කොරෝනාවෙන් සමුගෙන ගිය රටේ නම ගිය ඇත්තෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,281
    47,154
    113
    මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය බරපතළ තත්ත්වයකට පැමිණිලා තියෙනවයි කියන එක රහසක් නෙමෙයි. සෞඛ්‍ය අංශයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් විසින් රට වසා දැමිය යුතු බවට දිගින් දිගටම ප්‍රකාශ කරද්දී රටේ ආර්ථිකය සුරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුව රට විවෘත කිරීමේ ස්ථාවරයක සිටිනවා. ඒ පිළිබඳව පැහැදිළි කළ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල, රටවැසියාගේ ඉරණම එන්නතට සහ දෙවියන්ට බාරයි යැයි ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා. මෙම ප්‍රකාශය කෙසේ වුවත් අපේ ආරක්ෂාව අප විසින් පවත්වා ගත යුතු තැනකට රට පත්ව තිබෙනවා. එනිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම විටම අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකී නිවසට වී කාලය ගත කරන ලෙසයි. එමෙන්ම කොරෝනා රෝගය නිසා සමුගත් අපේ රටේ විශිෂ්ට පුරවැසියන් කීපදෙනෙක් පිළිබඳව සටහනක් ඔබ වෙත ගෙන එන්න හිතුවේ මේ රෝගයේ භයානකකම පිළිබඳව ඔබට යළිත් වතාවක් මතක් කරන්න.



    1. මංගල සමරවීර



    450013ba-285a9ae0-mangala-samaraweera-1_850x460_acf_cropped.jpeg


    හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය පක්ෂ භේදයකින් තොරව මෙරට ජනතාව කම්පනයට පත්කරන්න සමත් වුණු අකල් වියෝවක් වුණා. මංගල සතුව තිබුණේ බහුතර ලාංකීය දේශපාලඥයින්ට සාපේක්ෂව ගත් කල ඉතා ඉදිරිගාමී නිර්භීත දැක්මක්. එනිසාම සමහර අවස්ථාවල ඔහුව සාම්ප්‍රදායික ලාංකික ජනතාව සහ දේශපාලනඥයින් විසින් අපහාසයටද ලක් කෙරුණා. ඔහුගේ අකල් වියෝව ලාංකීය දේශපාලනයට බරපතල පාඩුවක් සිදුකළා මෙන්ම ලාංකීය ජනතාවට අතර කොවිඩ් ව්‍යසනයේ තිබෙන භයානකකම නැවතත් තදින් මතක් කර දෙන්නටද සමත් වුණා



    2. පූජ්‍ය බද්දේගම සමිත හිමි​



    01-66.jpg


    භික්ෂුවක් හැටියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කිරීමේ වාර්තාවට හිමිකම් කිව්වේ බද්දේගම සමිත හිමියනුයි. දේශපාලන වශයෙන් වාමාංශික අදහස් වලට ගරු කළ උන්වහන්සේ සිය අවසාන කාලය දක්වාම ජනතා සේවයට ඇපකැප වී කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට කොරෝනා රෝගය වැළඳී තිබෙන්නේ ද මේ කාලයේ ජනතාව වෙනුවෙන් සුබ සාධක වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට යාමේදී වීම සංවේගදායක කාරණයක් .



    3. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු​



    02-65.jpg


    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ව්‍යවසායකයෙකු විදිහට රට තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, කෙතරම් පරස්පරතා තිබුණද උතුම් මනුෂ්‍යයෙකු ලෙස සියළු දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වෙනවා. පානදුර ප්‍රදේශයේ මෙන්ම රටපුරා බොහෝ මිනිසුන්ගේ ලෙඩ රෝග සුව කිරීම සඳහා එතුමා සියතින් මුදල් වියදම් කරනු ලැබූවා. ඇතැම් පාර්ශ්ව වලට අනුව සයිටම් ආයතනය ආරම්භ කිරීම මගින් එතුමා බලාපොරොත්තු වූයේ මූල්‍යමය වාසියකට වඩා සමාජ සේවයක් කිරීමයි (කෙසේ වෙතත් මේ කරුණ විවාදාත්මකයි).



    4. කිලී මහරාජා​



    03-65.jpg


    මාධ්‍ය ලෝකයේ අතිශයින් විවාදාත්මක චරිතයක් වූ කිලී මහරාජා, විටෙක රටවැසියාගේ මෙන්ම දේශපාලනඥයන්ගේ ද විවේචනයට ලක් වූ අයෙක්. සිය මාධ්‍ය ජාලය හරහා ලංකාවේ දේශපාලනය හැසිරවීමට ඔහු උත්සාහ කළ බව සෑම දෙනාම දන්නා කාරණයක්. කෙසේ නමුත් ඔහු විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනස් ස්ථානයක් කරා ගෙන යනු ලැබූ බව අපිට අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.



    5. වි. ජ. මු ලොකුබණ්ඩාර​



    04-65.jpg


    දේශපාලනඥයෙක් විදිහට මුළු රටේම ආදරය දිනා ගන්න සමත් වෙන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දුෂ්කර ගමනකින් පැමිණි විජය වි. ජ. මූ ලොකුබණ්ඩාර, අවසානයේ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හොබවමින් ලංකාවේ තුන්වෙනි පුරවැසියා බවටද පත් වුණා. ඉන්පසුව ආණ්ඩුකාර ධූරය දරමින් සිටි ඔහු දේශපාලනයෙන් සමු ගත්තා. ඔහුගේ හදිසි අභාවය සියළු දෙනාම කම්පනයට පත් කළ පුවතක් වුණා.



    6. වෛද්‍ය ගයාන් දන්තනාරායන​



    05-65.jpg


    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලංකාවේ මිය ගිය පළමු වෛද්‍යවරයා වූයේ ගයාන් දන්තනාරායනයි. කොළඹ රාගම ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වූ ඔහු සිය රෝගීන් අතර ප්‍රසිද්ධව සිටියේ හිත හොඳ දොස්තර මහත්මයෙකු ලෙසයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිස් කෙතරම් උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් කොරෝනා මාරයා විසින් පරාජය කරනු ලැබුවා.



    7. මංජුල විජේසූරිය​



    06-63.jpg


    ලංකාව තුළ සුප්‍රකට තර්ක ශ්‍රාස්ත්‍රය පිළිබඳ උපකාරක පන්ති ගුරුවරයෙකු වූ මංජුල විජේසූරියටද කොරෝනා වසංගතය නිසා දිවි අහිමි වුණා. ඔහුගේ මරණය සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි කතාබහට ලක් වූයේ ඔහුගේ සගයෙකු වන තිස්ස ජනනායක මංජුල වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් සොයා ගැනීමට නොහැකි වූ බවට දක්වන ලද සටහනක් නිසායි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන සම්පත් අඩුකම නිසා තවත් එක් ගුරුවරයෙකු රටට අහිමි වූ බව කණගාටුවෙන් යුතුව වුවත් කියන්න වෙනවා.



    8. උපාලි ෆොන්සේකා​



    senali-fonseka.jpeg


    නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ බාල සහෝදරයා සහ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියා වූ උපාලි ෆොන්සේකා, කොරෝනා රෝගය වැළඳී මරුමුවට පත්වුයේ එංගලන්තය තුළදීයි. ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු ඒ වනවිට ඖෂධවේදියෙකු වශයෙන් කටයුතු කරමින් කරමින් සිටියා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,127
    113
    34
    Kalutara
    මංගලගෙ බොඩි එක පුච්චද්දි සේරම හිටියෙ ආදාහනාගරෙන් පිටත හැබැයි කිලී මහරාජගෙ එක පුච්චද්දි 50ක් විතර අදාහනාගාරෙ ඇතුලෙ. කොහොමද බන් එහෙම වුනේ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,154
    113
    මංගලගෙ බොඩි එක පුච්චද්දි සේරම හිටියෙ ආදාහනාගරෙන් පිටත හැබැයි කිලී මහරාජගෙ එක පුච්චද්දි 50ක් විතර අදාහනාගාරෙ ඇතුලෙ. කොහොමද බන් එහෙම වුනේ?

    :(

    FB_IMG_1629863493458_copy_540x613.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    මංගලගෙ බොඩි එක පුච්චද්දි සේරම හිටියෙ ආදාහනාගරෙන් පිටත හැබැයි කිලී මහරාජගෙ එක පුච්චද්දි 50ක් විතර අදාහනාගාරෙ ඇතුලෙ. කොහොමද බන් එහෙම වුනේ?
    එකෙන්ම හිතා ගනින් කො මචන් කිලි මහරජා කියන්නේ කවුද කියලා

    මාර විදිහට දුක ඇති චන්ද්‍රිකාට නම්.
    චන්ද්‍රිකා ලංකාවේ නෙවෙයි නේද හිටියේ?
    ------ Post added on Aug 25, 2021 at 9:39 AM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මංගලගෙ බොඩි එක පුච්චද්දි සේරම හිටියෙ ආදාහනාගරෙන් පිටත හැබැයි කිලී මහරාජගෙ එක පුච්චද්දි 50ක් විතර අදාහනාගාරෙ ඇතුලෙ. කොහොමද බන් එහෙම වුනේ?
    One country One law
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මංගලගෙ බොඩි එක පුච්චද්දි සේරම හිටියෙ ආදාහනාගරෙන් පිටත හැබැයි කිලී මහරාජගෙ එක පුච්චද්දි 50ක් විතර අදාහනාගාරෙ ඇතුලෙ. කොහොමද බන් එහෙම වුනේ?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,786
    1,303
    113
    Mars
    මංගලගෙ බොඩි එක පුච්චද්දි සේරම හිටියෙ ආදාහනාගරෙන් පිටත හැබැයි කිලී මහරාජගෙ එක පුච්චද්දි 50ක් විතර අදාහනාගාරෙ ඇතුලෙ. කොහොමද බන් එහෙම වුනේ?
    සමහරු පෙට්ටිය අතගැවත් එක්ක.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    මංගලගෙ බොඩි එක පුච්චද්දි සේරම හිටියෙ ආදාහනාගරෙන් පිටත හැබැයි කිලී මහරාජගෙ එක පුච්චද්දි 50ක් විතර අදාහනාගාරෙ ඇතුලෙ. කොහොමද බන් එහෙම වුනේ?
    Maharaaja ge power eka thamai ithin
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    නාකි මයිනා කොවිඩ් වලින් මලත් කියන්නැ කොව්ඩ් කියලා. මොකද ලොවම කම්පා කල මහා රාජපක්ෂ ආදහන පුජෝත්සවය කරන්න වෙන්නැනේ

    මේක නම් සිරා
    මුත්තා වලකජු ගැහුවොත් අනිවා තව බයියො රැලක් අරන් යන්නෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,138
    113
    Kottawa
    නාකි මයිනා කොවිඩ් වලින් මලත් කියන්නැ කොව්ඩ් කියලා. මොකද ලොවම කම්පා කල මහා රාජපක්ෂ ආදහන පුජෝත්සවය කරන්න වෙන්නැනේ

    ehenam travel with thonda wage rata wate watema gihin thama puchchanne
     
    • Like
    Reactions: Solo Rider