කොරෝනා_අපේ_ශරීරයට කරන්නේ කුමක්ද? කියවිය ය&#354

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කොරෝනා_අපේ_ශරීරයට කරන්නේ කුමක්ද? කියවිය ය&#354

    කොරෝනා වෛරසය අපේ ශරීරයට කරන්නේ කුමක්ද? – කියවිය යුතුම ලිපියක්

    BBC පුවත් සේවයේ පළ වූ, සෞඛ්‍ය සහ විද්‍යා සන්නිවේදක ජේම්ස් ගැලාගර් විසින් ලියූ Coronavirus: What it does to the body ලිපියේ සිංහල පරිවර්තනය.

    400wm


    කොරෝනා වෛරසය මුලින්ම මතුවුණේ පසුගිය වසරේ දෙසැම්බරයේ වුණත් ලෝකය තවමත් එයින් ඇති කළ ගෝලීය වසංගත තත්වය සහ රෝගය වන කොවිඩ්-19 සමග සටන් කරමින් සිටිනවා.

    බොහෝ දෙනෙකුට මේ වෛරසය නිසා හටගන්නේ මධ්‍යස්ථ රෝග ලක්ෂණ. නමුත් ඇතැම් අය මෙයින් මරණයට පත් වෙනවා.

    ඒ නිසා මේ වෛරසය ශරීරයට පහර දෙන්නේ කොහොමද සහ, සමහරුන් ඒ නිසා මරණයට පත්වන්නේ කොහොමද වගේම, එයට බෙහෙත් කරන්නේ කෙසේද යන්න දැනගෙන සිටීම වැදගත්.

    බීජෞෂණ සමය

    බීජෞෂණ සමය එහෙමත් නැතිනම් Incubation period යනුවෙන් හඳුන්වන්නේ විෂබීජයකට ශරීරය නිරාවරණය වීම සහ මුල්ම රෝග ලක්ෂණ, සංඥා එයින් ඇතිවන කාලය අතර ඇති පරපතරයයි.

    මේ කාලය තුළ තමයි, කොරෝනා වෛරසය ශරීරය තුළ තමන් විසින්ම ස්ථාවර වීම ආරම්භ කරන්නේ.

    සෛල තුළට ගමන් කිරීම සහ ඉන්පසු එම සෛල හයිජැක් කිරීම මෙහිදී වෛරස මගින් සිදු වෙනවා.

    සාර්ස්-කොව්-2 (Sars-CoV-2) යන නිල නාමයෙන් හඳුන්වන කොරෝනා වෛරසය ඔබේ ශරීරය ආක්‍රමණය කරන්නේ ඔබ හුස්ම ගන්නා විටයි. එනම් ඔබ විසින් එම වෛරසය ආඝ්‍රාණය කරන විට (අසල සිටින අයෙකුගේ කැස්ස) හෝ විෂබීජය සහිත මතුපිටක් ස්පර්ශ කර ඉන්පසු ඔබගේ මුහුණ ස්පර්ශ කරනා විටයි.

    මුලින්ම එය ඔබේ උගුර මායිම් කරන සෛල, වා මග සහ පෙණහළු ආසාදනයට ලක් කරනවා. ඉන්පසු ඒවා ‘කොරෝනා වෛරස් කම්හල්‘ (ෆැක්ටරි) බවට පත් කරනවා. එම කම්හල් මගින් ඔබේ ශරීරයේ තවත් සෛල විශාල වශයෙන් ආසාදනයට ලක් කරන අලුත් වෛරස වේගයෙන් විදින්නට පටන් ගන්නවා.

    GETTY-IMAGES-fdf.jpg


    මේ මුල් අවධියේදී ඔබට කිසිම අසනීප ගතියක් දැනෙන්නේ නැහැ. සමහර අයට පසු අවධිවලදීවත් කිසිම අසනීප ගතියක් නොදැනෙන්න ඉඩ තියෙනවා.

    මේ බීජෞෂණ සමය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් දළ වශයෙන්, එය දින 5 ක්.

    මද රෝගී බව – Mild disease

    මේ තත්වය තමයි, බහුතරයක් මිනිසුන් අත්දකින්නේ.

    මිනිසුන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුටම කොවිඩ්-19 ආසාදනය මගින් ඇති කරන්නේ මද රෝගී තත්වයක්. එහි මූලික ලක්ෂණ වන්නේ උණ සහ කැස්සක්.

    ඇඟේ පතේ කැක්කුම, උගුර රිදීම සහ හිසේ කැක්කුමත් ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ තත්වයන් ඇතිවෙනවාම කියා කියන්න බැහැ.

    ‘ඇඟට හරි නැති බවක්‘ සමග ඇතිවන උණ ගතිය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ ආසාදනයට ප්‍රතිචාර දක්වමින් සිටින බවට ලකුණක්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් වෛරසය සතුරුකාරී ආක්‍රමණිකයෙකු ලෙස හඳුනාගන්නවා. ඉන්පසු යමක් වැරදී ඇති බව එය, ශරීරයේ සෙසු කොටස්වලට දැනුම් දෙන්නේ සයිටොකයින් (cytokines) ලෙස හඳුන්වන රසායනිකයන් නිකුත් කිරීම මගින්.

    මෙමගින් කෙරෙන්නේ ශරීරය පුරාම තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටස් එක පෙළට සටනට කැඳවීම. එවිට මේ අවස්ථාවේදී ශරීරයේ විවිධ වේදනා සහ උණ ගතිය ඇති වෙන්න පුළුවන්.

    කොරෝනා වෛරස කැස්ස මූලික වශයෙන්ම වියළි කැස්සක්. මෙය, වෛරසය විසින් සෛල ආසාදනය වන විට ඇතිවන සෛලවල උද්දීපනය වීම නිසා සිදුවන්නක් විය හැකියි.

    මෙයින් පසු ඇතැම් අය සෙම සහිත කැස්සක් වෙත මාරු වෙනවා. මේ සෙමවල අඩංගු වන්නේ වෛරසය විසින් මරා දැමූ පෙණහළු සෛල. එනම් මියගිය පෙණහළු සෛල.

    මේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර වන්නේ ඇඳ විවේකය, දියර වර්ග හැකිතාක් පානය කිරීම සහ පැරසිටමෝල්. මේ අවස්ථාවේදීත් ඔබට රෝහලක විශේෂඥයෙකුගේ සහාය අවශ්‍ය වන්නේ නැහැ.

    මේ තත්වය සතියක් පමණ පැවතෙනවා. ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබේ නම් බොහෝ අය මේ අවස්ථාවේදී සුවය ලබනවා.

    කොහොම වුණත්, සමරුන්ට තවදුරටත් බරපතළ ලෙස කොවිඩ්-19 තත්වය වර්ධනය වෙනවා.

    මේ අවධිය ගැන අප දැනට දන්නේ මෙපමණයි. නමුත් මේ තත්වය නිසා හෙම්බිරිස්සාව එහෙමත් නැතිනම් සෙම්ප්‍රතිශ්‍යාව තත්වයේදී ඇතිවන නාසයෙන් සොටු දියර ගැලීම වගේ ලක්ෂණත් ඇති වන බවට ඇතැම් පර්යේෂණ යෝජනා කරනවා.

    උග්‍ර රෝගී තත්වය – Severe disease

    රෝගය තවදුරටත් වර්ධනය වෙනවා නම් එසේ වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පමණ ඉක්මවා වෛරසයට එරෙහිව සටන් කරමින් සිටින නිසයි.

    ශරීරයේ සෙසු කොටස්වලට නිකුත් කරන මෙකී රසායනික සංඥාවන් හේතුවෙන් ප්‍රදාහය (inflammation) ඇති වෙනවා. නමුත් මෙය නිසි පරිදි සමතුලිතාවය පවත්වා ගත යුතුයි. පමණ ඉක්මවා ප්‍රදාහය ඇති වූ විට එමගින් මුළු ශරීරයටම බලපාන හානිදායක තත්වයන් ඇති වෙන්නට පුළුවන්.

    ‘‘වෛරසය මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ අසමතුලිත බවත් ඇති වෙනවා. එවිට පමණ ඉක්මවා ප්‍රදාහ තත්වය ඇති වෙනවා. එය සිදුවන්නේ කොහොමද කියා අපි දන්නේ නැහැ..‘‘ යැයි ලන්ඩනයේ කිංස් කොලීජියේ වෛද්‍ය නැතලී මැක්ඩර්මොට් පවසන්නේ ඒ නිසයි.

    අපි නියුමෝනියාව කියා කියන්නේ පෙණහළුවල ඇතිවන ප්‍රදාහ තත්වයටයි.

    ඔබේ මුඛය හරහා ගලනාලයටත්, එතැනින් කුඩා ප්‍රණාල හරහා ඔබේ පෙණහළුවලටත් යන්නට වෛරසයට හැකි වී තිබුණොත්, අවසානයේ පෙණහළුවල පුංචි වායු මළු ඇති වෙනවා.

    පෙණහළුවලින් තමයි, කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරන්නේ. නමුත් නියුමෝනියා තත්වයේදී මේ පුංචි වායු මළු වල වතුර පිරෙන්නට පටන් ගන්නවා. ඒ නිසා කෙටි හුස්ම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

    සමහර අයට මේ අවස්ථාවේදී හුස්ම ගන්නට සිදු වන්නේ වෙන්ටිලේටරයක (ශ්වසන ආධාරක යන්ත්‍රයක) පිහිටෙන්.

    මේ අවධියට 14%ක් පමණ වන ආසාදිතයන් ගොදුරු වන බව දැනට ලබාගත හැකි දත්තවලින් පෙනී යනවා.

    බරපතළ රෝගී තත්වය – Critical disease

    ආසාදිතයන්ගෙන් 6%ක් පමණ මෙම තත්වයට මුහුණ පානවා.

    මේ අවස්ථාව වන විට ශරීරය අකර්මණ්‍ය වන්නට පටන් අරන්. මරණයට පත් වීමේ සැබෑ අවදානමක් මෙවිට තිබෙනවා.

    ප්‍රශ්නය වන්නේ මේ අවස්ථාව වන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පාලනයෙන් බැහැර වී තිබීම. ඒ වගේම ශරීරයේ සෑම කොටසකටම පාහේ එයින් හානි සිදුවන්නට පටන් ගෙන තිබීම.

    අවදානම් සහගත ලෙස මෙවිට රුධිර පීඩනය පහළ වැටීම සිදුවන්නට පුළුවන්. ඒ වගේම ඉන්ද්‍රියයන් නිසි ලෙස ක්‍රියාකිරීමට අසමත් වෙලා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන්නට පුළුවන්. මෙහි ප්‍රතිඵලය septic shock ලෙස හඳුන්වන පුතීක කම්පනයක් විය හැකියි.

    තීව්‍ර ශ්වසන පීඩා සහලක්ෂණය (Acute respiratory distress syndrome) ඇති වන්නේ පෙණහළු තුළ පුළුල් ලෙස පැතිරුණු ප්‍රදාහ තත්වය විසින් ශරීරයට නොනැසී සිටින්නට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබෙන නිසයි. වකුගඩු ලේ පිරිසිදු කිරීම නතර කරන්නට එයට පුළුවන්. ඔබේ අන්ත්‍රවල පිටත දාරවලට හානි කරන්නට එයට පුළුවන්.

    ‘‘මේ වෛරසය ඔබ මරා දමන්නට පුළුවන් තරමේ උග්‍ර පරිමාණයක ප්‍රදාහ තත්වයක් ඇති කරනවා… එයින් බහු-ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවය ඇති වෙනවා..‘‘ යැයි වෛද්‍ය භාරත් පංඛානියා පවසයි.

    ඉතින් අවසානයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෛරසය පරදවන්නට නොහැකි වුණොත්, එය ශරීරයේ අස්සක් මුල්ලක් නෑර අහුකොන් සිසාරා පැතිරෙනවා. එයින් ඊටත් වඩා වැඩි හානියක් සිද්ධ වන්නට පුළුවන්.

    මේ අවධියේදී ඉතාම ආක්‍රමණශීලී විදිහට ප්‍රතිකාර ලබාදිය යුතුයි. ECMO යන්ත්‍ර හෝ extra-corporeal membrane oxygenation මෙවිට යොදගත යුතු වේවි.

    A-patient-being-treated-with-an-ECMO-machine.jpg


    ECMO යන්ත්‍රයකින් ප්‍රතිකාර ලබන රෝගියෙක්

    මෙම යන්ත්‍ර අනිවාර්යයෙන්ම කෘත්‍රිම පෙණහළුවලට සමයි. එමගින් ශරීරයේ සංසරණය වන රුධිරය ඝනකම් නාල හරහා යන්ත්‍රයට සම්බන්ධ කර, යන්ත්‍රය තුළින් පිරිසිදු කර (ඔක්සිජනීකරණය කර) ආපසු ශරීරයට පොම්ප කරනවා.

    නමුත් අවසානයේ ඉන්ද්‍රියයන්ට ශරීරය පණපිටින් තබාගත නොහැකි වන මාරක අවධියක් දක්වා තත්වය වර්ධනය වන්නට පුළුවන්.

    පළමු මරණ ගැන….

    උපරිමයෙන් උත්සාහ කර තිබියදීත් ඇතැම් කොවිඩ්-19 රෝගීන් මරණයට පත්වූයේ කෙසේදැයි වෛද්‍යවරුන් පැහැදිලි කරනවා.

    චීනයේ වුහාන් පළාතේ ජින්යින්ටැන් රෝහලේදී මිය ගිය ලෝකයේ පළමු රෝගීන් දෙදෙනා ගැන ලැන්සෙට් වෛද්‍ය ජර්නලයේ සවිස්තරාත්මක විස්තර වෙනවා. ඔවුන් දීර්ඝ කාලීන ලෙස දුම්බීමට ඇබ්බැහි වී සිටි අය. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න බව පෙනුණත් ඔවුන්ගේ පෙණහළු දුර්වල වී තිබෙන්නට ඇති.

    මෙසේ මිය ගිය පළමුවැන්නා වන 61 හැවිරිදි පුද්ගලයා දරුණු නිව්මෝනියා තත්වයකට ලක් වී සිටියා, රෝහල්ගත වන විටත්.

    වෙන්ටිලේටරයකට සම්බන්ධ කළත් ඔහු තීව්‍ර ශ්වසන පීඩා තත්වයට ලක්ව සිටියා. ඔහුගේ පෙණහළු අකර්මණ්‍ය වුණා. ඔහුගේ හදවත ස්ඵන්දනය වීම නතර කළා.

    ඔහු මිය ගියේ රෝහල්ගත කර දින 11 කට පසුවයි.

    වයස 69 ක් වන දෙවැන්නාත් තීව්‍ර ශ්වසන සහලක්ෂණයෙන් පෙළෙමින් සිටියා.

    ඔහුව ECMO යන්ත්‍රයකට සම්බන්ධ කළත් එය ප්‍රමාණවත් වුණේ නැහැ. දරුණු නිව්මෝනියා තත්වයෙන් සහ සෙප්ටික් කම්පනයෙන් ඔහු මිය ගියේ ඔහුගේ රුධිර පීඩනය දරුණු ලෙස පහත වැටීමත් සමගයි.

    ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියවන්න…
    https://www.bbc.com/news/health-51214864
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    වටිනා ලිපියක් Ecmo යන්ත්‍රයකට සම්බන්ධ කරත් ගොඩ යන ප්‍රමාණය හරිම අඩුයි කියලා තිබුණා
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වටිනා ලිපියක් Ecmo යන්ත්‍රයකට සම්බන්ධ කරත් ගොඩ යන ප්‍රමාණය හරිම අඩුයි කියලා තිබුණා

    You must spread some Reputation around before giving it to 2osama again.