි කියයි.
“මම අස් වෙන්නේ නෑ” අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහි ව ක්‍රියාමාර්ග ගන්නා බවට” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා එනම් 12 වැනිදා කල ප්‍රකාශය නිසා තම තනතුරෙන් ඉල්ලා අස් වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය තීරණය කොට තිබිණි.
එහෙත් මේ වන විට එම තීරණය ඇය විසින් වෙනස් කොට ඇත.
අගමැති වරයා හා ඔහුගේ හිතවතුන් ඇයට දුන් උපදෙස් සහ ජනපතිවරයාගේ එම ප්‍රකාශය ඇය හෝ අල්ලස් දූෂණ ඒකකයේ වෙනත් නිලධාරියෙකු එල්ල කර කරන ලද ප්‍රකාශයක් නොවන බව ජනපතිතුමාගේ සමීප හිතවතුන් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුවයි ඇය මෙම තීරණය ගෙන ඇත්තේ.

FacebookTwitterGoogle+Email