කොරෝනා පරාජයට තුන්වැනි එන්නත්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    ‘කොරෝනා පරාජයට තුන්වැනි එන්නතකුත් ඕනෑ ‘​



    (සුජිත් හේවාජුලිගේ )

    කොරෝනා මර්දන එන්නතකින් පුද්ගලයකුට රැකවරණය සැලසෙන්නේ වසරක පමණ කාලයකට පමණකැයි වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.

    මේ තත්ත්වය යටතේ එන්නතේ දෙවෙනි මාත්‍රාව ගත් පුද්ගලයෙකුට වසරක් ගත වීමට පෙර තුන්වෙනි මාත්‍රාවක් (booster)ලබාදීම වැදගත් වන බවද ඔහු ප්‍රකාශ කළේය .

    ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ මට්ටම එන්නත ලබාගෙන කාලයක් ගත වෙද්දී හීන වී යන බව පෙන්වා දෙන මහාචාර්යවරයා එය නැවත වැඩිදියුණු කිරීම සඳහා තෙවැනි මාත්‍රාවක් දිය යුතු බව වෛද්‍ය මතය යයිද පැවැසුවේය .

    මේ අතර තනි වයිරසයක් ඇතුළුවීමෙන් රෝගය බෝ නොවන බවත් රෝගය බෝවීමට නම් සැලකිය යුතු වයිරස ප්‍රමාණයක් ශරීරය තුළට ඇතුළු විය යුතු බවත් තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය .

    මුව ආවරණ පැළඳීම ,නිසි දුරස්ථභාවය පවත්වාගෙන යාම හා යම් පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසුව සබන් යොදා දෑත් සේදීම යන ක්‍රියාමාර්ග තුන නිසියාකාරව අනුගමනය කිරීමෙන් වයිරසය ශරීරයට ඇතුල් වීම වළක්වා ගත හැකි බව කී විතාරණ මහතා එම ක්‍රියාමාර්ගවලින් වයිරසය අන් අයට පැතිරීමද වැළකෙන බව පෙන්වා දුන්නේය .

    වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් සියයට අසූවකට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන නමුත් ඔවුන් ප්‍රබල රෝග වාහකයන් බවද මහාචාර්යවරයා පැවසුවේය.


    :sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    ලංකාවෙ වැක්සීන් නැතිව මිනිස්සු ඉන්නව ගහගන්න හොංකොං වල වැක්සීන් තිබිල මිනිස්සු ගහගන්නෙ නැතුව වැක්සීන් expire ත් වෙලා..මිලියන 7ක් ඉන්න රටේ වැක්සීන් දෙකම ගහගෙන තියෙන්නෙ ලක්ෂ 9යි..ගොඩක්ම අය බය නිසා ගහගන්නෙ නැත්තෙ..