කොරෝනා - මම ජනාධිපති වෙලා හිටියනම්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,702
    4,444
    113
    Influenza.jpg


    මම ජනාධිපති වෙලා හිටියනම් කොරෝනා වලින් රට බේරගන්න මෙහෙම ඇඳිරිනීතිය දාලා බලෙන් මිනිස්සු ලව්වා මේක කරවන්නේ නෑ.

    මම ඉස්සෙල්ලම කරන්නේ කෝවිඩ්-19 වෛරසය කියන නම "#කොඩිවින_භූත_බන්දනය" කියලා අපේ රටේ මිනිස්සුන්ට ඇඟට දැනෙන විදිහට වෙනස් කරන එක.

    ඊලඟට දොස්තරලා, පොලිස් මාද්‍ය ප්‍රකාශක, හමුදාපති වගේ අය දාලා ජනතාව දැනුවත් කරන එක නතර කරනවා.

    නතර කරලා රටේ නම ගිය ගුරුකම් කරන හාමුදුරුවරු කිහිප දෙනෙකුයි, ජ්‍යෝතීශ්‍ය වේදියෝ කිහිප දෙනෙකුයි ගෙන්නලා මාද්‍ය හමුවක් පවත්වනවා.

    පවත්වලා එයාලා ලව්වා කියවනවා මේක බයානක භූත බන්දනයක්. මනුස්ස සරීර වලට ආවේශ වෙනවා. මේකෙන් ගැලවෙන්න නම් පහත දේවල් අනුගමනය කරන්න කියලා.

    • ජීවම් කරන ලද ෆේස් මාස්ක් හැම වෙලේම පලදින්න
    • සෑම විටම කහ දියරයෙන් අත සෝදන්න
    • පිටතට ගමන් කරන විටදි හැකි සෑම විටම අනේකා සමඟ මීටරයක පමන දුරක් තබා ගන්න. භූතාත්මයට එවිට ඔබේ ඇඟට ඇතුල් වීමට අපහසුය.

    ඊලඟට කරන්නේ ඔය ෆේස් මාස්ක් වල ඉස්සරහා පොඩියට පන්චායුදයක්, ත්‍රිශූලයක්, ස්වස්තිකයක් ප්‍රින්ට් කරන්න කියලා ඒවා හදන අයට උපදෙස් දෙන එක. ඊට පස්සේ ෆේස් මාක්ස් විකුණන ෆාමසි ඉස්සරහින් බෝඩ් එකක් ගහනවා
    " 108 වරක් ජීවම් කරන ලද ෆේස් මාස්ක් මෙහිදි ලබා ගත හැක" කියලා.

    එහෙම කලාට පස්සේ ලස්සනට ජනතාව ෆේස් මාක්ස් දාගෙන ඔය උපදෙස් අකුරටම පිලිපදිනවා. ආයි ඒ ගැන හොයන්න බලන්න ඕනේ නෑ අමුතුවෙන්.

    ඊලඟට කරන්නේ ස්වයං නිරෝදායනය කරන ගෙවල් වලට PHI මහත්තුරු වෙනුවට කට්ටඩි මහත්තයෙක් යවන එක. යවලා ඒකා ලව්වා එතන පොඩි යාතු කර්මයක් කරලා, පොඩි යන්තර කෑල්ලක් දම්මනවා.

    ඊලඟට ගෙදර අයට උපදෙස් දෙනවා දින 14ක් යනකල් ගෙදරින් එලියට යන්න එපා, කිළි වදින්න යන්න එපා. මස් මාලු කන්න එපා එලවලුයි බතු කාලා ගෙදරටම වෙලා ඉන්න. ගෙදරින් එලියට බැස්සොත් කරපු ගුරුකමේ බල බිඳෙනවා කියලා.

    ඊට පස්සේ අර නිරෝදායනය කරන ගෙවල් වල අලවන නෝටිස් එක තියෙන්නේ. අන්න ඒක වෙනුවට ලොකූ අකුරෙන් " කොරෝනා වෛරසය අද නොවේ හෙට..." කියලා ලියපු ස්ටිකර් එකක් ඒ ගෙදර දොරේ අලවනවා...

    සතියෙන් කොරෝනා ලංකාවෙන් තුරන් කරන්න පුලුවන් ඔය ක්‍රමයෙන්😂🙏

    ලංකාවේ මිනිස්සු විද්‍යාවට බය නැති උනාට මිත්‍යාවට හරි බයයි !!

    from: fb
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    මුලින්ම ගුරුන්නාන්සෙව යවන්න ඕන බයිපොච්චාගේ ගෙදරට.