කොවිඩ් ආසාදිතයින් ගේ යලි වැඩි වීමක්............
දින 20 කට පසු මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 627 ක් දක්වා ඉහළ යාමත් සමගින්. මීට පෙර දෛනික ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගියේ ඉකුත් ඔක්තෝම්බර් 16 වනදායි. ඉන් පසුව ඊයේ දක්වා ආසාදිතයින් වාර්තාවීම අඩු වී තිබුණා.
මේ අතර ගර්භණී මව්වරුන් අතරින්ද යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තා වන තත්ත්වයක් මතුවෙමින් ඇතැයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.
දරුවන් අතරින්ද කොරෝනා ආසාදිතයින් වාර්තාවීම වැඩිවෙමින් ඇති බවයි වාර්තා වන්නේ. දරුවන් එන්නත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.
අලි මදිවට හරක් ..........



ඩෙංගු ආසාදිතයින්ගේ සීඝ්‍ර ඉහළ යෑමක්.........
ඩෙංගු මදුරුවන් බෝවීම වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ නොවැම්බර් මස පළමු දින 4 තුළ පමණක් ඩෙංගු රෝගීන් 505 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඔක්තෝම්බර් මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,979 ක්. දිවයින පුරා සිදුකර ඇති සමීක්‍ෂණයකට අනුව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් අපේක්‍ෂා කෙරෙනවා.
ඒ අනුව ඩෙංගු වසංගත අවදියක් දක්වා වර්ධනයවීම වළක්වා ගැනීම අරමුණින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ, නොවැම්බර් 8 වනදා සිට 13 වනදා දක්වායි.
බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් තුළ මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙනවා.
Neth news.....
http://nethnews.lk/article/90535
http://nethnews.lk/article/90533



