කොරෝනා සමාජ පැතිරීමක් යයි සැක.. අහඹු ලෙස පරීක්ෂණ ඇරඹේ..
July 10, 2020 at 12:00 pm | lanka C news
අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ කොළඹ නගරයේ සීමාවේ වාසය කරන පුද්ගලයන්ගෙන් ඒ සඳහා අහඹු ලෙස තෝරා ගෙන ජීව සාම්පල ලබා ගන්නා බවයි.
වෛරසය සමාජීය පැතිරීමක් ඇතිදැයි දැන ගැනීම සඳහා මෙම පරීක්ෂා කිරීම සිදු කරයි.
මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක්..
July 10, 2020 at 10:00 am
| lanka C news
මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 10 පුද්ගලයන් 40 පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
අදාළ කාන්තාව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ කාන්තාවකි.
එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඇය ආශ්‍රය කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය 56 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් මතුව ඇතිදැයි සෞඛ්‍ය අංශ සැක පල කරයි.
කොරෝනා දෙවැනි රැුල්ලක් සම්බන්ධයෙන් ඔව් හෝ නෑ යයි කීමට මේ මොහොතේ හැකියාවක් නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් වෛරසය ප්‍රජාව අතරට යා නොදී පාලනය කර කරන බවද ජාසිංහ මහතා පැවසීය.
මාරවිල ප්‍රදේශයේ කාන්තාව කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට තම නිවස බලා යාමට භාවිතා කළ පොදු ප්‍රවාහන සේවා බස්රථ තුනක ගමන් කළ පිරිස හඳුනා ගැනීම දැඩි අභියෝගයක් වී ඇති බවද වාර්තා වෙයි.
දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්.. බස් රථ තුනක ගිහින්.. එම මගීන් හදුනාගැනීම අවුලක..
July 9, 2020 at 10:02 pm | lanka C news
කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ.
ඇය පසුගිය තුන් වෙනිදා නිවාඩු දමා තම නිවස කරා ගොස් ඇත්තේ අවස්ථාවන් කිහිපයකදීම පොදු ප්‍රවාහන සේවා බස් රථ භාවිතා කරමිනි.
පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත.
කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.
නැවතත් නාත්තන්ඩිය පැමිණ ඇත්තේ තවත් බස් රථයකිනි.
නමුත් මේ සියලු අවස්ථාවන්හි දී ඇය මුඛ ආවරණයක් පැළඳ ගෙන සිටීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ යම් සීමාවක් ඇති විය හැකි යයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
දැනටමත් ඇයගේ සමිපතයන් 07 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ඇය ගිය ස්ථාන කිහපයක පිරිසද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
මෙම තැනැත්තිය ගමන් ගත් බස් රථවල ඒ මොහොතේ සිටි පුද්ගලයන් සොයා නිරෝධායනයට ලක් කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වූ 03 දෙනෙකු රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඉතිරි දෙදෙනා ඔහුගේ දරුවන් දෙදෙනාය.
එම දරුවන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 11 ක දරුවෙක් බවක් අනෙක් දරුවා වයස අවුරුදු එකහමාරක් බවත් ඔහු සඳහන් කළේය.
අදාළ නිලධාරියා එම දිනවල සහභාගි වූ අවමංගල උත්සවයකට සහභාගී වූ 150ක්, දානය ගෙදරක 80ක්, දරුවා සහභාගිවූ පන්තියේ සිසුන් 70ක් නිරෝධායනයට ලක් කර ඇතැයිද ඔහු පැවසීය.
කොවිඩ් කථාව - රාජාංගනය
රාජාංගනය යාය 5 ප්‍රදේශයේ ජීවත් වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු, ඔහුගේ 11 හැවිරිදි පුත්‍රයෙකු සහ කුඩා බිළිඳෙකු (වයස අවුරුදු 1.5) කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත..
පසුගිය 3 වෙනිදා රාජාංගනය යාය 3 ප්‍රදේශයේ ඥාතියෙකුගේ මළ ගෙදරකට සහ පසුව පැවති දානයට ඔවුන් සහභාගී වී ඇති අතර එම අවස්ථාවන්ට සහභාගී වූ සියළු පුද්ගලයන් (150ක් සහ 80ක්) ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධනයකට ලක් කර තිබේ..
11 හැවිරිදි දරුවා රාජාංගනය යාය 1 ප්‍රදේශයේ උපකාරක පන්ති කිහිපයකට සහභාගී වී ඇති අතර ඊට සහභාගී වූ දරුවන් 70 දෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන්ද ආශ්‍රිතයන් සමඟ ස්වයං නිරෝධනයට යොමු කර තිබේ..
නිරෝධනයට යොමු කර තිබෙන සියළු දෙනාගේ PCR පරික්ෂණ සිදු කිරීමට නියමිතව ඇත..
July 10, 2020 at 12:00 pm | lanka C news
අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ කොළඹ නගරයේ සීමාවේ වාසය කරන පුද්ගලයන්ගෙන් ඒ සඳහා අහඹු ලෙස තෝරා ගෙන ජීව සාම්පල ලබා ගන්නා බවයි.
වෛරසය සමාජීය පැතිරීමක් ඇතිදැයි දැන ගැනීම සඳහා මෙම පරීක්ෂා කිරීම සිදු කරයි.
මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක්..
July 10, 2020 at 10:00 am
| lanka C news
මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 10 පුද්ගලයන් 40 පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
අදාළ කාන්තාව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ කාන්තාවකි.
එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඇය ආශ්‍රය කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය 56 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් මතුව ඇතිදැයි සෞඛ්‍ය අංශ සැක පල කරයි.
කොරෝනා දෙවැනි රැුල්ලක් සම්බන්ධයෙන් ඔව් හෝ නෑ යයි කීමට මේ මොහොතේ හැකියාවක් නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් වෛරසය ප්‍රජාව අතරට යා නොදී පාලනය කර කරන බවද ජාසිංහ මහතා පැවසීය.
මාරවිල ප්‍රදේශයේ කාන්තාව කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට තම නිවස බලා යාමට භාවිතා කළ පොදු ප්‍රවාහන සේවා බස්රථ තුනක ගමන් කළ පිරිස හඳුනා ගැනීම දැඩි අභියෝගයක් වී ඇති බවද වාර්තා වෙයි.
දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්.. බස් රථ තුනක ගිහින්.. එම මගීන් හදුනාගැනීම අවුලක..
July 9, 2020 at 10:02 pm | lanka C news
කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ.
ඇය පසුගිය තුන් වෙනිදා නිවාඩු දමා තම නිවස කරා ගොස් ඇත්තේ අවස්ථාවන් කිහිපයකදීම පොදු ප්‍රවාහන සේවා බස් රථ භාවිතා කරමිනි.
පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත.
කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.
නැවතත් නාත්තන්ඩිය පැමිණ ඇත්තේ තවත් බස් රථයකිනි.
නමුත් මේ සියලු අවස්ථාවන්හි දී ඇය මුඛ ආවරණයක් පැළඳ ගෙන සිටීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ යම් සීමාවක් ඇති විය හැකි යයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
දැනටමත් ඇයගේ සමිපතයන් 07 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ඇය ගිය ස්ථාන කිහපයක පිරිසද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
මෙම තැනැත්තිය ගමන් ගත් බස් රථවල ඒ මොහොතේ සිටි පුද්ගලයන් සොයා නිරෝධායනයට ලක් කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාදනය වූ 03 දෙනෙකු රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඉතිරි දෙදෙනා ඔහුගේ දරුවන් දෙදෙනාය.
එම දරුවන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 11 ක දරුවෙක් බවක් අනෙක් දරුවා වයස අවුරුදු එකහමාරක් බවත් ඔහු සඳහන් කළේය.
අදාළ නිලධාරියා එම දිනවල සහභාගි වූ අවමංගල උත්සවයකට සහභාගී වූ 150ක්, දානය ගෙදරක 80ක්, දරුවා සහභාගිවූ පන්තියේ සිසුන් 70ක් නිරෝධායනයට ලක් කර ඇතැයිද ඔහු පැවසීය.
කොවිඩ් කථාව - රාජාංගනය
Last edited:
mask dapallla