කොල්ටැන් කතාව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    2.jpg


    ධනවාදය විවේචනය කරාම අපිට එල්ල වෙන සුලභ ප්‍රති තර්කයක් තමයි "උඹ ඔය කොමෙන්ට් එක දාපු ලැප්ටොප් එක / ෆෝන් එක හැදුවෙත් ධනවාදයෙන්" කියන එක​.

    කතාව ඇත්ත නෙ. ඉතිං මේ කියන්න යන්නෙ ධනවාදය අපිට ලැප්ටොප්, ෆෝන් දීපු කතාවෙ අතුරු කතාවක්.

    ඔය පරිගණක​, ලැප්ටොප්, මොබයිල් ෆෝන්, ටැබ්ලට් මෙකී නොකී අටෝරාසියක් ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම අංගයක් වෙන්නෙ ටැන්ටලම් ධාරිත්‍රක​. මේ ටැන්ටලම් ධාරිත්‍රක හදන්නෙ ටැන්ටලම් කියල මූලද්‍රව්‍යය පාවිච්චි කරල​.

    ටැන්ටලම් කර්මාන්ත සඳහා ලබා ගන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ලෝක ටැන්ටලම් අවශ්‍යයතාවයෙන් 20% සපයා ගන්නෙ ප්‍රතිචක්‍රීකරණයෙන්. 30% සපයා ගන්නෙ ටින් ලෝහය නිස්සාරණයේ අතුරු ඵලයක් විදිහට​. ඉතුරු 50% සපයා ගන්නෙ ඍජු ටැන්ටලම් කැණීමෙන්.

    ටැන්ටලම් අපිට සොබාවිකව හමුවෙන්නෙ "කොල්ටැන්" ඛනිජය විදිහට​. කොල්ටැන් වල කතාව තමයි මේ කියන්න යන්නෙ.
    1.jpg

    කොල්ටැන්​

    1990 දශකයේ මුල භාගයේදී ලෝකයේ වාර්‍ෂික කොල්ටැන් පරිභෝජනය ටොන් 400 ක් විතර වුනා. මේකෙන් 50% විතර සැපයුවේ ඔස්ට්‍රේලියාව​. තවත් 40% විතර සැපයුවේ කැනඩාව සහ බ්‍රසීලය​.

    1990 දශකයේ අග භාගය වෙද්දි ඕස්ට්‍රේලියාවේ කොල්ටැන් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවුනා. ඒ එක්කම කැනඩාවේ සහ බ්‍රසීලයේ නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වුනා. 1997 වෙද්දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 70% ආවෙ ඕස්ට්‍රේලියාවෙන්.

    1998 දී ලෝකයේ තොරතුරු තාක්‍ෂනයේ දියුණුවත් එක්කම ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයේ විශාල වර්ධනයක් ඇති වුනා. මේ එක්කම කොල්ටැන් වල මිල ඉතා විශාල වශයෙන් වැඩි වුනා.

    මේ කාලයේදීම කොංගෝවේ (කොංගෝ ප්‍රජාතන්‍ත්‍රික ජනරජය​) විශාල දේශපාලන විපර්‍යාසයක් වුනා. 1965 දී බලයට පත් වුන මොබුටු ගේ වසර 32 ක ඒකාධිපති පාලනය පෙරලා දාල ලෝරන්ට් කබීලා කොංගෝවේ බලය අල්ල ගත්තා. ඒ රුවන්ඩාවේ සහයෙන්.
    නමුත් කබීලාගේ සහයට කොංගෝවට ආපු රුවන්ඩා හමුදාව කොංගෝවෙන් පිටවුනේ නෑ. ඔවුන් ඒ වෙනුවට කොංගෝවේ රැඳී සිටිමින් කොංගෝවේ දේශපාලනයට බලපෑම් කරන්න පටන් ගත්තා.

    army_01.jpg

    රුවන්ඩා හමුදාව​​

    මේ කාලයේ රුවන්ඩාවේ නායකයා වුනේ පෝල් කගාමේ. ඔහු අංක එකේ බටහිර හිතවාදියෙක්. ඔහු ඇමරිකාවේ හමුදා කඳවුරු වල යුධ පුහුණුව පවා ලබල තියෙනවා. කොංගෝව භූමි ප්‍රමානයෙන් රුවන්ඩාව වගේ 90 ගුණයක් විශාලයි. ජනගහණය අතින් 7 ගුණයක් විශාලයි. ඒත් බටහිර ආයුධ සහ බටහිර හමුදා පුහුණුව ලත් රුවන්ඩා හමුදාවට මුහුණ දෙන්න කොංගෝ හමුදාවට ශක්තියක් තිබ්බෙ නෑ.

    1998 දි කබීලා රුවන්ඩා හමුදාවට පිටවෙන්න අණ කරනවා. මේකෙන් රුවන්ඩාව සහ කොංගෝව අතර යුද්ධයක් ඇති වෙනවා. ක්‍රමයෙන් මේක අප්‍රිකානු රටවල් නවයක් සහ කැරලිකාර කණ්ඩායම් විස්සක් සහභාගී වන දැවැන්ත යුද්ධයක් දක්වා වර්ධනය වෙනවා.
    රුවන්ඩා හමුදාව සහ ඔවුන්ට සහය දෙන කැරලිකාර හමුදාවන් නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශයක් අල්ල ගන්නවා. කොල්ටැන් යුද්ධයේ සාධකයක් වෙන්නෙ මේ අවස්ථාවේ දී.

    congolese-Army.jpg
    කොංගෝ හමුදාව​​

    කොංගෝවේ නැගෙනහිර ප්‍රදේශය කොල්ටැන් නිධි විශාල වශයෙන් තියෙන ප්‍රදේශයක්. රුවන්ඩාව තමාට හිතවත් කැරලි කණ්ඩායම් වලට ඔවුන්ට අයත් ප්‍රදේශවල කොල්ටැන් කණින්න පොළඹවනවා. ඒ කොල්ටැන් මිලදී ගෙන රහසිගතව දේශසීමාව හරහා රුවන්ඩාවට යවලා ඒවා අපනයනය කරනවා. කොල්ටැන් වල මිල ඉහළ යාමත් මේ එක්කම සිද්ධ වෙන නිසා මේ මගින් විශාල ලාබයක් ලබන්න ඔවුන්ට පුළුවන් වෙනවා. කැරලි කරුවන්ට ඒ වෙනුවෙන් ආයුධ ලබා දෙනවා.

    කොල්ටැන් සල්ලි වලින් සන්නද්ධ වෙන කැරලි කරුවන්ට මුහුණ දෙන්න කොංගෝ රජයේ හමුදාවන්ට හැකි වෙන්නෙ නෑ. යුද්ධය දිගින් දිගටම ඇදී යද්දි කොංගෝවේ පාලනය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. රටක් වෙනුවට ඉතුරු වෙන්නෙ විවිධ කැරලි කණ්ඩායම් විසින් පාලනය කරන ප්‍රදේශ සමූහයක්.

    කොංගෝවේ කොල්ටැන් කැණිම් සිදු කෙරෙන්නෙ කිසිම ජාත්‍යන්තරව පිළිගත්ත කම්කරු හෝ පාරිසරික නීති වලට අනුකූලව නෙවෙයි. මේ පතල් පිහිටන්නෙ කැරලි කරුවන්ට අයත් ප්‍රදේශ වල නිසා ඒවා නියාමනය කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඉතා දරුණු සහ භයානක වැඩ තත්වයන් යටතේ කම්කරුවන් සිය ගණන් මිය යනවා. දැවැන්ත පාරිසරික හානියකුත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පතල් කම්කරුවන් ගේ ආහාරය සඳහා කඳුකර ගෝරිල්ලන් දඩයම් කිරීම විශාල ප්‍රශ්නයක් වෙනවා.

    6.jpg


    කැරලි කරුවන් එක්කෝ වහල් ශ්‍රමය යොදවනවා. නැතිනම් යුද්ධය නිසා ගම් බිම් විනාශ වුන මිනිස්සු ඉතා අඩු මුදලට මේ පතල් වල සේවය කරනවා. ඕස්ට්‍රේලියාවේ හෝ බ්‍රසීලයේ කොල්ටැන් පතල් කම්කරුවෙක් සතියකට ඩොලර් 20-50 අතර වැටුපක් ලබද්දි කොංගෝවේ කොල්ටැන් පතල් කම්කරුවෙක් උපයන්නෙ මාසෙකට ඩොලර් 1 ක් වගේ සුළු මුදලක්.

    5.jpg

    මේ කොල්ටැන් ජාවාරම කොච්චර සාර්ථක වෙනවද කිව්වොත් අද කොංගෝවේ තරුණ පිරිමින් ගෙන් 90% ක් ම තමාගේ ජීවිත කාලය තුල එක් වරක් හෝ කොල්ටැන් පතලක සේවය කරල තියෙනවා කියල විශ්වාස කෙරෙනවා.

    2003 දී යුද්ධය නිල වශයෙන් නිමා වෙනවා. ඒ වෙද්දි අවුරුදු 5 ක් ඇතුලත කොංගෝවේ මිය ගිය ගණන මිලියන 5 ක්. දූෂනයට ලක් වුන කාන්තාවන් සහ දැරියන් ගණන ලක්‍ෂ 4 ක්. මේ යුද්ධය සැලකෙන්නෙ නූතන ඉතිහාසයේ ම්ලේච්ඡම යුද්ධයක් විදිහට​. ඒ යුද්ධයේ එක ප්‍රධාන සාධකයක් කොල්ටැන්.

    8.jpg


    කොංගෝවෙන් කණින කොල්ටැන් රුවන්ඩාව හරහා වෙළඳ පොළට එද්දි ලෝකයේ ඉලෙක්ට්‍රොනික විප්ලවය පිම්මේ දුවනවා. 1997 දී ටොන් 400 ක් වුන ලෝකයේ වාර්‍ෂික කොල්ටැන් පරිභෝජනය 2005 වෙද්දි ටොන් 1400 දක්වා ඉහළ යනවා. මේකෙන් ටොන් 200 ක්ම සපයන්නෙ කොංගෝවේ පතල් වලින්.

    2008 වෙද්දි ඕස්ට්‍රේලියාවේ කොල්ටැන් කර්මාන්තය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ලෝක ආර්ථික අවපාතය එකක්. කොංගෝවෙන් එන ලාබ කොල්ටැන් වල මිල සමඟ තරග කිරීමට නොහැකි වීම තව එකක්. 2008 දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 45% ක් සැපයූ ඕස්ට්‍රේලියාව 2010 දි නිෂ්පාදනය කරන්නෙ 2% යි.

    ඒ වෙනුවට රුවන්ඩාව සහ කොංගෝව කොල්ටැන් නිෂ්පාදනය වැඩි කරනවා. 2016 දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 70% එන්නෙ කොංගෝවෙන් සහ රුවන්ඩාවෙන්. නමුත් රුවන්ඩාවේ කොල්ටැන් නිධි තියෙන්නෙ ඉතා සුළු ප්‍රමානයක්. රුවන්ඩාවේ කොල්ටැන් වලින් අති බහුතරය කොංගෝවෙන් රහසිගතව ගෙන්වූ ඒවා.

    2017 වෙද්දි අප්‍රිකාවේ පළමු කොල්ටැන් පිරිපහදු කර්මාන්තශාලාව රුවන්ඩාවේ පිහිටුවනවා. ඒ කැනේඩියානු සමාගමක්. ඇපල් සහ සැම්සුන් වැනි සමාගම් කීපයක් කොංගෝවේ කොල්ටැන් තමාගේ නිෂ්පාදන සඳහා යොදා නොගන්න බව කිව්වත්, ඔවුන් රුවන්ඩාවේ කොල්ටැන් ගැන මොකුත් කියන්නෙ නෑ. අප්‍රිකාවේ කොල්ටැන් සම්පූර්නයෙන්ම ප්‍රතික්‍ෂේප කරන සමාගම් තියෙන්නෙ අතලොස්සයි.

    වර්තමානයේ ලෝක කොල්ටැන් නිධි වලින් 64% තියෙන්නෙ කොංගෝවේ. හිතන්න ලෝකයේ තෙල් නිධි වලින් 64% තියෙන්නෙ එක රටක නම් ඒ රට කොයිතරම් පොහොසත් වෙයි ද? ඒත් කොංගෝව කියන්නෙ ලෝකයේ දුප්පත්ම රටක්. කොංගෝවේ අපේක්‍ෂිත ආයු කාලය අවුරුදු 55 යි. සාක්‍ෂරතාවය 65%. ඒක පුද්ගල ආදායම ඩොලර් 500. ලෝකයේ රටවල් 186 අතරින් ඒක පුද්ගල ආදායම අනුව කොංගෝව ඉන්නෙ 177 වෙනි ස්ථානයේ.

    7.jpg


    නිල වශයෙන් යුද්ධය අවසන් වුනත් රටේ වැඩි ප්‍රදේශයක බලය තියෙන්නෙ කැරලි කරුවන් අතේ. කැරලි කණ්ඩායම් සහ රජයේ හමුදා අතර වරින් වර ගැටුම් ඇති වෙනවා. දහස් ගණන් මිය යනවා.

    ඉතින් මහත්වරුනී මට කියල දෙන්න ධනවාදයෙන් මගේ ලැප්ටොප් එක හදපු හැටි.

    (ඔව් යකෝ මේක ටයිප් කරෙත් ලැප්ටොප් එකේ තමයි)

    පාදඩ අසපුව​
    http://paadadaasapuva.blogspot.com/2017/07/blog-post.html
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටැන්ටලම් කැප්.:shocked: ලැප්ටොප් නෙමේ බන් සෑහෙන දෙවල් තොගයක පාවිචි වෙන්වා.ඒවගෙ ගතිගුණ නිසා.

    මේක මහ ජරා ලෝකයක් බන්.:(
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමාජවාදී රජයක් වුණානම් වෙන්නේ අර ලැබෙන ඩොලර් එකත් නැති වෙන එක
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ධනවාදය විවේචනය කරාම අපිට එල්ල වෙන සුලභ ප්‍රති තර්කයක් තමයි "උඹ ඔය කොමෙන්ට් එක දාපු ලැප්ටොප් එක / ෆෝන් එක හැදුවෙත් ධනවාදයෙන්" කියන එක​.

    arthur-chu-arthur-affect-follow-capitalism-made-your-iphone-no-25105181.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ටැන්ටලම් කැප්.:shocked: ලැප්ටොප් නෙමේ බන් සෑහෙන දෙවල් තොගයක පාවිචි වෙන්වා.ඒවගෙ ගතිගුණ නිසා.

    මේක මහ ජරා ලෝකයක් බන්.:(

    හැමදෙම ඔහොම තමා බන්.
    මෙ සිස්ටම් එකෙ එකෙක් ගොඩයන ගොඩයන එකා වනුවෙන් තව තැනක එවුන් කාලකණ්ණි වෙන්න ඔනෙ.
    ඇමරිකාව යුරොපෙ වගෙ උන් ගොඩ යන්නෙ. අප්‍රිකාව වගෙ රටවල් වල ශ්‍රමය සහ සම්පත් වලුනුත් ආසීයාව වගෙ රටවල ශ්‍රමයෙනුත් .
    අප්‍රිකාවෙන් සම්පත් සූරාකද්දි ඉන්දියාව ,චීනෙ වගෙ රටවල් වල ෆැක්ටරීස් හද හදා අඩුවට ශ්‍රමය මංකොල්ලා කනවා. අපෙ රටෙත් ගාමන්ට් සහ අයි ටී ෆීල්ඩ් දෙකෙම ඔක තමා වෙන්නෙ.
    යුරොපෙට ඇඟ විකුණනවා අඩු පඩියට.
    ගාමන්ට් කෙල්ල මහම මැෂිම ඉස්සරහ ,සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කම්පියුටරෙ ඉස්සරහ. ඔකයි වෙනස.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මීට කලින් නොදැන හිටපු දෙයක්. TFS
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    යුරොපෙට ඇඟ විකුණනවා අඩු පඩියට.
    ගාමන්ට් කෙල්ල මහම මැෂිම ඉස්සරහ ,සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කම්පියුටරෙ ඉස්සරහ. ඔකයි වෙනස.
    :(:(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමාජවාදයක් තිබ්බ නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ ස්ටාලින් වගේ බුවෙක් ගුලාග් කඳවුරු වල හිරකාරයෝ වගේ සෙට් එකක් පාවිච්චි කරලා ඔය ටන්ටලං හාරනවා :yes:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සමාජවාදයක් තිබ්බ නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ ස්ටාලින් වගේ බුවෙක් ගුලාග් කඳවුරු වල හිරකාරයෝ වගේ සෙට් එකක් පාවිච්චි කරලා ඔය ටන්ටලං හාරනවා :yes:
    :confused::confused::confused::confused: