කොරියානු අර්ධද්වීපයේ නොසන්සුන්තාව
කොරියානු අර්ධද්වීපය යනු නිරන්තරයෙන් පුවත් මවන ප්‍රදේශයකි.කොරියානු යුද්ධයෙන් පසුව පවතින දීර්ඝ සටන් විරාමය උල්ලංඝනය කරමින් මුරණ්ඩු ලෙස හැසිරෙන උතුරු කොරියානු කොමියුනිස්ට් රජය දකුණු කොරියාව දෙසට ෂෙල් ප්‍රහාර,වෙඩි ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන්ගේ මිසයිල සහ න්‍යෂ්ඨික අවි නිෂ්පාදන වැඩසටහන නිසා මෙම ප්‍රදේශය සම්බන්ධව පසුගිය සමයේදී වැඩි වශයෙන් කතාබහට ලක්විය.පසුගිය දාක උතුරු කොරියාව දියත් කල දිගු දුර මිසයිලය සහ ජනවාරි මස සිදුකලා යැයි කියන භූගත හයිඩ්‍රජන් බෝම්බ අත්හදා බැලීම නිසා දකුණු කොරියාව,ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් දැඩි ලෙස කලබලයට පත්විය.තමන්ට එරෙහිව දරාගත නොහැකි සම්බාධක පවා යොදවා තිබියදී උතුරු කොරියාව තම යුදමය ශක්තිය වර්ධනය කිරීම දිගටම කරගෙන යයි.කෙසේවෙතත් උතුරු කොරියාවේ මෙම මුරණ්ඩු හැසිරීමට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීමට දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙන බව වාර්තා වේ.ඒ කොරියානු අර්ධද්වීපයේ ඉතිහාසය තුල පැවති විශාලතම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සිදුකිරීමයි.
මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සිදුකිරීමට සැලසුම් කර තිබෙන්නේ ලබන මාර්තු මාසයේදීය.එහි අරමුණ පියොංජියෑන් පාලනයට අනතුරු ඇඟවීමයි.parallel Key Resolve,Foal Eagle යන අභ්‍යාස මාර්තු 7 වනදා ඇරඹේ.ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස අප්‍රේල් මස 30 දක්වා සිදුකෙරෙනු ඇත.මේ සඳහා ඇමෙරිකානු සෙබලුන් 15,000ක් හෙවත් කලින් වර්ෂයේ සහභාගීත්වය මෙන් දෙගුණයක් යොදවනු ඇතැයි කියවේ.
දකුණු කොරියාවේ දායකත්වය හමුදා සෙබලුන් 290,000කි.ඊට විශේෂ බලකා කණ්ඩායම් ඇතුලත්ය.දකුණු කොරියාව කලින් පැවති යුද අභ්‍යාසවලදී යෙදවූ භට පිරිස් මෙන් දෙගුණයක් මෙවර යොදවා තිබෙන බව කියවේ.උතුරු කොරියාවේ දිගු දුර මිසයිල සහ න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීම් සිදුවී සති කිහිපයකට පසුවයි මෙම යුද අභ්‍යාසය කැඳවා තිබෙන්නේ.
දකුණු කොරියානු හමුදා K-9 self-propelled howitzers රථවලින් ප්‍රහාර එල්ල කරන අයුරු - 2013,පජු ප්‍රදේශයේ
පසුගියදා උතුරු කොරියාවේ Rodong Sinmun පුවත්පත විසින් දකුණු කොරියානු ජනපති පාර්ක් ජෙඋන් හායි අමතා තිබුණේ "පිස්සු නාකි බැල්ල" යනුවෙනි.ඊට හේතුව වූයේ උතුරු කොරියාව පසුගිය සමයේ සිදුකල මිසයිල සහ න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීම්වලට එරෙහිව සම්බාධක දැඩි කල යුතුබවට ජනපති පාර්ක් විසින් කල ප්‍රකාශයයි.ඇය විසින් සිදුකල කතාවේදී උතුරු කොරියාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබිණි.
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සියට අනුව හිටපු හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙන් පසුව ඊට වෙනත් අයෙක් පත්කර තිබේ.ඔහු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සහ කොරියානු මහජන හමුදාවේ ප්‍රධානියාද වේ.ඔහු නමින් රි මයින්ග්-සූ නම් වේ.ඔහුට පෙර මෙම තනතුරේ සිටියේ පෙබරවාරි මස මුලදී ඝාතනය කලේ යැයි සැලකෙන රි යොන්ග්-ගිල් ය.ඔහුට එල්ල වී තිබූ චෝදනා වන්නේ දේශපාලනික බෙදීමක් ඇතිකිරීම සහ දූෂණවලට සම්බන්ධවීමයි.පසුගිය වසරේ මැයි මාසයේදී දකුණු කොරියානු ඔත්තු සේවා ඒජන්සිය කියා සිටියේ උතුරු කොරියානු ආරක්ෂක ප්‍රධානී හයිඔන් යොන්ග්-චොල් ඝාතනය කර තිබෙන බවයි(ගුවන් යානා නාශක අවියකින්).නමුත් හයිඔන්ගේ ඉරණම කෙසේ වීද යන්න තවමත් රහසකි.සමහර විශ්ලේෂකයන්ගේ මතය වන්නේ ඔහුව සේවයෙන් ඉවත් කර හෝ සිරභාරයේ තබා හෝ ඇතැයි යන්නයි.කෙසේවෙතත් කිම් ජෝන් උන් ඔහුගේ පියාගේ අභාවයෙන් පසුව උතුරු කොරියාවේ නායකත්වයට පත්වීමෙන් පසුව මෙවැනි ඝාතන සහ අතුරුදහන් වීම් සුලභ දෙයක් බවට පත්ව තිබේ.මෙම තරුණ නායකයාගේ පැමිණීමෙන් පසුව ජේයේෂ්ඨ නායකයින් විශේෂයෙන්ම හමුදා නායකයින්ගේ තනතුරු අහිමිවීම නිතර සිදුවේ.ඒ අතරින් ඔහුගේ මාමා කෙනෙක් වන ජැන්ග් සොන්ග්-තයෙක් 2013 වසරේ දෙසැම්බර් මාසයේදී රාජ්‍යද්‍රෝහීත්වය සහ දූෂණ ක්‍රියා යන චෝදනා මුල් කරගෙන ඝාතනය කිරීම කතාබහට ලක්විය.
දකුණු කොරියා-ඇමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසය සැලසුම් කල පරිදි පැවැත්වුව හොත් දකුණු කොරියාවට සහ එක්සත් ජනපද ප්‍රධාන භූමියට පහර දෙන බවට උතුරු කොරියාව අනතුරු අඟවා තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.මෙම යුද අභ්‍යාසය වෙනුවෙන් සෙබලුන් 300,000 පමණ සහභාගී වන බව කියවේ.
Source:Dailymail.co.uk
-HarshaLulzSec-

පසුගිය වසරේ පැවති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවස්ථාවක්
දකුණු සෝල් ප්‍රදේශයේ Pocheonහි 2015 වසරේ පැවැත්වූ යුද අභ්‍යාසයේ දර්ගනයක්
මෙවර පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසය 'pre-emptive strike' අධිරයේ එකක් බව කියවේ

කොරියානු LVT-7 රථයකින් පිටතට පැමිණෙන දකුණු කොරියානු සෙබලුන්- ඇමෙරිකා-දකුණු කොරියා යුද අභ්‍යාසය - 2013 දකුණු සෝල් - Pohang
ගුවන් ප්‍රහාරක භට කණ්ඩායමක්,ජංගම මැරීන් භට කණ්ඩායමක්,ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්,න්‍යෂ්ඨික සබ්මැරීනයක් සහ ඉන්ධන ගෙන යන ගුවන් යානයක් මෙම හමුදා අභ්‍යාසය වෙනුවෙන් එක්සත් ජනපදය යොදවාවි.
දකුණු කොරියාවේ දායකත්වය හමුදා සෙබලුන් 290,000කි.ඊට විශේෂ බලකා කණ්ඩායම් ඇතුලත්ය.දකුණු කොරියාව කලින් පැවති යුද අභ්‍යාසවලදී යෙදවූ භට පිරිස් මෙන් දෙගුණයක් මෙවර යොදවා තිබෙන බව කියවේ.උතුරු කොරියාවේ දිගු දුර මිසයිල සහ න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීම් සිදුවී සති කිහිපයකට පසුවයි මෙම යුද අභ්‍යාසය කැඳවා තිබෙන්නේ.
උතුරු කොරියාවේ රොකට් නිෂ්පාදන සහ දියත් කිරීමේ මධ්‍යස්ථාන දෙක පිහිටා තිබෙන්නේ එහි උතුරු ප්‍රදේශයේය.තවද විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ උතුරු කොරියාවේ හමුදා පහසුකම් චීන දේශසීමාව ආසන්නයේ තිබෙන උමං සහ බංකර් ජාලයන්ගෙන් සමන්විත බවයි.
මෙවර පැවැත්වෙන යුද අභ්‍යාසය යනුවෙන් නම් කර තිබේ.එය මීට පෙර පැවති ඒවාට වඩා විශාල එකක් වන අතර එක්සත් ජනපද හමුදා සෙබලුන් 7000ක්,V-22 Osprey යානා සමග USS New Orleans (LPD-18) නෞකාවෙන් දකුණු කොරියාවට පැමිණෙනු ඇති.
උතුරු කොරියා දේශසීමාව අසල පජු ප්‍රදේශයේ යුද අභ්‍යාසයක නිරතවූ කොරියානු K1 88 යුද ටැංකියක් - 2013
සෝල් නුවරට කි.මී. 200ක් නැගෙනහිරින් Pyeongchangහි ශීත කාලයේ අභ්‍යාසවල නිරතවන දකුණු කොරියානු සහ ඇමෙරිකානු සෙබලුන් - 2013
දකුණු කොරියානු හමුදා K-9 self-propelled howitzers රථවලින් ප්‍රහාර එල්ල කරන අයුරු - 2013,පජු ප්‍රදේශයේ
K-55 self-propelled howitzers රථවලින් සන්නද්ධ දකුණු කොරියානු හමුදාවේ 20 වන කොට්ඨාශය - නෙමන් ගංගාව අසල යෙජිව් හි
පසුගියදා උතුරු කොරියාවේ Rodong Sinmun පුවත්පත විසින් දකුණු කොරියානු ජනපති පාර්ක් ජෙඋන් හායි අමතා තිබුණේ "පිස්සු නාකි බැල්ල" යනුවෙනි.ඊට හේතුව වූයේ උතුරු කොරියාව පසුගිය සමයේ සිදුකල මිසයිල සහ න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීම්වලට එරෙහිව සම්බාධක දැඩි කල යුතුබවට ජනපති පාර්ක් විසින් කල ප්‍රකාශයයි.ඇය විසින් සිදුකල කතාවේදී උතුරු කොරියාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබිණි.
පාර්ක් ජෙඋන් හායි-දකුණු කොරියානු ජනපතිනිය
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සියට අනුව හිටපු හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙන් පසුව ඊට වෙනත් අයෙක් පත්කර තිබේ.ඔහු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සහ කොරියානු මහජන හමුදාවේ ප්‍රධානියාද වේ.ඔහු නමින් රි මයින්ග්-සූ නම් වේ.ඔහුට පෙර මෙම තනතුරේ සිටියේ පෙබරවාරි මස මුලදී ඝාතනය කලේ යැයි සැලකෙන රි යොන්ග්-ගිල් ය.ඔහුට එල්ල වී තිබූ චෝදනා වන්නේ දේශපාලනික බෙදීමක් ඇතිකිරීම සහ දූෂණවලට සම්බන්ධවීමයි.පසුගිය වසරේ මැයි මාසයේදී දකුණු කොරියානු ඔත්තු සේවා ඒජන්සිය කියා සිටියේ උතුරු කොරියානු ආරක්ෂක ප්‍රධානී හයිඔන් යොන්ග්-චොල් ඝාතනය කර තිබෙන බවයි(ගුවන් යානා නාශක අවියකින්).නමුත් හයිඔන්ගේ ඉරණම කෙසේ වීද යන්න තවමත් රහසකි.සමහර විශ්ලේෂකයන්ගේ මතය වන්නේ ඔහුව සේවයෙන් ඉවත් කර හෝ සිරභාරයේ තබා හෝ ඇතැයි යන්නයි.කෙසේවෙතත් කිම් ජෝන් උන් ඔහුගේ පියාගේ අභාවයෙන් පසුව උතුරු කොරියාවේ නායකත්වයට පත්වීමෙන් පසුව මෙවැනි ඝාතන සහ අතුරුදහන් වීම් සුලභ දෙයක් බවට පත්ව තිබේ.මෙම තරුණ නායකයාගේ පැමිණීමෙන් පසුව ජේයේෂ්ඨ නායකයින් විශේෂයෙන්ම හමුදා නායකයින්ගේ තනතුරු අහිමිවීම නිතර සිදුවේ.ඒ අතරින් ඔහුගේ මාමා කෙනෙක් වන ජැන්ග් සොන්ග්-තයෙක් 2013 වසරේ දෙසැම්බර් මාසයේදී රාජ්‍යද්‍රෝහීත්වය සහ දූෂණ ක්‍රියා යන චෝදනා මුල් කරගෙන ඝාතනය කිරීම කතාබහට ලක්විය.
උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සිය අභිනව හමුදා නායක රි මයොන්ග් සු සමග(කිම් ජෝන් උන්ට වම්පසින්)
උතුරු කොරියානු හමුදා සිදුකල යුද අභ්‍යාසයක් නැරඹීමට පැමිණි කිම් ජෝන් උන්
උතුරු කොරියානු හමුදා සිදුකල යුද අභ්‍යාසයක් නැරඹීමට පැමිණි කිම් ජෝන් උන්
දකුණු කොරියා-ඇමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසය සැලසුම් කල පරිදි පැවැත්වුව හොත් දකුණු කොරියාවට සහ එක්සත් ජනපද ප්‍රධාන භූමියට පහර දෙන බවට උතුරු කොරියාව අනතුරු අඟවා තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.මෙම යුද අභ්‍යාසය වෙනුවෙන් සෙබලුන් 300,000 පමණ සහභාගී වන බව කියවේ.
දකුණු කොරියාවට ඉහළින් පියාසර කල ඇමෙරිකානු B-52 යානයක් සහ F-16 යානා(පහළින්) සහ දකුණු කොරියාව සතු F-15 යානා(ඉහළින්)
උතුරු කොරියාව සිය අනතුරු ඇඟවීමේදී සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ පළමු ඉලක්කය දකුණු කොරියානු ජනපති මන්දිරය ද ,ආසියාවේ සහ එක්සත් ජනපදයේ පිහිටා ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු දෙවන ඉලක්කයද බව බවයි.
උතුරු කොරියාව පසුගිය දා දියත් කලා යැයි කියන චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුව
රොකට්ටුව දියත් කරන අයුරු නරඹන උතුරු කොරියානු නායකයා ඇතුලු පිරිස