1.මොනවද මේ වෛරස් ප්‍රභේද කියන්නෙ?
වෛරසයක් විසින් තවත් වෛරසයක පිටපතක් හදන්නේ අපේ සෛලයක් ඇතුලේදී. මේ විදියට පිටපත හැදෙද්දී වෛරසයේ ගෙනෝමය එහෙම නැත්නම් සම්පූර්ණ ජාන එකතුවේ වෙනස්කම් වෙනවා. කොටින්ම දෙවෙනියට හැදෙන පිටපත පළවෙනි වෛරසයේ සර්වසම්පූණ පිටපතක් නෙවෙයි.මෙන්න මේ ජාන විකෘති නිසා අලුත් වෛරස ප්‍රභේදයක් බිහි වෙනවා. මේ සිද්ධිය ඕනෙ තරම් වෙනවා හැබැයි වෛරසයේ හැසිරීමේ වෙනසක් ගොඩක් වෙලාවට වෙන්නෙ නෑ. ඒ කියන්නෙ පළවෙනි වෛරසය වගේම දෙවෙනි වෛරසයත් හැසිරෙනවා. හැබැයි සමහර වෙලාවට මේ විකෘති නිසා වෛරසයේ හැසිරීම් වෙනස් වෙනවා. නිතරම නිව්ස් වලින් ඇහෙන අලුත් ප්‍රභේද මේ විදියේ මුල් වෛරසයට වඩා වෙනස් හැසිරීම් සහිත අය.
2.ඇයි දැන් ගොඩක් ප්‍රභේද හැදෙමින් තියෙන්නෙ?
කලින් කිව්වානේ හැම පිටපත්කරණයකදීම විකෘති ඇතිවෙන්න ඉඩක් තියනවා කියලා. දැන් ලෝකේ කොරෝනා රෝගීන් මිලියන 100ක් පහුකරලා ඉවරයි. ඒ කියන්නෙ පිටපත්කරණය වැඩි වෙලා. ඉතින් විකෘති හැදෙන්න චාන්ස් එකත් වැඩි වෙලා. නිව්ස් වලින් අහන්න ලැබෙන්නෙ වැඩියෙන් පැතිරෙන ප්‍රභේද ගැන. අපිට කොරෝනා ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි දැන්. කොරෝනා බෝ වෙලා හොඳ වෙච්ච අයගේ සහ වැක්සින් එක ගහපු අයගේ ඇඟේ බොහෝ දුරට වෛරසයට ප්‍රතිශක්තියක් තියෙනවා. එතකොට මේ ප්‍රතිශක්තියට ගහන්න බැරි වෛරසයකට පැතිරීමේ වැඩි හැකියාවක් තියෙනවා. මේ සිද්ධිය දකුණු අප්‍රිකාණු B.1.135 ප්‍රභේදේ දකින්න පුලුවන්.
3.අලුත් ප්‍රභේද ගැන අපි කළබල වෙන්න ඕනෙද?
වෛරසය ලෝකේ මිනිස්සු අතර පැතිරෙනකම් අපිට අලුත් ප්‍රභේද ඇතිවෙනවා බලාගන්න පුලුවන්.
මුලින්ම අලුත් ප්‍රභේදයක් කියපු පළියට ඒක දරුණු, බෝවීමේ හැකියාව වැඩි එකක් වෙන්න ඕනෙම නෑ. සුළු රෝග ලක්ෂණ ඇතිකරන ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාවය එහෙමමයි.
ඊළඟට අපි මුහුණ දෙන ප්‍රශ්නේ අලුතෙන් හැදෙන ප්‍රභේද අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟාරින්න පුලුවන් මට්ටමේ ඒවා වීම. දැනට වැක්සින් එකෙන් එන ප්‍රතිශක්තිය මඟාරින්න දකුණු අප්‍රිකාණු B.1.135 ටත්, බ්‍රසීලයේ P.1 එකටත් පුලුවන්. ඒක නිසා දිගටම ඒවාට ඔරොත්තු දෙන අලුත් වැක්සීන් වර්ග ගහන්න සිද්ධ වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට පිටරට influenza vaccine එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන්න වෙනවා. SARS-Cov-2 එක නම් එච්චර වේගෙන් ප්‍රභේද හැදෙන්නෙ නෑ. ඒත් එහෙම වුනා කියල ගණන් නොගෙන ඉන්නත් බෑ.
4.අපේ වැඩ නිසා ප්‍රභේද වැඩි වෙනවද?
ප්‍රධානම ගොන් වැඩේ ලෙඩේ පැතිරෙන්න ඉඩ අරින එක. කොරෝනා තවාන් දාන බ්‍රසීලේ, ඉන්දියාව වගේ රටවලින් අලුත් ප්‍රභේද එන්න චාන්ස් එක වැඩියි.
තව හේතුවක් විදියට විද්‍යාඥයන් කියන්නෙ වැක්සින් එකේ ඩෝස් දෙක අතර පරතරය. අපිට ලැබිලා තියෙන්නෙ සීමිත වැක්සින් ප්‍රමාණයක් නම් ඊළඟ එක ලැබෙනකම් එකක් පුලුවන් හැමෝටම ගහන එක හොඳයි වගේ පෙනුනත්, එක වැක්සින් එකකින් ලැබෙන ප්‍රතිශක්තිය මදි නිසා ආයෙ බේවෙන්න පුලුවන් හැකියාව වැඩි නිසා වැක්සින් ගහපු අය අතරින් වැක්සින් එකට ඔරොත්තු දෙන ප්‍රභේද ඇතිවෙන්න ඉඩක් තියෙනවා. ඒත් මේක තාම උපකල්පනයක් විතරයි. (මේ සිද්ධියම තමා antibiotic බාගෙට ගත්තහම වෙන්නෙ. ඒ antibiotic එකට ඔරොත්තු දෙන බැක්ටීරියා ප්‍රභේද ඇතිවෙනවා.මේක උපකල්පනයක් නෙවෙයි. හොඳට එදිනෙදා දකින්න පුලුවන් දෙයක්.)
5.ප්‍රභේද ඇතිවෙන එක නවත්තන්න මොකක්ද කරන්න ඕනෙ?
ලෙඩේ පැතිරෙන එක නවත්තන එක තමා මූලිකම විසඳුම. එකක් තමයි රෝග පැතිරීම පාලනයට අවශ්‍ය නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම අනික ඉක්මනින් ජනගහනයෙන් ලොකු කොටසකට වැක්සින් එක දෙන එක.