කොරොනා වලින් බේරෙන්න ඕනේනම්...
කොරෝනා වලක්වා ගැනීමේ හැකියාව අප සතුය.. හොදින් අවබෝධ කරගන්න . නිවැරැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න . නිවැරැදි ආහාර රටාවකට හුරුවෙන්න .
**** කොරෝනා රෝගය නිසා මේ වන විට මිය ගොස් ඇත්තේ රෝගීන් 2-4% පමණ ප්‍රතිශතයක්. එසේ නම් මෙය මිලියන ගණනක් මරා දැමිය හැකි ඉතාම දරුණු වෛරසයක් ලෙස වසංගත රෝග විද්‍යාඥයන් සලකන්නේ ඇයි?
කොරෝනා රෝගීන් 100 දෙනෙකු සැලකුවහොත් 80කටම ඉතා සුළු අසනීප තත්ත්වයක් පමණක් ඇති වේ. සමහරුන්ට රෝගය වැළඳුනත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වයි. (නමුත් වෛරසය අන් අය හට බෝ කිරීමේ හැකියාව අඩු නැත)
15 දෙනෙකුට තරමක් තදින් රෝග ලක්ෂණ මතු වේ. ඔවුන් රෝහල් ගත කර හුස්ම ගැනීමට ඔක්සිජන් අවශ්‍ය විය හැක.
5 දෙනෙකු දරුණු ලෙස රෝගී වේ. ඔවුන්ගේ පෙනහළු අක්‍රීය වන අතර දැඩි සත්කාර ඒකකයට යොමු කර Ventilator නම් ශ්වසන ආධාර යාන්ත්‍ර සහ ECMO යන්ත්‍ර වල ජිවිතාධාරය ලබා දිය යුතුයි. (මුලාශ්‍ර: මහාචාර්ය ජෝන් කැම්බෙල්)
මෙම වෛරසයෙන් බොහෝ විට ජිවිතක්ෂයට පත් වී ඇත්තේ වයසින් වැඩි අය යි. මරණ ප්‍රතිශතය:
වයස අවු.
10 - 39 දක්වා 0.2%
40 - 49 දක්වා 0.4%
50- 59 දක්වා 1.3%
60- 69 දක්වා 3.6%
70- 79 දක්වා 8%
80 ට වැඩි 14%
මිය ගිය අයගෙන් 35.7% ක්ම වෛරසය වැළඳීමට පෙර සිට විවිධ රෝග තිබූ අයයි. ඉන් හෘදය ආශ්රිත රෝගීන් 10% කි. දියවැඩියා රෝගීන් 7.3% කි. නිධන්ගත ශ්වසන රෝගීන් 6.3% කි. අධික රුධිර පීඩනයෙන් පෙළුණු අය 6% කි. පිළිකා රෝගයෙන් පෙළුණුුු අය 5.6% කි. මුලාශ්‍ර (worldmeters)
මෙම වෛරසය පුළුල් පරිසර තත්ත්ව පරාසයක හොඳින් පැතිරීමට ශක්‍යතාව ඇති වෛරසයක් බව හඳුනාගෙන ඇත. එක් රෝගියෙක් ගෙන් තවත් අය 1.4-2.5 පමණ පැතිරීමේ හැකියාව ඇත. (R naught / Infection rate) (මුලාශ්‍ර: ශ්‍රී ලංකා වසංගත රෝග අංශය තත්ත්ව වාර්තා )
රෝහල් ගත කරන රෝගීන් සති 3-4 පමණ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව පෙනේ.
එම නිසාම නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන, නිරෝධායන කටයුතු නිසිලෙස සිදු නොවන වටපිටාවක පුද්ගලයන් අතර ඉතා සීඝ්රයෙන් පැතිර එක වර බොහෝ දෙනෙක් රෝගී කරවීය හැක.
උදාහරණයක් ලෙස රටේ ජනගහනයෙන් 5%ක් හෙවත් මිලියනයක් දෙනා එක් මාසයක් තුළ රෝගී වුවහොත් ලක්ෂ 1.5ක් පමණ රෝහල් ගත කිරීමට සිදු වේ. දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර අවශ්‍ය පිරිස 50,000කි.
අපේ රටේ රජයේ රෝහල් වල දැඩි සත්කාර ඇඳන් ගණන 600 පමණ වේ. ඇඳන් සංඛ්‍යාව 80000 පමණ වේ.
කොරෝන වෛරස රෝගීන් ලක්ෂ ගණනක්, අසාධ්‍ය රෝගීන් දස දහස් ගණනකට එකවර ප්‍රතිකාර කරන්නේ කෙසේද? ඕනෑම රටක රෝහල් පද්දතීන් මෙවැනි අවස්තාවක overwhelm විය හැකියි. එවිට පහත සඳහන් කරුණු සිදු විය හැක.
රෝහල් කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය සේවකයන් හට දීර්ඝ වූ වැඩ අධික වූ වැඩ මුර වල නියැලීමට සිදු වේ. වැඩි රෝගීන් ප්‍රමාණයක් සමග ගැවසීම නිසා ඔවුන්ට ද වෛරසය ආසාදනය වීම සහ රෝහලට පැමිණෙන වෙනත් පුද්ගලයන්ටද එය බෝ කිරීමට අවස්තාව ඇත.
උණ තත්වය, seizure හෙවත් ෆිට් එක අවම කරන ඖෂධ, නිර්වින්දන ඖෂධ සංචිත ඉතා ඉක්මනින් හිස් වීමට පටන් ගනී. එම නිසා රෝගීන්ට අවශ්‍ය ගුණාත්මක ප්‍රතිකාර ලබාදීමට රෝහල් අපොහොසත් වේ.
ඔක්සිජන් සැපයුම් යන්ත්‍ර සහ ඔක්සිජන් ටැංකි ඉල්ලුමට සරිලන ආකාරයට සැපයීමට රෝහල් සහ අදාළ නිෂ්පාදන සමාගම් අපොහොසත් විය හැක.
අසාධ්‍ය තත්වයේ පසුවන කොරෝනවෛරස් රෝගීන් ට ප්‍රමාණවත් ප්‍රතිකාර නොමැතිව රෝහල් ඇඳන් මත මරණයට පත් වීමට සිදු වේ. ඉතාලියේ මරණ ප්‍රතිශතය මේ වන විට 6.7% දක්වා ඉහල ගොස් ඇත.
කාර්ය මණ්ඩල හිඟය නිසා දීර්ඝ කාලීන රෝග වලින් (දියවැඩියාව, වකුගඩු අබාධ, හ්ර්දයාබාධ වැනි ) sසඳහා සායන වලට සහභාගී වන රෝගීන්ට තම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවස්තාව අහිමි වේ. අදාළ කාර්ය මණ්ඩල වෛරස රෝගීන් ට ප්‍රතිකාර කිරීමට යෙදවිම නිසා ඔවුන් ආසාදනය වුවොත් නැවත සායන වල ප්‍රතිකාර කිරීමේදී රෝගීන් ට බෝ වීමටද හැක.
රෝහල් තදබදය නිසා හදිසි අනතුරු වලදී ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ප්‍රතිකාර, අවධානය ලබා දීම සිදු නොවේ. සුළු ප්‍රථමාධාර ලබාදීමකින් පසු නිවෙස් වෙත පිටත් කිරීමටද ඉඩ ඇත. එබැවින් ඔවුන් හට දීර්ඝ කාලීන අබාධ ඇති වීමට හැක.
දැනට රෝහල් ගතව සිටින වෙනත් අංශ වල රෝගීන්ට හදිසි ප්‍රතිකාර අවශ්‍ය විට වාට්ටු වල ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන්, හෙදියන් සේවයේ නොමැති විය හැක.
සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන්නේ ඉහත තත්වය ඇති නොවීමට වග බලාගනිමටය. රෝගය පැතිරීම පාලනය කර විශාල ප්‍රමාණයක් රෝහල් එකවර ගත වීම පාලනය කිරීම මගින් රෝහල් overwhelm වීම වලක්වා ගැනීම අතිශය වැදගත් කටයුත්තක්.
ඉතාලිය, ඉරානය වැනි රටවලින් මේ වන විට අසන්නට ලැබෙන පුවත්, මරණ සංඛ්‍යාවන් අනුව රෝහල් වල overwhelm තත්වය ඇති වී ඇති බව සිතිය හැක. සීමිත දැඩි සත්කාර එකක ගණනක් පවතින බැවින් බොහෝ විට වෛද්‍යවරයාට ජිවත් කරවිය යුත්තේ කවුද යන්න තීරණය කිරීමට සිදු වේ. වයෝවෘද්ද අය සඳහා එම සහය ඉවත් කර අසාධ්‍ය තත්වයේ සිටින තරුණ අයට ප්‍රතිකාර ලබා දීමට සිදු වෙන බවට පුවත් පල වේ.
* ඉහත කරුණු නොසලකන පුරවැසියන්, බලධාරීන් සිටින රටකට කොරෝනා වෛරසය නිසා ඉදිරියේදී ලක්ෂ ගණනින් / මිලියන ගණනින් මරණ වාර්තා වනු ඇත.
* එම නිසා මෙම වෛරසයන් සිදුවිය හැකි අනතුර තේරුම් ගෙන නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. නිතර සබන් යොදා දෑත් සෝදන්න. දෑස්, නාසය, මුඛ්‍ය ස්පර්ෂ කිරීමෙන් වලකින්න. විදේශ ගතව සිට පැමිණෙන්නේ නම් ඔබේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වී රෝග ලක්ෂණ මතු වේ නම් අදාළ බලධාරීන් දැනුවත් කරන්න.
* සෞඛ්‍යය බලධාරීන්ගේ නිරෝධායන ක්‍රියාවලින් වලට උපරිම සහය දෙන්න. එම නීති කඩ කරන්නන්ව අදාළ අංශ වලට රපොර්තු කරන්න.
* ඔබේ දේශපාලන මතවාද පසෙකලා පවතින ආණ්ඩුවට ඔබේ උපරිම සහය ලබා දෙන්න.
* මේ වසංගත සමයේ හදිසි අනතුරු, රෝගාබාධ උග්‍ර වීම් ඇති කර රෝහල් ගත කිරීම සිදු නොවීමට වගබලා ගන්න, පවතින රෝග සඳහා නියමිත ඖෂධ නිසියාකාරව ලබා ගන්න.
* ශ්වසන පද්ධති ආශ්රිත රෝගාබාධ වලින් පිඩා විඳින අයෙක් නම් මුඛ ආවරණ භාවතා කරන්න.
පුරවැසියන් ලෙස අපේ රට කොරෝනා වසංගතයෙන් ගලවාගැනීමට අප සියලු දෙනාටම සාමුහික වගකීමක් ඇත.
උපුටා ගැන්ම - ෆිලිප් ශාන්ත