කොල නැති ගහ

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
images

:sorry:
පහුගිය දවස්වල ගොඩ දෙනා කතා කලේ එල්ලුම් ගහ නැවත ගේන්න ඕනෙ කියල.
හැත්තෑ හයෙන් පස්සෙ වසා දැමුණු වැලිකඩ එල්ලුම් ගහ වසර ගානක් මකුළුදැල්,දූවිලි බැඳිල මළකඩ කාල තිබුනෙ.
නමුත් පහුගිය දවස්වල මකුළුදැල් කඩල, දූලි පිහිදාල, මළකඩ හූරල, බෙල්ජියමෙන් අලුත් කඹ ගෙනත් වැලි බර කිරා අත්හදා බැලුව.
තාමත් ඒකෙ ක්‍රියාකාරීත්වය හොඳටම තියෙනව.
දන්න විදියට අලුගෝසු තනතුරටත් පත්වීමක් දුන්න.

මම නං කියන්නෙ බරපතළ අපරාධ හා දූෂණ වලට සම්බන්ධ අධිකරණ තුළින් තහවුරු වන දූෂිතයන් සඳහා එල්ලුම්ගස නියම කරන්න ඕනෙ.
එක පාරටම මේක පව් වැඩක් කියල හිතුනත් එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවම වැරදි කරන්න මිනිස්සු බය වෙනව.
නැත්තං වෙන්නෙ වැරදි කරන කෙනා නිදහස් වෙලා ඇවිත් ආයෙ ඒ වැරැද්දම කරනව බය නැතිවම.
කවදාවත් අසාධාරණයට පත් වුන කෙනාට සහනයක් නෑ.
හැබැයි එල්ලුම්ගස නීතිගත කරන්නට කලින් යුක්තිය හා සාධාරණය හැමෝටම එක හා සමාන තත්ත්වයක් ඇති වෙන්න ඕනෙ.
අධිකරණයේ ස්වාධීනත්වයට මුල්තැන දී කටයුතු කරන නීති ක්‍රමයක් ඇති කරන්නත් ඕනෙ.

එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම ගැන ඔයාලගෙ අදහස් කියන්න
 
  • Like
Reactions: phj

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එල්ලන්නැතුව කඩුවෙන් හිස ගසා දානවනං මම කැමතියි අලුගෝසු තනතුඅ බාඅගන්න :dull: :dull:
 
RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කෙනෙකුගේ ජිවිතේ නැති කරන්න කාටවත් අයිතියක් නෑ.
    මරණ දඩුවම ක්‍රියාත්මක කලාම මුලින්ම බය වෙන්නේ අපරධකාරයෝ නෙමේ,
    දැනට මරණ දඬුවම නියම උන අය.
    මේකෙන් අපරාධ අඩුවෙයි කියලා හිතනවානම් ඒ වෙන්නේ සැලසුම් සහගත අපරාද විතරයි.
    හදිසි කෝපයෙන් මිනිහෙක් මරණ කෙනෙක් හරි, මානසික අසහනය නිසා
    කාන්තාවකට අතවර කරන කෙනෙකුට හරි ඒ අවස්ථාවේ තමන් කරන අපරාදය හෝ, මරණ දඬුවම
    සිහියට ඇවිත් ඒ අපරාදය කරන එක නවතයි කියලා හිතන්න බෑ.

    අපරාධ අඩු කරන්න හොද දෙයක් විදියට මම දකින්නේ එහෙම දෙයක් උනාම
    ඒ සිද්දිය උන හැටි සම්පුර්ණයෙන්ම, මාධ්‍ය මගින් ප්‍රචාරණය වෙන එක නවත්තලා තවත් සිද්දියක් විදියට ප්‍රචාරය කරන එකත්, යම් කෙනෙකුට උසාවි මගින් දෙන දඬුවම් ගැන වැඩ වැඩි ප්‍රචාරයක් දෙන එකයි. මොකද අපරාධ වෙන හැටි හොදටම පෙන්නනවා, නමුත් දඬුවමක් දීපු එකක් පෙන්නන්නේ ගොඩක් කලාතුරකින්
    ඕකයි මගේ මතය
     
    Last edited:

    පහුගිය දවස් වල ආරංචි උනා මරණ දඬුවම නියම වෙලා ඉන්න අයට බඩ යනව කියල බයට