කොරියානු_යුද උණුසුම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොරියානු_යුද උණුසුම

    කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම




    north-korea-v-south-korea.jpg




    කොරියානු අර්ධද්වීපයේ ඇතිව තිබෙන යුද උණුසුම ශ්‍රී ලංකාවටත් දැනෙන්නේ ශ්‍රී ලාංකිකයෝ දහස්‌ ගණනක්‌ දකුණු කොරියාවේ සේවය කරන නිසාය. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ දත්තවලට අනුව ශ්‍රී ලාංකිකයෝ විසිපන්දහසක්‌ පමණ එරට සේවය කරති. මේ ලියාපදිංචි ලාංකිකයන්ගේ ප්‍රමාණය පමණකි. ලියාපදිංචි නොවී කොරියාවේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෝ දහස්‌ ගණනක්‌ සිටිය හැක. ලෝකයේ ළාබාලම රාජ්‍ය නායකයා වන කිම් ජොන් උන්ගේ රජය ඉකුත් සතියේදී නිවේදනය කර සිටියේ දකුණු කොරියාවේ සිටින විදේශිකයන් වහා ඉවත්විය යුතු බවයි. උතුරු කොරියාවෙන්ද දැන් විදේශිකයෝ ඉවත් වෙමින් සිටිති. උතුරු කොරියානු අගනුවර එනම් පියොන්යැන්ග් නුවර තිබෙන විදේශ තානාපති කාර්යාලවල සේවය කරන විදේශිකයන්ටද පිටවන ලෙස කිම්ගේ රජය දන්වා ඇත. එහෙත් මෙතෙක්‌ කිසිම තානාපති කාර්යාලයක්‌ වසා දමා නැත.

    උතුරු හා දකුණු කොරියාව බෙදෙන දේශසීමාව පිහිටා ඇත්තේ දකුණු කොරියානු අගනුවර එනම් සෝල් නුරවට කිලෝ මීටර් 40 ක්‌ දුරිනි. උතුරු කොරියාව මේ යුද තර්ජන ගෙන එන්නේ දකුණු කොරියාවටත් ඇමරිකාවටත් "ටොක්‌කක්‌" දෙන්නද? නැත්නම් සැබෑ ලෙසම හමුදා මෙහෙයුමකට යැමට අවශ්‍යවී ඇතිද යන්න ප්‍රශ්නයකි. දකුණු කොරියාවට කනේ පහරක්‌ ගැසූවිට ඇමරිකාවේ කනටද රිදෙන බව රහසක්‌ නොවේ.

    ලෝකයේ වැඩියෙන්ම හමුදාකරණය වී ඇති රාජ්‍යය වන්නේ උතුරු කොරියාවයි. වර්තමාන උතුරු කොරියානු නායකයාටද "මාෂල්" තනතුර එරට හමුදාව මගින් ප්‍රදානය කර ඇත. ලෝකයේ සිව්වැනි විශාලම හමුදාව සතුවන්නේද උතුරු කොරියාවටයි. එරට සක්‍රිය සේවයේ යෙදෙන හමුදා භටයන්ගේ ප්‍රමාණය මිලියන 1.2 කි. ලෝකයේ වැඩියෙන්ම හමුදාකරණය වී ඇති මේ රජයේ වැසියන් මිලියන 16 කට ආහාර සහනාධාර අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

    ලෝකයේ විශාලතම විශේෂ බළකාය සතුවන්නේද මේ උතුරු කොරියානු හමුදාවටය. මේ විශේෂ බළකාය සෝල් නුවරට කඩා වදීද? වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු කරුණකි. උතුරු හා දකුණු කොරියාව 1950 ජුනි 25 වැනිදා සිට 1953 ජුලි 27 වැනිදා දක්‌වා අවුරුදු තුනක්‌ මාස එකක්‌ හා දින දෙකක්‌ යුද වැදුණු අතර මෙය කොරියානු යුද්ධය ලෙස හැදින්වේ. එම සටනේදී උතුරු කොරියාවේ සහායට චීනය හා රුසියාව සිටි අතර දකුණු කොරියාවේ සහායට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය සිටියේය. මේ යුද්ධය නිසා දෙරටේම සාමාන්‍ය වැසියන් ලක්‍ෂ 25 ක්‌ හා හමුදා භටයන් ලක්‍ෂ 5 ක්‌ මරණයට පත්විය. භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක්‌ ඇති මේ 30 හැවිරිදි කිම් නැවතත් උත්සාහ කරන්නේ කොරියානු අර්ධද්වීපය ලේ විලක්‌ කරන්නටද? කොරියානු යුද්ධයේදී දකුණේ සහායට වැඩිම ආරක්‍ෂක සෙබළුන් ප්‍රමාණයක්‌ සැපයුවේ ඇමරිකාව විසිනි. එම යුද්ධයට සහභාගිවූ ජාත්‍යන්තර යුද සෙබළුන්ගෙන් 88% ක්‌ එනම් 341,000 ක්‌ ඇමරිකානුවෝ විය. බ්‍රිතාන්‍ය සෙබළු දහහතර දහසක්‌ මේ සටනට සහභාගි විය. යුද්ධය අවසානයේ සිදුවූයේ කොරියාව දෙකට බෙදී දරුණු වෛරක්‌කාර රාජ්‍යයන් දෙකක්‌ බවට පත්වීමය. සැබවින්ම මේ රාජ්‍යයන් වෙන්වූයේ 1948 සැප්තැම්බර් 09 වැනිදාය. 1950 දී කොරියානු යුද්ධය ඇවිලුණේ උතුරු කොරියාව රුසියාවේද සහාය ඇතිව යුද ටැංකි යොදා ගනිමින් දකුණු කොරියාව ආක්‍රමණය කිරීමෙන් පසුවය.

    2010 නොවැම්බර් 23 වැනිදා උතුරු කොරියාව යෙන්පියොන් දූපතට ෂෙල් ප්‍රහාර එල්ල කළ අතර එහිදී හමුදා භටයන් දෙදෙනෙක්‌ මරණයට පත්විය. මේ හේතුව නිසාද දෙරට අතර යුද උණුසුමක්‌ පැන නැගිණි. මෙම දූපතේ දකුණු කොරියානු හමුදා කඳවුරක්‌ පිහිටුවා තිබිණි. වර්ග කිලෝමීටර් තුනක්‌ පුරා පැතිරෙන මෙම දූපත තමන්ට අයිති බව උතුරු කොරියාව බොහෝ කාලයකට පෙර සිට කියයි.

    2010 න් පසුව ඇතිව තිබෙන යුද උණුසුම නිසා කොරියානු අර්ධද්වීපයේ යම් අස්‌ථාවරත්වයක්‌ ඇතිවෙයිද? එය සමස්‌ත ලෝකයේම දේශපාලන ස්‌ථාවර භාවයට බලපාන බව පැහැදිලිය. කෙසේ නමුත් මීට පෙරද උතුරු කොරියාව කිහිප විටක්‌ම යුද්ධයක්‌ පිළිබඳ අනතුරු අඟවා තිබුණුද කිසිම විටෙක පහරදීමකට පෙළඹුණේ නැත. "කිම් ජොන් උන්" නම් උග්‍ර ඇමරිකානු විරෝධියෙකි. ඔහු ඇමරිකාවට න්‍යෂ්ඨික අවි යොදාගෙන හෝ පහර දෙන ලෙස සිය හමුදාවන්ට අණදී ඇත. ඇමරිකානු ආරක්‌ෂක ලේකම් චක්‌ හේගල් පවසන්නේ මේ අර්බුද විසඳීමට හා යුද උණුසුම පහකිරීමට වොෂින්ටනය හැකි සෑම දෙයක්‌ම කරන බවයි. කිම්ගේ යුද උන්මාදය පිළිබඳ රුසියාව නම් එතරම් කැමැත්තක්‌ නැත. උතුරු කොරියාව ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිත න්‍යෂ්ඨික අවියක්‌ අත්හදා බැලීම් පිළිබඳව වැලැඩ්මියර් පුටින් සිය අසතුට ප්‍රකාශ කර ඇත. ඇත්තෙන්ම උතුරු කොරියාවේ හිතුවක්‌කාරී ක්‍රියාවන් නැවැත්විය හැකි එකම රාජ්‍යය වන්නේ චීනයයි. චීනය අකමැතිනම් කොරියාව කිසිවිටක යුද්ධයකට යන්නේ නැත. ඇත්තෙන්ම කොරියාව සැබෑ ලෙසින්ම යුද්ධයකට එළඹේද යන්න විශ්වාස කළ නොහැක.

    උතුරු කොරියානු නායක කිම් පවසන්නේ තම රාජ්‍යය න්‍යෂ්ඨික අවි අත්හදා බලන්නේ ඇමරිකාවෙන් ආරක්‍ෂාවීම සඳහා බවයි. ආර්ථිකය ශක්‌තිමත් කිරීම, හා න්‍යෂ්ඨික අවියකින් සන්නද්ධ වීම තම රාජ්‍යයේ ප්‍රධාන අරමුණු බව මෙම ළාබාලම රාජ්‍ය නායකයා සිය රජයේ ප්‍රධානීන් සමග පැවැති රැස්‌වීමකදී පවසා තිබිණි. මේ අතර ඇමරිකානු න්‍යෂ්ඨික විද්‍යාඥ සීග්µ්‍රයිඩ් හෙකර් පවසන්නේ න්‍යෂ්ඨික මිසයිලයකින් ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමට කිම් ජොන්ගේ රාජ්‍යයට හැකියාවක්‌ නැති බවයි. හදිසියේ හෝ එවැනි ප්‍රහාරයක්‌ එල්ල කළහොත් එය උතුරු කොරියානු රජයේ අවසානය වන බව හෙකර් කියයි. දකුණු කොරියානු රජයේ ප්‍රධානියෙක්‌ ටයිම් සඟරාවට පවසා තිබුණේ උතුරු කොරියාව සෝල් නුවරට මිසයිල ප්‍රහාර එල්ල නොකරනු ඇති බවයි. මෙය තර්ජනයක්‌ පමණක්‌ බව එම නිලධාරියා පවසා තිබිණි.

    හදිසියේ හෝ යුද්ධයක්‌ ඇවිලුණහොත් ඇමරිකාව කෙළින්ම දකුණු කොරියාව වෙනුවෙන් පියොන්ග්යැන්ග් නුවරට පහර දෙන බවට සැක නැත. 1953 දී කොරියානු යුද්ධය අවසන් වුවත් තවමත් දකුණු කොරියාවේ ඇමරිකානු හමුදා කඳවුරු පවතියි. අදත් එරට ඇමරිකානු සෙබළු 28500 ක්‌ රඳවා තිබේ. කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක්‌ ඇවිලුණත් නැතත් කිම් ජොන් උන්ට අවශ්‍යව ඇත්තේ ඇමරිකාවට කොනිත්තා හෝ තම විරෝධය පළ කිරීමටය.

    චතුර පමුණුව






    north-and-south-korea.jpg



    :D
     
    • Like
    Reactions: danlix and Manash

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අනේ මන්දා බං! ගහන එකෙක් නම් ඔච්චර ටොක් දෙන්නේ නෑ නේ?!
    ගහනව මිසක්ක....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    ඔවා නිකන් ජොක් මචන්ලා. අර බච්චා කොල්ලා රුසියන් නව කතා ටිකක් වැඩිපුර කියවලද කොහෙද ටෝක් දෙන්නෙ. නැත්තන් ගහන එකෙක් ඔහොම පඩ යවන්නෙ නෑ . බලපන් හිට්ලර්ල එහෙම ඔහොම ටෝක් දි දී හිටියෙ නෑ. පෝලන්තෙ ග්‍රීසියට ගහනකන් දන්නෙත් උන් නෑ. ප්‍රන්සෙ මාසෙන් අල්ලුවා , මොස්කව් වලට මාස 3කින් ගියා. පස්සෙ කෙල උන එක ඇත්ත. ආය බලපන් අපේ උන් කොටින්ට දුන්න ගේම ,සටන් විරාම කියල බැලුවෙ නැ කුඩු වෙන්න දුන්නනෙ. ඒත් මු අතක් උස්සපු ගමන් හතර වටින් කුඩු වෙන්න වදින සීන් එකක් තියෙන්නෙ. කොහොමත් යුද්දයක් පටන් ගත්තොත් ඔක්කොම සිවිල් වැසියො රොත්ත පිටින් පනියි චීනෙටයි දකුනු කොරියාවටයි. අන්තිමට පොඩි එකාට තනියෙන් සෙරෙප්පුවෙන් තමා ගහන්න ඉතුරු වෙන්නෙ
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමූ
    හෙටින් උදා වන ලෝකය සැමටම සුව දායක කරමූ //

    අවි ගැටෙනා බිම් තලය පුරා යුධයේ ගිනි දැල් පැතිරෙන්නේ
    දුක් විලාපයයි මිනිසුන්නේ යුධ වැදී කුමට මේ එකම පොලව මත
    එකම ලෙයින් අපි සැදුනේ එකම සුසුම් ළය රැඳුනේ

    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල…….

    රකිමු මිනිස් කම් භේද නොවී කුළ ගොත් උස් මිටි කම් දුරලා
    සතුරු සිතුම් අත් හැරලා කුස ගින්නෙ අවි දරා දැයේ ළපටි සිත්
    කඳුලු පිසිමු දරුවන්නේ සතුට බෙදමු මිහි මඞලේ

    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල…….
     
    Last edited: