ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වෙයි🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා පවසයි.

    ඔහු පවසන්නේ දිවයිනේ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 50කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බවය.

    මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තාවී ඇති බවද කොළඹ මහනගර සභාව පවසයි.

    එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ එම සංඛ්‍යාවෙන් 1,800ක ප්‍රමාණයක් කොළම නගර සභා බලප්‍රදේශයෙන් වර්තා වී ඇති බවය.

    වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය තවදුරටත් පෙන්වා දෙන්නේ, ඩෙංගු අවදානම සහිත නිවාස 70,000ක් පරීක්ෂ කර ඇති අතර නිවාස 471කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.