කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව

    කොලොම්බියා සාමය සහ ශ්‍රී ලංකාව

    _92915962_hi036821858.jpg


    නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස්

    කොලොම්බියා සාම ව්‍යායාමයේදී සමාජ ඒකාග්‍රතාව ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කළ බවත් ඒ හා සම්බන්ධ ඇතැම් අත්දැකීම් දෙපාර්ශවය අතර හුවමාරු කර ගත් බවත් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලත් කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් පවසයි.
    ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ නෝර්වේ ඔස්ලෝ අගනුවර සංවිධානය කෙරුණු නොබෙල් ත්‍යාග සම්මාන උළෙලට පෙර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
    "කොලොම්බියාවේ පැවති ගැටුම්කාරී තත්වය, ශ්‍රී ලංකාවේ පැවති තත්වයට සමානවන හෙයින් ෆාර්ක් ගරිල්ලන් (FARC) සමග ඇති කරගත් සාම ක්‍රියාදාමයට ශ්‍රී ලංකාවෙන් යම්කිසි අදහසක් ලබා ගත්තේදැයි" මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාගෙන් විමසීය.
    ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති සන්ටෝස් පෙන්වා දුන්නේ, කොලොම්බියා ආණ්ඩුව හා ෆාර්ක් සංවිධානය අතර පැවති සාම වැඩ පිළිවෙල සඳහා ගැළපෙන අදහස් ශ්‍රී ලංකාවෙන් ලබා ගත් බවය.
    කෙසේ වෙතත් "ඒ ඒ රටවලට ආවේණික වූ තත්වයන් පවතින හෙයින් සාම ප්‍රයත්නය තුළ කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය නොකළ බවත්" ජනාධිපතිවරයා පැවසීය.


    'ආවේණික තත්වයන්'


    "ඒක කොලොම්බියාවට ගැළපෙන ක්‍රියා පටිපාටියක් කියලා මම සිතන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජය අතර පැවති සාම සාකච්ඡා අපි අධ්‍යයනය කළා. යළි සමාජ ඒකාග්‍රතාව ගොඩනැගීම පිළිබඳ අපි ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ පිළිබඳ අපට හොඳ අත්දැකීමක් තිබෙනවා. විශේෂයෙන්ම, අපි පනස් අටදාහකට අධික ගරිල්ලා සහ පැරා මිලිටරි සටන්කරුවන් යළි සමාජගත කළා." කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් වැඩිදුරටත් කියා සිටියේය.
    පුරා අඩ සියවසක් කොලොම්බියා රජයත් ෆාර්ක් ගරිල්ලා සංවිධානයත් අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇස්තමේන්තු කොට ඇත.
    ගැටුම් හේතුවෙන් තවත් හැට ලක්ෂයකට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි විය.
    කොළොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර අත්සන් තැබුණු පළමු සාම ගිවිසුම පසුගිය ඔක්තෝබර් මස පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප විය.
    පළමු ගිවිසුම සංශෝධනය කොට යළි සැකසුණු එකඟතාවකට නොවැම්බර් මාසයේදී දෙපාර්ශ්වය අත්සන් තැබූහ.
    කොළොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ වසර 52ක් මුළුල්ලේ ෆාර්ක් ගරිල්ලන් සමඟ පැවති ගැටුම් නිමාකිරීමට දැරූ උත්සාහය අගය කිරීමක් වශයෙනි.

    BBC