කොරියන් යුද්ධය

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය

    Dinesh Guruge සහෝදරයා විසින් රචිත කොරියානු යුද්ධය ගැන ලියවුනු ලිපි පෙළ... :yes::yes::yes:

    නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට - 1

    මාසෙකටත් වඩා වැඩි කාලයක් මෙහි මොනයම්ම දෙයක් නොලියා පැවතියත් එම විරාමය බිඳ දමමින් නැවතත් ගිනියම්ව ඇති කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය වසර 63 කට පෙරත් උදාවූ ආකාරය මෙම ලිපියෙන් විස්තර කරමි.


    යාළු නම් ගංගාවෙන් වෙන්ව චීනයට යාබදව හා කි.මී. 200 ක් ඔබ්බෙන් පිහිටි ජපාන ප්‍රධාන භූමියට අයත් ජපන් මුහුදේ ඇති කයිෂු හා හොන්ෂූ දූපත් වලට අසන්නව පිහිටා තිබෙන සමස්ථ කොරියානු අර්ධත්වීපය වර්ග කිලෝ මීටර් 219,140 නැතහොත් වර්ග සැතපුම් 84,610 කින් සමන්විතය. වසර දහස් ගණනක් චීන ආධිපත්‍යයටත්. 1910 දී ජපාන අධිරාජ්‍යයටත් නතුවූ කොරියාව එතැන්සිට දෙවන ලෝක යුද්ධයේදී ජපානය පැරදෙන තුරාවට ජපාන යුධ යාන්ත්‍රණයට අවශ්‍ය භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද සපයමින් කෘරතර ජපාන මිලිටරි යකඩ සපත්තුවට යටවුනා පමනක් නොව ජපාන ඉතිහාසයේ අපකීර්තියක් ඇති කරදුන් ජපාන සෙබළුන්ගේ මනදොළ පිනවීමට “සැප ලඳුන්“ (Comfort Woman) සැපයූ ප්‍රධානම රටක් ලෙස එදා කොරියාව සලකනු ලැබුවේය.


    1945 මැයි මාසයේ මුල වනවිටම හිට්ලර්ගේ මිය යාම හෝ පලා යාමත් සමග ජර්මනිය යුද්ධයේ පරාජය භාරගත් මුත් අභිමානවත් හා යුධාකමී ජපානය ලේසියෙන් පරාජය භාරගැනීමට කැමති නොවුනේය. දැන් බටහිර ඇමරිකාව ප්‍රමුඛ හමුදාවට මෙන්ම කොමියුනිස්ට් සෝවියට හමුදාවට සිටි ප්‍රධානම සතුරා ජපානයයි. 1943 දී ටෙහෙරානයේදී හා 1945 යාල්ටාවේදී ඇති කරගත් එකඟතාවයන්ට අනුව මෙම කදවුරු ද්විත්වය ජපානයට එරෙහිව යුද වදින්නට තීරණය කළ අතර ජර්මනිය බිදවැටී මාස තුනක් අතරතුරදී සෝවියට දේශය ජපානයට එරෙහි යුද්ධයට මුලපිරූ අතර ඔවුන් මැන්චූරියාව හරහා කොරියානු අර්ධත්වීපයේ උතුරු දෙසින් 1945 අගෝස්තු 09 වන දා වනදා ඇතුළුවී 38 වන අක්‍ෂාංස රේඛාව පිහිටන ස්ථානයට වී සති තුනක් තිස්සේ ඇමරිකානු හමුදාව ප්‍රමුඛ අනෙකුත් හමුදාවන් දකුණු දෙසින් ඇතුළු වී මෙම 38 වන අක්‍ෂාංස රේඛාව පිහිටන ස්ථානයට පැමිණෙන තෙක් රැකගෙන සිටිහය.


    පරමානු බෝම්බ පර්යේෂන මට්ටමෙන් මේ වන විට අත්හදා බලා තිබුනත් එය ජපානයට එරෙහි යුද්ධයකට යොදා ගනු වෙනුවට සාම්ප්‍රධායික හමුදා ක්‍රමවේදයන් ඔස්සේ යුද්ධය කරගෙන යාම මුලින් බලාපොරොත්තුවුනත් වේගයෙන් ඉදිරියට එන සෝවියට් හමුදා ආක්‍රමණයට ජපානයද නතුවී ජපානයද කොමියුනිස්ට්කරණයකට ලක්වනු ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කැමැත්තක් නොවීය. ඒ වන විට තනි අශ්වයාගේ රේස් එකක් මෙන් ජපානය පමණක් දෙවන ලෝක යුද්ධයේ අක්‍ෂ බලවතුන්ගේ කැමැත්ත නොවීය එසේම ජපානයද පරාජයේ එළිපත්තේ සිටියත් දැවැන්ත සෝවියට හමුදා සේනාංකයන්ද කම්පනයට ලක්කිරීමට ඒ වනවිට එක්සත් ජනපදය සොයා ගෙන සිටි අතිවිනාශකාරී අවිය ජපානය වෙනුවෙන් යොදා ගැනීමට එවකට ඇමරිකානු ජනපති ටෘමන් තීරණය කළේය.


    ඒ සමග ලෝකයේ එකම සුපිරි බලවතා නිල වශයෙන් උත්පාදනය වූ අතර සෝවියට් දේශයද 1949 අගෝස්තු 29 වනදා සිය ප්‍රථම න්‍යෂ්ඨික පිපිරීම අත්හදා බැලීමත් සමග ලොව දෙවන සුපිරි බලවතාද බිහිවිය.


    කොරියානු අර්ධත්වීපයේ තත්ත්වය ගත්විට එය බටහිර හා නැගෙනහිර බලවතුන් අත්පත්කරගත්තත් එහි ස්වාධීන මැතිවරණයක් පවත්වා නැවත එය එත්සත් කිරීම කොරියානුවන්ගේ සේම එය ජපනුන්ගෙන් ගලවාගත් අයගේද බලාපොරරොත්තුව වුවත් මේ දේපාර්ශවයේම යටිඅරමුණ වූයේ තම දේශපාලන සිද්ධාන්තය ඔස්සේ එය එක්සත් කිරීමයි. එනම් සෝවියට් දේශයට සිය කොමියුනිස්ට් න්‍යාඥ ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම බලාපොරොත්තුව වූ අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිරි බලවතුන්ගේ අභිප්‍රාය වූයේ ධනවාදී එක්සත් කොරියාව බිහිකිරීමයි. දෙවන ලෝක යුද්ධයේ අවසාන අවධිය වන විට මේ කඳවුරු දෙකම එකිනෙකා කෙරෙහි සැකයෙන් හා යටිහිතේ අමනාපයෙන් පසුවුවද කොරියාව ගලවා ගැනීමේදී ඇමරිකාව ප්‍රමුඛ බලවතුන් කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් සෝවියට් දායකත්වය හා එහි ගරුත්වය ඔවුන්ට ලබාදීමට පසුබට නොවීය. කෙසේවෙතත් මෙම කොරියානු බෙදීමට කොරියානුවන්ගේ අදහස් බලවතුන් නොගත් අතර ඔවුන් කයිරෝහිදී ඇතිකාරගත් සම්මුතියකට අනුව මෙම බෙදීම සිදු කෙරින.


    254zte0.png
    පසුව ස්වාධීන මැතිවරණයක් පවත්වා මෙම ගැටළු විසදා ගෙන එක්සත් කොරියාවක් බිහිකිරීමේ එකඟතාවයන් තිබුනත් පසුව සෝවියට් දේශය එම අරමුණින් බැහැර වූ නිසා 1948 මැයි 10 වන දා දකුණු කොරියාවේ මැතිවරණයක් පැවැත්වූ අතර මෙම මැතිවරණය වාමාංශික පක්‍ෂ විසින් වර්ජනය කළ අතර දකුණු කොරියාවේ ජනපති ලෙස ඇමරිකානු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ හා කොමියුනිස්ට්වාදය තදින් පිළිකෙව් කළ 73 හැවිරිදි Syngman Rhee ජනපති ලෙස පත්වීය.
    Syngman Rhee 1956 දී
    උතුරු කොරියාවද එයින් මාස තුනක් ඉක්ම ගිය තැන එනම් එම ව‍සරේ අගෝස්තු 25 වනදා මැතිවරණයක් පැවැත්වූ අතර එයින් අගමැති ලෙස 36 හැවිරිදි තරුණ සටන්කාමී නායකයකු වූ Kim Il-sung පත්වූ අතර මොවුන් දෙදෙනාගේම ඒකායන බලාපොරොත්තුව වූයේ තමන් ඇදහූ දේශපාලන දර්ශනය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීමයි.
    Kim Il-sung 1946 දී
    මේ අරමුණු ඔස්සේ 1950 දී කොරියන් යුද්ධය ඇරඹෙන තුරාවටම විටින් විට දෙපාර්ශවයේ සාකච්ඡා ආදිය සිදුවූවත් එය දෙපාර්ශවයම පිළිගන්නා එකඟතාවයකට වඩා තමන්ගේ දර්ශනය ඔස්සේ එය කිරීම යටි අරමුණු නිසා ව්‍යාවර්ථ වූ ප්‍රයත්නයක් විය. මේ නිසා කොරියාව එක්සත් වීමකට වඩා උතුරු දකුණු ලෙස දෙකඩ වීම තවතවත් ශක්තිමත් වන්නටද විය.

    https://en.wikipedia.org/wiki/Syngman_Rhee
    https://en.wikipedia.org/wiki/Kim_Il_Sung

     
    Last edited:

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය - 2


    සෝවියට් දේශයේ පූර්ණ ආශිර්වාදය හා ආධාරද ලැබෙමින් බිහිවූ කොමියුනිස් ආණ්ඩුවක් කොරියානු අර්ධත්වීපයේ උතුරු අර්ධයේ පවතිත්දී දකුණු අර්ධයේ බිහිවූ දක්‍ෂිනාංශික කොරියානු ආණ්ඩුව පිහිටි ප්‍රදේශයේද වාමාංශික වැඩකටයුතු ආදිය ක්‍රමයෙන් එයට ප්‍රියකළ පාර්ශව වෙතින් සිදුවන්නට වූ අතර ඒවා මැඩපැවැත්වීම දකුණු කොරියානු පාර්ශවයෙන් ඉතා කුරිරු සහ අනුකම්පා විරහිත ආතාරයෙන් සිදුවිය. විශේෂයෙන් උතුරු කොරියාව වෙනුවෙන් ඔත්තු බැළුවේයයි සැකපිට අත්අඩංගුවට ගත් දකුණු කොරියානුවන් වෙඩි තබා මරා දැමීමට කිසිදු ආකාරයකට පසුබට නොවූ දකුණු කොරියානු හමුදාව කොමියුනිස්ට්වාදීන් සිරගත කිරීමටත් විවිද වදබන්ධන වලටත් ලක් කෙරෙනු අතර විශේෂයෙන් 1948-1949 අතර කාලයේදී පැන නැ‍ගුන Jeju දූපතේ නැගී සිටීමේදී කොරියානු සොල්දාදුවන් අතින් එහි වැසියන් 14,000-60,000 ක් අතර සංඛ්‍යාවක් මරා දැමීමට ලක්වුනි. මෙවන් අවස්ථාවලදී මුලින් පිරිමින් පළමුව මරා දැමීමටත් ගැහැණුන් සමූහ වශයෙන් දූෂනයට ලක් කර වද දී මරා දැමීමත් සිදුවූ බව ඉතිහා‍සයේ අපකිර්තිමත් වාර්තා සාක්‍ෂි දරයි.
    https://en.wikipedia.org/wiki/Jeju_Uprising


    දකුණු කොරියානු ආණ්ඩුවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ආධාර කරනු ලැබූ අතර උතුරු කොරියාවට සොවියට් ආධාර ලැබුනේය. සෝවියට් - ‍උතුරු කොරියන් සබඳතාවයේදී හමුදාමය වශයෙන් බොහෝ ආධාර ලැබුන අතර පසුව 1950 ජූනි 25 වනදා සිදු කෙරුන දකුණු කොරියාව ආක්‍රමණයද සෝවියට නායක ස්ටාලින්ගේ අනුමැතිය ඉල්ලා එය ලැබුන පසු සිදු කිරීමෙන් සහ මෙම සංග්‍රාම අවධියේද සෝවියට ආධාර හා උපදෙස් ඉතා බැගෑපත්ව ඉල්ලමින් සිදුකිරීමෙන්ම එදා සෝවියට් දේශයේ බලපෑම් ශක්තිය පිළිබදව අමුතුවෙන් කිවයුතු නොවේ.


    1950 ජූනි 25 වනදා උතුරු කොරියාව විසින් 38 වන අක්‍ෂාංස රේඛාව පැන දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවේ කිසිදු පෙර දැනුම්දීමකින් නොවූ අතර ඉන් වසරකට පෙර චීන විප්ලවයට පවා සම්බන්ධව චීන මහජන විමුක්ති හමුදාවේ පවා සටන් කර හොද පලපුරුද්දක්ව තිබූ ඇතැම් උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ සොල්දාදුවන්ට, යන්තම් වසර තුනක හමුදා පුහුණුවක් හා තම රටේම සිවිල් වැසියන් මර්ධනය කරමින් පමණක් සිටි දකුණු කොරියානු හමුදාව මැඩපැවැත්වීම එතරම් දෙයක් නොවීය. දකුණු කොරියානුවන්ට යුද ටැංකි කිසිවක් නොවූ අතර අඩුම තරමින් යුද ටැංක විනාශ කිරීමේ අවිවත් සතු නොවීය තවද බර කාලතුවක්කුද සතු නොවූ අතර සෝවියට් දේශයේ නොමසුරුව ලැබුන ඉහත කී අවි ආයුද වලින් උතුරු කොරියානු හමුදාව මනාව සන්නද්ධව සිටි අතර දීන විප්ලවයට සම්බන්ධව එයින් නිදහස් කරනු ලැබූ පළපුරුදු උතුරු කොරියානුවන් එසේ තම චීන මහජන විමුක්ති හමුදාවෙන් මුදාහරිනු ලැබුවේද ඔවුන් දැරූ අවි ආයුදද සමග වීම නිසා උතුරු කොරියානුවන්ට සැම අතින්ම පක්‍ෂියා රජ කළා හා සමාන විය.


    ජූනි 27 වනදා Rhee පාලනය සෝල් නුවරින් ඉවත් වු අතර 28 වනදා දකුණට වේගයෙන් පැමිණෙන උතුරු කොරියානු හමුදාවේ ගමන අඩාල කරනු වස් හෑන් ගංගාවට ඉහලින් තිබූ පාලම විනාශ කිරීමට දකුණු කොරියානු හමුදාව කටයතු කිරීම නිසා එය මතින් ගමන් කරමින් සිටි අගතියට පත් සිවිල් ජනතාව 4000 පමණ පිරිසකින් සිය ගණනක් මරු මුවටද පත්වීය. තවද මෙදින සෝල් නගරය උතුරු කොරියානුවන් අතට පත්වීමද සිදුවිය.[FONT=&quot] තවත් විශේෂත්වයක් වන්නේ සෝල් නුවර රැදී සිටි රජයේ ඉහළම නිළධාරීන් [/FONT]48[FONT=&quot] දෙනෙකුද උතුරු කොරියාවට පක්‍ෂපාතීත්වය දැක්වීමයි.[/FONT]


    [FONT=&quot]යුද්ධයේ මුල් දින කිහිපයේදී දෙපාර්ශවයේම හිංසනයට සිවිල් වැසියන් ලක් වූ අතර මහා පරිමාණයේ සමූහ මිනිස් ඝාතනයද සිදුවිය. ඒ අතරින් දකුණු කොරියානු නායකයාගේ අනදීම යටතේ සිදුවූ [/FONT]Bodo League හෙවත් දකුණු කොරියානු කම්කරු පක්‍ෂයට අයත් නියෝජිතයන් ඝාතනයට ලක්කිරීමයි. වාර්තාවන්ට අනුව මෙහිදී 100,000–200,000 ක අතර පිරිසක් කිසිදු නඩු විභාගයකින් තොරව ඝාතනය කරනු ලැබූ අතර මො‍වුන් න්‍යාඥාත්මකව උතුරු කොරියාවට පක්‍ෂපාතී වෙතැයි යන සැකය හා නඩු විභාගයක් පැවැත්වීමට කාලයක් නොමැති වීම වැනි හේතු කොට ගෙන නිරපරාදේ මරා දමන ලදි. මෙම ඝාතන බොහෝමයක් ඇමරිකානු, බ්‍රිතාන්‍ය වැනි සිය බටහිර මිතුරු රටවල නිළධාරීන් ඉදිරිපිටදී පවා සිදු කර තිබෙන අතර වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව සිය දකුණු කොරියානු හිතවාදීත්වය පවා පසෙක ලා බොහෝමයක් මෙවැනි ඝාතනයන් වැලැක්වීමට උත්සහ කර ඇති මුත් ඉන් කිහිපයක් පමණක් සාර්ථක වී තිබේ.
    https://en.wikipedia.org/wiki/Bodo_League_massacre


    මෙපමණක් නොව ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා උතුරු කොරියානුවන් පළවා හරමින් උතුරු දෙසට ගමන් කරන අවස්ථාවේදී සිදුවූ නිරායුද ඝාතන අතිමහත් බව පැවසේ. වාමාංශිකයන්, උතුරු කොරියාවට හිතවත්කම දක්වන්නන් පමණක් නොව 2008 දී මෙවන් ඝාතන සිදුකර සිරුරු වලදමා ඇති ස්ථාන පිළිබදව ගවේෂන‍යේදී කුඩා දරුවන් පවා ඝාතනය කර තිබූ බවට හෙලිවිය. ‍මෑතකදී අනාවරණය කළ ඇමරිකානු ජාතික ලේඛණාගාරයේ සේයාරූ වලට අනුව ඇමරිකානු සොල්දාදුවන් පවා මෙම ඝාතන සිදුවන ස්ථානවල සිටින අතර මෙයින් සනාථ වන්නේ ඔවුන් පවා නිසැකවම මෙම අවස්ථාවන් දැන සිටි බවයි. එකළ ඒකාබද්ධ හමුදා අනදෙන නිලධාරියාව සිටි ජනරාල් ඩගලස් මැක් ආතර්ට අනුව මෙම මිනී මැරුම් දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු විය (Reports were also released in various articles that General Douglas MacArthur called the executions "An internal South Korean matter" at that time).
    https://en.wikipedia.org/wiki/List_of_massacres_in_South_Korea
    මෙම මිනිසුන් 1950 ජූලියේදී සමූහ වශයෙන් ඝාතනයට මොහොතකට පෙර ඇමරිකානු සොල්දාදුවෙකු විසින් ගන්නා ලස සේයාරුවකි
    මෙයත් එම සොල්දාදුවා විසින්ම ඝාතනයට පසු ගත් සේයාරුවකි
    උතුරු කොරියානුවන්ද "හාවුන්","මුවන්" ‍නොවූවද, දකුණු කොරියානුවන් ඇමරිකානුවන් පවා දැනුවත්ව කළ මෙම මිනිස් ඝාතන බැර කළේ උතුරු කොරියානුවන්ගේ ගිණුමටයි. මේ නිසා දශක ගණනාවයක් යනතුරාවටම උතුරු කොරියානුවන්ගේ මනුෂ්‍ය ඝාතන ගිණුම සරුසාරවත් විය.
     
    • Like
    Reactions: NRTG

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -3


    1950 ජූනි 25 දින අනපේක්‍ෂිත මොහොතක එල්ල වූ උතුරු කොරියානු ප්‍රහාරයට මුහුණ දීම සෑම අතිකින්ම දකුණු කොරියානුවන්ට අභියෝගයක් බව මෙම දත්ත වලින් වුවද සනාථ වේ. එදා තම රටේම නිරායුධ කොමියුනිස්ට් හෝ උතුරු කොරියා ‍හිතෛෂීන් අමානුෂික ලෙස මර්ධනය කරමින් සිටියත් සමස්ථ දකුණු කොරියාව සතුවූයේ 94,808 ක යුද හමුදාවක්, වෙරළාරක්‍ෂකයන් 6,145 ක පිරිසක්, 1,865 ක ගුවන් හමුදා භට කණ්ඩාමක් සහ ජාතික පොලිස් බලකාය සතුව 48,273 ක පොලිස් නිළධාරීන් පිරිසකි.


    එකම යුද ටැංකියකවත් අයිතිය දකුණු කොරියාව සතු නොවූවද උතුරු කොරියාවේ තත්ත්වය ඊට වඩා වෙනස් විය. ඔවුන් සතුව සෝවියට්දේශයේ නිශ්පාදිත T-34 යුද ටැංකි 150 ක් සතුවූ අතර කුඩා නමුත් කාර්යශූර ගුවන් හමුදාවක්ද ඔවුන්ට හිමිවිය. එසේම උතුරු කොරියානුවන්ට ප්‍රහාරක ගුවන් යානා 70 ක් සහ සැහැල්ලු බො‍ම්බ හෙළිය හැකි යානා 62 කින් යුතුවිය. උතුරු කොරියාව සතුව වූ යුදායුධ බොහෝමයක් සෝවියට් දේශයේ නිශ්පාදිත ඒවා විය. ඒවා සෝවියට් දේශයෙන් මිලට ගත්‍ හෝ සෝවියට් හමුදා 1948 දී උතුරු කොරියාවෙන් ඉවත්ව යනවිට දමා ගිය ඒවා විය.


    ඇතැම් මූලාශ්‍රවල කොරියාව ජපනුන්ගෙන් යටත් කර ගැනීමට සෝවියට් දේශයට තනිව වුවද හැකියාව තිබුනද සමස්ථ කොරියාවම කොමියුනිස්ට්කරණයට යටත් වේය යන බිය නිසා දකුණු කොටසට ඇමරිකානු මැදිහත්වීම සිදුවු බව පැවසේ. 1945 දී කොරියානු අර්ධද්වීපය මෙම කඳවුරු දෙකට යටත්ව දෙකට බෙදුනද එය නිල වශයෙන් සිදුවූයේ 1948 දී වෙන් වෙන්වශයෙන් මැතිවරණ පවත්වා ඒ ඒ දර්ශනයන්ට අදාලව ආණ්ඩු පිහිටවනු ලැබූ පසුව බව පැවසේ. නිල වශයෙන් දකුණු කොරියාව the Republic of Korea (ROK) ලෙසද උතුරු ‍කොරියාව the Democratic People's Republic of Korea (DPRK)ලෙසද හදුන්වනු ලැබේ.


    පොදු සතුරා වූ ජපානයට එරෙහිව එකමුතුවක් තිබුනද කොරියානු අර්ධද්වීපය බෙදීම පිළිබදව 1945 දී කරලියට පැමිණියත් එම සංකල්පයට ජීවය ලැබී තිබුනේ 1920 ගණන්වලදී බවද සදහන්ය. එම බෙදීම සිදුවූයේ රට බෙදීමකට වඩා වාමාංශික සහ දක්‍ෂිනාංශික බෙදීමක් විය. දෙවන ලෝක යුද සමයේ කොරියාව වඩාත් නැඹුරු වී තිබුනේ වාමාංශික කඳවුර වෙතය.වූ එයට වඩාත් හේතූ‍වුයේ කොරියානු භූමියේ වැඩි භූමි ප්‍රමාණයක් අයත්ව තිබුනේ රදල ධනවත් පැලැන්තියට වු අතර බහුතර පීඩිතයන් ඔවුන්ගේ සේවකයන් වීමයි.


    1948 දී ‍උතුරින් සෝවියට් හා 1949 දී දකුණින් ඇමරිකානු හමුදා සේනාංක ඉවත් වූ පසුව ඇමරිකානු හමුදා නිළධාරීන් 500 ක පමණ පිරිසක් සහ සුළු ප්‍රමාණයක් හමුදා භටයන් දකුණු කොරියාවේ රැදී සිටිමින් එහි ඇතැම් පරිපාළන කටයුතු වලට සහය වූවත් ස්ථීර හමුදා සේනාංකයන්ගෙන් සමන්විත කඳවුරු හෝ ඊට අනුබද්ධ අනෙකුත් සේනාවන් ඒ වන විට දකුණු කොරියාවේ ස්ථාන ගත කර නොතිබුනි.මෙම සිද්ධිය ආරම්භයේදීම ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේද තමන්ගෙන් දකුණු කොරියාව ආධාර ඉල්ලා සිටින නිසා ඒ වෙනුවෙන් නොපැකිළ ආධාර කරන බවත් පැවසූහ.



    කොහොමනමුත් මේ වන විට ඇමරිකාව සිය සමස්ථ නිත්‍ය හමුදාව 600,000 තෙක් අඩු කර තිබු බව පැවසෙන අතර හමුදා කටයුතු වෙනුවෙන් යොදවන ප්‍රතිපාදනද‍ දෙවන ලෝක යුද්ධයට සාපේක්‍ෂව 1/10 ක් වූ බව පැවසේ. තවද ඒ වන විට ජපානයේ රැදී සිටි ඇමරිකානු සොල්දාදුවන් බොහෝමයකටද යුධ අත්දැකීම් හීන පුහුණුවෙන් අඩු පිරිසක් බව පැවසෙන අතර ඔවුන් බොහෝමයකට මේවන විට තම රට වෙත නැවත යාමේ දිනද ආසන්නව තිබුණි.
     
    • Like
    Reactions: NRTG

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -4
    1950 ජූනි ආක්‍රමණයෙන් පසුව උතුරු ‍කොරියාවට එරෙහි යුද යාන්ත්‍රණය දියත් කිරීමට ජනාධිපති ටෲමන්ව වඩාත්ම පොළඹවනු ලැබුවේ එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් Dean Gooderham Acheso විසින් බව පැවසෙන අතර එම කාරණයට ටෲමන්ද කෙතරම් ඇළුම් කළේද කියතොත් ඇමරිකානු යුද හමුදාවේ ප්‍රධානීන් පවා කොරියානු අර්ධද්වීපය කොමියුනිස්ට්වාදයට එරෙහිව නැගී සිටීමට සුදුසු ස්ථානයක් නොවේ යයි පවසද්දීත් උතුරු කොරියාවට එරෙහි යුද ක්‍රියාමාර්ගය ඔහු අනුමත කළේය‍. කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසු තවත් එවන් යුද්ධ ඇතිවීම වැලකීමට හා රටක් එක එල්ලේම තවත් රටක් හිතුමතේ ආක්‍රමණය වැලැක්වීම යනාදී කාරණා ප්‍රධාන කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකර ඇති නිසා ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මණ්ඩලයේ අනුමැතියද මෙම යෝජනාවට පක්‍ෂව ලැබිය යුතු වූ අතර ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයද සිය සොල්දාදුවන් කොරියානු යුද පෙරමුණ යැවීමට එකඟ විය යුතු විය. කෙසේවෙතත් 1949 දී චීනය කොමියුනිස්ට්කරණය වූ පසු එයට හිමි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, ඇමරිකානු නාවික බලය යොදවා ආරක්‍ෂාකළ තායිවානයට හිමිව තිබු නිසා එයටද විරෝධය පාමින් නිශේද බලයද හිමි සෝවියට් දේශය ආරක්‍ෂක මණ්ඩලය වර්ජනය කළ අතර අනෙක් අතින් සෝවියට් නායක ස්ටාලින් හට අවශ්‍ය වූයේ කොරියානු යුද පෙරමුණට ඇමරිකානු බටයන් පෙරටු කොටගත් එක්සත් ජාතින්ගේ හමුදාව යෙදවීම තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමරිකානු බලල් අතක් බව ලෝකයට පෙන්වීමට බවද ඇතැම් මූලාශ්‍ර වල සදහන් වේ.

    ඇමරිකාවේ තත්ත්වය මෙසේවෙද්දී කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ තත්ත්වය 1950 අගෝස්තුව වන විට නරකම අතට හැරී තිබුනි. දකුණු කොරියානු හමුදාව ගැන නම් කතා කිරීම අර්ථ ශුන්‍ය වන අතරඑහි ඒවන විට රැදී සිටි ඇමරිකානු හමුදාවට පවා තත්ත්වය පාලනය කර ගත නොහැකිව දකුණු කොරියාව යනු කොරියානු අර්ධද්වීපයේ ගිනිකොන දිග කෙළවර පූසාන්/බූසාන් නගරය කේන්‍ද්‍රගත කරගනිමින් පැවතුන සැතපුම් 50-50 කොටසකට කොටුවී පැවතුනි.

    දකුණු කොරියානු හමුදාවට අවශ්‍ය යුදායුධ නොපැවතීම, දුර්වල පුහුණුව මෙන්ම දූෂිත හා මර්ධනකාරී Rhee පාළනය කෙරේ ජනතා කැමැත්ත නොමැතිවීම එදා දකුණු ‍කොරියාව අත්පත් කරගැනීමට උතුරු කොරියාවට පහසුවක් විය.

    මේ වන විට එක්සත් ජාතීන්ගේ අනුමැතියද සහිතව සුපුරුදු පරිදි ඇමරිකානු හමුදා නායකත්වය හා වැඩි දායකත්වය ඔස්සේ බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, තුර්කි ආදී රටවල් කිහපයකම හමුදා දායකත්වයද සහිතව දුෂ්ඨ උතුරු කොරියානු සතුරා විනාශ කිරීමට පෙරමුණ ගත් අතර ඒකාබද්ධ හමුදා අණදෙන නිළධාරියා ලෙස ජනරාල් ඩග්ලස් මැක් ආතර් පත් කරනු ලැබූ අතර කොරියානු යුද පෙරමුණට ඇමරිකානු 8 වන හමුදාව එක් විය. එහි අණදෙන නිළධාරී හා ජනරාල් මැක් ආතර්ගේ දෙවැනියා වූයේ ලුතිනන් ජනරාල් වොල්ට්න් වෝකර්ය.

    ඒ වන විට දකුණු කොරියානු ආණ්ඩුවක් නමට හෝ පැවති Busan පුදේශය වට කොට දැවැන්ත ප්‍රතිරෝධයක් උතුරු ‍කොරියානුවන් වෙතින් එල්ල වී පැවතුන අතර එම ප්‍රතිරෝධය මැඩ පැවැත්වීමට ගොඩබිම් ප්‍රහාරයකට වඩා ඔවුන්ට පිටුපසින් පහර එල්ල කිරීමට මුහුදින් ගොස් දකුණු කොරියාවට ගොඩබැසීම වඩාත් සුදුසු බව ඒ වන විට හමුදා සේවයේ වසර 47 ක් සේවය කළ හා පළමු හා දෙවන ලෝක යුද්ධ දෙකෙහිදීම දස්කම් පෑ හා අතිශයින්ම කීර්තියට පත් හමුදා ජනරාල්වරයෙකු වූ ඩග්ලස් මැක් ආතර් තීරණය කළේය.

    ඒ අනුව ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ජපානයට ආසන්නව පිහිටි කොරියානු දකුණු-ගිණිකොන දිගින් නොව කොරියානු අර්ධද්වීපයේ බටහිරින් පිහිටි සෝල් නුවරට සැතපුම් 22 ක් එපිටින් පිහිටි Incheon වෙත ගොඩ බැසීමයි (an amphibious landing). මෙසේ මුහුදින් ගොස් සතුරු ප්‍රදේශයකට පහරදීමකට ගොඩ බැසීමක් සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශයේ නොමැන්ඩ් වෙරළට ගොඩබැස සිදු කළ D-Day මෙහෙයුමට පසුව හා පිළිපීනයේ Leyte වෙත ගොඩබැසීමට පසුවයි. මෙවැනි සටන් ඉතා තිරණාත්මක හා විනාශකාරී වන අතර D-day මෙහෙයුමේදී ඇතැම් ඇමරිකානු සොල්දාදුවන්, ජර්මන් මැෂින් තුවක්කු ප්‍රහාරවලට ලක්ව මිය ගියේ එකදු වෙඩිල්ලක් හෝ තබා ගැනීමට ඉඩක් නොලැබී වන අතර එම යුද්ධයේදී පළමු ‍දිනයේදී දෙපාර්ශවයෙන්ම සොල්දාදුවන් 10,000 බැගින් මිය ගිය බවද සදහන් වේ. කෙසේවෙතත් මෙම පෙර අවධානම තිබුනද කෙසේවෙතත් මෙම අනපේක්‍ෂිත ගොඩබැසීම උතුරු කොරියානුවන් අපේක්‍ෂා නොකළ නිසා හෝ ඔවුන්ගේ හමුදා වැඩි ප්‍රමාණයක් බූසාන් වෙතට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමට යොමුකර තිබූ නිසා හෝ ඇමරිකානු ගොඩබැසීම කිසියම් අයුරකින් දැනගෙන සිය දේශසීමා ආරක්‍ෂා කර ගැනීමට උතුරු දෙසට නැවත යොමු කර තිබූ නිසා එකසත් ජාතීන්ගේ (UN) හමුදා බලාපොරාත්තු වූ දැඩි ප්‍රහාරයක් එල්ල නොවූ අතර සාර්ථක ලෙස 1950 සැප්තැම්බර් 15 වන දින Incheon වෙත ගොඩ බැසීම සිදු වුනි. මෙම මුහුදින් ගොඩබිමට පැමිණීමේ මෙහෙයුමට නාවිකා යාත්‍රා 261 කින් මැරීන් සොල්දාදුවන් 80,000 ක් Incheon වෙතට පිවිසියේ ඉතා අඩු හානියකින් බවද සදහන් වේ.
     
    • Like
    Reactions: NRTG

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -5 General MacArthur watches the attack on Inchon from the USS Mount McKinley, September 15, 1950. U.S. Army photograph
    U.S. forces landing at Inchon, September 15, 1950. U.S. Navy photograph
    After the invasion of Inchon, a South Korean child sits in the street, September 16, 1950. Photo by Ronald L. Hancock, U.S. Army. Public domain මෙම ගොඩබැසීමෙන් දින 11 ක් එළඹෙද්දීම දකුණු කොරියානු අගනුවර වූ සෝල් නැවත අත්පත් කර ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදාවට හැකිවූ අතර ඉන් දකුණේ බූසාන් වෙත දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරමින් සිටි උතුරු කොරියානු හමුදා පළවා හැර සම්පූර්ණ හමුදාවම නැවත දකුණු කොරියානු භූමියෙන් පළවා හැරීමට 1950 ඔක්තෝබර් මුල වන විටම හැකිවිය.
    ඇමරිකානු සොල්දාදුවන් දකුණු කොරියානු අගනුවර සෝල් වල දී සටන් වැදෙමින්
    1949 විටම දකුණු කොරියාව ආක්‍රමණය කොට තමන්‍ ඇදහූ දර්ශනය වූ කොමියුනිස්ට් ක්‍රමය ඔස්සේ එක්සත් කොරියාවක් බිහිකිරීම කිම් ඉල් සුන්ගේ බලාපොරොත්තුව වූ අතර ඒ පිළිබදව තමන්ගේ දේශපාලනය මූලාචාර්යවරයා ලෙස සැලකූ ස්ටාලින්ගෙන් කිහිප විටක්ම අවසර ඉල්ලා සිටිමුත් එයට එකඟතාවයක් ස්ටාලින් වෙතින් පළ නොවීය. එයට බොහෝවිට බලපාන්නට ඇත්තේ දැවැන්ත යුද බලයක් තමන් සතුවූවත් න්‍යෂ්ඨික බලය හිමි ඇමරිකාවත් මෙම යුද්ධයට පැටලුනහොත් තමන්ට ඉතා අවාසි සහගතවීම එක් කරුණක් විය. කකෙසේවෙතත් 1949 දී සෝවියට්දේශයද න්‍යෂ්ඨික බලය 1949 දී අත්පත් කර ගත් පසු ඇමරිකාව හා සම වීමට තමන්ටද ඇති හැකියාව මත සෝවියට් පිරිස් බලය කිසිදුවිටක ලබා නොදීමටත් අවි ආයුධ පමණක් ලබා දීමට හා චීනයද පිරිස් බලය අවශ්‍ය වුවහොත් යෙදවිය යුතුය යන එකඟතාවය මත බවද පැවසේ. අනෙක් අතින් සෝවියට් දේශයට කිසිදු අයුරකින් දකුණු කොරියාවද ඈදාගනිමින් කොමියුනිස්ට් කොරියාවක් බිහිවීමට වඩා අවශ්‍ය වූයේ ජපානය අල්ලා එය කොමියුනිස්ට්කරණයට ලක්කිරීම තුලින් සමස්ථ නැගෙනහිර ආසියාවම ආයාසයකින් තොරව කොමියුනිස්ට් බවට පත් කිරීමයි.

    උතුරු කොරියානු දුම්රි මාර්ග ගුවනින් විනාශ කරමින්
    සටනේදී මිය ගිය සිය සඟයෙකු වෙනුවෙන් දුක්වන සොල්දාදුවන්
    උතුරු කොරියානු යුද ටැකියක් පාලමක් තරණය කරමින් සිටියදීම පාලම පුපුරුවා හැරීමෙන් පසු
    තුවාල ලැබූ සඟයෙකු රැගෙන යමින් තවත් අතකින් අවසානයේ සෝවියට්-චීන ආධාර ආශිර්වාදයද සහිතව ‍දකුණු කොරියා ආක්‍රමණය සිදුකළ අතර මේ රටවල් තුනේම අදහස වූයේ ඈත පෙරදිග වැනි ඇමරිකාවෙන් සැතපුම් 8000 පමණ දුරකින් පිහිටි යුද පෙරමුණකට ඇමරිකානු මැදිහත්වීමකට ඇති ප්‍රායෝගික නොහැකියාව හා දුර්වලකම් මත පහසුවෙන්ම කොරියාව අත්පත් කරගැනීමට ඇති හැකිවනු ඇති හා අවම වශයෙන් දින 30 ක් ඇතුලත යුද්ධය අවසන් කළ හැකි බවයි. ඔවුන්ගේ පළමු අදහස වූ ඇමරිකානු මැදිහත් නොවීම පිළිබදව වූ දුර්මතය නම් ඔවුන්ට ඉවත ලන්නට සිදුවූවත් මාසයකට සුළු කාලයක් වැඩියෙන් ගතවෙත්ම අපහසුවකින් තොරවම කොරියානු අර්ධද්වීපයේ කුඩා ඉඩ ප්‍රමාණයක් හැරුන කොට අත්පත් කරගැනීමට උතුරු ‍කොරියානුවන්ට හැකිවිය.

    කොරියානු යුද්ධයේ මෙම අධියර වනවිට දකුණු කොරියානුවන් 111,000 ක් මිය ගොස් සිටි අතර 106,000 ක් පමණ තුවාල ලබා සහ 57,000 ක ප්‍රමාණයක් අතුරුදහන්ව සිටියෝය. .314,000 ක් පමණ නිවාස මුළුමනින්ම විනාශව ගොස් තිබූ අතර තවත් 244,000 කට විවිද හානි සිදුව තිබුනි. මෙයට සහභාගී වූ ඇමරිකානුවන්ගේ පැත්තෙන් ගත් විට 6,954 ක් මිය ගොස් තිබූ අතර 13,659 ක් තුවාල ලබාද 3,877 දෙනෙකු ආගිය අතක් නැතුව තිබුනි. උතුරු කොරියානුවන්ට වූ හානිය පිළිබදව නිශ්චිත වාර්තා පැවසීමේ හැකියාවක් නොමැත.

    කොරියානු යුද්ධයේ පළමු අර්ධය මෙසේ මුලින් උතුරු කොරියානුවන් අතටද, ඉන්පසු ඇමරිකානුවන් අතටද වාසි ගෙන දෙමින් නිමාවුවද, මීට වඩා විනාශ කාරී ඊලඟ අර්ධය පිළිබදව තෙවන කොටසේදී කියවමු.
     
    • Like
    Reactions: NRTG

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -6

    උතුරු කොරියාව විසින් පෙර දැනුම් දීමකින් තොරව ගන්නා ලද යුද ක්‍රියාමාර්ගය හෙවත් "Police Action" (http://en.wikipedia.org/wiki/Police_action) මැඩලීම පිණිස ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා ලද පියවර පිළිබදව උතුරු කොරියාව වෙනුවෙන් තිරය පිටුපස සිට ක්‍රියා කළ සෝවියට් දේශයට එය ගැනීමට පෙරම වළකා ලීම හෝ යම් ආකාරයකින් ප්‍රමාද කිරීමේ හැකියාවක් තිබුණි. ඒ ඔවුන් සහභාගීවීම වර්ජනය කළ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල‍යේදී නිෂේධ බලය යෙදවීමෙනි. වෙනත් ආකාරයකින් පවසනවා නම් සෝවියට් දේශය සිය නිෂේධ වලය යෙදවූයේ නම් එක්සත් ජාතීන්ගේ ධජය යටතේ ඇමරිකානු සොල්දාදුවන් සහ වෙනත් රටවල් කිහිපයක් එකතුවීම වැලකීමේ හැකියාව තිබුනි. ඒ අවස්ථාවේ එය සිදු නොකර මඟ හැර යාම තුළින් සිදුවූයේ උතුරු ‍කොරියාව සාර්ථකය දිනා සිටි යුද්ධය මාස තුනක් ඉක්ම ගිය තැන නැවත ආපස්සට කරකැවීමයි. කෙසේවෙතත් සෝවියට් දේශය පමණක් නොව උතුරු කොරියාව, චීනය සහ ඇමරිකාව පවා මෙම යුද්ධය මුළුමනින්ම අනාගත් අතර වැරදි බුද්ධි තොරතුරු, වැරදි උපකල්පන, සම්බන්ධවූවන්ගේ අහංකාරකම, දුරදිග නොබැලීම යනාදී කරුණු හා තවත් කාරණා නිසා ජයග්‍රහණයට වඩා අවසානයේ ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සිදුවන "තරඟයකට" පරිවර්තනය කර ගත්තේය.




    ඔක්තෝබරය මුල වනවිටම දකුණු කොරියාව, උතුරු කොරියානු ආක්‍රමණයෙන් මුදවා ගත්තා පමණක් නොව 1948 සහතික කෙරුණ උතුරු දකුණු වෙන්කිරීමේ සීමාව වන 38 වන අක්‍ෂාංශ රේඛාවද පසුකරමින් උතුරු කොරියානු භූමිය තුළට එක්සත් ජාතීන්ගේ හමුදාව ඇතුළු විය. මෙම ක්‍රියාදාමය ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ හිතුමතයට ගත් තීරණයක් ලෙස බොහෝදෙනා සිතා සිටියත් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ දකුණු කොරියානු භූමියට මුහුදින් පැමිණ ඇතුළු වීමටත් පෙරාතුව ජනපති ටෲමන්ගේද අනුමැතිය හා අනුදැනුම ඔස්සේ සිදුවූ දෙයකි. ටෲමන් හා මැක්ආතර් යන දෙදෙනාටම කොමියුනිස්ට්වාදය උතුරු කොරියානු භූමියෙන් අතුගා දැමීම ඒකායන අරමුණ විය. එහෙත් මැක්ආතර්ට ඊටත් වඩා එහාට ගිය අධිෂ්ඨානයක් වූ අතර ඒ චීනයද ආක්‍රමණය කර වසරක වයස ඇති චීන කොමියුනිස්ට් පාලනයද ඉවත් කිරීමයි. ඒ වන විට සමස්ත කොරියානු ගුවන් තලයම ඇමරිකානු ආධිපත්‍ය යටතේ තිබූ අතර ඇමරිකානු B-29 බෝම්බ හෙළන ගුවන් යානා දැවැන්ත ලෙස උතුරු කොරියානු මර්මස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ හෙළමින් සිටි අතර බෝම්බ වලට අමතරව ගුවනින් කොමියුනිස්ට් විරෝධී පත්‍රිකා ආදියද හෙළමින් උතුරු කොරියානුවන්ට කොමියුනිස්ට්වාදයේ ආදීනව හා එයට සහය නොදෙන ලෙස දන්වා සිටියේය.
    B-29


    සෝවියට් දේශයේ කිසිදු මැදිහත් වීමක් නොමැති බව පෙන්වීමට ස්ටාලින් හට සෑමවිටම තදබල ලෙසම උවමනා වූ අතර කිසිදු සෝවියට් සොල්දාදුවෙකු කොරියානු භූමියට නොයවන බව හා එය සිදු නොකරන බව කිම්ඉල් සුන්ට මෙන්ම මාවෝ සේතුංටද ඔහු කල්තියාම දැනුම් දී තිබුණි. එහෙත් 1950 සැප්තැම්බර් අග වන විට උතුරු කොරියානු ආක්‍රමණය ආපස්සට හරවනවා වෙනුවට උතුරු කොරියානු භූමිය පවා ආක්‍රමණය කිරීම විශේෂයෙන් චීන නායකයාගේ දැඩි විමසිල්ලට ලක්වූ අතර සිය වසරක වයසැති ආ‍ණ්ඩුව බිද දමනු ඇතැයිද ඔහු තුළ බියමුසු සැකයක් මෙන්ම උතුරු කොරියානුවන්වෙනුවෙන් කෘතවේදීත්වය පිදීමේ අවශ්‍යතාවයද විය. බොහෝදෙනා දන්නා අයුරින් උතුරු කොරියානු දේශසීමා රැක ගැනීම වෙනුවෙන් 1950 නොවැම්බරය මුලදී චීන හමුදා මැදිහත් වීම සිදුවූ බවට විශ්වාස කෙරුණත් ඇත්තෙන්ම සිදුවූයේ 1911-1912 දී චීන අධිරාජ්‍ය බිද දැමීම වෙනුවෙන් සිදුකළ කැරැල්ලේදීද, ජපාන හමුදාව චීනයේ රැදී සිටියදී ඔවුන්ට විරුද්ධව චීනය වෙනුවෙන් සටන් කිරීම වෙනුවෙන් සහ 1946-1949 කාලසීමාවේදී චීන විප්ලවය වෙනුවෙන්ද කොරියානුවන් කළ ජීවිත පරිත්‍යාගයන් නිසා 1950 අගෝස්තු 4 වැනි ඇමරිකානු හමුදා ජයග්‍රහණය නොපෙනෙන කාලයකදීම කොරියාව වෙනුවෙන් සිය හමුදාව යෙදවිමට මාවෝ සේතුං ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පොලිත්බියුරෝව තීරණයකට එළඹ තිබුණි.
     
    Last edited:

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -7

    කෙසේවෙතත් ඔක්තෝබරය මුලදී ප්‍රතිවාදී හමුදා 38 වන රේඛාව පසුකිරීමත් සමග තමන්ගේ හමුදාද යාලු ගංඟාව හරාහා කොරියානු භූමියට යවන බව මාවෝ විසින් ස්ටාලින් හටද දන්වා සිටි අතර එවකට චීනය සතුව පුහුණුව ලැබූ ගුවන් හමුදාවක් හෝ ගුවන් හමුදාවක් නොසිටි නිසා ගුවන් ප්‍රහාර එල්ල කිරීම තුළින් එතෙක් ගුවනේ ආධිපත්‍ය නතු කරගෙන සිටි ඇමරිකානුවන් යටපත් කර සිය හමුදාවේ ගමන් මඟ සුරක්‍ෂිත කරගැනීම අභිලාෂය විය. ස්ටාලින් විසින් සිය ගුවන් හමුදා සහය ලබා දීමට එකඟ විය.




    චීන පාර්ශවයේ මෙම පියවරයන් ඇමරිකානු මධ්‍යම රහස් ඒජන්සිය හෙවත් CIA පවා නොදැන සිටි අතර දෙවන ලෝක යුද්ධයට පසු සියලු ඇමරිකානු හිතවාදීන් උකුසු ඇස් යොමුකරගෙන සිටි සෝවියට් දේශය පවා තිර‍යේ ඉදිරියට පැමිණ රඟදැක්වීමක් සිදු නොකරන නිසා චීනය ගැන කිසිදු සැකයක් ඒ සංවිධානය වෙතද නොවූ අතර ඩග්ලස් මැක්ආතර් පවා සිය අධිවිශ්වාසය හෝ ඔත්තු සේවා පදනම් කරගෙන 1950 ඔක්තෝබරය මුල ප්‍රථම වරට Wake Island Conference හිදී හමුවූ අවස්ථාවේදී චීනයෙන් තර්ජනයක් එල්ල වනු ඇත්දැයි විමසන විට පවා එය ප්‍රතික්‍ෂේප කර සිටියේය. එසේම එළඹෙන නත්තලටත් පෙර කොරියානු මෙහෙයුමට යොදවා සිටි 8 වන ඇමරිකානු හමුදාව නැවත ජපානය වෙත යැවීමටද හැකියාව ලැබෙන ඇතැයි ඔහු පවසා සිටියේය.


    1950 ඔක්තෝබරය සත්‍ය වශයෙන්ම ඇමරිකානුවන්ටම වාසිදායක කාලයක් විය. ඔවුන් ඔක්.19 වන විට 38 වන රේඛාවට ඊසාන දෙසින් සැතපුම් 90 ක් වූ උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ද අත්පත් කර ගැනීමට වැඩි අපහසුවකින් තොරවම සමත් විය. මේ ප්‍රධාන ඉලක්කය මෙන්ම උතුරු කොරියානු භූමිය යාලු නදියේ කෙළවරටම තල්ලු කරමින් යාලු නදිය ආසන්නයටම ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ලංව සිටියෝය.



    චීන හමුදා මැදිහත්වීමක් පිළිබදව CIA හෝ මැක්ආතර්ගේ බලාපොරොත්තුවක් නොවූ අතර අදෘශ්‍යමානව සිදුවෙමින් පැවති චීන මැදිහත් වීම කෙසේවෙතත් 1950 නොවැම්බර් වන විට ලෝක යුද ඉතිහාසයේ යුද ජයග්‍රහණ පෙනී පෙනී සිටියද හරස් කපා ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ඇතැම්විට සියලු වාසි අත්කර දෙන ස්වභාවික සතුරා නම් දෘශ්‍යමාන විය. ඒ ශීත කාලගුණයයි. අංශක 0 ටත් වඩා අඩු උෂ්ණත්වයක් සමග සොල්දාදුවන්ට ඉතා අපහසුගෙන දෙන්නට වූ අතර රථවාහන වල තෙල් ආදියද මිදෙන්නට වූයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වයද ඇණහිටියේය.



    නොවැම්බරය 1 දා වන විට උතුරු කොරියානු මායිමේ වූ චීනයේ මැන්චූරියාවද ආක්‍රමණය කරනු ඇතැයි බියකින් චීනය මැන්චූරියාව වෙත හමුදාව එක්රැස් කරමින් සිටින බව CIA ලොක්කා දන්වා සිටියත් එය විශාල පරිමාණයේ හමුදා මෙහෙයුමක් නොවනු ඇති බවද ඔහුගේ විශ්වාසය විය. යුද බිම තම නිවස මෙන් වූ මැක්ආතර් හටද චීනයේ යම් මැදිහත්වීමක් ඇති බවට ප්‍රහාරයන්ගේ වෙනස් කම් වලින් නිරායාසයෙන්ම දැනෙන්ටද ඇති බව සිතිය හැකිය. ඔහු නොවැම්බර් 24 වන දින Douglas C-54 Skymaster (http://en.wikipedia.org/wiki/Douglas_C-54_Skymaster) ගුවන් යානයකින් උතුරු කොරියානු උතුරු ප්‍රදේශයේ නිරීක්‍ෂණය කළ අතර කිසිදු වෙනසක් ඔහුට දැන ගන්නට ඉඩක් නොවීය. එයට හේතුව චීන භටයන් දහවලේ කොළ අතු වලින් ආවරණය වී සිටිමින් රාත්‍රිකාලයේ ක්‍රියාකාරීවීමයි. එසේම මෙදින ඇමරිකාව ප්‍රමුඛ හමුදා දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කළ නමුත් නොවැබර් 25 දින ඇමරිකානු ප්‍රමුඛ හමුදාවන්ට එවැනිම දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ජනරාල් මැක්ආතර්ගේ නිගමනයන් බොරු කරමින් ඒ වන විටත් දින 3 කට‍ පෙරාතුවම චීන හමුදා යාළු තරණය කරමින් උතුරු කොරියාවට ඇතුළුව තිබුණා පමණක් නොව මැක්ආතර්ගේ නිගමනය වූ 70,000 ක පමණ හමුදාවක් නොව 300,000 ක පමණ බට කණ්ඩායමක් පැමිණ තිබුණි.




    volunteer army හෙවත් ස්වේච්ඡා හමුදාව ලෙස නම් කොට එවූ මෙම චීන හමුදාවේ ඉහළම අණදෙන ජනරාල්වරයා හැරුණ කොට සෙසු නිලයන් සියල්ලම සමාන ලෙස සැලකූ බව පසුව ඇමරිකානු සොල්දාදුවන් පවා පවසනු ලැබූහ. මෙම චීන ස්වේච්ඡා හමුදාව විසින් ඇමරිකාව ප්‍රමුඛ හමුදාවට වටකොට පහර දුන් අතර නොවැම්බර් 27 වනදා එල්ලවූ අතිදැවැන්ත මිනිස් රැළි මෙන් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබානු හැර වෙන යමක් ඇමරිකානු හමුදාව ප්‍රමුඛ අන්‍යයන්ට නොවීය. කෙසේවෙතත් මෙම දෙපාර්ශවයටම කිරාමැනීමකින් තොරව දඩුවම් දුන් බලවේගය වූ එවකට පැවති ශීත කාලගුණයයි. එ‍හිදී ඇමරිකානු පාර්ශයට යම් තරමක හෝ වාසි දායක වූයේ ඔවුන්ට උණුසුම් ඇගලුම් යම් ප්‍රමාණයක් හා ආහාරද සැලකිය යුතු ප්‍රමාණයක් සතුවීමයි. ඒ අතින් චීන හමුදාවන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නටද සිදුවූ අතර ඔවුන් විද ඒ අහිතකර ප්‍රතිඵලවලටද මුහුණ දෙමින් සතුරාට එළව එළවා පහර දීමට හැකි බලය ඔවුන්ට සතුවූයේ බටහිර අධිරාජ්‍යවාදයට එදිරිව ඔවුන්ගේ මොළ ශෝධනයට ලක් කර තිබූ නිසා බවද පැවසේ.


    ‍දැවැන්ත පිරිස් බලයක් තිබූ චීන හමුදාවන්ට කාලතුවක් වැනි බර අවි ප්‍රහාර එල්ලවූවද ඔවුන්ගේ කිසිදු පසුබෑමක් සිදුනොවීය. ඇතැම් එක්සත් ජාතීන්ගේ හමුදා බලඇනී හුදකලා තත්ත්වයකට පත්ව තිබූ අතර සැපයුම් මාර්ගද අවහිර වීමෙන් සියලු සැපයුම් ගුවනින් සිදුකළ යුතුව තිබූ නිසා ඇතැම් අවස්ථාවල එයට පැන නැගී බාධා හේතුවෙන් පතරොම් ආදියද හිඟවීමෙන් 600-700 ප්‍රමාණයේ බට පිරිස්වලට සතුරාට යටත්වනු හැර වෙන කරන්නට යමක් නොවූයේ ඒ වන විට ඔවුන්ට පසුබැසීමට හෝ නොහැකිවන සේ වට කොට සිටි හෙයිනි.
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -8

    කොරියානු යුද්ධයේ මූලාරම්භයේ ගුවනේ ආධිපත්‍ය ඇමරිකාව සතුවූ මුත් චීනයද යුද්ධයට සම්බන්ධ වූවාත් සමග සෝවියට් MiG-15 ගුවන් යානාද ඇමරිකානු ගුවන් යානා වලට නිදහසේ රාජකාරී කිරීමට අවහිර කරමින් සැරි සරන්නට වූ විය.


    ඇමරිකානු B-29 ගුවන් යානා කලින් චණ්ඩිකමින් හිතෙන හිතෙන වෙලාවට බෝම්බ හෙළමින් සතුරා භීතියට පත්කළත් මිග් යානා පියාසර කිරීමත් සමග ඇමරිකානු යානා කිහිපයක්ම සදහටම පොළව මත පතිත කරවීමත් සමග ඉන්පසු රාත්‍රිකා‍ලයේ හැරෙන්නට B-29 ගුවන් යානා වලට ‍පියාසර කිරීම දැන දැන විපතේ වැටීමක් විය.




    http://en.wikipedia.org/wiki/Mikoyan-Gurevich_MiG-15
    http://en.wikipedia.org/wiki/Boeing_B-29_Superfortress






    කලින් පැවසූ මිග් යානාවල තිබුණේ බ්‍රිතාන්‍ය Rolls-Royce RB.41 Nene එන්ජින් වලට සෑම අතින්ම සමාන එන්ජින් යයි පැවසුවහොත් ඔබ සමහර විට පුදුම වන්නටත් පුළුවන්. ඒත් එය සත්‍යයක්. 1945 දී සෝවියට් දේශය සමග හොද හිත වර්ධනය කරගනුවස් එවකට බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් විසින් ස්ටාලින් හට මෙම එන්ජින් ලබා දුන් අතර සෝවියට් ඉංජිනේරුවන් එය පහසුවෙන් කොපි කර මෙම මිග් යානාවලට එන්ජින් නිර්මාණය කරනු ලැබීය. අවසානයේ ඇමරිකාවේ හොදම හිතවතා ලබාදුන් තාක්‍ෂණය සෝවියට් දේශය ඇමරිකාවට පහරදීමට යොදා ගත්තේය.



    ඇමරිකානු යුද ඉතිහාසයේ දැවැන්තම පසුබැසීම මෙම යුද්ධයෙන් වාර්තාවිය. බටහිර දෙසින් වූ හමුදා ගොඩබිම දෙසින් දකුණු කොරියාව වෙත පසුබැසීම සිදුවූ අතර එයින් දීර්ඝතම පසුබැසීම සැතපුම් 200 ක් පමණ විය. ඇතැම් විට තුවාල ලබන සඟයන් දමා එනු විනා සතුරා ළඟ ළඟම පහර දෙමින් ලුහු බදින නිසා වෙන කරන්නට යමක් නොවූ බවද පසු කලෙක මෙම යුද්ධයට සම්බන්ධවූ සොල්දාදුවන් පැවසුවේ ඉතා කණගාටුවෙනි. එහෙත් නැගෙනහිරින් පසුබසින සේනාව මොවුන් තරම් අවාසනාවන්ත නොවීය. උතුරු කොරියානු භුමියේ නැගෙනහිරින් වූ වරායන් වලින් නැව් මගින් ඔවුන් උතුරු කොරියානු භූමියෙන් ඉවත් වූ අතර ඔවුන් සමග උතුරු කොරියානු සරනාගතයන්ද විශාල ප්‍රමාණයක්ද යාමට පැමිණීම විශේෂත්වයක් විය. මෙම පිරිස් ඉවත්වූ වහාම එම භූමියට නැව් මගින් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සතුරාට මෙන්ම එම භූමියේ වූ භෞතික සම්පත්ද නැවත ඔවුන්ට ප්‍රයෝජනයට ගත නොහැකි වන දේ විනාශ කර දමන ලදි.

    උතුරු කොරියානු අගනුවර වන P’yŏngyang ඇමරිකානුවන් අත තිබුණේ යන්තම් දින 17 කි. 1950 දෙසැම්බර් 6 වන දින නැවත එය අත්පත් කර ගැනීමට චීන හමුදාවලට හැකිවූ අතර ඊළඟ දිනයේ ඔවුන් තවත් සැතපුම් 58 ක් තරම් දුර ගමන් කරමින් 38 වන රේඛාවට සැතපුම් 32 ක් දුරට වන්නට ස්ථාන ගත වන්නට තරම් වේගවත් විය.

    දෙවන ලෝක යුද්ධයේදී යම් ප්‍රමාණයකට හෙලිකොප්ටර් යොදා ගත්තත් විශාල පරිමාණයෙන් හෙලිකොප්ටර් යොදා ගත් ප්‍රථම යුද්ධය ලෙස කොරියානු යුද්ධය ඉතිහාසගතවන අතර සටනේදී තුවලා ලබන ‍සෙබළුන් ඉක්මනින් ප්‍රතිකාර සදහා රැගෙන යාමට මෙම හෙලිකොප්ටර් විශාල දායකත්වයක් ලබාදුන්නෝය.


    MASH unit (Mobile Army Surgical Hospital) ලෙස හදුන්වන හමුදා ජංගම ශල්‍යාගාර රෝහල් ගැනද සදහන් කළ යුතුමයි. සටනේදී තුවාල ලබන සෙබළුන් විශාල ප්‍රමාණයකගේ වේදනාවන් අවම කර ගැනීමට මෙන්ම ජීවිත රැක ගැනීමට මෙම ඒකකයන් ලබා දුන් සේවය අගය කළ යුතු අතර දෙවන ලෝක යුද්ධයට වඩා තුවාල ලබන සෙබළුන් 25% ක පමණ ප්‍රමාණයකගේ දිවි රැක දීමට මෙම කාර්යය මණ්ඩලය සමත් විය. එහෙත් ඇතැම් විට එක් සඟයෙකුගේ දිවි රැක ගැනීමට තවත් සඟයකුට තම පාදය ඉවත් කිරීමට ඉඩ දිය යුතුවූයේ යම් හෙයකින් ඔහුගේ පාදය රැක ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලය කාලය ගත කළහොත් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අනෙක් සඟයාගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය එය විය හැකි බැවින් බව පැවසේ.


    http://en.wikipedia.org/wiki/Mobile_Army_Surgical_Hospital
    http://sarcasmalley.com/korea.htm

    නත්තලට පෙර ගෙදර යන්නට සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූයේ මිනී පෙට්ටියක තැන්පත්වීය. මෙම යුද්ධයේ තීරණාත්මකම අවස්ථාවක ඇමරිකානුවන්ට තවත් පාඩුවක් සිදුවිය. ඒ අටවන ඇමරිකානු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් Walton Walker ගේ ජීප්රිය Seoul උතුරින් පිහිටි පෙදෙසක් වන Uijeongbu හිදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්වීමයි. ඒ අනුව ලෝක යුද්ධ දෙකකට සම්බන්ධව සිටි අත්දැකීම් පරිපුර්ණ සෙන්පතියෙකුගේ නික්ම යාම සිය දේශයෙන් ඉතා ඈතකදී සිදුවිය. http://en.wikipedia.org/wiki/Walton_Walker


    1950 දෙසැම්බර් අවසාන සතිය වන විට සමස්ත උතුරු කොරියානු භූමියෙන්ම ඇමරිකාව පලවා හැරීමට චීන-උතුරු ‍කොරියා ගොඩබිම් හමුදා සමත්විය. එයින් පසුව සංග්‍රම‍යේ කටයුතු ඊළඟ ලිපියෙන්....
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -9

    අවාසනාවන්ත ලෙස අටවන හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් වෝල්කර් මිය යාමෙන් පසු ඔහුගේ තනතුර වෙනුවෙන් සහ ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ දෙවැනියා ලෙස පත් කර එවුවේ දෙවන ලෝක යුද්ධයේදී ඉතාලියේ Airborne සේනාංකයද භාරව සිටි ජනරාල් Matthew Ridgway වේ. ජනපති ටෲමන්ගේ විශ්වාසනීයම හමුදා නිලධාරියෙකු සේම උපක්‍රමශීලී හමුදා නිලාධාරීයෙකු ලෙසද නමක් දිනා සිටි ජනරාල් රිජ්වේ හට මෙතෙක් යුද්ධයේ පසුබෑමට බලපෑ අඩුපාඩු වටහා ගැනීමට ඉක්මනින්ම හැකි විය. එහෙත් ගැඹුරු පල්ලමකට වැටෙමින් සේ දැවැන්ත ලෙස පසුබසිනු විනා වෙනත් විකල්පයක් නොවු එක්සත් ජාතීන්ගේ හමුදාවට දෙසැම්බර් අවසානය වන විට නැවතත් 38 වන රේඛාවෙන් මෙපිටට හෙවත් නැවත දකුණු කොරියානු නිල දේශසීමාවට පිවිසීමට සිදුවිය.

    http://en.wikipedia.org/wiki/Matthew_Ridgway


    1951 ජනවාරි 3 වනදා නැවතත් සෝල් නුවර සතුරා අතට පත්වූවා පමණක් නොව ඊ‍ට පසුදින වන විට එක්සත් ජාතීන්ගේ හමුදා සිටියේ සෝල් නුවරට සැතපුම් 35 න් දුරිනි. එතරම්ම චීන-උතුරු කොරියානු ප්‍රහාරය ප්‍රබල විය. කෙසේවෙතත් මෙම සතුරු හමුදා ‍ජයග්‍රාහී ලෙස මෙතෙක් ඉදිරියට පැමිණියත් චීනයේ සිට ඇති දුර හා ඔවුන්ගේ ගුවන් ප්‍රහාර යනාදිය උතුරු කොරියාවේ උතුරු දෙසට සීමා වී පැවතීම හා ඉන් මෙපිටට ඇමරිකානු ගුවන් බලය බලවත්වීම හේතුකොට ගෙන ගුවන් මගින් සැපයුම් ලැබීමද කළ නොහැකි කාර්යයක් නිසා චීන-උතුරු කොරියානු හමුදාවන්ට සැපයුම් ලබා ගැනීමේ අවකාශයක්ද නොවීය.


    ජනරාල් රිජ්වේ ගේ යුද උපක්‍රමය ඩග්ලස් මැක්ආතර්ගේ හෝ නැසී ගිය අටවන හමුදා අණදෙන නිලධාරී ජනරාල් වෝල්කර්ගේ උපක්‍රම වලට වඩා වෙනස් වූ අතර ඔහු අනුගමනය කළේ නැපෝලියන්ගේ යුද උපක්‍රමයයි. එනම් භූමිය හෝ නගර නොව හැකි තරම් සිරකරුවන් එසේත් නැත්නම් හැකි තරම් සතුරන් වැනසීමයි. එසේම පිරිස් බලය ඉක්මවා ප්‍රහාර එල්ල කිරීමට නවීන යුද බලය හා ගිණි බලය ප්‍රබල විය යුතු බව රිජ්වේ ගේ අදහස විය. 1951 ජනවාරි 25 වනදා නොනවත්වා සිදුවූ පසුබෑම අවසන් කරමින් "Operation Thunderbolt" නම් මෙහෙයුම ආරම්භ කරන අතර එයින් දිනක් ඇතුළතම එනම් ජනවාරි 26 වනදා වනවිටම නැවතත් Incheon අත්කර ගැනීමට මෙම හමුදා සමත්විය.‍

    1951 පෙබරවාරි මැද වන විට දෙපාර්ශවයටම නැවතත් ස්වභාවධර්ම‍යේ බැටකෑමට ලක්වූ අතර ඇද හැලුන වර්ෂාව නිසා එකල තිබූ සංවර්ධනය නොකළ මංමාවත් මඩ ගොහොරු බවට පත්විය. මේ නිසා වාහන ගමනාගමනය සේම පාබල සේනාංකවලටද අතිශයින් දුෂ්කර කාල වකවානුවක් විය.

    එම වසරේ මාර්තු 25 වන විට නැවතත් සෝල් අත්පත් කර ගැනීමට UN හමුදා සමත් වූ අතර මාර්තු අවසාන වන විට නැවත වරක් 38 වන සමාන්තර රේඛාවද පසුකර උතුර කොරියානු භූමියට ඇතුළු වීමට හැකියාවද ලැබුණි.


    1951 අප්‍රේල් මුල දෙපාර්ශවයේ යුද සටන් වලට වඩා ගැටලුවක්ව පැවතුණේඇමරිකානු ජනපති සහ ඩග්ලස් මැක්ආතර් අතර ගැටුමක් බව පෙනේ. මන්දයත් ප්‍රවීණ ජනරාල්වරයා ඇමරිකානු ජනපතිවරයා කොරියානු යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ ඇල් මැරුණ ක්‍රියා පිළිවෙත ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර ඔහුට අවශ්‍ය වූ‍යේ කොරියානු අර්ධත්වීපය එක්සත් කිරීම මෙන්ම චීනයටද ප්‍රහාර එල්ල කර චීන කොමියුනිස්ට් ආණ්ඩුවද සුනුවිසුනු කර දැමීමයි. එහෙත් ජනපති ටෲමන් හට චීනය හෝ සෝවියට්දේශය සමග යුද්ධයට පැටලීමට හෝ තෙවන ලෝක යුද්ධයකට මුලපිරීමකට අවශ්‍ය නොවු අතර ජනරාල්වරයාගේ අභිප්‍රාය දුර්වල කිරීම එක් අරමුණක සහ ආසියාවේ යුද්ධයකට වඩා සෝවියට් බලපෑම වැඩි යුරෝපය කෙරේ වැඩි අවධානය හා ශක්තිය යොදවනු වස් ඔහු අවි ආයුධ හා පිරිස් බලය මැක්ආතර් ජනරාල්වරයා වෙත සැපයීමට මැලිවූ අතර මෙය එක් අතකින් ඇමරිකාවට දිනාගත හැකිව තිබූ යුද්ධයක් යන්තම් ජයග්‍රහණයකින් හා අමිහිරි අත්දැකීම් සහිත යුද්ධයක් බවට පත්වීමටද එක් හේතුවක් විය.


    එක්පැත්තකින් වියපත් ජනරාල්වරයාගේ විවේචනයද ඔහු විසින් කළ යුතුව තිබූ කාර්යයද අභිබවායමින් කොමියුනිස්ට්වාදයට බැටදීමට චීනයට පහර දීමටද අරමුණු කරගෙන නොනවත්වා පරාජයටද පත්වෙමින් ඇමරිකානු පමණක් නොව එයට සහය දුන් අනෙක් රටවලට සහය දුන් සොල්දාදුවන්ද නිකරුණේ මරණයට ලක් වීමට ඉඩ හැරීම මෙන්ම යුරෝපයේ ආරක්‍ෂාවට ඇමරිකාව මත වඩාත් යැපෙන්නට වූ ඒ අවධියේ එම අවධානය ‍ඔවුන් වෙතැයි ගිලිහේ යන බියද ඇතුව එවකට බ්‍රිතාන්‍ය අගමැති Clement Attlee ඇතුළු රාජ්‍ය නායකයන්ගේද අප්‍රසාදයට ජනරාල්වරයා ලක්ව තිබු බව පැවසේ.
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -10

    ජනරාල් මැක්ආතර්ගේ චරිතාපදානය වෙනම ලිපියකින් ලිවිය යුතු තරම් දීර්ඝ එකක් වනවා අතරම කෙටියෙන් පැවසුවහොත් ඉතා දක්‍ෂ මෙන්ම කෙටිකලකින් හමුදාවේ ඉහළටම පැමිණි ඔහු එවකට ඇමරිකානු හමුදාවේ ජනරාල් නිලතල ලැබූ ලාබාලම නිලධාරියා ලෙස සැලකුණ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරුන්ට පවා ගරුසරු අඩුවෙන් කතාබහ කිරීම හෝ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා තිබුණත්, ඔහුගේ දක්‍ෂකම, ප්‍රවීණත්වය, මිනිසුන් අතර ඇති හමුදා සෙන්පතියෙකු ලෙස ඉමහත් ජනප්‍රියභාවයක් ලබා සිටීම මෙන්ම බොහෝ ජනාධිපතිවරුන් සමග හමුදා නිලයද අභිබවා තිබූ මිත්‍රත්වය මත ඔහුට ඒ ඒ අවස්ථාවල අවවාද මිස දැඩි ක්‍රියාමාර්ග නොගැනීම සිදුවිය.


    කෙසේවෙතත් දිගින් දිගටම සිදුවූ පරාජයන්ටත් වඩා ඔහු හමුදාවෙන් පනවා තිබූ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමේ නීතියද අභිබවමින් යුද්ධය හා වොෂින්ටන් පාලනය විවේචනය කිරීම නිසා අකමැත්ත හෝ සිදුවිය හැකි අතුරු ප්‍රතිඵලද නොතකා ඇමරිකාවෙන් බිහිවු කිරීතිමත්ම ජනරාල්වරයාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු අවස්ථාව එළඹ තිබුණි.


    මෙම කාර්යය හිතුමතේ හෝ ආවටගියාට කරන්නට හැකියාවක් නොතිබූ අතර ජනපතිවරයා ඇමරිකානු පාලනාධිකාරයේ ඉහළම නිලධාරීන් වන රාජ්‍ය ලේකම් Dean Acheson, ආරක්‍ෂක ලේකම් සහ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකුවන ජනරාල් George Marshall, ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley සහ ජනාධිපති උපදේශක Averell Harriman යනාදි වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡාවක් 1951 ‍අප්‍රේල් 6 වන දා පැවැත්වූ අතර ඒ ඒ අය වෙනස් වෙනස් තීරණ වල මේ සම්බන්ධයෙන් සිටියෝය. Harriman එකහෙළාම ජන‍රාල් මැක්ආතර් කොරියානු යුද බිමේ අණදීමෙන් ඉවත් කිරීමට එකඟ වූ අතර ජනරාල් Bradley එය නොකළ යුතු බව පැවසූහ. ආරක්‍ෂක ලේකම් George Marshall එය පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කර තීරණයක් ගත යුතු බව පැවසූ අතර රාජ්‍ය ලේකම් Acheson පෞද්ගලිකව මැක්ආතර් නෙරපීමට එකඟතාවය තිබූ නමුත් එය ප්‍රසිද්ධියේ පළ කිරීමට මැලිවිය. එහෙත් ඔහු මේ පිළිබදව ටෲමන් හට අනතුරු අඟවා සිටියේ මෙය ඔබගේ පාලන කාලය තුළ මුහුණ දීමට සිදුවන ලොකුම ගැටලුව විය හැකිය යන්නයි.
    Acheson was personally in favor of relieving MacArthur but did not disclose this. Instead, he warned Truman that it would be "the biggest fight of your administration."
    http://en.wikipedia.org/wiki/George_C._Marshall
    http://en.wikipedia.org/wiki/W._Averell_Harriman
    http://en.wikipedia.org/wiki/Omar_Bradley

    ඊළඟ දිනයෙත් නැවතත් මේ පිරිස රැස්විය. මේ අවස්ථාවේදීද කලින් මෙන්ම වෙනසක් නැතුවම Marshall සහ Bradley යන දෙදෙනාම ජනරාල්වරයා නෙරපීමේ ඉල්ලීමට එරෙහිවූහ. එහෙත් ඊළඟ දින‍යේ හමුවූ ආරක්‍ෂක ලේකම්වරයා හා ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීවරයා අතර මේ මාතෘකාව පිළිබදව සාකච්ඡාවේදී හෙළිවූයේ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී මණ්ඩලයේ අදහස වුයේ මැක්ආතර් ඉවත්කිරීම වඩාත් සුදුසුබවත් එසේ නොවුණහොත් ජනතාව අතර හමුදාව පාලනය කිරීමටආණ්ඩුවට ඇති නොහැකියාව පිළිබදව අදහසක් ඇතිවිය හැකි බැවින් පසුකාලීනව ඇතිවිය හැකි ප්‍රතිඵල අහිතකර වනු ඇති බවයි. මේ අනුව ජනරාල්වරයා ඉවත්කිරීමේ තීරණය සම්බන්ධයෙන් Marshall සහ Bradley යන දෙදෙනාම එකඟතාවයකට පත්වූ අතර ඊළඟ දිනයේ ජනපතිවරයා හමුවූ ඔවුන්ද තීරණයට එකඟබව දන්වන ලදි. කෙසේවෙතත් ප්‍රධාන ඒකාබද්ධ හමුදා නිලධාරියා පසුව දැක්වූ අදහස් අනුව තමන් මේ තීරණයට එකඟ වූ නමුත් නිර්දේශ නොකළ බවයි.ඇත්තෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ට විවේචන එල්ල වූ සෑමවිටකම සිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ආරක්‍ෂා කිරීමට ජනරාල් Bradley ඉදිරිපත් විය.

    ජනවාරි 11 වනදා මැක්ආතර් ඉවත්කිරීමේ ලිපිය 1951 අප්‍රේල් 11 දාතම සහිතව ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ අත්සනින් යුතුව ජනපති ටෲමන් විසින් නිකුත් කරනු ලැබුණ අතර ජනරාල් මැක්ආතර්ගේ වගකීම් සියල්ල ජනරාල් රිජ්වේ හට පැවරුණ අතර ඔහුගේ දෙවැනියා සහ අටවන හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස General James Van Fleet පත් කිරීමද සිදුවිය.

    ටෲමන් විසින් මාධ්‍ය හරහා මෙම ඉවත්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වුන අතර, ජනරාල් මැක්ආතර් යනු ශ්‍රේෂ්ඨ යුද වීරයෙකු වුවත්, තනි පුද්ගලයෙකු ගැන සිතනවාට වඩා ලෝක සාමය වැදගත් නිසා මැක්ආතර් ඉවත්කිරීමට සිදුවූ බවද එම ප්‍රකාශනයේ සමස්ථ සාරාංශයට ගොනු කළ හැකිවිය.

    ජනරාල්වරයා ඉවත්කිරීමේදී ඊටත් වඩා ගිය ස්ථාවරයකට යාම ජනපතිවරයාගේ සහ රාජ්‍ය ලේකම්වරයාගේ අදහස වූ බව පැවසේ. ජනරාල්වරයා බොහෝ අවස්ථාවල හිතුවක්කාර ලෙස ක්‍රියා කළ නිසා ඔහු යුද අධිකරණයකට ඉදිරිපත් කිරීම ඔවුන් දෙපළගේ අදහස වූවත්, ජනරාල් මැක්ආතර් ප්‍රසිද්ධියේ අදහස් පැවසීම මිස බරපතල හමුදා නීතිරීති උල්ලංඝනය කිරීමක් සිදු නොකර ඇති නිසා එවන්නක් කිරීමට අවශ්‍ය නැති බව ඔහු වෙනුවෙන් සෑම විටකම පෙනී සිටී ප්‍රධාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජනරාල් Omar Bradley ගේ ස්ථාවරය විය. http://en.wikipedia.org/wiki/Dismissal_of_General_Douglas_MacArthur

    මැක්ආතර් ඉවත් කිරීමේ තීරණය ඒ ව‍නවිටත් ජනතා අප්‍රසාදයට පත්ව තිබූ ටෲමන් පාලනය තවදුරටත් එම තත්ත්වයම වර්ධනය කරගැනීමට හේතුවක් විය. මෙම අප්‍රසදාය නිසා තමන් ඊලඟ වතාවෙත් ජනාධිපතිවරණයට ඉල්ලා පරාජයට පත්වනවාට වඩා ඡන්දයට ඉදිරිපත් නොවීම වඩාත් කාලෝචිතයයි තීරණය කළ නිසාදෝ ටෲමන් විසින් තමන් 1952 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද පසුව දන්වන ලදි. ටෲමන්ගේ තත්ත්වය එසේ වූවත් වසර 14 කට පසු නැවත මව්බිමට පැමිණි ජනරාල් ඩග්ලස් මැක්ආතර් හට නම් ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුන අතර ප්‍රධාන නගර කිහිපයකදී ජනතාව ඇමතීමද ඔහු සිදුකළ අතර කොන්ග්‍රස් මණ්ඩලය හමුවේද සිය හමුදා දිවිය අවසන් කිරීමේ ප්‍රකාශනයද සිදුකරන ලදි.
    http://en.wikiquote.org/wiki/Douglas_MacArthur
     
    • Like
    Reactions: $Gangster$

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -11

    මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර වලදී පළමු අවස්ථාවේ දැඩි ධෛර්යයකින් සටන් කර ජයගත්තත් ක්‍රමයෙන් එම ධෛර්යය අඩුවන බව ජනරාල් රිජ්වේ වටහා ගත්තේය. ඔහු එම දුර්වලකම වටහා ගනිමන් ප්‍රහාර එල්ල කරන අතරේ අත්පත් කරගන්නා ඒ ඒ භූමියේ ඉදිරි ආරක්‍ෂක වළල්ල ඇමරිකානු ප්‍රාන්ත නමින් නම්කොට ඒ ඒ වළලු දැඩි ලෙස ආරක්‍ෂා කර ගැනීමට වඟබලා ගත්තේය.

    කෙසේවෙතත් 1951 අප්‍රේල් 27 වනදා මධ්‍යයේ පිහිටි දුර්වල දකුණු කොරියා ආරක්‍ෂක වළල්ලක් වෙත දැඩි ප්‍රහාරයක් චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් එල්ල වූ අතර එම ආරක්‍ෂක වළල්ල හැරදා ඊට පසුපසින් පිහිටි ආරක්‍ෂක වළල්ල වෙත නැවත පසුබෑමටද සිදුවිය. නැවතත් සති දෙකකට පසු නව පිහිටුම වෙතද ප්‍රහාර එල්ල වූ අතර ඒ වර නම් චීන-උතුරු කොරියා හමුදාවන්ට මදි නොකියන්නට පහර වැදුණේය. මෙහිදී හොදින් සූදානම්ව සිටි UN හමුදා දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ අතර ඇතැම් වාර්තා පවසන පරිදි එතෙක් මෙතෙක් වාර්තා වී ඇති පැය 4 ක් තුළ වැඩිම Rounds ගණනක් වන 15,000 ක පමණ භාවිතා කළ බවද පැවසේ. මෙම ප්‍රහාරයේදී චීන-උතුරු කොරියා හමුදා භටයන් 35,000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබන්නට ඇති බව පවසන අතර UN හමුදාවන්ගෙන් මිය ගොස් හෝ තුවාල ලබා ඇත්තේ 900 දෙනෙකු පමණි. මෙම ප්‍රහාර දෙකින් පසු චීන-උතුරු කොරියා හමුදාවන්ගෙන් මහා පරිමාණ ප්‍රහාර එල්ල නොවූ බවද වාර්තා වේ.


    චීන-උතුරු කොරියා හමුදා ප්‍රහාරක බලය අඩුවීමත් සමග සහ නැවත UN හමුදා අලුගසා බසා නැගිටීමත් සමග දැන් සාම සාකච්ඡා සදහා හොදම වෙලාව පැමිණ ඇතැයි ජනරාල් රිජ්වේ වොෂිංටනයටද දන්වා යැවුවේය. සාමය සදහා කතා බහට කැමතිදැයි චීනයෙන්ද විමසා සිටි අතර එයින් මාස 3 ක් ඉක්ම ගිය තැන ඔවුන් එයට කැමැත්ත පළ කර දැන්වූ පසු දෙපාර්ශවය අතර සාකච්ඡා Panmunjom හිදී ආරම්භ කරන ලදි.සාම සාකච්ඡා මේසයට පැමිණෙන විට දෙපාර්ශවය පැමිණියේ තමන් යුද්ධයෙන් ජයගෙන ඇතැයි යන මතයේ පිහිටාය. එය එක් අතකට සත්‍යයකි. ඇමරිකානු හමුදාව දකුණු කොරියාව 1950 දී උතුරු කොරියානුවන්ගෙන් මුදවා ගත් අතර නැවත වරක් 1951 මාර්තුව අවසානයේ දකුණු කොරියාවේ උතුරේ රැදී සිටි චීන-උතුරු කොරියානු හමුදා පලවා හැර නැවත වරක් 38 වන ‍සමාන්තර රේඛාවෙන් ඔබ්බටද ගමන් ගත්හ. (එහෙත් 38 වන රේඛාවේ පහළින් වූ Kaesong ප්‍ර‍දේසය ආශ්‍රිතව චීන-උතුරු කොරියානු හමුදා රැදී සිටීම දිගටම සිදුවිය. ) අනිත් අතින් උතුරු කොරියාව ආක්‍රමණය කළ UN/ඇමරිකානු හමුදා වන්ට එළව එළවා පහර දෙමින් නැවත උතුරු කොරියාව මුදවා ගන්නට චීන-උතුරු කොරියානු හමුදා සමත් විය. ඒ අතින් ඔවුන් ජයග්‍රාහකයන්ය.



    මෙහිදී චීන-උතුරු කොරියානු පාර්ශවයෙන් ඉල්ලූ කොන්දේසි වූයේ නැවත 38 වන සමාන්තර රේඛාවන්ට UN/ඇමරිකානු හමුදා පසුබැස පැරණි උතුරු-දකුණු කොරියා දේශ සීමා ස්ථාපනය කිරීම, තම යුද සිරකරුවන් නැවත ලබා දීමයි. එහෙත් එම ඉල්ලීම ඔවුන්ට වාසි දායක නමුත් UN/ඇමරිකානු හමුද සදහා වාසි දායක එකක් නොවීය. මන්ද අල්ලා ගන්නා සිරකරුවන්ට මරාදැමීම හෝ වද දීම UN/ඇමරිකානු හමුදවන්ගෙන් අඩු වූවත් චීන-උතුරු කොරියානු හමුදාවන්ට මුල් කාලයේ හසුවූ සියලුම ප්‍රතිවාදී භටයන් අනුකම්පා විරහිතව මරා දැමීම හෝ වද දීම සිදු කළ අතර පසුකලෙක ඔවුන් යුද සිරකරුවන් සදහා වූ කදවුරු වලට ගාල්කොට අවම පහසුකම්, අවම ‍ප්‍රතිකාර ඔස්සේ රදවනු ලැබුවා පමණක් නොව කොමියුනිස්ට්වාධයෙන් හිස පුරවා මොළ ශෝධනයකටද ලක්කළේය. යුද්ධයේ අවසාන අදියරේදී එනම් 1953 අප්‍රේල් වන විට දුර්වල හෝ අසනීප සොල්දාදුවන් හුවමාරු කර ගැනීමට දෙපාර්ශවයම එකඟ විය. ‍කෙසේවෙතත් UN/ඇමරිකානු හමුදා පාර්ශවයේ මෙම දුර්වල හා අසනීප සොල්දාදුවන් ‍බොහෝමයක් පසුව මියා යාම හෝ මානසික ආබාධවලට ලක්වූ බවද සදහන්ය. භූමිය අතින් ගත්විට චීන - උතුරු කොරියානු හමුදා රැදී සිටි භූමියට සාපේක්‍ෂව UN/ඇමරිකානු ‍සොල්දාදුවන් අල්ලා ගත් භූමිය විශාලත්වයෙන් වැඩිවිය.


    සටන් විරාම සාකච්ඡා 1951 දී ඇරඹුනද එය එක්වරම සාර්ථක නොවුණි. බොහෝවිට‍ මෙයට හේතුවූයේ සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබදව දෙපාර්ශවය අතර තිබූ පරස්පරතාවයන් බවද පැවසේ. 1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කරන තුරු යුද වැදීම සිදුවූ නමුත් දෙපාර්ශවයම මහා පරිමාණ මෙහෙයුම් සදහා යොමු නොවී තමන් අල්ලා ගත් සීමාවන් තහවුරු කර ගැනීම සදහා ආරක්‍ෂක විධිවිධාන තර කර ගනිමින් සිටීම හෝ විවේක අවස්ථාවල සටනෙන් මිය ගිය සගයන් වෙනුවෙන් කළ හැකි ආගමික වත් පිළිවෙත් හා ආවර්ජනයන් සහ සැහැල්ලුවෙන් වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීම ඇමරිකානු පාර්ශවය වෙතින් නම් සිදුවිය.



    1953 ජූලි 27 වනදා දෙපාර්ශවය සටන් විරාම ගිවිසුම අත්සන් කළත් එම ගිවිසුම දකුණු කොරියාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ ඇමරිකානු ලේ මස් කදුළු වලින් හෝ ධනවාදී එකසත් කොරියාවක් බිහිකිරීමයි. කෙසේවෙතත් අනුන්ගේ පානින් එළිය බලා ගන්නට දකුණු කොරියාවට අවශ්‍ය වූවත් අනිත් සියලු පාර්ශව වලට යුද්ධය අවසන් කර ගැනීමට අවශ්‍ය විය.


    ඒ ඒ අයට විවිධ හේතු තිබූ අතර ඇමරිකාව පැත්තෙන් ගත්විට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ක්‍ෂණිකව හමුදා බට පිරිස් මෙන්ම අවි ආයුධ නිපදවීම අඩු කර තිබූ ඔවුන්ට කොරියානු යුද්ධය අහක යන කරදරයක් විය. දෙවන ලෝක යුද්ධයේ අවසානය සිටම ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ යුරෝපයේ කොමියුනිස්ට් තර්ජන කෙරේ වූ අතර එයට මෙම කොරියානු යුද්ධය එක් අතකින් කරදරයක්ද විය. අනිත් අතින් ලෝක යුද්ධයෙන් පසු ගෙදර යාමට සිටි ආසියාකරයේ රැදී සිටි සොල්දාදුවන් බොහෝමයකට ගෙදර යන්නට වූ‍යේ මිනී පෙට්ටියක සැතපීය.තවත් පැත්තකින් බිලියන ගණනක මුදලක්ද මෙම යුද්ධය වෙනුවෙන් ඔවුන්ට වැයවිය.

    සෝවියට් දේශයට වෙනමම බියක් තිබුණි. මෙම යුද්ධයේ ඇමරිකානු හමුදා 1950 නොවැම්බරයේ පසුබැසීමත් සමග ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති බව සෝවියට් දේශය විශ්වාස කළ අතර එය සත්‍යයක්ද විය. 1951 මුල හෝ එම වසරේ අප්‍රේල් වන විට Mark 4 න්‍යෂ්ටික බෝම්බ කිහිපයක්ම ඇමරිකාවට අයත් Guam දූපත් වෙත කොටස් කිහිපයක් අඩුවෙන් ප්‍රවාහනය කර තිබූ අතර හේතු කිහිපයක් නිසා මෙම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය සිදු නොවීය. එක් හේතුවක් නම් මෙම බෝම්බ හෙළීමට යොදා ගැනීමට අපේක්‍ෂා කල B-29 Super fortress ගුවන් යානා කිහිපයක්ම සතුරන් විසින් බිම හෙළා සිටීම, මෙම ප්‍රයත්නය පිළිබදව අංශුමාත්‍රයකින්ම සැළවුන වහා UN හමුදා සදහා දායකත්වය ලබා දී තිබූ සහ ඇමරිකාවේ හොදම මිතුරු බ්‍රිතාන්‍ය මෙම තීරණයට එකහෙළා විරුද්ධ වීම සහ තෙවන ලෝක යුද්ධය ඇවිලීමට මෙය හේතුවක් වනු ඇත්දෝයන සැකය මත ඇමරිකාව මෙම තීරණයට එදා නොඑළඹුණි (https://en.wikipedia.org/wiki/Mark_4_nuclear_bomb).

    එහෙත් ඇමරිකාවු මෙම තීරණය ක්‍රියාත්මක ‍නොකළත් එය පිළිබදව නොදත් සෝවියට් දේශය මෙම බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි බියෙන් ඇමරිකාව කොරියාවම අල්ලා ගත්තත් කමක් නැහැ යන ආකල්පයේ ඔවුන් සිටි අතර ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ ජපනයට ප්‍රහාර එල්ල කර ජපානය තමන් සතු කර ගැනීමයි.


     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -12

    චීනයට තිබුනේ වෙනත් අදහසකි ඔවුන්ට තවත් ප්‍රහාර කිහිපයක් කොරියානු මැද ප්‍රදේශයේ එල්ල කර තම බලය අපකීර්තිමත් නොවන ලෙස තහවුරු කර ගැනීමයි. උතුරු කොරියාව පැත්තෙන් යුද්ධය අවසන් නොවී දිගින් දිගටම පැවතීම තුළින් නැවත වරක් තම රට අහිමිවේය යන සැකය ඔවුන්ට තිබෙන්නට ඇති.

    දෙපාර්ශවයම කේවල් කරමින් සාම සකච්ඡා පැවතෙන අතරවාරයේ F-86 sabre ජෙට් යානා යොදවා උතුරු කොරියානු ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සතුරු Mig - 15 ගුවන් යානා පසු පස ලුහුබදිමින් ප්‍රහාර එල්ල කිරීමද සිදු කරන ලදි.

    http://en.wikipedia.org/wiki/North_American_F-86_Sabre


    එකල මෙම ගුවන් යානා දෙකම ඉහළම හැකියාවන්ගෙන් යුතු වුවත් ඇතැම් ගුණාංග අතින් F-86 sabre ජෙට් යානා, Mig - 15 වලට වඩා ඉදිරියෙන් විය. තවද ටෲමන් විසින් පනවා තිබූ නියෝගයක් වූයේ මොනම හේතුවක් නිසාවත් යාළු නදිය පසුකර චීනයට අයත් අහස් සීමාව ආක්‍රමණය කර සතුරාට පහර නොදිය යුතු බවයි. එහෙත් ටික කලෙකින් අනාවරණය වූ රහස් ලිපිලේඛන වලට අනුව සෝවියට් රේඩාර් පද්ධති වලට පහළින් ගමන් ගන්නා ගුවන් යානා හසුකර ගත නොහැකි නිසා ඒ වාසිය අත් කරගනිමින් පෙර නියෝගය නොතකා ප්‍රහාර එල්ල කිරීමෙන් ගැටලුවක් නොවන බව වටහා ගත් ගුවන් නියමුවන් පහළින් ගොස් මිග් යානා විනාශ කර දැමීමට චීන අහස් තලයටද ඇතුළු වු අතර ඒ පිළිබදව නියමුවන් කිසිවක් සිය ඉහළ නිලධාරීන්ට පැවසීමක් සිදු නොකළ අතර ඉහළ නිලධාරීන්ද ඒ පිළිබදව ගුවන් නියමුවන්ගෙන් විමසා නොසිටින ලදි.



    http://www.militaryfactory.com/articles/102/mig15-versus-sabre.asp

    1952 නොවැම්බර් 4 වන දා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් කීර්තිමත් හමුදා ජනරාල්වරයෙකු වන ඩිවයිට්.ඩී.අයිසන්හවර් ජය ගත් අතර ඉක්මනින්ම ඔහු කොරියානු යුද බිම වෙතද ගොස් එහි පහළම සොල්දාදුවා සමග පවා කතා බස් කොට ඔවුන්ගේද අදහස් විමසා සිටියේ තමන් ජනපතිවූ පසු මුලින්ම කරන්නේ කොරියාව වෙත යන බවට ඔහු 1952 ඔක්.25 දා කළ පොරොන්දුවද ඉටු කරමිනි.





    එසේම න්‍යෂ්ටික බෝම්බ භාවිතා කිරීමට තමන්ගේ පැකිළීමක් නොමැති බවට කරන ලද බියවැද්දීම චීනයද පසුපස පාදයට යන්නට හේතුවක් විය. අනිත් අතින් කොමියුනිස්ට්පාලනයේ එවකට පතාක යෝධයා වූ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්ගේ අභාවය 1953 මාර්තු 05 දා සිදුවීම තවදුරටත් යුද්ධයේ නිරතවීමට චීන-උතුරු කොරියා පාර්ශව වලට දෙවරක් සිතිය යුතු කරුණක් විය.
    http://www.britannica.com/EBchecked/topic/1659646/United-States-presidential-election-of-1952





    අනුන්ගේ පානින් එළිය බලන්නට සිතා සිටි දකුණු කොරියානු අපකිර්තිමත් Rhee පාලනය සටන් විරාමය ප්‍රතික්‍ෂේප කළද ඇමරිකාව, චීනය 1953 ජූලි 27 වනදා සටන් විරාම ගිවිසුම අත්සන් කළ අතර එයින් පැය 12 ක ඉක්ම ගිය තැන දෙපාර්ශවයේ අවිද නිහඬ විය.




    එසේම දෙපාර්ශවය ඒ වනවිට රැදී සිටි ස්ථාන වල සිට දෙපසින් සැතපුම් 2.5 ක් පළලින් යුතුව යුද මුක්ත කලාපයක්ද බිහිකරන ලදි.


    මෙම කාලසීමාවේදී විශේෂත්වය වන්නේ යුද සිරකරුවන් හුවමාරුකර ගැනීමයි. මෙම ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය පාර්ශවය වෙත ගොස් සිය රටට යනවාට වඩා සතුරු පාර්ශවයේ රටේම රැදී සිටීමට ප්‍රිය කළහ. 1953 අප්‍රේල් සිට මැයි දක්වා දෙපාර්ෂවයේ දුර්වල සහ අසනීප වී ඇති සොල්දාදුවන් හුවමාරුව Operation Little Switch ලෙස හැදින්වූ අතර 1953 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා වූ ඉතිරි සොල්දාදුවන් හුවමාරුව Operation Big Switch,ලෙස හදුන්වනු ලැබීය.


    අල්ලා ගත් සොල්දාදුවන් අතරින් 70,183 ක් උතුරු කොරියානුවන් සහ 5,640 චීන සොල්දාදුවන් නැවත සිය මව් බිම් කරා ගිය නමුත් 22,000 ක් වූ කොමියුනිස්ට් සොල්දාදුවන් නැවත සිය රට යාම ප්‍රතික්‍ෂේප කළහ. දකුණු කොරියානුවන් 7,862 ක්, ඇමරිකානුවන් 3,597 ක් සහ 946 ක් වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පිරිසක්ද නැවත සිය රටට ගියහ. එහෙත් දෙපාර්ශවයේම ඇතැම් සොල්දාදුවන් නැවත සිය රටට යාමට වඩා සතුරු රටේම විසීමට කැමති වූ නිසා ඔවුන්ට සිය තීරණය නැවත සිතා බැලීමට මාස 3 ක කාලයක් යුද මුක්ත ප්‍රදේශක වූ කඳවුරුක රඳවන ලදි. ඒ අතර එක් බ්‍රිතාන්‍ය සෙබළෙක්, ඇමරිකානු සෙබළුන් 23 ක් සහ දකුණු කොරියානුවන්ද 327 ක් වූහ.

    මෙම මාස තුනක කාලය තුළදී ඇමරිකානු කොප්‍රල්වරුන් දෙදෙනෙකු වන Claude Batchelor සහ Edward Dickenson යන අය සිය අදහස් වෙනස් කරගෙන සිය රටට යාමට කැමැත්ත පළ කළත් ඔවුන් පාලනාධිකාරියේ තීරණයට පටහැනිව කටයුතු කළ නිසා යුද අධිකරණයට ලක් කර වසර 4½ සහ 3½ වූ සිරදඩුවම් වලට යටත් කළ අතර අනෙක් අයද යම් දිනක මව්බිමට පිවිසි පසු යුද අධිකරණයට ලක් කර ගරු සම්මාන රහිතව සේවයෙන් නෙරපන බවද දන්වන ලදි. කෙසේවෙතත් වසර කිහිපයකට පසුව බොහෝදෙනා නැවත සිය රටට පැමිණි අතර කලින් තිබූ නියෝගය ලිහිල් වී ඔවුන් බොහෝමයකට නැවත සුපුරුදු පරිදි මව්බිමේ විසිමේ අවස්ථාව ලබා දුන් බවද පැවසිය යුතුය.
    http://en.wikipedia.org/wiki/List_of_American_and_British_defectors_in_the_Korean_War
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -13 (පසුවිපරම)

    කොරියානු යුද්ධය යනු විසිවන සියවසේ තවත් සිදුවූ දැවැන්ත ව්‍යවසණයකි. එසේම ධනවාදී-සමාජවාදී සීතල යුද්ධයේ මුල් යුද බිම වු කොරියාව මේ දෙපාර්ශවයේ ගැටුම් නිසා නිකරුණේ එකම භාෂාවක් කතා කරන එකම ජාතියකට අයත් සහ එකම රටක විසිරී සිටි සහෝදර මිනිසුන් ජීවිත විනාශ කරගත් භූමියකි.

    විවිධ මූලාශ්‍ර විවිධ සංඛ්‍යාලේඛන මෙම යුද්ධය පිළිබදව දක්වන අතර Encarta 2008 වෙළුමට අනුව මෙම යුද්ධයෙන් මිලියන 4 ක පමණ මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත. එයින් 2/3 ක්ම සිවිල් ජනතාව වීම තුළින් බලවතුන්ගේ යුද්ධයට නතුව අහිංසක මිනිස් ජීවිත වලට අත්වූ ඉරණම සිතා ගත හැකිය. මෙම අගය කෙතරම් භයානක අගයක්ද කියතොත් සමස්ත දෙවන ලෝක යුද සමය තුළදීම මිය ගොස් ඇති ජපනුන්ගේ ගණනද මිලයන 2.3 කි. චීනය කොරියානු යුද්ධයේදී මිලියන එකක පමණ සොල්දාදුවන් පිරිසක් අහිමි කරගෙන ඇති අතර ඇමරිකානුවන් 36,934 ක් තමන්ගේ රටින් සැතපුම් 8,000 ක් පමණ දුරකදී ජීවිතයෙන් සමුගත්හ. එපමණක් නොව 103,284 සිය රටට ගියේ විවිධාකාරයේ තුවාල වලට ලක්වීමෙන් පසුවය.


    එමෙන්ම යුද්ධ වලදී බොහෝවිට සිදුවන පරිදි සතුරු ප්‍රහාර වලට පමණක් නොව ඇතැම්විට වැරදීමකින් එල්ල කරන මිතුරු පාර්ශවයේ ප්‍රහාර වලින් සහ තවත් විටක සතුරු පාර්ශවයට එල්ල කරන බෝම්බ ප්‍රහාර වලට ආසන්නයේම සිටීමෙන්ද බට පිරිස් අනතුරට ලක් වූ බව සදහන්වේ.අනෙකුත් ජාතීන්ට අයත් එක්සත් ජාතීන්ගේ හමුදා භටයන් 3322 මියගොස් 11,949 විවිචාකාරයේ ආබාධ වලට ලක් වූ බව සදහන්ය. කෙසේවෙතත් ඇමරිකාව මෙම වසර 3 තුළ අහිමි කර ගත් බට සංඛ්‍යාව ඔවුන් වියට්නාම් යුද්ධයට සම්බන්ධවූ 1962-1973 අතර කාලය වූ වසර 11 ට සාපේක්‍ෂව වැඩි අගයකි. මෙම කාල සීමාව තුළ වියට්නාම් යුද්ධයේදී මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව 58,220 ක් බව පැවසේ.

    විවිධ මූලාශ්‍රවල විවිධ ‍තොරතුරු උතුරු කොරියානුවන්ගේ ජීවිත හානිය පිළිදව ඇතත් පොදුවේ ගත්විට කොපමණ උතුරු කොරියානුවන් පිරිසක් මියගියේද යන්න පිළිබදව නිශ්චිත තොරතුරක් නැත.කෙසේවෙතත් උතුරු කොරියානුවන්ට අහිමිවූ යටිතල පහසුකම් සහ දේපල ප්‍රමාණය අති මහත්ය. දකුණු කොරියානුවන්ගේ ජීවිත පවා තම රටේදීම දකුණු කොරියානු හමුදාව අතින් මෙන්ම ඇමරිකානු හමුදාව අතින්ද අහිමිවූයේ සෑම විටකම ඔවුන්ටද "උතුරු ‍කොරියානු හිතවාදී හෝ උතුරු කොරියා ඔත්තුකරුවන්" යන ලේබලයද ඇලවීය. අරුමය නම් මෙම "ලේබලය" ඇලවුන මිය ගියවුන් අතර බොහෝවිට ඉතා අඩුවයසේ දරුදැරියන්ද සිටීමයි. එතරම් එදා මරණය හා මැරීම යන්න සුළු දෙයක් බවට පත්ව තිබුනි.

    තවත් අතකින් ඇමරිකානුවන්ට දකුණු කොරියාව අවශ්‍යව තිබුණේ, දෙවන ලෝක යුද්ධයේදී තමන්ට රිදෙන්නටම පහරදුන් ජපනුන් පාලනය කර ගැනීමට අවශ්‍ය මූලෝපායික රටක් ලෙස පවත්වා ගැනීමට බවද ඇතැම් විද්වතුන් සදහන් කරති. එහෙත් කොරියානු යුද්ධය නිසා සිදුවූයේ ජපානය කෙරේ තිබූ ප්‍රතිපත්තිය වෙනස් කොට නොසිතූ ඉලක්කයන් සපුරා ගැනීම කෙරේ අවධානය යොමුකිරීමටයි. මෙම යුද්ධය නිසා ජපානයට අත්වූ එක් වාසියක් වන්නේ අතරමැදි සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම නිසා ආර්ථික හා අනෙකුත් යටිතල පහසුකම් දියුණුවීම මෙන්ම ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගෙන් පසුව ඈත නැගනහිර ආසියාව හා ජපානය භාරව පැමිණි ජනරාල් රිජ්වේ ජපානයේ සෛවරීත්වය සහ නිදහස පිළිබදවද අවධානය යොමුකිරීමයි. තවත් මූලාශ්‍ර වල කියවෙන කරුණක් නම් ඇමරිකාව තුළ ව්‍යාප්තිය තහනම් කළ අන්තවාදී ආගමික සංවිධාන බොහෝමයකට ඇමරිකානු අනුදැනුම ඇතුවම දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩදීම තුලින් දකුණු කොරියානුවන් වෙනත් ආගම් වලට බදවා ගැනීමද සිදුවූ බවයි. මෙවන් සැඟවුන කාරණා බොහෝමයක් තව තිබෙන්නට ඉඩ ඇත.
     
    Last edited:

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -14 (පසුවිපරම)

    මිනිස් ජීවිත හා සම්පත් විනාශ කර දමන යුද්ධය යන බිහිසුණු සිදුවීම කිසිසේත් අනුමත නොකරත් මෙම යුද්ධයෙන් ඇමරිකාවට පූර්ණ වශයෙන් ජය ගෙන එක්සත් කොරියාවක් බිහිකිරීමට හැකියාවක් තිබූ කරුණු පිළිබදව වඩාත් සැලකිලිමත් වීමේදී පෙනේ. ලෝක යුද්ධයෙන් පසුව යුද වියදම් හා අවි නිපදවීම අඩු කළත් ඔවුන් සතුව සෝවියට්දේශය අභිබව තිබූ න්‍යෂ්ටික හැකියාව මෙන්ම අනෙකුත් සම්පත් කළමනාකරණය කර ගැනීමේ සියුම් හැකියාවන් ප්‍රයෝජනයට ගත්තේ නම් මේ දක්වා නිල වශයෙන් යුදමය තත්ත්වයකට පත්ව සිටින එකම ජාතියක් එයින් මුදවා ගැනීමේ හැකියාව තිබුණි.

    තවත් අතකින් එතරම් ප්‍රසාදයක් නොතිබූ ටෲමන් ජනපතිවරයාට වඩා යුද පරිපාලනය අතින් මෙන්ම අනෙකුත් කාරණා අතින්ද ජනප්‍රියත්වයට හා ප්‍රසාදයට පත්ව සිටි අයිසන්හවර් වැනි ජනාධිපතිවරයෙකුට සෝවියට් හා චීන බලපෑමද යටපත් කරමින් කොරියානු යුද ජයග්‍රහණය මුළුමනින්ම තමන් සතුකරගැනීමේ හැකියාව තිබුණත් ඒ වන විට ඇමරිකානුවන්ට මේ යුද්ධයෙන් සිදුව තිබූ මිනිස් ජීවිත අහිමිවීම්, දේපල අහිමිවීම් සහ එක්සත් ජාතීන්ගේ හමුදා දායකත්වය සැපයූ එක්සත් රාජධානිය වැනි රටවල් මෙම යුද්ධය සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයෙන් පසු නොවීම වැනි කාරණාද බලපෑහ. තවත් අතකින් ආසියාවේ ඈත කෙළවරක කුඩා රටක් එක්සේසත් කරනවාට වඩා ඒවන විට ගිනියම් වෙමින් පැවති සීතල යුද්ධයේ බලපෑම යුරෝපය වෙලා ගනිමින් තිබූ නිසා ඒ වෙනුවෙන් අවධානය වඩාත් යොමුවීම කොරියානු යුද්ධය හැකි ඉක්මනින් අවසන් කිරීම ඇමරිකානු බලාපොරොත්තුවද විය.


    යුද්ධයට පෙරාතුව උතුරු කොරියාව කාර්මිකකරණයට වඩාත් නැඹුරු වූ රටක් ලෙසත් දකුණු කොරියාව කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකට හුරුවූ රටක් ලෙසත් සැලකුණි. එහෙත් යුද්ධයෙන් පසුව දකුණු කොරියාව කෙරේ ඇමරිකානු බලපෑම හා මැදිහත්වීම් සහ හමුදා කඳවුරු ඇතිවීම වැනි කාරණා සමග උතුරු කොරියාවට වඩා පසුකාලීනව කාර්මිකකරණයට හා ආසියාවේ දෙවන සංවර්ධිත රට බවටද පත්වීමට හැකිවිය. උතුරු කොරියාව යුදමය අතින් දැනටත් දකුණු කොරියාවට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටියත් එරට සාමාන්‍ය ජනතාවට ඇති අවම පහසුකම් හා මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට ඇති අපහසුතාවය ගැන සැලකීමේදී දශක කිහිපයක සිටම දකුණු ‍කොරියාව සිටින්නේ යහපත් ජීවන තත්ත්වයක්, සහ අනෙකුත් කාරණා අතින්ද ගව්ගාණක් ඉදිරියෙනි.



    [FONT=&quot]ලෝකය[/FONT] [FONT=&quot]පුරා[/FONT] [FONT=&quot]ජාලයක්[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]ඇමරිකානු[/FONT] [FONT=&quot]කඳවුරු[/FONT] [FONT=&quot]පිහිටුවන්නට[/FONT] [FONT=&quot]කොරියානු[/FONT] [FONT=&quot]යුද්ධයද[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]අතකින්‍[/FONT] [FONT=&quot]හේතුවක්[/FONT] [FONT=&quot]විය[/FONT]. [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]කොරියානු[/FONT] [FONT=&quot]යුද්ධයට[/FONT] [FONT=&quot]මුලපිරූ[/FONT] [FONT=&quot]කිම්[/FONT] [FONT=&quot]ඉල්[/FONT] [FONT=&quot]සුන්ගේ[/FONT] [FONT=&quot]පුතණුවන්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඔහුගේ[/FONT] [FONT=&quot]මුණුපුරාද[/FONT] [FONT=&quot]විටින්[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]දකුණු[/FONT] [FONT=&quot]කොරියාවට[/FONT] [FONT=&quot]එරෙහිව[/FONT] [FONT=&quot]තර්ජනාංගුලිය[/FONT] [FONT=&quot]දිගු[/FONT] [FONT=&quot]කළත්[/FONT] [FONT=&quot]යම්[/FONT] [FONT=&quot]හෙයකින්[/FONT] [FONT=&quot]නැවත[/FONT] [FONT=&quot]කොරියානු[/FONT] [FONT=&quot]යුද්ධයක්[/FONT] [FONT=&quot]ඇතිවුවහොත්[/FONT] [FONT=&quot]එක්සත්[/FONT] [FONT=&quot]කොරියාවක්[/FONT] [FONT=&quot]දකුණු[/FONT] [FONT=&quot]කොරියානු[/FONT] [FONT=&quot]අර්ථ[/FONT] [FONT=&quot]ක්‍රමය[/FONT] [FONT=&quot]යටතේ[/FONT] [FONT=&quot]බිහිවීමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]ප්‍රවණතාවය[/FONT] [FONT=&quot]වැඩිය[/FONT]. [FONT=&quot]මන්ද[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ලෝකයේ[/FONT] [FONT=&quot]සුපිරි[/FONT] [FONT=&quot]බලවතුන්[/FONT] [FONT=&quot]ඇත්තේ[/FONT] [FONT=&quot]එක්[/FONT] [FONT=&quot]පාර්ශවයක්[/FONT] [FONT=&quot]පමණි[/FONT]. [FONT=&quot]සෝවියට්[/FONT] [FONT=&quot]දේශය[/FONT] [FONT=&quot]බිද[/FONT] [FONT=&quot]වැටීමෙන්[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]රුසියාව[/FONT] [FONT=&quot]ලෝකයේ[/FONT] [FONT=&quot]ඇමරිකාවට[/FONT] [FONT=&quot]එරෙහි[/FONT] [FONT=&quot]යුද්ධ[/FONT] [FONT=&quot]වලදී[/FONT] [FONT=&quot]අතපෙවීම[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]තරමටම[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]චීනයේ[/FONT] [FONT=&quot]යුද[/FONT]-[FONT=&quot]ගුවන්[/FONT]-[FONT=&quot]නාවික[/FONT] [FONT=&quot]බලය[/FONT] [FONT=&quot]මෙන්ම[/FONT] [FONT=&quot]න්‍යෂ්ටීක[/FONT] [FONT=&quot]බලයද[/FONT] [FONT=&quot]හිමි[/FONT] [FONT=&quot]මුත්[/FONT] [FONT=&quot]ඇමරිකානු[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]නේටෝ[/FONT] [FONT=&quot]බලය[/FONT] [FONT=&quot]හමුවේ[/FONT] [FONT=&quot]ඔවුන්ද[/FONT] [FONT=&quot]සිටින්නේ[/FONT] [FONT=&quot]ඇතැම් විට[/FONT] [FONT=&quot]පසුපස[/FONT] [FONT=&quot]වුවත් එදා මෙන්ම අදද චීන හමුදාව සතු ධෛර්යය හා අධික පිරිස් බලය යම්[/FONT] [FONT=&quot]හෙයකින් උතුරු කොරියාවට හිමි වුවහොත් එය ඇමරිකාවට මහත් හිසරදයක් වනු[/FONT] [FONT=&quot]නොඅනුමානයි.[/FONT].
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොරියන් යුද්ධය -15 (පසුවිපරම) අවසානය

    එදා විශාල න්‍යෂ්ටීක බෝම්බ ගුවනින් පැමිණ හෙළා නගර ගම්බිම් මිනිසුන් විනාශය උච්චතම අවස්ථාවේ සිදුවෙතැයි අපේක්‍ෂා කළත් ඇමරිකානු හමුදාව ගල්ෆ් යුද්ධයේදීද M1A2 Abrams යුද ටැංකි භාවිතා කරන M829A1 "Silver Bullet" උණ්ඩ හා A-10 Thunderbolt II ප්‍රහාරක ‍ජෙ‍ට් යානාවල භාවිතා කරන GAU-8/A Avenger is a 30 mm උණ්ඩ සදහාද යුරේනියම් අපද්‍රව්‍ය මුසු කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති නිසා එදාටත් වඩා සාර්ථක හා විනාශකාරී අවි ඔවුන් සතුවීම උතුරු කොරියානුවන්ට හිතකර නො‍වීමට ඉඩ ඇතිවා මෙන්ම දැන් උතුරු කොරියාවද යම් තාක් දුරකට නයෂ්ටික බලය අත්පත් කරගෙන ඇති මුත් එය භාවිතා කළ හොත් ඇමරිකාවටද මහා පරිමාණයෙන් එම අවි භාවිතා කිරීමට හැකි සාධාරණ හේතුවක් ලැබීම කිසිසේත්ම උතුරු කොරියාව ලෝක සිතියමෙන් මැකීයාම වැළැක්වීමට හැකිනොවන අත්වැරදීමක් වනු ඇත.
    http://en.wikipedia.org/wiki/M1_Abrams
    https://en.wikipedia.org/wiki/Fairchild_Republic_A-10_Thunderbolt_II
    http://en.wikipedia.org/wiki/GAU-8_Avenger

    එසේනම් දැන් කාලයකට පසුව සත් සමුදරේ පළවූ දීර්ඝතම ලිපි පෙළක් අවසන් කරන්නට අදහස් කරමි. මෙම ලිපි‍ය සැකසීමේදී විටින් විට සටහන් කළ මූලාශ්‍ර වලට අමතරව පහත දැක්වෙන මූලාශ්‍රද ගැඹුරින් හදාරන ලද බව පවසන අතරම මෙම කාල සමයට අදාළ සේයාරූ හා දත්ත ඇතුළත් සටහන් කිහිපයක්ද ඉදිරිපත් කරමි.

    Korean War in Color
    Retreat from hell
    Secret of War : Korea - Startlin Secret Air War

    Korea: Behind The Bamboo Curtain
    Forgoten War - US Army film
    Genaral Douglas MacArther - US Army film