කොල්ලෝ නේ, රෝයල් නේ, ගොන්නු නේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,784
    113
    39
    Galle
    කොල්ලෝ නේ, රෝයල් නේ, ගොන්නු නේ

    කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ
    රාජකීය සිසුවාගේ
    බ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව


    පසුගිය සතියේ උසස් පෙළ රසායන විද්‍යාව 2 වන ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකු සැකයට භාජනයවීමෙන් පසු ඔහු සොයා සිදු කළ රහස් පොලිස් මෙහෙයුමේදී ටියුෂන් පන්ති පත්‍රිකා සිද්ධියෙන් එහාට ගිය අතිශය සූක්ෂ්ම විභාග වංචාවක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.
    කල් ඇතිව රසායන විද්‍යා විභාග ප්‍රශ්න තමා සම්මන්ත්‍රණයකදී ලබාදුන් බව
    හා ඒවා සසඳන ලෙස ඉල්ලමින් විභාගය අවසන්වූ සැණින් මෙම ටියුෂන් ගුරුවරයා එම අවස්ථාවේ පැවති විභාග ප්‍රශ්න සංස්කරණය කර ව්‍යාජ පත්‍රිකාවක් බෙදාහැර තිබුණ අතර ඒ පිළිබඳ පොලිසිය ඒවා බෙදූ අයගෙන් හා ගුරුවරයාගේ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ පසු ගුරු සොයුරා හා පියා අත්අඩංගුවට පත්විය. ජිනේන්ද්‍රෙග් සොයුරා මුලින් පැවසුවේ තමා ඒ ප්‍රශ්න පිටපත් විභාගය වෙලාවේ ලබාගත් කතාවකි. ඔහුගේ ටැබ් පරිගණකයේ එම විභාග ප්‍රශ්නවල කැමරා පිටපත්ද අඩංගු විය.
    නමුත් දිගින් දිගටම ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී මෙතෙක් ලංකාවේ විභාග ඉතිහාසයෙ වාර්තා නොවූ අතිශය සූක්ෂ්ම වංචාවක් ගැන තොරතුරු අනාවරණය විය.
    ඇත්ත වශයෙන්ම

    රසායන විද්‍යාව විභාග ප්‍රශ්න ටියුෂන් ගුරුවරයාට ලැබී ඇත්තේ එදින විභාගයට පෙනී සිටින සිසුවෙකු මාර්ගයෙනි. මෙම සිසුවා සිදු කළ විභාග වංචාව අති නවීන ආකාරයේ එකකි.
    ඔහු විභාගය අවස්ථාවේ ප්‍රශ්න ඡායාරූපයට නගා ගුරුවරයාට අන්තර්ජාලය ඔස්සේ එවා විභාග පුටුවේ හිඳගෙනම ගුරුවරයා සමග සජීවීව සම්බන්ධව සිටිමින් එම ප්‍රශ්න වලට උත්තර දැනගෙන පිළිතුරු ලියා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
    ටියුෂන් ගුරුවරයාට මෙම වංචාව වෙනුවෙන් ලක්ෂ 10 ක් සිසුවාගේ පියා ගෙවා ඇති අතර ඔහු තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අත්පත්‍රිකා වංචාවට අතගසා ඇත්තේ අමතර වැඩක් ලෙසිනි.
    කාටත් නොතේරෙන්නට විභාග ශාලාවේ සිට ගුරුවරයා සිටි තැනකට මෙවැනි සජීවී සම්බන්ධයක් ගොඩනගාගන්නේ කෙසේද?
    පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ පුතෙකු වන එම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි. එම සිසුවා ජිනේන්ද්‍ර රණසිංහ ලවා රසායන විද්‍යාව අවුරුදු දෙකක් තිස්සේ නිවසට ගෙන්වා ගෙන ඉගෙනුම ලැබූ බව පැවසේ. ඔහු තොරතුරු තාක්ෂණයේද නිපුණ සිසුවෙකි. ඔහු කෙටි චිත්‍රපට නිපදවන්නෙකු වන අතර පසුගිය කාලයේ ඔහු කළ නිර්මාණයක් කැනඩාවේ ඇගයීමකට ලක්වී එහි සංචාරයක්ද සිදු කර ඇත.
    නවීන තාක්ෂණික ගැජට් ගැන හසළ අවබෝධයක් ඇති මෙම ළාබාල තරුණයා විභාග වංචාවට යොදා ගෙන ඇත්තේ ගැජට් දෙකකි.
    එක් ගැජට්ටුවක් නම් කමිස බොත්තමේ රඳවන රහස් කැමරාවකි. කැමරාව සහිත බොත්තම හා ස්විච්චය ලෙස කොටස් දෙකකින් එන එමගින් ඡායාරූප ගන්නේ කමිසයේ බොත්තම ඉවත් කර ඒ වෙනුවට කැමරාව සවි කළ පසු කකුලේ මාපටැඟිල්ල අසල ස්විච්චය රඳවා එය ස්පර්ශ කිරීමෙනි. ස්විච්චය තද කරන වාරයක් පාසා බොත්තම් කැමරාව ඡායාරූප ලබාගෙන ෆේස් බුක් පිටුවක් වෙත ඉබේම අප්ලෝඩ් කරයි.
    දෙවැනි ගැජට්ටුව නම් කණ ඇතුලේ රඳවන බ්ලූටූත් සෙට් එකකි. මීටර 200 පමණ දුරක ඇති ජංගම දුරකථනයක් සමග සම්බන්ධ විය හැකි එම ගැජට්ටුවට එන ඇමතුමකට කාටත් නොතේරෙන්නට උත්තර දෙන්නට කෙනෙකුට හැකියාව ඇත. පිටතින් බලන කෙනෙකුට කණේ එවැන්නක් ඇතැයි පෙනෙන්නේ නැත. ඉතා සූක්ෂ්ම ලෙස කණෙහි එය රඳවන්නට පිටතින් කාන්දමක්ද උදව් කරගත යුතු බව පැවසේ.
    රාජකීය විද්‍යාලයේ විභාග ශාලාවට යන්නට පෙර ජිනේන්ද්‍ර සර් සමග මෙම

    සිසුවා මේ කියන ගැජට් නිසි ආකාරයෙන් විභාග වංචාවට යොදාගත හැකි ආකාරය පුහුණුවට ලක්කර ඇති බව වාර්තා විය. ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවා එය විභාග ශාලාවට ආසන්න ස්ථානයක රඳවා ගුරුවරයා සමග සජීවීව සම්බන්ධතාවය ගොඩනගාගෙන විභාගය ලියන්නට ගිය මෙම සිසුවා ප්‍රශ්න පත්තර බෙදූ පසු කමිස බොත්තම දෙසට ප්‍රශ්න පත්‍රය හරවා ඡායාරූප ලබාගෙන ඇති අතර ඒවා ෆේස්බුක් වෙත ලැබුණ පසු බොරැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයාගේ නිවසේ රැඳී සිටි ගුරුවරයා ඒවා ලබාගෙන එසැණින් පිළිතුරු සකසමින් සිසුවාට කතා කර කියා තිබේ. සිසුවාගේ පැත්තෙන් කතා කිරීම අපහසු නිසා ‘ඇහුනෙ නෑ‘ ‘ආයෙත් කියන්න‘ වැනි ප්‍රතිචාර සඳහා කුඩා ශබ්ද මගින් සංඥා නිකුත් කරන්නට පෙර පුහුණුවී ඇත. වාර්තා වන අන්දමට රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයටද ගුරුවරයා සමග සිසුවා මෙම සම්බන්ධය තබාගෙන ඇති අතර මෙම සිසුවා මේ ආකාරයට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව වෙනුවෙන්ද ගුරුවරුන් යොදාගෙන මෙම වංචාව සිදු කර ඇතිදැයි විමර්ශන සිදුවේ.
    මෙම සූක්ෂ්ම විභාග වංචාවට හවුල්වූ වෛද්‍ය පියාද සිසුවාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
    මෙම වංචාව සිදුකිරීම වෙනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහට වෛද්‍ය පියා ලක්ෂ 10 ක් ගෙවා ඇති අතර ඒ මුදල් නිවසට රැගෙන ආ ජිනේන්ද්‍ර පත්‍රිකා පිටවීමෙන් වැඩේ අවුල් වන බව දැනගත් පසු මේ වනවිට නිවසින්ද අතුරුදන්ව සිටී. ඔහු මුළු මුදලින් රුපියල් 20000 ක් පමණක් රැගෙන ඉතිරිය නිවසේ තබාගොස් ඇති අතර 980000 මුදල පොලිසියට බාර දීමට සොයුරා පියවර ගෙන ඇත. විභාග වංචාව සිදු කරන අතර පත්‍රිකාවට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන බව දැනුම් දී තිබුණ බවත් විභාගය ඇරඹී මිනිත්තු 45 කින් පමණ ඒවා තමන්ගේ ටැබ් එකට එවූ බවත් සොයුරා පාපොච්චාරණය කර ඇත. ප්‍රතිකාව මුද්‍රණය කර බෙදාහැරීම දක්වා වැඩ සිදු කර ඇත්තේ ඔහුය.
    මෙම විභාග වංචාව නිසා රාජකීය විද්‍යාල සිසුවාට වසර 5ක විභාග තහනමක් පැමිණවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
    ඉදිරියේදී මේ ආකාර ගැජට් යොදාගෙන විභාග වංචා සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකරන්නට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් වරයා දන්වා තිබේ.


     
    • Like
    Reactions: DangerMan119

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මීට කලිනුත් ඔක එකෙක් කලා මට් මතක හැටියට් 2006-7 වගේ.. මුලු අතම බැන්ඩේජ් කරගෙන ඌ විබාගේ ලියන්න ඇවිල්ලා තිබ්බේ අත කැඩිලා තෙල් බැදලා කියලා. ඌ අත බැන්ඩේජ් කරගෙන තිබිලා තියෙනේ ෆොන් එකක් ඇතුලේ දාගෙන.

    තව ස්කූල් එකක විබාග පරික්ශකයෙක් හැටියට් කොල්ලගේ සර් ඉදලා තියෙන්නේ. ඌ ෆොන් එකෙන් MCQ ඔක්කොම කියලා. කොල්ලත් රජ ගේම දීලා. මාට්ටු වෙලා තිබ්බේ මතක හැටියට ඌ ටොයිලට් ගිහින් එද්දි බැන්ඩේජ් එක ඔතලා තිබ්බ විදිය වෙනස් කියලා එතන ටීචර් කෙනෙකුට මාට්ටු වෙලා. මූ පෙපර් සැහෙන ගානකට ලියලා තිබ්බා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මුස්ලිම් කෙල්ලො ඔලුව වහගෙන කොච්චර ගේම් ගහනවද බන්..
    ඒවට මොනවත් නෑ කතාවක්
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    නොදකින් මුන්ට මෙච්චර technology තියෙද්දී අහුවෙන්නේ නැතිවෙන්න ගේම ගහගන්න බැරි හැටි
     

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    නොදකින් මුන්ට මෙච්චර technology තියෙද්දී අහුවෙන්නේ නැතිවෙන්න ගේම ගහගන්න බැරි හැටි

    සර් වැගෙ කාලා තියෙන්නේ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මුස්ලිම් කෙල්ලො ඔලුව වහගෙන කොච්චර ගේම් ගහනවද බන්..
    ඒවට මොනවත් නෑ කතාවක්

    සිංහලුන් අරින්නෙ සිංහලයට පමණයි :lol: හෙතුව අදික ඉරිසියා ව :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් ඕකට මුළු රෝයල් එකටම බැනල හරියනවද :oo:
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    හෙට හෙඩ් ලයින් එක..
    "නව තාක්ෂණය යොදා ගනිමින් විභාග වංචාව සිදුකල සිසුවාට, එම ක්‍රියාව අගයමින් ජනාධිපති මෛත්‍රීපාල අතින් ලැප්ටොප් පරඝණකයක්" :lol: :lol:
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හෙට හෙඩ් ලයින් එක..
    "නව තාක්ෂණය යොදා ගනිමින් විභාග වංචාව සිදුකල සිසුවාට, එම ක්‍රියාව අගයමින් ජනාධිපති මෛත්‍රීපාල අතින් ලැප්ටොප් පරඝණකයක්" :lol: :lol:
    එම් අයි ටී එකට යන්න ශිෂ්‍යත්වයක් අරන් දෙන්න ඔනෙ මෙ දරුවාට

    ඇමරිකාවෙන් පැහැරගෙන යාවි මූ වගෙ එවුන්ව.
    පෙනවානෙ දොස්තර තාත්තාගෙ පුතාට විභාගෙ ලියන්න හොර කරන්න ඔනෙ. ඔන්න ඔකයි තත්වෙ. තාත්තා දොස්තර වෙන්නත් ඇත්තෙ ඔය වගෙම ගෙම්ස් දීලා වෙන්න ඇති .
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මුළු විභාග ක්‍රමෙම වංචාව අසාධාරණෙ තියෙනවා බන් .
    බලපන් සමහරු පන්ති දෙක තුනකට යනවා එක විශයකට. ගිහින් යාළුවන්ට කියන්නෙ වෙන එකක්. පුක ඉරාගෙන පාඩම් කරලා යාළුවො එක්ක කියන්නෙ පාඩම් කළෙ පැය දෙකයි කියලා
    සමහර කෙල්ලො කොල්ලො එක්ක නිදියන්නෙ නැති ටික විතරයි ටියුට්ස් ගන්න නොට්ස් ගන්න.
    හැමොන්ටම ඔනෙ තැන .එකයි මෙ අවුල
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මුළු විභාග ක්‍රමෙම වංචාව අසාධාරණෙ තියෙනවා බන් .
    බලපන් සමහරු පන්ති දෙක තුනකට යනවා එක විශයකට. ගිහින් යාළුවන්ට කියන්නෙ වෙන එකක්. පුක ඉරාගෙන පාඩම් කරලා යාළුවො එක්ක කියන්නෙ පාඩම් කළෙ පැය දෙකයි කියලා
    සමහර කෙල්ලො කොල්ලො එක්ක නිදියන්නෙ නැති ටික විතරයි ටියුට්ස් ගන්න නොට්ස් ගන්න.
    හැමොන්ටම ඔනෙ තැන .එකයි මෙ අවුල

    සිරාවට. මටත් පුදුම වදයක් තිබුනේ. ක්ලාස් යන කාලේ කෑලි එක්ක ක්ලාස් කට් කරලා රවුම් ගහලා විබාගෙට සතියක් තියලා නෝට් ඉල්ලලා අඩනවා
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    උබ කියන්නෙ මරු කතාවක් නෙ
    උබ කුඩු ගැහුවම උබේ පව්ලටම දඩුවම දෙන්න ඕනේ වගේ නේ කතාව එකක් කරපු වැරද්දට ඉස්කෝලේට බැනලා වැඩක් නැ
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Mekath saitm case eka wage thamai results nathi ewun inna hinda saitm wahanna kiyanawa wage mun thawa tika kalekin royal ekath wahanna kiyai. Dan ithin ridila rep kapai 😂😂😂