කොරින්ත් ඇළ කියන්නේ ග්‍රීසිය විසින් පුරාණයේ නිර්මාණය කරන ලද කෘත්‍රිම ඇළක් වන අතර එය අයෝනියන් මුහුදේ කොරින්ත් බොක්ක සහ ඒජියන් මුහුදේ සරොනික් බොක්ක සම්බන්ධ කරමින් නිර්මාණය කර තිබේ.
කොරින්ත් ඇළ ඉදිකිරීම 1882 දී ආරම්භ කර 1893 දී අවසන් කර තිබෙන අතර එහි ඉලක්කය වී තිබුණේ කොරින්ත් බොක්ක සහ සරොනික් ගල්ෆ් අතර නැව් ගමනාගමනය සඳහා කෙටි මාර්ගයක් නිර්මාණය කිරීමයි. මෙම ඇළ නිර්මාණය වීම නිසා පෙලෝපොනිස් අර්ධද්වීපය වටා විහිදුණු දිගු හා භයානක මුහුදු ගමන් මාර්ගයකින් එකළ නැව් ආරක්ෂා කර තිබුණි.
මෙම ඡායාරූපය මුල් කාලයේදී එම ඇළ ඉදිකරන අවස්ථාවේ ගන්නා ලද එකකි.
මුළින්ම ප්‍රංශ සමාගමක් වන Société Internationale du Canal Maritime de Corinthe හට ඇළ ඉදිකිරීමේ කාර්යය ලබා දී තිබුණි. කෙසේ වෙතත් ඇළ ඉදිකිරීමේදී පළාතේ තිබුණු දුෂ්කර ඉඩම් තත්ත්වයන් සහ මූල්‍ය ගැටළු ඇතුළු බොහෝ ගැටළුවලට ඔවුන් මුහුණ දී තිබුණි.
මෙම ඇළ නිර්මාණය සඳහා කම්කරුවන් 2,000 ක් පමණ සම්බන්ධ වී සිටි අතර, ඔවුන් ප්‍රපාතාකාර ඇළ තාප්පවලින් සිදුවන නාය යෑම් සහ දුෂ්කර තද සුළං වැනි අභියෝගවලට මෙහිදී මුහුණ දී තිබුණි.
මෙම දුෂ්කරතා මැද පවා ඔවුන් කිලෝමීටර් 6.4 ක් දිග සහ මීටර් 21.3 ක් පළල මෙම ඇළ වසර 11 ක වෙහෙස මහන්සියක් වී නිම කර තිබුණි. මෙම ඇළ බොහෝ නවීන නැව් සඳහා ඉතා පටු වුව ද, එය තවමත් ආකර්ෂණීය ඉංජිනේරු ජයග්‍රහණයක් සහිත ඓතිහාසික නැව් මාර්ගයකි.
- ධම්මික සමරතුංග -