කොරියන් යුද්ධය
Dinesh Guruge සහෝදරයා විසින් රචිත කොරියානු යුද්ධය ගැන ලියවුනු ලිපි පෙළ...

නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට - 1
මාසෙකටත් වඩා වැඩි කාලයක් මෙහි මොනයම්ම දෙයක් නොලියා පැවතියත් එම විරාමය බිඳ දමමින් නැවතත් ගිනියම්ව ඇති කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය වසර 63 කට පෙරත් උදාවූ ආකාරය මෙම ලිපියෙන් විස්තර කරමි.
යාළු නම් ගංගාවෙන් වෙන්ව චීනයට යාබදව හා කි.මී. 200 ක් ඔබ්බෙන් පිහිටි ජපාන ප්‍රධාන භූමියට අයත් ජපන් මුහුදේ ඇති කයිෂු හා හොන්ෂූ දූපත් වලට අසන්නව පිහිටා තිබෙන සමස්ථ කොරියානු අර්ධත්වීපය වර්ග කිලෝ මීටර් 219,140 නැතහොත් වර්ග සැතපුම් 84,610 කින් සමන්විතය. වසර දහස් ගණනක් චීන ආධිපත්‍යයටත්. 1910 දී ජපාන අධිරාජ්‍යයටත් නතුවූ කොරියාව එතැන්සිට දෙවන ලෝක යුද්ධයේදී ජපානය පැරදෙන තුරාවට ජපාන යුධ යාන්ත්රණයට අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද සපයමින් කෘරතර ජපාන මිලිටරි යකඩ සපත්තුවට යටවුනා පමනක් නොව ජපාන ඉතිහාසයේ අපකීර්තියක් ඇති කරදුන් ජපාන සෙබළුන්ගේ මනදොළ පිනවීමට “සැප ලඳුන්“ (Comfort Woman) සැපයූ ප්‍රධානම රටක් ලෙස එදා කොරියාව සලකනු ලැබුවේය.
1945 මැයි මාසයේ මුල වනවිටම හිට්ලර්ගේ මිය යාම හෝ පලා යාමත් සමග ජර්මනිය යුද්ධයේ පරාජය භාරගත් මුත් අභිමානවත් හා යුධාකමී ජපානය ලේසියෙන් පරාජය භාරගැනීමට කැමති නොවුනේය. දැන් බටහිර ඇමරිකාව ප්රමුඛ හමුදාවට මෙන්ම කොමියුනිස්ට් සෝවියට හමුදාවට සිටි ප්‍රධානම සතුරා ජපානයයි. 1943 දී ටෙහෙරානයේදී හා 1945 යාල්ටාවේදී ඇති කරගත් එකඟතාවයන්ට අනුව මෙම කදවුරු ද්විත්වය ජපානයට එරෙහිව යුද වදින්නට තීරණය කළ අතර ජර්මනිය බිදවැටී මාස තුනක් අතරතුරදී සෝවියට දේශය ජපානයට එරෙහි යුද්ධයට මුලපිරූ අතර ඔවුන් මැන්චූරියාව හරහා කොරියානු අර්ධත්වීපයේ උතුරු දෙසින් 1945 අගෝස්තු 09 වන දා වනදා ඇතුළුවී 38 වන අක්ෂාංස රේඛාව පිහිටන ස්ථානයට වී සති තුනක් තිස්සේ ඇමරිකානු හමුදාව ප්රමුඛ අනෙකුත් හමුදාවන් දකුණු දෙසින් ඇතුළු වී මෙම 38 වන අක්ෂාංස රේඛාව පිහිටන ස්ථානයට පැමිණෙන තෙක් රැකගෙන සිටිහය.
පරමානු බෝම්බ පර්යේෂන මට්ටමෙන් මේ වන විට අත්හදා බලා තිබුනත් එය ජපානයට එරෙහි යුද්ධයකට යොදා ගනු වෙනුවට සාම්ප්‍රධායික හමුදා ක්‍රමවේදයන් ඔස්සේ යුද්ධය කරගෙන යාම මුලින් බලාපොරොත්තුවුනත් වේගයෙන් ඉදිරියට එන සෝවියට් හමුදා ආක්‍රමණයට ජපානයද නතුවී ජපානයද කොමියුනිස්ට්කරණයකට ලක්වනු ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන් කැමැත්තක් නොවීය. ඒ වන විට තනි අශ්වයාගේ රේස් එකක් මෙන් ජපානය පමණක් දෙවන ලෝක යුද්ධයේ අක්ෂ බලවතුන්ගේ කැමැත්ත නොවීය එසේම ජපානයද පරාජයේ එළිපත්තේ සිටියත් දැවැන්ත සෝවියට හමුදා සේනාංකයන්ද කම්පනයට ලක්කිරීමට ඒ වනවිට එක්සත් ජනපදය සොයා ගෙන සිටි අතිවිනාශකාරී අවිය ජපානය වෙනුවෙන් යොදා ගැනීමට එවකට ඇමරිකානු ජනපති ටෘමන් තීරණය කළේය.
ඒ සමග ලෝකයේ එකම සුපිරි බලවතා නිල වශයෙන් උත්පාදනය වූ අතර සෝවියට් දේශයද 1949 අගෝස්තු 29 වනදා සිය ප්‍රථම න්‍යෂ්ඨික පිපිරීම අත්හදා බැලීමත් සමග ලොව දෙවන සුපිරි බලවතාද බිහිවිය.
කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය ගත්විට එය බටහිර හා නැගෙනහිර බලවතුන් අත්පත්කරගත්තත් එහි ස්වාධීන මැතිවරණයක් පවත්වා නැවත එය එත්සත් කිරීම කොරියානුවන්ගේ සේම එය ජපනුන්ගෙන් ගලවාගත් අයගේද බලාපොරරොත්තුව වුවත් මේ දේපාර්ශවයේම යටිඅරමුණ වූයේ තම දේශපාලන සිද්ධාන්තය ඔස්සේ එය එක්සත් කිරීමයි. එනම් සෝවියට් දේශයට සිය කොමියුනිස්ට් න්‍යාඥ ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම බලාපොරොත්තුව වූ අතර ඇමරිකාව ප්රමුඛ බටහිරි බලවතුන්ගේ අභිප්‍රාය වූයේ ධනවාදී එක්සත් කොරියාව බිහිකිරීමයි. දෙවන ලෝක යුද්ධයේ අවසාන අවධිය වන විට මේ කඳවුරු දෙකම එකිනෙකා කෙරෙහි සැකයෙන් හා යටිහිතේ අමනාපයෙන් පසුවුවද කොරියාව ගලවා ගැනීමේදී ඇමරිකාව ප්රමුඛ බලවතුන් කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් සෝවියට් දායකත්වය හා එහි ගරුත්වය ඔවුන්ට ලබාදීමට පසුබට නොවීය. කෙසේවෙතත් මෙම කොරියානු බෙදීමට කොරියානුවන්ගේ අදහස් බලවතුන් නොගත් අතර ඔවුන් කයිරෝහිදී ඇතිකාරගත් සම්මුතියකට අනුව මෙම බෙදීම සිදු කෙරින.
පසුව ස්වාධීන මැතිවරණයක් පවත්වා මෙම ගැටළු විසදා ගෙන එක්සත් කොරියාවක් බිහිකිරීමේ එකඟතාවයන් තිබුනත් පසුව සෝවියට් දේශය එම අරමුණින් බැහැර වූ නිසා 1948 මැයි 10 වන දා දකුණු කොරියාවේ මැතිවරණයක් පැවැත්වූ අතර මෙම මැතිවරණය වාමාංශික පක්ෂ විසින් වර්ජනය කළ අතර දකුණු කොරියාවේ ජනපති ලෙස ඇමරිකානු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ හා කොමියුනිස්ට්වාදය තදින් පිළිකෙව් කළ 73 හැවිරිදි Syngman Rhee ජනපති ලෙස පත්වීය.
Syngman Rhee 1956 දී
උතුරු කොරියාවද එයින් මාස තුනක් ඉක්ම ගිය තැන එනම් එම වසරේ අගෝස්තු 25 වනදා මැතිවරණයක් පැවැත්වූ අතර එයින් අගමැති ලෙස 36 හැවිරිදි තරුණ සටන්කාමී නායකයකු වූ Kim Il-sung පත්වූ අතර මොවුන් දෙදෙනාගේම ඒකායන බලාපොරොත්තුව වූයේ තමන් ඇදහූ දේශපාලන දර්ශනය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීමයි.
Kim Il-sung 1946 දී
මේ අරමුණු ඔස්සේ 1950 දී කොරියන් යුද්ධය ඇරඹෙන තුරාවටම විටින් විට දෙපාර්ශවයේ සාකච්ඡා ආදිය සිදුවූවත් එය දෙපාර්ශවයම පිළිගන්නා එකඟතාවයකට වඩා තමන්ගේ දර්ශනය ඔස්සේ එය කිරීම යටි අරමුණු නිසා ව්‍යාවර්ථ වූ ප්රයත්නයක් විය. මේ නිසා කොරියාව එක්සත් වීමකට වඩා උතුරු දකුණු ලෙස දෙකඩ වීම තවතවත් ශක්තිමත් වන්නටද විය.
https://en.wikipedia.org/wiki/Syngman_Rhee
https://en.wikipedia.org/wiki/Kim_Il_Sung
Dinesh Guruge සහෝදරයා විසින් රචිත කොරියානු යුද්ධය ගැන ලියවුනු ලිපි පෙළ...

නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට - 1
මාසෙකටත් වඩා වැඩි කාලයක් මෙහි මොනයම්ම දෙයක් නොලියා පැවතියත් එම විරාමය බිඳ දමමින් නැවතත් ගිනියම්ව ඇති කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය වසර 63 කට පෙරත් උදාවූ ආකාරය මෙම ලිපියෙන් විස්තර කරමි.
යාළු නම් ගංගාවෙන් වෙන්ව චීනයට යාබදව හා කි.මී. 200 ක් ඔබ්බෙන් පිහිටි ජපාන ප්‍රධාන භූමියට අයත් ජපන් මුහුදේ ඇති කයිෂු හා හොන්ෂූ දූපත් වලට අසන්නව පිහිටා තිබෙන සමස්ථ කොරියානු අර්ධත්වීපය වර්ග කිලෝ මීටර් 219,140 නැතහොත් වර්ග සැතපුම් 84,610 කින් සමන්විතය. වසර දහස් ගණනක් චීන ආධිපත්‍යයටත්. 1910 දී ජපාන අධිරාජ්‍යයටත් නතුවූ කොරියාව එතැන්සිට දෙවන ලෝක යුද්ධයේදී ජපානය පැරදෙන තුරාවට ජපාන යුධ යාන්ත්රණයට අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද සපයමින් කෘරතර ජපාන මිලිටරි යකඩ සපත්තුවට යටවුනා පමනක් නොව ජපාන ඉතිහාසයේ අපකීර්තියක් ඇති කරදුන් ජපාන සෙබළුන්ගේ මනදොළ පිනවීමට “සැප ලඳුන්“ (Comfort Woman) සැපයූ ප්‍රධානම රටක් ලෙස එදා කොරියාව සලකනු ලැබුවේය.
1945 මැයි මාසයේ මුල වනවිටම හිට්ලර්ගේ මිය යාම හෝ පලා යාමත් සමග ජර්මනිය යුද්ධයේ පරාජය භාරගත් මුත් අභිමානවත් හා යුධාකමී ජපානය ලේසියෙන් පරාජය භාරගැනීමට කැමති නොවුනේය. දැන් බටහිර ඇමරිකාව ප්රමුඛ හමුදාවට මෙන්ම කොමියුනිස්ට් සෝවියට හමුදාවට සිටි ප්‍රධානම සතුරා ජපානයයි. 1943 දී ටෙහෙරානයේදී හා 1945 යාල්ටාවේදී ඇති කරගත් එකඟතාවයන්ට අනුව මෙම කදවුරු ද්විත්වය ජපානයට එරෙහිව යුද වදින්නට තීරණය කළ අතර ජර්මනිය බිදවැටී මාස තුනක් අතරතුරදී සෝවියට දේශය ජපානයට එරෙහි යුද්ධයට මුලපිරූ අතර ඔවුන් මැන්චූරියාව හරහා කොරියානු අර්ධත්වීපයේ උතුරු දෙසින් 1945 අගෝස්තු 09 වන දා වනදා ඇතුළුවී 38 වන අක්ෂාංස රේඛාව පිහිටන ස්ථානයට වී සති තුනක් තිස්සේ ඇමරිකානු හමුදාව ප්රමුඛ අනෙකුත් හමුදාවන් දකුණු දෙසින් ඇතුළු වී මෙම 38 වන අක්ෂාංස රේඛාව පිහිටන ස්ථානයට පැමිණෙන තෙක් රැකගෙන සිටිහය.
පරමානු බෝම්බ පර්යේෂන මට්ටමෙන් මේ වන විට අත්හදා බලා තිබුනත් එය ජපානයට එරෙහි යුද්ධයකට යොදා ගනු වෙනුවට සාම්ප්‍රධායික හමුදා ක්‍රමවේදයන් ඔස්සේ යුද්ධය කරගෙන යාම මුලින් බලාපොරොත්තුවුනත් වේගයෙන් ඉදිරියට එන සෝවියට් හමුදා ආක්‍රමණයට ජපානයද නතුවී ජපානයද කොමියුනිස්ට්කරණයකට ලක්වනු ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන් කැමැත්තක් නොවීය. ඒ වන විට තනි අශ්වයාගේ රේස් එකක් මෙන් ජපානය පමණක් දෙවන ලෝක යුද්ධයේ අක්ෂ බලවතුන්ගේ කැමැත්ත නොවීය එසේම ජපානයද පරාජයේ එළිපත්තේ සිටියත් දැවැන්ත සෝවියට හමුදා සේනාංකයන්ද කම්පනයට ලක්කිරීමට ඒ වනවිට එක්සත් ජනපදය සොයා ගෙන සිටි අතිවිනාශකාරී අවිය ජපානය වෙනුවෙන් යොදා ගැනීමට එවකට ඇමරිකානු ජනපති ටෘමන් තීරණය කළේය.
ඒ සමග ලෝකයේ එකම සුපිරි බලවතා නිල වශයෙන් උත්පාදනය වූ අතර සෝවියට් දේශයද 1949 අගෝස්තු 29 වනදා සිය ප්‍රථම න්‍යෂ්ඨික පිපිරීම අත්හදා බැලීමත් සමග ලොව දෙවන සුපිරි බලවතාද බිහිවිය.
කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය ගත්විට එය බටහිර හා නැගෙනහිර බලවතුන් අත්පත්කරගත්තත් එහි ස්වාධීන මැතිවරණයක් පවත්වා නැවත එය එත්සත් කිරීම කොරියානුවන්ගේ සේම එය ජපනුන්ගෙන් ගලවාගත් අයගේද බලාපොරරොත්තුව වුවත් මේ දේපාර්ශවයේම යටිඅරමුණ වූයේ තම දේශපාලන සිද්ධාන්තය ඔස්සේ එය එක්සත් කිරීමයි. එනම් සෝවියට් දේශයට සිය කොමියුනිස්ට් න්‍යාඥ ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම බලාපොරොත්තුව වූ අතර ඇමරිකාව ප්රමුඛ බටහිරි බලවතුන්ගේ අභිප්‍රාය වූයේ ධනවාදී එක්සත් කොරියාව බිහිකිරීමයි. දෙවන ලෝක යුද්ධයේ අවසාන අවධිය වන විට මේ කඳවුරු දෙකම එකිනෙකා කෙරෙහි සැකයෙන් හා යටිහිතේ අමනාපයෙන් පසුවුවද කොරියාව ගලවා ගැනීමේදී ඇමරිකාව ප්රමුඛ බලවතුන් කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් සෝවියට් දායකත්වය හා එහි ගරුත්වය ඔවුන්ට ලබාදීමට පසුබට නොවීය. කෙසේවෙතත් මෙම කොරියානු බෙදීමට කොරියානුවන්ගේ අදහස් බලවතුන් නොගත් අතර ඔවුන් කයිරෝහිදී ඇතිකාරගත් සම්මුතියකට අනුව මෙම බෙදීම සිදු කෙරින.
Syngman Rhee 1956 දී උතුරු කොරියාවද එයින් මාස තුනක් ඉක්ම ගිය තැන එනම් එම වසරේ අගෝස්තු 25 වනදා මැතිවරණයක් පැවැත්වූ අතර එයින් අගමැති ලෙස 36 හැවිරිදි තරුණ සටන්කාමී නායකයකු වූ Kim Il-sung පත්වූ අතර මොවුන් දෙදෙනාගේම ඒකායන බලාපොරොත්තුව වූයේ තමන් ඇදහූ දේශපාලන දර්ශනය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීමයි.

Last edited: