කොරෝනා ක්‍රීඩාව..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කොරෝනා ක්‍රීඩාව..

    කොරෝනා ක්‍රීඩාව..

    අඩෝ..
    හිතපන් ඇදිරිනීතිය වෙලාවේ පාරේ යන්නේ කොරෝනා සොම්බි කියලා..

    උන් එන්නේ අපිට ඇටෑක් කරන්න තමයි හරිය..

    හොයලා තියාගනිල්ලා හොද පොල්ලක්..

    පාර දිහා හොරෙන් බලන් ඉදපල්ලා සොම්බියෙක් එනකම්..

    ගහලා කානුවට දාපල්ලා එකෙන් ම..
    හරිය..

    හවස් වෙනකොට උබලා සොම්බි කී දෙනෙක්ට ඇටෑක්ස් කලාද කියලා මෙතන දාපල්ලා හරිය,,

    සොම්බි ඉන්න කූඩුවක් ම තියනවා කියලා මට නිව්ස් එකක් ආවා..

    ඊක ගමක් ලු,,
    බැටලු ගම කියලා එකක් බන්ඩාර ගම පැත්තේ,,

    මන් අද රෑට සොම්බි දඩයමේ යනවා එහේ..
    හරිය..
    ජයවේවා..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කොරෝනාවෙන් ගැලවිය හැකි ආකාර ඇත්තේ 3ක් පමණි.

    1. ප්‍රතිශක්තිකරන බෙහෙතක් (vaccination) නිපදවීම
    2. කණ්ඩායම් වශයෙන් රෝගී වී ප්‍රතිශක්තිකරණය ගොඩනගාගැනීම (Herd Immunity)
    3. සදාකාලිකවම නිවසට කොටුවී සිටින ආරක්ෂාකාරී ජීවන රටාවක් ගොඩ නගාගැනීම (Permanent Isolation)

    මේ ක්‍රමවේද තුන යටතේ සිදු වන්නේත් පැතිරීම පාලනය කිරීමක් පමණි. රෝගී වී ඇතිදැයි දැනගැනීමට නිරන්තරයෙන් සහ උපරිම ප්‍රදේශයක් ආවරණය වන පරිදි රෝගය වැලඳී ඇති දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය.

    මේ ක්‍රම තුනේ වර්ථමාන ප්‍රගතිය

    1. ප්‍රතිශක්තිකරන ලබාදීම.
    ප්‍රතිශක්තිකරනයක් යනු යම් නීරෝගී පුද්ගලයෙකුට එය ලබා දුන් විට, එම ප්‍රතිශක්තිය හේතුවෙන් COVID-19 වෛරසයට නිරාවරණය වුවද රෝගී වීමක් සිදු නොවන ආකාරයේ එන්නතකි. රසායනික අත්හදා බැලීම් සිදුකර COVID-19 වෙනුවෙන් ප්‍රතිශක්ති කරණයක් නිපදවීමට තවත් අවුරුද්දක වත් කාලයක් ගතවනු ඇත. 😐
    මේ අතර ජපානයේ ෆූජි ෆිල්ම් යටතේ ඇති රසායනික ආයතනයකින් නිපදවන අවිගන් (Favipiravir) බෙහෙත COVID-19 ආසාදනය වූ අයට ලබාදුන් විට සුව වීම ඉක්මන් වන බව ජපානයේ, චීනයේ සහ කොරියාවේ කරන ලද අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇතත් එහි බලපෑම, අතුරු ආබාධ සහ සාර්ථකත්වය පිළිබඳ තවමත් 100%ක් විශ්වාස කල නොහැක.

    2. රෝගයට ගොදුරු වීමෙන් ප්‍රතිශක්තිය ගොඩ නගාගැනීමේ ක්‍රමවේදයට අත ගසා තිබුනේ ස්වීඩනය පමණි. ස්පාඤ්ඤ උණ වසංගතයෙන් උගත් පාඩම් ඇසුරෙන් යමින්, දෙවන වසංගත රැල්ල වැඩි මරණ ගෙන දේවි යන විශ්වාසය ඇතිව, ස්වීඩන් රජයේ මෙම තීරණයට සහය දෙමින් රට වැසියන්ද COVID-19 වැලඳගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත්, මරණ අනුපාතිකය ඉහල යෑම සහ වයස 80ට වැඩි ජනගහනය වැඩි රටක් වීම යන කරුණු සළකා තරමක් දුරට ආරක්ෂිත පියවර වැඩි කිරීමට ඔවුන්ද පියවර ගෙන ඇත.

    3. රජයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වරින් වර දෙන උපදෙස් පිළිපදිමින් හැකි තරම් තනි වී සිටීම සියළුම රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් වී ඇතත්, මේ මගින් වසංගතය පාලනය කිරීමට කොපමණ කාලයක් ගත වේදැයි නිශ්චිතව කිව නොහැක. එබැවින් රාමුවෙන් පිට දකින නව විද්‍යාත්මක අනාවරණයන් සහ සොයාගැනීම් අවැසි කාලයක් බවට මෙය පත්වනු ඇත.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජොසී;25284866 said:

    එතකොට සොම්බි කෝ...
    අර වලතර ගල් පරයත් සොම්බියෙක් තමා..
    හරිය..