කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

    CXxHA8rW8AAnj49.png

    අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.
    එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට‍්‍රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ. කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප‍්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .
    ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.
    මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.
    ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා
    මෙන්න ඒ රහස් වට්ටෝරුව
    හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්. ග‍්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්. උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න .

    ප‍්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප‍්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.
    මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප‍්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .
    අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත‍්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.



    බුකියේ දැකලා ශෙයා කලේ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    sureda.?wattakka sugar walata hoda naha kiyanawa ahala thiyanawa

    ඕකේ දවසකට ගන්න කියන්නේ වට්ටක්කා ග්‍රෑම් 100 ක් නිසා ඒකෙන් එහෙම බලපෑමක් නැතුව ඇති කියලා හිතනවා.
    ග්‍රෑම් සීයක සීනි අඩංගු වෙන්නේ ග්‍රෑම් 2.8 කියලා ගූගල් කරාම තියනවා.

    Pumpkin
    Amount Per 100 grams
    Calories 26
    % Daily Value*
    Total Fat 0.1 g 0%
    Saturated fat 0.1 g 0%
    Polyunsaturated fat 0 g
    Monounsaturated fat 0 g
    Cholesterol 0 mg 0%
    Sodium 1 mg 0%
    Potassium 340 mg 9%
    Total Carbohydrate 7 g 2%
    Dietary fiber 0.5 g 2%
    Sugar 2.8 g
    Protein 1 g 2%
    Vitamin A 170% Vitamin C 15%
    Calcium 2% Iron 4%
    Vitamin D 0% Vitamin B-6 5%
    Vitamin B-12 0% Magnesium 3%
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එල :) +3

    හැබැයි වට්ටක්ක කියන්නේ උයපුවම එහෙම පැණි රහ දෙයක් නෙ. :oo:

    වෛද්‍යවරයා සයිට් එකේ නම් දියවැඩියාවට සුලභව ගත හැකි ආහාර වර්ග යටතේ වට්ටක්කා තියනවා මචං.
    http://waidyawaraya.com/archives/2325
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වෛද්‍යවරයා සයිට් එකේ නම් දියවැඩියාවට සුලභව ගත හැකි ආහාර වර්ග යටතේ වට්ටක්කා තියනවා මචං.
    http://waidyawaraya.com/archives/2325
    :oo: කටට පැනිරහ දැනුනට ඇඟට අගුණයක් නැතුව ඇති එහෙනං :yes:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අනේ උඹ දන්න වට්ටක්ක ඉවිල්ල :P

    ගම්මිරිස් දාල පට්ට තමා. :yes::yes:

    තම්බලා පොල් එක්ක කාපංකෝ නියම රසයි. මම වෙලාවකට පොලෙන් කිලෝ දෙකක් විතර ගෙනිහින් තම්බනවා.