කොරෝනාවලින්_පරිස්සම්_වෙමු

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කෝවිඩ් වයිරසය ගැන පැතිරෙන වැරදි මත සහ දැනුවත් විය යුතු දේ

    පැහැදිලි කිරීම
    ----------------
    ආයුර්වේදය තුල පෙරුම්කායම් වල විශේෂ හැකියාවක් ඇති බව පිළිගන්නවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේ මතුව ඇති තත්ත්වය තුල , අතේ වැළමිටේ පෙරුම්කායම් ගැටගසාගෙන සිටීමෙන් , වයිරසය දේහ ගත වීම වලක්වන්නට බැහැ. මේ වයිරසය “ගඳ සුවඳ නැත්නම් විහිදෙන සැර“ අනුව හැරිලා යන එකක් නොවේ. එය මිනිසුන් සහ සතුන්ගේ දේහ වලට කැමැත්තෙන් ඇතුලු වෙලා ජීවත්වන්නට කැමති වයිරසයක්.


    අනෙක් චීනය කියන්නේ වසර 5000කටත් එහා ගිය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවති සංස්කෘතියක් , ඔවුනුත් මෙවැනිම ස්වභාවික අල, ගෙඩි, යුෂ වලින් රෝග වලට ප්‍රතිකාර කරන , ආයුර්වේදය වැනිම සංවිධානික වෛද්‍ය ක්‍රම රැසක් තිබුණූ රටක් . ඉතින් ඔවුන් මෙවැනි අල , මල් ගැටගසාගෙන් වයිරසය විනාශ කළා නම් ඇයි අපට මේ තරම් ගැටළුවක් ඇති වෙන්නේ. ඒ නිසා, කමක් නෑ පෙරුම්කායම් හෝ ඕන දෙයක් ඇඟේ අතුල්ලාගත්තට , නමුත් මේ ලිපියේ පහල දක්වන සෞඛ්‍ය උපදෙස් සහ රජය විසින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. එයයි ආරක්ෂාවට “නියම“ මග.කෙසේ වෙතත් පෙරුම්කායම් අතේ බැඳගන්නවාට වඩා හොඳ Hand sanitizer (Alcohol based) පැලඳ ගැනීම සහ එය අවශ්‍ය අවස්ථා වල භාවිත කිරීම නම් හොඳ ක්‍රමයක් වේවි
    .
    .
    .



    පෙරුම්කායම් වලට වැරදි මතයක් සමාජගත කරපු නිසා බෙහෙතක් හදන්න තිබුන පෙරුම්කායම් ටික අපිට නැති උනා.

    අපේ පැරැන්නන් පොඩි දරුවන්ගේ මැණික් කටුවේ පෙරැම්කායම් කෑල්ලක් ගැට ගැහුවේ පොඩි දරැවෙකු නිතර අත කටට දමන නිසා දීර්ඝකාලීනව ඉතාමත්ම සෙමින් පෙරුම්කායම් ඖෂධය දරුවාගේ ශරීරගත කර ඉන් දරුවාගේ ප්‍ර‍තිශක්තිය වර්ධනය කිරීමේ උපක්‍ර‍මයක් විදියටත්, අත කටට ගැනීමේදී පෙරුම්කායම් සතු විෂබීජ නාශක ගුණය හේතුවෙන් දරැවාට විෂබීජ ශරීරගතවීමේ අවධානම අඩු කරන උපක්‍ර‍මයක් විදියටයි.

    මෙය වැඩිහිටි අයගේ වැලමිටේ බැන්දේ වැඩිහිටි අය මේක මැණික් කටුවේ බැන්දයි කියලා පොඩි එකෙක් වගේ සුප්පු කරන්නේ නැති නිසාත්, ඇග මහන්සියෙන් වැඩ කිරීමේදී පිටවන දහදිය මගින් පෙරැම්කායම් සෙමින් දියවීමට සලස්වා එය දිර්ඝකාලීනව ශරිරගත කිරීමක් සිදු කර ඉන් ප්‍ර‍තිශක්තිය වර්ධනය කිරීම උපක්‍ර‍යක් විදිහටයි. මෙහිදී වැඩිහිටි අයට පෙරුම්කායම් කෑල්ල මැණික් කටුවේ බදිනවාට වඩා වැලමිටේ බදින එක ප්‍ර‍ථිඵලදායී වුනා. මන්ද යත් වැඩිහිටියෙක් වැඩ කරනකොට වැලමිට ආසන්නව වැඩි දහදිය ප්‍ර‍මාණයක් ඇතිවීම සහ මැණික් කටුව ආශ්‍රිත පුදේශය වැඩි චලනයකට භාජනය වීම සහ වැලමිටෙන් ඉහල කොටස අඩු චලනයකට භාජනය වීම හේතුවෙන් මැණික් කටුව ආශ්‍රිතව පැවතුනහොත් පෙරුම්කායම් මිශ්‍ර‍දහදිය බිම ඇද වැටීමේ සම්භාවිතාවය ඉහල වීම නිසා.

    මම මේ ටික කිව්වේ මේ සහෝදරයා විසින් කෝවිඩ් 19 වෛරසය පිළිබදව ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් සදහන් කර තිබීමත් පෙරැම්කායම් සතු ඖෂධීය වටිනාකම පිළිබදව යම් දැනුමක් ඇති කෙනෙක් විදියට මගේ දැනුම බෙදා ගැනීම සදහායි.

    එත් කියන්න කණගාටුයි.... මේ කිරියේ ඉන්න බක පණ්ඩිත හුත්තිගේ පුතාලා දැන් මේ ව්‍යසන තත්ත්වයටත් දේශපාලනය ගාවගෙන ඉන්න එක. සමහරක් එවුන් දේශීය වෙදකම මෙලෝ හසරක් දන්නේ නැතිව ඒ ගැන මටත් උපදෙස් දෙන්න ආවා. අතිතයේ පැවති කිරිය නම් දැනුම් සාගරයක්... දැන් කිරිය නම් බයි, ටොයි, ජෙප්ප ‍දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන උන්ගෙන් පිරිච්ච ශෝචනීය තැනක්.

    දැන් තියන තත්ත්වය අනුව කිරියේ බයි, ටොයි, ජෙප්ප ‍දේශපාලන ගාවගෙන මරාගන්නේ නැතිව මේ සහෝදරයා වගේ දැනුමට යමක් එක් කරන එක. අනික පිස්සු කෙලින්නේ නැතිව හොද හෝ නරක දැනට පවතින රජය මගින් ක්‍රියත්මක නිරෝධායන වැඩපිළිවෙලට කොන්දේසි විරහිතව සහය ලබා දී ලාංකිකයන් විදියට මේකට එක්ව මුහුණු දෙමු....
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    කෝවිඩ් වයිරසය ගැන පැතිරෙන වැරදි මත සහ දැනුවත් විය යුතු දේ
    ============================================

    කොරෝනා වයිරසය ගැන විවිධ ව්‍යාජ තොරතුරු වැරදි උපදෙස්, සමාජ ජාලා තුල පැතිරයන අතර , මේ බොහොමයක් “පිළිගන්නා මත“ බවට පත්වෙන්නේ බොහෝ දෙනෙක් එම තොරතුරේ නිවැරදිතාව සොයා බලන්නට නොපෙළඹෙන නිසාවෙනි. පසුගිය දින ගණනාව පුරා පැතිරුණු මෙවන් පෝස්ට් අතරේ මිතුරෙක් මාවෙත එවා තිබූ පහත පෝස්ට් එක තුල වැරදි අදහස් ගණනාවක් සමාජ ගත කරන්නට උත්සාහ කරන නිසා , ඒවායේ වැරදි තැන් පෙන්වා දෙන්නේ, ආසාදන පාළනය සහ විශේෂයෙන්ම මෙවන් අවදානම් ආසාදන පිළීබඳව සිද්ධාන්තමය දැනුමක් සහ වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් ඇති සෞඛ්‍ය වෘත්තීකයෙක් ලෙස උපන් සිරි ලංකාව වෙත මගේ “වගකීමක්“ ඉටු කිරීමට පමණි. මෙහිදී,පෙර කී දැනුම මෙන්ම, ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය ආයතන මගින් මෙම වයිරසය පිළිබඳ යාවත් කාළීන කරන දැනුමද, මා සේවය කර සෞඛ්‍ය සේවාව මගින් දිනපත අපවෙත ලබා දෙන දැනුමද, දවසේ පැය දොළහකට වඩා . මෙම රෝගය පිළිබඳව මගේ සේවාලාභී ප්‍රජාව දැනුවත් කරමින් ලබන අත්දැකීම් සහ දැනුමද එකතු කරගනිමි.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 1


    ඔබට සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට නාසය බර දියර ගලන ගතියක් තිබේ නම්, ඔබට කොරෝනා වයිරස් නියුමෝනියාව විය නොහැක, මන්ද කොරෝනා වයිරස් නියුමෝනියාව වියළි කැස්සක් අති වන නිසා නාසය තුලින් දියර ගැලීමක් සිදුනොවේ.එය වෛරසය හඳුනා ගැනීමට පහසුම ක්‍රමය මෙයයි.


    පැහැදිලි කිරීම
    ----------------
    කොරෝනාද සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වයිරස කාණ්ඩයටම අයත් තවත් කෙනෙක් පමණි. එම වයිරසය මගින්ද, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ ඇති කරයි. කොරෝනා වයිරසය ආසාදනයේදීද කැස්ස, උණ , ශ්වසන අපහසුව සමඟ නාසය බර දියර ගලන ගතියක් සොටු දියර ගැළීමක්ද ඇතිවිය හැක. ඊට අමතරව ඇඟපත වේදනාව, හිසරදව සහ සහ කළාතුරකින් වමනය සහ පාචනය ලක්ෂණ මතුවීමට පුළුවන්.


    එම නිසා මේ කියන ආකාරයට වයිරසය හඳුනාගන්න උත්සාහ කරන්න එපා.(ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ පරික්ෂණාර යටත් ඇති පරික්ෂණයි) ඔබ මෙම වයිරසය පැතිරෙන පළාතක නම් ඉන්නේ , නැත්නම් මෙම වයිරසයේ බලපෑමට ලක්වූවා යැයි විශ්වාස කළ හැකි පරිසරයක සිටියේ නම් ( පසුගිය සති දෙක අතරේ ප්‍රධානවම) සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ ,කැස්ස, ශ්වසන අපහසුව ඇත්නම් අවධානයෙන් සිටින්න. මෙහිදී ද “නාසය බර දියර ගලන ගතියක්“ ඇති වන බව දැනුවත්වන්න. නොසලකාහරින්නට එපා.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 2


    කොරේනා වෛරසය තාප ප්‍රතිරෝධී නොවන අතර අංශක 26-27 ක උෂ්ණත්වයකදී එය මැරී යනු ඇත. එබැවින් නිතර උණු වතුර පානය කරන්න.එය වළක්වා ගැනීම සඳහා වැඩි උණු වතුර පානය කරන ලෙස ඔබේ මිතුරන්ට සහ නෑදෑයින් දැනුවත් කරන්න.හිරැ එලිය යටට යන්න.උණු වතුර පානය කිරීම සියලුම වෛරස් සඳහා උචිත වේ.සීතල දේවල් අහාරයට ගැනීම සහ පානය නොකර සිටීමට උත්සාහ කරන්න, මතක තබා ගන්න.


    පැහැදිලි කිරීම
    ----------------
    කොරෝනා වයිරස් මිය යනුයේ සෙල්සියල් අංශක 57 උශ්නත්වය තුල පැය භාගයකට වඩා තැබීමෙනි. උතුරවා නිවා ගත් වතුර පානය කිරීම හැම විටම සුදුසු අතර, උණුසුම් ජලය පානය කිරීමෙන් මෙම වයිරසය විනාශ කළ නොහැක. සෙල්සියල් 57 හෝ වැඩි උණුසුමේ ජලය පානය මගින් නැති කරදර ඇති කරගත හැකි අතර, ප්‍රමාණවත් තරමය නිවාගත් උණුවතුර, දියර වර්ග පානය කිරීම හැම විටම යහපත් වේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 3


    එය ප්‍රමාණයෙන් තරමක් විශාලය (සෛලයේ විෂ්කම්භය 400-500nm පමණ වේ), එබැවින් ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරනයකින් ඇතුල්විය නොහැක අතර එය පෙරීමට ලක්වෙයි.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය ඉතාමත් කුඩා වන අතර නැනෝමීටර 60ත් 200 අතරේ පැවතිය හැක. මෙය සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක ඇති පෙරහන මගින් ඉතා පහසුවෙන් ඇතුළු වීමට හැකි ඉතා කුඩා වයිරසයකි. ඊට අමතරම එම මාස්ක් සහ සම අතර ස්ථිර , දැඩි ආවරණය වීමක් නොවන නිසා එම පරතරයන් තුලින් වාතයේ ඇති වයිරස ඇතුළුවේ. N95 FFR වලට යම් වයිරස පෙරහන් කිරීමේ යම් හැකියාවක් තිබුණද, එය පළදින්නේ Fit test එකක් හෝ Seal Check Test නොකර නම් එහි ආරක්ෂාව විශ්වාස කළ නොහැකි අතර, එම පරික්ෂාව සහිතව N95 FFR පැළදුවද 100%ක් ආරක්ෂාවක් ලබා දිය නොහැක.

    කෙසේ වෙතත්, මාස්ක් පැලදීම මගින් කෙළ බිඳිති සෘජුවම නාසයට කටට ඇතුළු වීම මෙන්ම , රෝගියාගෙන් කෙළ බිඳිති ඉවත්වීමද සීමා කළ හැක. එම නිසා රෝගී ලක්ෂණ පෙන්වන්නෙක් , ලක්ෂණ ඇති රෝගියෙක්ට සාත්තු කරන්නෙක්, සහ අවදානම් ස්ථාන වල රැකියා කරන්නෙක් මාස්ක් පැළදීම මගින් යම් වාසියක් ලබා ගත හැක.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 4


    වෛරසය ලෝහ මතුපිටට වැටුණු විට එය අවම වශයෙන් පැය 12 ක් ජීවත් වේ. එබැවින් ඔබ කිසියම් ලෝහ මතුපිටක් සමඟ සම්බන්ධ වන්නේ නම් (බස් රථ සහ දුම්රියෙන් වල ඇති යකඩ පොලු)සබන් යොදා රස්නෙ ජලයෙන් ඔබේ අත් හොඳින් සෝදන්න.


    පැහැදිලි කිරීම
    ----------------
    තවමත් මෙම වයිරසය ගැන පරික්ෂණ කෙරෙන අතර විෂබීජනාශකයක් භාවිත නොකෙරේ නම් ලෝහ හෝ වියලි මතුපිටක් මත දින කිහිපයක් දක්වා සක්‍රියව ජීවත් විය හැකි බව හඳුනාගෙන ඇත( දින නවයක සීට ඊට වඩා වැඩිවිමක් විය හැක)


    පොදු ස්ථානවල ඇති මතුපිටවල් , දොර අගුලු ස්පර්ශ කිරීම සීමා කරන්න, ඒ සඳහා වැලමිල , අත්ලේ පිටපැත්ත අවශ්‍යම අවස්ථාවල යොදා ගන්න. එබඳු මතුපිටවල් ස්ඵර්ශ කිරීමෙන් පසු මෙන්ම , වරින් වර ගලායන ජලය සහ සබන් යොදා අත්සේදීම වැදගත්වේ, නමුත් ,තද රස්නේ ජලයෙන් පමණක් අත සේදීම පමණක් ප්‍රමාණවත් නොවේ. අත සේදීමට පහසුකම් නැත්නම් 70-80% ඇල්කොහොල් සාන්ද්‍රණය ඇති අත්පිරිසිදු කිරීමේ දියරයක් ඒ සඳහා යොදාගත හැක
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 5


    කොරොන වයිරස් නිසා ඇතිවන නියුමෝනියාවේ රෝග ලක්ෂණ පිළිබඳ තොරතුරු:


    1. පළමුව එය උගුරට ආසාදනය වන අතර, උගුරේ වියළි උගුරේ ගතියක් දින 3 සිට 4 දක්වා පවතිනු ඇත


    2. එවිට වෛරසය නාසික තරලයට ඒකාබද්ධ වී හුස්ම හිරවී පෙණහලුවලට ඇතුළු වී නියුමෝනියාව ඇති කරයි. මෙම ක්‍රියාවලිය සඳහා දින 5 සිට 6 දක්වා ගත වේ.


    3. නියුමෝනියාව සමඟ අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ.නාසයේ තදබදය සාමාන්‍ය තදබදයක් මෙන් නොවේ.ඔබ ජලයේ ගිලී යන බවක් ඔබට දැනෙනු ඇත.ඔබට මෙම රෝග ලක්ෂන ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්ය.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම තත්ත්වයේදී දින ගණනට වඩා සැලකිලිමත් විය යුතුකරුණු කිහිපයකි (හේතුව පුද්ගලයාගේ වයස, පවතින වෙනත් රෝග තත්ත්ව සහ ප්‍රතිශක්තිීකරණ හැකියාවන් අනුව “දින ගණන“ වෙනස්විය හැක), එනම් ,
    1)අදාල ආසාදනය පැතිරෙන ප්‍රෙද්ශයක , පසුගිය සති දෙක තුල සංචාරය කළාද,
    2)අදාල රෝගයට පත්වූ අයෙක් සමඟ ළඟ ඇසුරක් පැවතුනාද ( අඩි හයකට හෝ අඩු දුරක)
    3)ඇතිවුනු රෝග ලක්ෂණ වන තීව්‍රතාව කෙසේද?
    මේ ඔස්සේ අදාල ලක්ෂණ උග්‍රවන ස්වභාවයක් හැඟේනම් සහ අධීක උණ, කැස්ස,ශ්වසන අපහසුතාව වැනි ලක්ෂණද මතුවේනම් දින ගනන් කිරීම නොව මාස්ක් එකක් පැලදි රෝහලට ගොස් ලක්ෂණ සහ අවදානම් සාධක ඇත්නම් ඒවා වෛද්‍යවරයාට පැවසීමයි වැදගත්.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 6


    ආසාදනය වීමේ වඩාත් පොදු ක්‍රමය වන්නේ ප්‍රසිද්ධියේ දේවල් ස්පර්ශ කිරීමයි, එබැවින් ඔබ නිතරම රස්නෙ ජලයෙන් අත් සේදිය යුතුය.වෛරසයට ඔබේ අත්වල ජීවත් විය හැක්කේ මිනිත්තු 5-10 ක් පමණි, නමුත් එම මිනිත්තු 5-10 තුළ බොහෝ දේ සිදුවිය හැකිය


    පැහැදිලි කිරීම
    ----------------
    මෙය පැතිරෙනුයේ නාසයෙන්, කටෙන්, පිටවල ක්ෂ්‍රද්‍ර බිඳිති අංශු ඔස්සේ එන වයිරස ,
    සෘජුව තවත් අයෙක්ගේ ඇස , කට , නාසය මත තැන්පත් වීම හෝ යම් මතුපිටවල තැන්පත්ව එය අත් මගින් ඇස , කට , නාසය මතට ඇතුළු කරගැනීමෙනි. වයිසරයට සම මත දින ගණනක් වුවද සක්‍රියව පැවතිය හැකි අතර , එම නිසා වරින් වර අත්සේදීම ඉතා වැදගත්වේ. කෙසේවෙතත් වැදගත් වනුයේ සබන් සහ ගලා යන ජලයෙන් අවම වශයෙන් තත්ත්පර 20-30ක කාළයක් දෑත් හොදින් සෝදා පිරිසිදු කර වියලා ගැනීම වන අතර , ඒ සඳහා “රස්නේ“ ජලය භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නැත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 7

    බොහෝ විට ඔබේ අත් සේදීමට අමතරව, විෂබීජ උගුරේ සිටියදී (පෙණහලුවලට බැස යාමට පෙර) තුරන් කිරීම හෝ අවම කිරීම සඳහා ඔබට බීටාඩින් , ලුණු, විනාකිරි
    යොදා දිනකට තුන් වරක් වත් උගුර පිරිසිදු කරන්න. මෙයින් ඔබ ඉතා පරිස්සම් වන ලෙස ඉල්ලා සිටින අතර හොඳින් ජලය පානය කරන්න(නිතර උණු වතුර)


    පැහැදිලි කිරීම
    ----------------
    දේහයට ඇතුළු වූ වයිරසය විනාශ කිරීමට බෙටාඩීන් වලින් උගුර සේදීම කිසිදු පලක් නැති ක්‍රමයකි , හේතුව නම් මෙම වයිරසය ඉතා ඉක්මණින් සෛල තුලට ඇතුළු වී පැතිරීම ආරම්භ වීමයි. කෙසේ වෙතත් අනුමැතිය ඇති මුඛය සේදුම් කිරීමට ගන්නා රසායනික දියරයකින් උගුර සේදීම , ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් සඳහා වැදගත් විය හැකි අතර , මෙම ක්‍රමය කොවිඩ් වයිරස ආසාදනයෙන් වැලකීමට යොදාගත හැකි ක්‍රමයක් ලෙස තවම පිළිගැනීමකට ලක්ව නැත.
    ජලය ප්‍රමාණවත්ව පානය කිරීම හොඳපෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීම හැම විටම වැදගත්වේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>> 8


    වැලමිටේ පෙරුම්කායම් බැඳීමෙන් මෙම අනතුරෙන් ආරක්ෂා විය හැකි බවට පැතිරෙන කතා


    පැහැදිලි කිරීම
    ----------------
    ආයුර්වේදය තුල පෙරුම්කායම් වල විශේෂ හැකියාවක් ඇති බව පිළිගන්නවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේ මතුව ඇති තත්ත්වය තුල , අතේ වැළමිටේ පෙරුම්කායම් ගැටගසාගෙන සිටීමෙන් , වයිරසය දේහ ගත වීම වලක්වන්නට බැහැ. මේ වයිරසය “ගඳ සුවඳ නැත්නම් විහිදෙන සැර“ අනුව හැරිලා යන එකක් නොවේ. එය මිනිසුන් සහ සතුන්ගේ දේහ වලට කැමැත්තෙන් ඇතුලු වෙලා ජීවත්වන්නට කැමති වයිරසයක්.


    අනෙක් චීනය කියන්නේ වසර 5000කටත් එහා ගිය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවති සංස්කෘතියක් , ඔවුනුත් මෙවැනිම ස්වභාවික අල, ගෙඩි, යුෂ වලින් රෝග වලට ප්‍රතිකාර කරන , ආයුර්වේදය වැනිම සංවිධානික වෛද්‍ය ක්‍රම රැසක් තිබුණූ රටක් . ඉතින් ඔවුන් මෙවැනි අල , මල් ගැටගසාගෙන් වයිරසය විනාශ කළා නම් ඇයි අපට මේ තරම් ගැටළුවක් ඇති වෙන්නේ. ඒ නිසා, කමක් නෑ පෙරුම්කායම් හෝ ඕන දෙයක් ඇඟේ අතුල්ලාගත්තට , නමුත් මේ ලිපියේ පහල දක්වන සෞඛ්‍ය උපදෙස් සහ රජය විසින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. එයයි ආරක්ෂාවට “නියම“ මග.කෙසේ වෙතත් පෙරුම්කායම් අතේ බැඳගන්නවාට වඩා හොඳ Hand sanitizer (Alcohol based) පැලඳ ගැනීම සහ එය අවශ්‍ය අවස්ථා වල භාවිත කිරීම නම් හොඳ ක්‍රමයක් වේවි
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>9


    නාසයේ ක්‍රීම් ගෑම මගින් කෝවිඩ් වයිරසයෙන් ගැලවිය හැකි බවට පැතිරෙන මතය


    පැහැදිලි කිරීම
    ----------------
    මෙය වරින්වර මතුවන කතාවක් , එනම් මේ වගේ වයිරස රෝග පැතිරෙත්දි නාසය ඇතුලත විවිධ ප්‍රතිජීවක අඩංගු ඖෂධ ගල්වා ගැනීමෙන් ආරක්ෂාවක් ලැබෙන බව. එයත් අර පෙරුම්කායම් වගේම කතාවක් තමා. ප්‍රතිජීවක වලින් වයිරසයකට බලපෑමක් කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසාමනේ අප කියන්නේ නිකං හෙම්බරිස්සාවට ඇන්ටිබයොටික් ගහන්න එපා කියලා, එයින් අවාසිකයක් හැරෙන්නට වාසියක් ඇති වන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවෙත් ෆාමසිගානේ ගිහින් ඇන්ටිබයොටික් ක්‍රීම් ඔබේ , දරුවන්ගේ නාහේ ඇතුලේ ගාල , නැති කරදර ඇති කරගන්න එපා.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>10


    මුල් අවස්ථාවේ ඇන්ටිබයොටික් ගැනීමෙන් මෙම අනතුරෙන් වැලකිය හැක.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    ඇන්ටිබයොටික්ස් වල ප්‍රතිකාරාත්මක හැකියාව ඇත්තේ බැක්ටීරියාවන්ට එරෙහිව වන අතර, මෙ වයිරසයකි. එම නිසා මේ සඳහා ඇන්ටිබයොටික් ගැනීම කිසිදු ප්‍රතිපලයක් ලබා නොදෙන අතර එමඟින්, අමතර අවදානමකට ( බහු ඖෂධීය ප්‍රතිරෝධය වැනි) අත වැනීමක් වනු ඇත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>11


    මුල් අවස්ථාවේ ඇන්ටිබයොටික් ගැනීමෙන් මෙම අනතුරෙන් වැලකිය හැක.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    ඇන්ටිබයොටික්ස් වල ප්‍රතිකාරාත්මක හැකියාව ඇත්තේ බැක්ටීරියාවන්ට එරෙහිව වන අතර, මෙ වයිරසයකි. එම නිසා මේ සඳහා ඇන්ටිබයොටික් ගැනීම කිසිදු ප්‍රතිපලයක් ලබා නොදෙන අතර එමඟින්, අමතර අවදානමකට ( බහු ඖෂධීය ප්‍රතිරෝධය වැනි) අත වැනීමක් වනු ඇත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>12


    දෑත් සේදීමට xxxxx (‍වෙළඳ නාමයක්) නම් සබන්වර්ගයම භාවිත කළ යුතුය.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    එවැනි අවශ්‍යතාවයක් නැත, වෙළඳපොළේ ඇති පිළිගන්නා වෙළඳ නාමයක් ඇති ඕනම සබන් වර්ගයක් (දියරමය හෝ නොවන) මේ සඳහා යොදා ගත හැක.
    වැදගත් වන්නේ නිවැරදි ක්‍රමයට ගලායන ජලය යොදා ගනිමින් දෑත පිරිසිදු කරගැනීමයි.
    කෙසේ වෙතත් Alcohol Hand Sanitizer එකක් ළඟ තබා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවන් වල දෑත පිරිසිදු කරගැනීමට යොදා ගැනීම වඩා වාසිදායකවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>13


    මෙම වයිරසය මස් මාංශ ඔස්සේද එන නිසා මස් මාළු කෑමෙන් වැළකී සිටිය යුතුය.
    .
    පැහැදිලි කිරීම
    ----------------
    සෞඛ්‍යාරක්ෂිත ආකාරයට සකසා හොඳින් පිස ගත් මස් මාංශ , කිරි බිත්තර ආහාරයට ගැනීමට මඟින් මෙම වයිරසය දේහගත වීමක් සිදුනොවේ.


    විශේෂයෙන්ම විටමින් සී සහිත ආහාර සමඟ ප්‍රොටීනමය ආහාර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>14


    ඇඟ පුරා ක්ලෝරීන්මය දියරයක් හෝ මධ්‍යසාර දියරයක් ආලේප කරගැනීමෙන් මෙම අවදානමෙන් ආරක්ෂාවක් ලැබේ.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය දේහ ගත වන්නේ ඇස, කට ,නාසය වැනි ස්ථාන වල ඇති ශ්ලේෂමල පටලය හරහා වන අතර එම ස්ථාන වලට අදාල රසායනික ස්ඵර්ශ වීම හානිකර වේ. එමෙන්ම දේහ ගතවූ වයිරස මෙලෙස ඇඟ පුරා විවිධ රසායනික ගෑමෙන් විනාශ නොවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>15


    විනාඩි 15කට වරක් වතුර බීමෙන් වයිරසය ආමාශයට ගොස් විනාශ වන නිසා රෝගයෙන් වැළකිය හැක


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය ශ්ලේශ්මලය ඔස්සේ ඇතුළුවී, ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රැඳෙමින් රෝග තත්ත්වය ඇති කරන්නකි. මෙම ක්‍රමය මගින් “ගිල , මරා දැමීම“ රෝගයෙන් ආරක්ෂාවීමට හෝ සුව වීමට ක්‍රමයක් නොවේ. නමුත් දියර වර්ග ප්‍රමාණවත්ව ගැනීම හැම විටම වැදගත්වේ
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>16


    Sesame oil ආලේප කිරීම මගින් මෙම වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම තෙල් වර්ග මගින් කෝවිඩ්-19 වයිරසය විනාශ නොවේ. එම නිසා මේ අවස්ථාවේ මෙබඳු තෙල් ආලේපයන් මගින් අපේක්ෂා කරන ආරක්ෂාව නොලැබේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>17


    මත්පැන් පානය කිරීම මඟින් කෝවිඩ්-19 වයිරසයට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලබා ගත හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    වැරදි තොරතුරකි, මෙම වයිරසයේ තර්ජනයට ලක්වන්නේ ශ්වසන පද්ධතිය වන අතර, මත්පැන් පානයෙන් කිසිදු ආරක්ෂාවක් නොලැබේ. එමෙන්ම මේ අවස්ථාව තුල මත්පැන් මගින් සිහිතත්ත්වය වෙනස්වීම තුල පවත්වා ගත යුතු ආරක්ෂක ක්‍රම පවා අමතක වී හෝ මගහැරී අවදානම වැඩි කරගන්නට අවස්ථා ඇති විය හැක.


    75% හෝ ඉහළ ප්‍රතිශතයක් ඇති Ethanol වලට මෙම වයිරසය විනාශ කළ හැකි අතර, එම රසායනය ඇති Hand Sanitizer මඟින් දෑත පිරිසිදු කරගැනීම වාසිදායකය.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>18


    නියුමෝනියාවට අදාල එන්නත ලබා ගෙන ඇති නිසා මෙම වයිරසයෙන් බලපෑමක් නැත.


    පැහැදිලි කිරීම
    ----------------
    නියුමෝනියාව හෝ වෙනත් රෝගයක් සඳහා ගත් එන්නත් මගින් මෙම වයිරසයේ බලපෑමට එරෙහිව ආරක්ෂාවක් නොලැබේ.


    මෙම වයිරසයට පහර දිය හැකි එන්නතක් තවම වෙළඳපළට නිකුත් කර නැත.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>19


    කෝවිඩ්-19 රෝගයට ප්‍රතිකාරයක් සොයා ගෙන ඇත. රෝහල් ගත වූ කෝවිඩ්-19 රෝගියා සුව වූයේ එමඟිනි.


    පැහැදිලි කිරීම
    ----------------
    නැත, මේ දක්වා මෙම රෝගය සඳහාම නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නැත.
    රෝහල තුලදී සිදු කෙරෙනුයේදි “සහායක ප්‍රතිකාර“ එනම් ලක්ෂණ වලට සහනයක් දීමේ ප්‍රතිකාර දෙමින් ,අදාල පුද්ගලයාගේ ප්‍රතිශත්කිය මගින්ම වයිරසය විනාශ කර රෝගය සුව වන තුරු , අධීක්ෂණය යටතේ සාත්තුව ලබා දීම පමණි.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>20


    කෝවිඩ්-19 රෝගය සතුන්ගෙන් බෝවන නිසා බල්ලන් , බලලුන් මගින් මෙය පැතිරේ


    පැහැදිලි කිරීම
    ----------------
    නිවසේ සුරතලයට ඇති කරන බල්ලන් , බලලුන් මගින් මෙම රෝගය මිනිසාට බෝවන බවට ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ලැබී නැත.
    කෙසේ වෙතත්, සුරතල් සතුන් අතගෑමෙන් පිරිසිදු කිරීමෙන් පසු , දෑත සබන් යොදා ගලා යන ජලයෙන් සෝදා ගැනීම හැම විටම වාසිදායකය.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>21


    කෝවිඩ්-19 වයිරසයට ගොදුරු වන සියල්ල එමඟින් ඇති වන රෝග තත්ත්ය නිසා මරණයට පත්වේ.


    පැහැදිලි කිරීම
    ----------------
    නැත, වයිරසය දේහ ගත වූ අයගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් මිය ගොස් ඇති අතර,මිය ගිය පිරිස, අතරින්ද වැඩි පිරිසක් පෙර කී අවදානම් කණ්ඩායමට අයත්ය.
    කෙසේ වෙතත්, මෙම රෝග තත්ත්වයෙන් සුව වූ පසුව නැවත වරක් වෛද්‍ය පරික්ෂණයට ලක් වීම සුදුසු වන්නේ , සමහර අවස්ථා වල මෙම රෝග නිසා පෙනහළු වලට වන බලපෑම මත යම් ශ්වසන ගැටළු මතුවිය හැකි නිසාවෙනි.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>22


    නිවසට විවිධ දුම් වර්ග ඇල්ලීම මගින් වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය විනාශ කිරීමේ හැකියාව ඇත්තේ , ක්ලෝරීන් අඩංගු රසායනික දියර, 75% හෝ වැඩි එතනෝල් , ක්ලෝරෆෝම් වැනි රසායනික ද්‍රව්‍ය කිහිපයකට විනා, වෙනත් දුම් වර්ග මගින් මෙම වයිරසය විනාශ කළ නොහැක.


    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>23


    කෝවිඩ්-19 වයිරසය ඇතුළු වූ විගස රෝග ලක්ෂණ පෙන්වන අතර, එවිට රෝගියාගෙන් අනෙක් අයට බෝවේ


    පැහැදිලි කිරීම
    ----------------
    වයිසරය ඇඟට ඇතුළු වී රෝගයේ ලක්ෂණ මතු වීමට දින 2ත් 14ක් අතර කාළයක් ගත විය හැකි අතර, ලක්ෂණ නොපෙන්වුවද , වයිරසය දේහ ගත වී ඇති අයෙක්ගෙන් තවත් අයෙක්ට වයිරසය ගමන් කළ හැක.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>24
    තෙත් උණුසුම් කාළගුණය තුල වයිරසය නොපැතිරේ.


    පැහැදිලි කිරීම
    ----------------
    මෙම වයිරසය ඕනෑම පරිසර , කාළගුණ තත්ත්වයක් තුල පැතිර යාහැක.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>25


    තද උණුසුම් හෝ සීතල කාළගුණය මඟින් වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    සාමාන්‍ය පරිසර උශ්නත්වය තුල ඇති, තද උණුසුමින් හෝ සීතලෙන් මෙම වයිරසය විනාශ නොවේ.
    .
    .
    .
    <<<<<<<<<<<<<<<<<පැතිරෙන වැරදි මතය>>>>>>>>>>26


    සුදු ළූණු කෑම මඟින් වයිරසය විනාශ කළ හැක.


    පැහැදිලි කිරීම
    ----------------
    සුදු ළුෑණු වල යම් ප්‍රතිබැක්ටීරියා හැකියාවක් තිබුණද, එය වයිරසය ආසාදනයකදී , වයිරසයක් විනාශ කිරීම සඳහා යොදා ගැනීම මෙම අවදානමෙන් වැලකීමට සාර්ථක ක්‍රමයක් ලෙස හඳුනාගෙන නැත.


    bump