
පහුගිය දවස්වල ගොඩ දෙනා කතා කලේ එල්ලුම් ගහ නැවත ගේන්න ඕනෙ කියල.
හැත්තෑ හයෙන් පස්සෙ වසා දැමුණු වැලිකඩ එල්ලුම් ගහ වසර ගානක් මකුළුදැල්,දූවිලි බැඳිල මළකඩ කාල තිබුනෙ.
නමුත් පහුගිය දවස්වල මකුළුදැල් කඩල, දූලි පිහිදාල, මළකඩ හූරල, බෙල්ජියමෙන් අලුත් කඹ ගෙනත් වැලි බර කිරා අත්හදා බැලුව.
තාමත් ඒකෙ ක්රියාකාරීත්වය හොඳටම තියෙනව.
දන්න විදියට අලුගෝසු තනතුරටත් පත්වීමක් දුන්න.
මම නං කියන්නෙ බරපතළ අපරාධ හා දූෂණ වලට සම්බන්ධ අධිකරණ තුළින් තහවුරු වන දූෂිතයන් සඳහා එල්ලුම්ගස නියම කරන්න ඕනෙ.
එක පාරටම මේක පව් වැඩක් කියල හිතුනත් එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවම වැරදි කරන්න මිනිස්සු බය වෙනව.
නැත්තං වෙන්නෙ වැරදි කරන කෙනා නිදහස් වෙලා ඇවිත් ආයෙ ඒ වැරැද්දම කරනව බය නැතිවම.
කවදාවත් අසාධාරණයට පත් වුන කෙනාට සහනයක් නෑ.
හැබැයි එල්ලුම්ගස නීතිගත කරන්නට කලින් යුක්තිය හා සාධාරණය හැමෝටම එක හා සමාන තත්ත්වයක් ඇති වෙන්න ඕනෙ.
අධිකරණයේ ස්වාධීනත්වයට මුල්තැන දී කටයුතු කරන නීති ක්රමයක් ඇති කරන්නත් ඕනෙ.
එල්ලුම් ගහ නැවත ක්රියාත්මක කිරීම ගැන ඔයාලගෙ අදහස් කියන්න
