උඹේ කොමන් සෙන්ස් අනුව හැමෝම නිකම්ම එළියට යන එක හොඳද මොනවහරි ක්‍රමේකට නහය කට වහගෙන යනවට වඩා?
උඹේ කොමන් සෙන්ස් අනුව වෛද්‍ය විද්‍යාව = DGHS ද?
කාගෙවත් වැරදි හොයන්න කලින් අපේ වැරදි හොයාගෙන ඉන්න ඕන නේ.
මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.
මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි.
ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය. ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය. ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.
මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය. මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා. මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.
මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්‍රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.
මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්න
ඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.
ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.
– Health Promotion Bureau

