කොරේ පිටට මරේ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    නාමල් ඇතුළු කිහිප දෙනෙකුට නියෝජ්‍ය ඇමැති ධුර !


    හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට ඉදිරි සති කිහිපය ඇතුළතදී නියෝජ්‍ය ඇමැතිධුර ලැබෙනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට පෙර පළාත් සභාවල දෙතුන් වරක්‌ ඇමැති ධුර හෙබවූ, ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් වැඩිම මනාප හිමිකරගත් සහ සන්ධානයට එක්‌ව සිටින කුඩා පක්‍ෂවල නායකයන් හා මෙම මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනකුට නියෝජ්‍ය ඇමැති ධුර හිමිවීමට නියමිතය.
    දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් වැඩිම මනාප ලැබූ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනකු තමන්ට තනතුරු ලබාදෙන්නැයි ලිඛිත ඉල්ලීම් කර තිබිණි.
    මේ අනුව තනතුරු බලාපොරොත්තුවෙන් සිටින ආණ්‌ඩුවේ මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නායකයන්ගේ අවධානය යොමුවී ඇත.
    එම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස ඉදිරි සති කිහිපය තුළදී ඔවුන්ට නියෝජ්‍ය ඇමැති ධුර හිමිවිමට නියමිතය.
    එම නියෝජ්‍ය ඇමැති ධුර පළාත් සභාවල දෙතුන් වරක්‌ ඇමැති ධුර දැරූ හේමාල් ගුණසේකර, වී. කේ. ඉන්දික, නෙරන්ජන් වික්‍රමසිංහ, පක්‍ෂ නායකයන් වන පී. දිගම්බරන්, ප්‍රභා ගනේෂන්. දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් වැඩිම මනාප ලැබූ නාමල් රාජපක්ෂ, නිශාන්ත මුතුහෙට්‌ටිගම, සනත් ජයසූරිය, සරත් වීරසේකර, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනකුට හිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

    Just-before-Mr.Namal-Rajapaksa-took-oath-as-Member-of-Parliament-president-offered-him-the-traditional-Kurahansatakaya-Chandana-PereraApr-222010-1447-11.jpg

    0.jpg


    Nishantha-Muthuhettigama.gif