කොරෝනා වෛරස අර්බුදයෙන් පසු ආර්ථික කළමනාක

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    කොරෝනා වෛරස අර්බුදයෙන් පසු ආර්ථික කළමනාක

    " අපේ රටේ සැබෑ ප්‍රශ්ණය එළියට එන්නේ තව මාස හතරකින් පහකින්. ඇඟළුම් කර්මාන්තය අන්තිම අඩියේ. සංචාරක කර්මාන්තය නිකන් මැරිලා වගේ. තේ අපනයනයත් සෑහෙන්න වැටිලා. පිටරවල ඉන්න ශ්‍රී ලාංකිකයො ලක්ෂ ගාණකට රස්සා නැති වෙලා, ලැබෙන ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙලා. එතනින් රටට එන විදේශ විනිමයත් හොඳටම පල්ලෙහාට ගිහින් තියෙන්නේ. අත්‍යවශ්‍ය දේවල් කරගන්න ආණ්ඩුව සල්ලි හොයා ගන්නේ අලුතෙන් මුදල් නෝට්ටු අච්චු ගහලා. ඒක ඉස්සරහට රට තව කබලෙන් ලිපට වට්ටන ජාතියේ වැඩක්. රට ඇතුලෙත් දස දහස් ගාණකට රස්සා නැති වෙලා. තව ලක්ෂ ගාණකගෙ පඩි කපලා. ස්වයං ව්‍යාපාර කරන් ඉන්න ලක්ෂ ගාණකට කර කියා ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නේ. ඉදිරියේ බොහොම කටුක කාලයක් එන්න යන්නේ. දැන්වත් මිනිස්සුනේ තම තමන්ගේ පෞද්ගලික මට්ටමෙන් අත්‍යවශ්‍යම දෙයකට විතරක් වියදම් කරන්න පුරුදු වෙන්න. අනවශ්‍ය, අරුමෝසම්, පුරාජේරු වියදම් ඔක්කොම නවත්තල දාන්න. සරල, අල්පේච්ච ජීවිතයකට පුරුදු වෙන්න. නැත්තම් ඉස්සරහට ජීවිත් වෙනවා කියන එක බොහොම අමාරු වේවි " (Copied)

    ඉස්සරහට ජීවිතේට මූණ දෙන්න , ඔයාලගෙ අදහස් කොහොමද? මොනවහරි අදහසක් කථා කරමු. මේක බලන කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා.