කොල්ලයි කෙල්ලයි සැමියයි බිරිඳයි උනාට පස්

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    කොල්ලයි කෙල්ලයි සැමියයි බිරිඳයි උනාට පස්

    තමන්ගේ හිතට හරියටම හරියන කොල්ලෙක් කෙල්ලෙක් හම්බුවෙලා ලවු කරන කාලේ හැමෝගෙම ප්‍රාර්ථනාව තමයි ඉක්මනටම විවාහ ජීවිතේකට ඇතුලු වෙන එක. ආදරේ කරද්දි ගොඩනගන ගොඩක් හීන හැබෑවක් බවට පෙරළන්න වෙන්නෙ විවාහ ජීවිතයක් ඇතුලෙ වීම නිසා මේ නොඉවසිල්ල දෙගුණ තෙගුණ වෙනවා.

    හැබැයි සුන්දර හීන, බලාපොරොත්තු එක්ක ගොඩනැගුණට කසාද ජීවිතය කියන්නෙ සුවඳ හමන මල් යහනාවක් නම් නෙමෙයි. ඒ ජීවිතේට අපි ඇතුලු වෙනවත් එක්කම විශාල වගකීම්, යුතුකම් වගේම කැපකිරීමුත් රාශියක් අපේ හිසමත පැටවෙනවා. ඔබේ විවාහ ජීවිතය මල්යහනාවක් බවට පත්කරගන්න ඕනෙනම් මේ කියන දේවල් හඳුණාගෙන ඒවට පවුලක් හැටියට සාර්ථකව මුහුණ දෙන්නම වෙනවා.



    1. තීරණගන්න කලින් සාකච්ඡා කරන්න

    Marriagetips_01.gif

    දෙමවුපියන්ගේ රැකවරණය යටතේ ඉඳල පවුලක් පන්සලක් උනාම පැටවෙන මුල්ම රාජකාරියක් තමයි තනියම තීරණ ගන්න වෙන එක. තනියම කිවුවට සැමියා සහ බිරිඳ හැටියට එකතුවෙලා තීරණ ගන්න එක. දවල්ට උයන්නේ මොනවද කියන එකේ ඉඳල රටේ ලෝකෙ විවිධ ප්‍රශ්න වලට මුහුණ දීම දක්වා තීරණ රාශියක් ගන්න සිදුවෙනවා. මේ දේවල් තනියම කරනවාට වඩා දෙන්නා එක්ක සාකච්ඡා කරලා කරන එක තමයි සාර්ථකම වන්නේ. මොකද සමහර වෙලාවට ඔබ දකිනවාට වඩා වෙනස් පැත්තකින් ඔබේ සහකරු හෝ සහකාරිය ප්‍රශ්නය දෙස බලන්නට ඉඩ තිබෙන නිසා.



    2. තනිකඩ කාලේ වගේ වියදම් බෑ

    Marriagetips_02.jpg

    විවාහ ජීවිතයක් ගත කරනකම් බහුතරයක් දෙනාට එදිනෙදා විය හියදම් ගැන තියෙන්නෙ හරිම අඩු දැනුමක්. දෙමවුපියන්ගෙන් කන බොන කාලෙ සුද්දො වගේ ජීවත් උනාට විවාහ ජීවිතයක් ගත කරද්දි එහෙම නිදහසේ අත පය දිගහැරල වියදම් කරන එක ටිකක් අමාරු බව තේරේවි. පළවෙනි පාරට තනියම හාල් ගන්න කඩේකට යන මොහොතේ ඉඳලා මේ පවුලේ ආර්ථිකය කළමණාකරනය ගැන හිත යොමුකරන්න වෙන බව ඔබට හිතේවි. හැබැයි මාසයක් දෙකක් මේ ගැන උනන්දු වෙලා තමන්ගෙ වියදම් ගැන දළ අදහසකට ආවට පස්සෙ ඔබට ජීවිතේ තවත් ලේසි වෙයි.



    3. ලව් කරන කාලෙයි බැන්දට පස්සෙයි

    Marriagetips_03.jpg

    ලවු කරද්දි අපි අපේ පෙනුම ගැන ප්‍රතිරූපය ගැන සැළකිලිමත් වෙනවා වැඩියි. පැය ගණන් කණ්නාඩිය ඉස්සරහ හැඩවෙලා සෙන් පවුඩර් නාගෙන තමයි එකිනෙකා හමුවෙන්න උනත් යන්නෙ. දවසකට පැය ගණනක් හමුවෙලා කතාබහ කරල වෙන් වෙලා යන පුද්ගලයා එක්ක පැය විසි හතරම එකට ජීවත් වෙද්දි තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තියනවා.

    කවුරුත් කැමති තමන්ගෙ කොල්ලා කෙල්ල ඉස්සරහ හොඳ ගතිගුණ සහ පෙනුම ඇතිව හැසිරෙන්න. ඒ නිසා ලවු කරන කාලෙ නොදැකපු විවිධ පුරුදු, ගතිගුණ සහ ජීවන රටාවන් විවාහ ජීවිතේ ඇතුළෙදි මතුවෙන්න ඉඩ තියනවා. මේ දේවල් තේරුම් ගන්න එක ඉතා වැදගත් වෙනවා.



    4. තමන් ගැනත් හිතන්න

    Marriagetips_04.jpg

    බහුතරයක් දෙනා බැඳල ටික කලක් ගියාට පස්සෙ ඉන්නෙ නිකන් ජීවිතේ එපා වෙලා වගේ. ඉස්සර ව්‍යායාම කරල ඇඟපත හදාගෙන හිටපු කොල්ලා, ටික කාලයක් ගියාම බඩ ගෙඩියත් වැඩි වෙලා කොණ්ඩයක් රැවුලක්වත් කපන්න උනන්දුවක් නෑ. හින්දි නිළිය වගේ හිටපු කෙල්ල දවසම හවුස්කෝට් එකක් ගහගෙන දැළි කුණු පෙරාගෙන ඉන්නවා.

    විවාහ ජීවිතේ කියන්නෙ ආදරේ තවත් සුන්දර ආරම්භයක් බව හිතන්න. තමන්ගේ බිරිඳට සැමියාට ආදරය කරනවා වගේම තමන් ගැනත් උනන්දුවක් දක්වන්න පුරුදුවෙන්න. වෙනදා වගේම ලස්සනට පිරිසිඳුවට ඉන්න. වැඩ වැඩියි තමයි. ඒත් වෙනදට වඩා පැයක් කළින් නැගිටල හරි මේ දේවල් වලටත් කාලයක් තියාගන්න. ඔබේ නිරෝගී සහ පිරිසිඳු ස්වරූපය නොවෙනස්ව පවත්වාගැනීම මගින් ඔබේ සහකරු/සහකාරියගේ ආකර්ෂණය සහ අවධානය නිතැතින්ම ඔබ වෙත යොමුවනවා. විවාහයෙන් පසු කලක් ගත වෙද්දී දෙදෙනා අතර ශාරීරික සම්බන්ධතාවලට උනන්දුව ක්‍රමයෙන් හීන වීම විවාහ ජීවිතවලදී මුහුණ දෙන්න වෙන ප්‍රධාන ගැටලුවක්. විවාහයෙන් පසු ලිංගික ජීවිතයේ සතුට නොඅඩුව පවත්වාගැනීම සඳහාද මෙය අනිවාර්යෙන් බලපාන සාධකයක්.



    5. ඒ පැත්තයි මේ පැත්තයි

    Marriagetips_05.gif

    මේක විවාහ ජීවිතේදී අපට පැවරෙන ඉතාම භාරදූර කාරණයක්. තමන්ගේ දෙමවුපිය දෙදෙනාට අමතරව තමන්ගේ බිරිඳගේ /සැමියාගේ දෙමවුපියනුත් ගැන හිතන්න වෙනවා. තමන්ගෙ ඥාතීන්ට වගේම තමන්ගෙ සහකරුගේ ඥාතීන් සමගත් එකසේ සුහදව හැසිරෙන්න වගබලාගන්න එක සෑහෙන පරිස්සමෙන් කළ යුතුයි. ඕනෑම පවුලක අපේ හිතට අල්ලන්නේ නැති පුද්ගලයො ඉන්න එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ අය එක්ක යුද්ධෙට යන්නෙ නැතිව තමන්ගේ සීමාව රැකගෙන ඇයි හොඳයියක් පැවැත්වීම තමයි වඩාත් වැදගත්.



    6. ගෙයි ගිනි පිටට නොදීම

    Marriagetips_06.gif

    පවුල් ජීවිතයක් පටන් ගත්තම මුලින්ම හිතට ගන්න ඕන කාරණයක් මේක. දෙන්න අතර තියෙන අඩුපාඩුකම් අතපසුවීම් හෝ ගැටළු හැකි තරම් තමන් අතරම තියාගෙන ඒ දේවල් එකිනෙකා හා කතා බහ කරල විසඳ ගත යුතුයි. එසේ විසඳාගත නොහැකි යම් අවාසනාවන්ත අවස්ථාවලදී (ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි) පමණක් තමන්ට ළඟම හිතවතෙක් හෝ උපදේශන සේවයක සහය ලබාගත්තාට වරදක් නැහැ. එසේ මිසක සැමියාගේ හෝ බිරිඳගේ අඩු පාඩු නිතරම පවුලේ අය එක්ක හෝ යාළු හිතමිත්‍රාදීන් එක්ක කිව්වයි කියල ඒ ගැටළුව වැඩි වෙන එක මිසක් අඩු වීමක් වෙන්නෙ නෑ. ගෙයි ගිනි පිට නොදී ගේ ඇතුලෙම නිවා ගන්න එකයි කරන්න ඕනෙ. තමන්ගෙ ප්‍රශ්ණ නිතර පිට අයත් එක්ක කියන එකෙන් ඔබ නොසිතන වෙනත් ප්‍රශ්ණයක් ඇති වෙන්න මඟක් පෑදීමක් මිසක තියෙන ගැටළුවට විසඳුමක් ලැබෙන එකක් නෑ.

    ඒ වගේම පිට ගිනි ගෙට ගේන්නත් එපා. ඔෆිස් එකේ ප්‍රශ්ණ, පාරෙ එද්දි උන දෙයක් නිසා ඇති වෙච්ච තරහ ඒ දේවල් ගෙදර ඉන්න අනිත් කෙනාගෙ පිටින් යවන්න එපා. මොනම දේකට හරි තරහක් ආව නම් සහකරු හෝ සහකාරිය එක්ක ඒ ගැන කතා කරල සැහැල්ලු වෙන්න.



    7. පිට මිනිස්සු කියන කතා

    Marriagetips_07.jpg


    “හැමදාම කුළී ගෙවල්වල ඉන්නද කල්පනාව?”

    “දරුවෙක් හදන්න අදහසක් නැද්ද?”

    “ඔය රස්සාවෙන් පුලුවන්ද අනේ කාල ඇඳල ජීවත් වෙන්න”

    විවාහ ජීවිතේ ඇතුලෙ සමාජයෙන් ඇසෙන මේ වගෙ ප්‍රශ්න බොහොමයක් තියනවා. මේ දේවල් වලින් කිසිසේත්ම හිත කළබල කරගන්න යන්න එපා. ඔබ දෙපළ ගෙවිය යුත්තේ ඔයාලට ඕනෙ ජීවිතය මිසක් සමාජය ඔබෙන් බලාපොරොත්තු වන ජීවිතය නොවන වග මතක තබා ගන්න. තමන්ට ආසා දේවල් කරල ඔබේ ජීවිතේ සතුට රැකගන්න එකයි වැදගත්. සමාජය සනසන්න තමන්ගෙ ජීවිතේ සතුට සැනසීම නැති කරගන්න එපා. ඔබ දෙදෙනාගෙ ජීවිතය ඔබ කතාබහ කොට සැලසුම් කරගත් ආකාරයට ගතකරන්න..



    8. යාළු හිතමිත්‍රයෝ ආශ්‍රය

    Marriagetips_08.gif

    තනිකඩ කාලෙ වගේ යාළුවො ආශ්‍රය කරන එක විවාහ උනාට පස්සෙ නම් කරන්න අමාරුයි. විය හියදම් පැත්තෙන් ගත්තත් ඒ වෙනුවෙන් වැය කරන්න වෙන කාලය පැත්තෙන් ගත්තත් ඔබට යම් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. නමුත් එහෙම වුනා කියල දෙදෙනාම යාළු හිතමිත්‍රයන් ආශ්‍රයෙන් වෙන් විය යුතු නැහැ. තනිකඩ කාලෙට වඩා ඒ දේවල්වලට යම් සීමාවක් තියාගන්න එක තමයි කරන්න ඕනෙ.



    9. හොඳ කාල නරක කාල

    Marriagetips_09.jpg

    ජීවිතේ හොඳ කාල වගේම නරක කාලත් එනවා. ආර්ථික ප්‍රශ්ණ, ලෙඩ දුක් වගේම බාහිරින් එන නොයෙක් කරදර ජීවිතේට එද්දි ඒ දේවල් වලට පවුලක් හැටියට එකමුතුව මුහුණ දෙන්න. නරක කාලෙ ආවම ආදරේ පෑල දොරින් පලා යනව කියල කියනවනෙ. එහෙම නොවෙන්න නම් ජීවිතේ උස් පහත් වීම් හැම එකකදිම ඒ ප්‍රශ්ණ දිහා ඉවසීමෙන් බලන්න පුරුදු වෙන්න. විවාහ ජීවිතේක වගකීම් යුතුකම් එක්ක සැප වගේම දුකත් බෙදාහදාගන්න ඕනෙ. යාළුවෙලා ඉන්න කාලේ ලුණුයි බතුයි කාල හරි ආදරෙන් ඉමුයි කියල හීන මවන ජීවිතේ හැබෑ ජීවිතේට එද්දි වෙනස් නොවී තියාගන්න පුළුවන්නම් සතුට සමාදානය පිරිච්ච විවාහ ජීවිතයක් හීනයක් නෙවෙයි.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Gaththa site 1th damma nam neda hoda????

    ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඕක තමයි බන්. කොහොමත් ඕක මම ලියපු article එකක් නෙමෙයි කියලා ඕන එකෙක් දන්නවා .ඕකට site එක දදා ඉන්න ඕන නැ.උඹ කලින් ඕක කියවල ඇති site එකෙන්.වැදගත් වෙන්නේ ඒක කියවපු නැති උන්ට share කරන එක.නැත්තන් share කරපු එකාට kindy දාන එක නෙමෙයි.අනික මම rep ඉල්ලලා නෑ ඕක දාල .