කොල්ලෙක් වෙලා ඉපදෙනවා කියන්නේ
කොල්ලෙක් වෙලා ඉපදෙනවා කියන්නේ වෙලාවකට ඇත්තටම ඔලුව විකාර වෙන තරමේ වදයක්. ඇත්තටම කියනවනම් තමන්ට තමන්ගේ කියලා හීනයක් දකින්නත් බැරි තරමේ මහ වදයක්. වගකීම්, අනාගතය, ජීවිතේ ගොඩ යෑම වගේ මාතෘකා අස්සේ හිරවෙලා තමන්ගේ හීන වලට යන පාරේ බාගයක් දුර ගිහිං ආපහු එන්න බොහෝවෙලාවට කොල්ලෙක් වෙලා ඉපදුනොම සිද්ධවෙනවා. බොහෝවෙලාවට ඒ හීන මාවතෙන් එලියට ඇදලා අරං අපිව එයාලට ඕන පාරවල් වල යවන්නේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගෙනුත් බොහෝ වෙලාවට මේකට ඉන්වෝල් වෙන්නේ තාත්තා.
සාමාන්‍යයෙන් කතාවටත් කියන්නේ... තාත්තලාට වැඩිපුර ආදරේ දූලා කියලා. මොනා උනත් කතාව ඇත්ත. කොල්ලො වැඩිපුර සමීප අම්මට. තමන්ගේ ඕන දෙයක් අම්මට කියලා අම්මගේ මාර්ගයෙන් තාත්තා ගාවට යන්න තමයි ගොඩක් කොල්ලො හුරු වෙලා ඉන්නේ. සමහර වෙලාවට තාත්තත් එක්ක තියෙන ඒ දුරස්ථ ගනුදෙනුව හින්දා තාත්තගෙන් සෑහෙන ඈත්වෙලා ජීවත්වෙන්න පුළුවන්. එයා ඕන්නෑ කියලත් හිතෙන වෙලාවල් තියෙනවා. ඒත් ඇත්ත තමයි… ජීවිතේ එක තැනකදී අපිට තාත්තව මඟඇරලා යන්න බැරිවෙනවා. කොච්චර එපාවෙලා තිබ්බත් එතනදී හරි ආදරෙන් තාත්තව බදාගන්න අපිට ඕන වෙනවා. ඒ දවස එයා මේ ලෝකෙන් යන්න කලින් උදාකරගන්න පුළුවන් උන පුතා ඇත්තටම වාසනාවන්තයෙක් වෙනවා.
Karwaan කියන්නේ ඔය උඩ කියපු කතන්දර සේරගේම එකතුවකට. අපි ජීවිතේදී මුහුණදෙන්න සිද්ධවෙන අහඹු සිදුවීම් කියන්නේ ඇත්තටම ෆිල්ම් වගේ ඒවා. අන්න ඒ වගේ අහඹු සිද්ධියක ප්‍රතිඵලයක් විදියට ජීවිතේ හරි ඕනෑවට එපාවට ඒ කියන්නේ මෙලෝ රහක් නැතුව ගතකරපු එකෙක්ට ජීවිතේ හොයන්යන්න සිද්ධ වෙන ඒ කතාව Karwaan පැයයි විනාඩි පනස්තුනක් පුරාවට දිගහරිනවා.
Akarsh Khurana ගේ ඇස් වලින් මේ ජීවිතයේදී අපිට හරි අහඹු විදිහට හම්බෙන මිනිස්සු එක්ක අපේ ජීවිතේ ගලං යන විදිහ කියන්න අලුත් මුහුණක් වෙච්ච Dulquer Salmaan එක්ක ඉන්දීය සිනමාවේ අයිකන් එකක් වෙන Irrfan Khan සහ Mithila Palkar එකතු වෙනවා. මේ කම්බිනේෂන් එක ෆිල්ම් එක ස්ක්‍රින් එකෙන් ඇස් ගලවගන්න බැරි තැනටම අපිව ඒ ට්‍රිප් එක අරං යනවා.
දකුණු ඉන්දියාවේ ලස්සන පෙන්නන ජර්නි එක ඇතුලේ ඉන්දියාවේ සංස්කෘතික විජ්ජුම්බර වලට ටොකු අනින්නත් Khurana අමතක කරලා නැහැ. බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් වගේම කඳුළු පෙරාගෙන අඬන්නත් පුළුවන් ෆිල්ම් එකක් මේ හැම දේකම ෆයිනල් අවුට්පුට් එක විදිහට මෙයාලා අපිට දීලා තියෙනවා. Imdb දර්ශකයේ 8.1ක ඉහල අගයක් අරගෙන තියෙන Karwaan කියන්නේ ඇත්තටම ස්ට්‍රෙස් ලයිෆ් එකක් රිලැක්ස් කරන්න කියාපු ෆිල්මක්.
හැමදේම හරියටම බැලන්ස් කරපු පට්ට මූවි එකක් කාලයක් තිස්සේ හොය හොය හිටියා නම් අදම මේක අරං බලන්න. පාඩුවක් නම් වෙන්නෑ.
Source http://thewoman.lk/archives/6192
කොල්ලෙක් වෙලා ඉපදෙනවා කියන්නේ ඔලුව විකාර වෙන වදයක්