කොරෝනා සමාජ පැතිරීමක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා සමාජ පැතිරීමක් යයි සැක.. අහඹු ලෙස පරීක්‍ෂණ ඇරඹේ..
    July 10, 2020 at 12:00 pm | lanka C news

    කොරෝනා සමාජ පැතිරීමක් යයි සැක.. අහඹු ලෙස පරීක්‍ෂණ ඇරඹේ..

    අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත.

    එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ කොළඹ නගරයේ සීමාවේ වාසය කරන පුද්ගලයන්ගෙන් ඒ සඳහා අහඹු ලෙස තෝරා ගෙන ජීව සාම්පල ලබා ගන්නා බවයි.

    වෛරසය සමාජීය පැතිරීමක් ඇතිදැයි දැන ගැනීම සඳහා මෙම පරීක්ෂා කිරීම සිදු කරයි.

    මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක්..
    July 10, 2020 at 10:00 am
    | lanka C news

    මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 10 පුද්ගලයන් 40 පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

    අදාළ කාන්තාව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ කාන්තාවකි.

    එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඇය ආශ්‍රය කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

    කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය 56 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් මතුව ඇතිදැයි සෞඛ්‍ය අංශ සැක පල කරයි.

    කොරෝනා දෙවැනි රැුල්ලක් සම්බන්ධයෙන් ඔව් හෝ නෑ යයි කීමට මේ මොහොතේ හැකියාවක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    කෙසේ වෙතත් වෛරසය ප්‍රජාව අතරට යා නොදී පාලනය කර කරන බවද ජාසිංහ මහතා පැවසීය.

    මාරවිල ප්‍රදේශයේ කාන්තාව කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට තම නිවස බලා යාමට භාවිතා කළ පොදු ප්‍රවාහන සේවා බස්රථ තුනක ගමන් කළ පිරිස හඳුනා ගැනීම දැඩි අභියෝගයක් වී ඇති බවද වාර්තා වෙයි.

    දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්.. බස් රථ තුනක ගිහින්.. එම මගීන් හදුනාගැනීම අවුලක..
    July 9, 2020 at 10:02 pm | lanka C news

    කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ.

    ඇය පසුගිය තුන් වෙනිදා නිවාඩු දමා තම නිවස කරා ගොස් ඇත්තේ අවස්ථාවන් කිහිපයකදීම පොදු ප්‍රවාහන සේවා බස් රථ භාවිතා කරමිනි.

    පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත.

    කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.

    නැවතත් නාත්තන්ඩිය පැමිණ ඇත්තේ තවත් බස් රථයකිනි.

    නමුත් මේ සියලු අවස්ථාවන්හි දී ඇය මුඛ ආවරණයක් පැළඳ ගෙන සිටීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ යම් සීමාවක් ඇති විය හැකි යයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

    දැනටමත් ඇයගේ සමිපතයන් 07 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ඇය ගිය ස්ථාන කිහපයක පිරිසද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

    මෙම තැනැත්තිය ගමන් ගත් බස් රථවල ඒ මොහොතේ සිටි පුද්ගලයන් සොයා නිරෝධායනයට ලක් කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව වාර්තා වෙයි

    කොරෝනා වෛරසය ආසාදනය වූ 03 දෙනෙකු රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

    මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඉතිරි දෙදෙනා ඔහුගේ දරුවන් දෙදෙනාය.

    එම දරුවන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 11 ක දරුවෙක් බවක් අනෙක් දරුවා වයස අවුරුදු එකහමාරක් බවත් ඔහු සඳහන් කළේය.

    අදාළ නිලධාරියා එම දිනවල සහභාගි වූ අවමංගල උත්සවයකට සහභාගී වූ 150ක්, දානය ගෙදරක 80ක්, දරුවා සහභාගිවූ පන්තියේ සිසුන් 70ක් නිරෝධායනයට ලක් කර ඇතැයිද ඔහු පැවසීය.

    කොවිඩ් කථාව - රාජාංගනය

    📌 රාජාංගනය යාය 5 ප්‍රදේශයේ ජීවත් වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු, ඔහුගේ 11 හැවිරිදි පුත්‍රයෙකු සහ කුඩා බිළිඳෙකු (වයස අවුරුදු 1.5) කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත..

    📌 පසුගිය 3 වෙනිදා රාජාංගනය යාය 3 ප්‍රදේශයේ ඥාතියෙකුගේ මළ ගෙදරකට සහ පසුව පැවති දානයට ඔවුන් සහභාගී වී ඇති අතර එම අවස්ථාවන්ට සහභාගී වූ සියළු පුද්ගලයන් (150ක් සහ 80ක්) ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධනයකට ලක් කර තිබේ..
    📌 11 හැවිරිදි දරුවා රාජාංගනය යාය 1 ප්‍රදේශයේ උපකාරක පන්ති කිහිපයකට සහභාගී වී ඇති අතර ඊට සහභාගී වූ දරුවන් 70 දෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන්ද ආශ්‍රිතයන් සමඟ ස්වයං නිරෝධනයට යොමු කර තිබේ..
    📌 නිරෝධනයට යොමු කර තිබෙන සියළු දෙනාගේ PCR පරික්ෂණ සිදු කිරීමට නියමිතව ඇත..

    1594476986950.png
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    බඩුම තමා :dull: :( mask dapallla

    ඉන්දියාවේ කොරෝනා පැතිරෙන්නේ සුළගින්දැයි සොයා පුළුල් පරීක්ෂණයක්

    nethnews
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ස' හිතුවේ ඉවරයි කියලා..දැන් තියපංකෝ ජන්දෙ.😂😂😂😂ගොන් හරක් මීටින් තිය තිය තප්පුලනවා..සොරි තමා මේ පාරනම්..😂😂😂ගෝඨට තුනෙන් දෙක නෙමෙයි ජනපති පට්ටමත් දාල දුවන දවස වැඩි අෑතක නෑ..ගොන් හරකා වෙෙරස් රටට අරන් මුළු රටම කෑවා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු ලෙස සමාජය තුළින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දන්වා සිටී.

    එසේ නොකර රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ බලධාරීන් භාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

    කොරෝනා වසංගතය ආරම්භ සමයේ ජනාධිපතිවරයා විසින් පත්කළ තාක්‍ෂණික කමිටුව සතියකට දෙවරක් පමණ රැස් වී සාකච්ඡුා කර තීන්දු තීරණ ගත්තත් මේ වනවිට එම කමිටුව මාසයකට වරක් රැස්වන තත්ත්වයට පත්ව ඇතැයි ද ලේකම්වරයා කීය.

    මෙම කමිටුවේදී වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්‍ෂක අංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වී සාකච්ඡුා කර තීන්දු තීරණ ගත් බව ද ඒ මහතා අවධාරණය කළේය.

    වසංගත රෝග විද්‍යා අංශයම ප‍්‍රකාශ කරන ආකාරයට මසකට පී. සී. ආර්. පරීක්‍ෂණ 68,000 ක් පමණ සිදුකළ යුතු බව කීවත් මේ වනවිට දිනකට එවැනි පරීක්‍ෂණ සිදුකරන්නේ 1000 ක් 1500 ක් අතර යැයි ද සෙනාල් ප‍්‍රනාන්දු මහතා කීය.
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    ගෝට ස' තමා ඉතිං නැතුව අපි වගකියන්නද.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස' හිතුවේ ඉවරයි කියලා..දැන් තියපංකෝ ජන්දෙ.😂😂😂😂ගොන් හරක් මීටින් තිය තිය තප්පුලනවා..සොරි තමා මේ පාරනම්..😂😂😂ගෝඨට තුනෙන් දෙක නෙමෙයි ජනපති පට්ටමත් දාල දුවන දවස වැඩි අෑතක නෑ..ගොන් හරකා වෙෙරස් රටට අරන් මුළු රටම කෑවා..

    මුගේ සන්තෝසෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස' හිතුවේ ඉවරයි කියලා..දැන් තියපංකෝ ජන්දෙ.😂😂😂😂ගොන් හරක් මීටින් තිය තිය තප්පුලනවා..සොරි තමා මේ පාරනම්..😂😂😂ගෝඨට තුනෙන් දෙක නෙමෙයි ජනපති පට්ටමත් දාල දුවන දවස වැඩි අෑතක නෑ..ගොන් හරකා වෙෙරස් රටට අරන් මුළු රටම කෑවා..

    ජෙප්පෝ බලන් ඉන්නේ මිනිස්සු මැරෙනකන්....තොපිල වගේ කාලකන්නි රටට වාසනාවන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අත් හොදපල්ලා , mask දාපල්ලා , පරිස්සමින් රස්සාව කරපල්ලා :(

    කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක් : කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බලන්න පවුල්වල සාමාජිකයින් ඇවිත් ගිහින්

    http://nethnews.lk/article/78562
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ස' හිතුවේ ඉවරයි කියලා..දැන් තියපංකෝ ජන්දෙ.😂😂😂😂ගොන් හරක් මීටින් තිය තිය තප්පුලනවා..සොරි තමා මේ පාරනම්..😂😂😂ගෝඨට තුනෙන් දෙක නෙමෙයි ජනපති පට්ටමත් දාල දුවන දවස වැඩි අෑතක නෑ..ගොන් හරකා වෙෙරස් රටට අරන් මුළු රටම කෑවා..
    පුදුම මිනිස්සු සෙට් එකක්නේ ඉන්නේ ලංකාවේ.......
     
    • Like
    Reactions: erozan

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජෙපි වේස බල්ලොන්ට හරි සතුටුයි වගේ. රටට කරදරයක් එනකන් බලන් ඉන්න සක්කිලි
     
    • Like
    Reactions: HKavinda and erozan

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අත් හොදපල්ලා , mask දාපල්ලා , පරිස්සමින් රස්සාව කරපල්ලා :(

    කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක් : කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බලන්න පවුල්වල සාමාජිකයින් ඇවිත් ගිහින්

    http://nethnews.lk/article/78562

    මොන මගුලක්ද බන් ඒ. කොරෝනා වලට ගෙනාවම දැන් බලන්නත් දෙනවද 😳
     
    • Sad
    • Haha
    Reactions: indika250 and saja

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොන මගුලක්ද බන් ඒ. කොරෝනා වලට ගෙනාවම දැන් බලන්නත් දෙනවද 😳

    කොරෝනා වලට ගෙනාපු අය නෙමෙයි. මේ outbreak එක වෙලා තියෙන්නෙ කන්දකාඩු වලම තියෙන කුඩ්ඩො අල්ලං ගිහින් පුණුරුත්තාපනය කරන තැනක. (කොරොනා එවුන් ගෙනිහින් දාන කන්දකාඩු නෙමෙයි.)
     
    • Like
    Reactions: ryandok