කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 7කට කොවිඩ්

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo

    කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේ දී දිනුකා ගුරුගේ මෙනෙවිය සඳහන් කළාය.
    ඔවුන් සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.
    ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි.
    අද වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1397ක්.
    ඉන් අවසන් ආසාදිතයින් 51 දෙනා ඊයේ රාත්‍රියේ හඳුනාගැනුණු අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.
    එමෙන්ම කොළඹ යූනියන් පෙදෙසේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
    කෙසේවෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු විය.
    අදාළ පුද්ගලයා රැකියාව කළ ස්ථානයේ අයෙකුගේ ඥාතියෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

     
    • Like
    Reactions: TCB Rox and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    බලපං නොසැලකිලිමත්කම නිසා බ්‍රැන්ඩික්ස් එකත් නිකං සයිටම් වගේ වුන හැටි
    වැඩි profit හොයන්න කියල මරවගෙන වැඩ ගන්න ගිහින් තිබ්බ profit එකත් නැතිවෙන්න යන්නෙ උන්ට..:D
     
    • Like
    Reactions: Ryker

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ow bn oke wada karapu ekek ge puthek ape ayyalage office wadakat ekat awilla salli wagayak dila ayyage athat dan ayyawath PCR karanna ekkan gihn:sorry:
     
    • Like
    Reactions: Ryker

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    බලපං නොසැලකිලිමත්කම නිසා බ්‍රැන්ඩික්ස් එකත් නිකං සයිටම් වගේ වුන හැටි

    කොලබට විතරක් සීමා වී තිබුනු Brandix නාමය දැන් කොලබින් පිට අයත් දන්නවා. :lol:
    මේක නම් මුන්ගේ මාකේටින් ට්‍රික් එකක්. :lol:
     
    • Like
    Reactions: Ryker