කොවිඩ් ගැන අමෙරිකාවෙන් අනාවැකියක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    මේ වනවිට බොහෝ පිරිසක් එන්නත ලබාගැනීමෙන් හෝ කොවිඩ් වෛරසයට නිරාවරණයවීමෙන් ශරීර තුළ ස්වාභාවිකව ප්‍රතිදේහ ගොඩනැගී ඇති නිසා කොවිඩ් වෛරසය පැතිරීම පහළ යමින් ඇති බව අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙයි.

    අමෙරිකාවේ කොවිඩ් දත්ත පදනම් කරගනිමින් මේ බව පෙන්වා දී ඇති අතර ලබන වසරේ මාර්තු මාසය වනවිට වසංගතය ආරම්භ වූ අවදියේ පැවති මට්ටමට අමෙරිකාව ළඟාවනු ඇති බව පර්යේෂකයින් කණ්ඩායමේ අදහසය.

    දෛනික ආසාදිතයන් පිරිස ඒ වන විට 9,000ට පහළ අගයක් ගනු ඇති බවත් දෛනික මරණ සංඛ්‍යාව 100ට පහළ අගයක් ගනු ඇති බවත් පෙන්වා දෙන ඔවුන්, ඒ අනුව වසංගතයේ දරුණුතම අවදිය ලබන වසර වනවිට පහව යනු ඇති බව සඳහන් කරයි.

    ශීඝ්‍රයෙන් පැතිර යන නව වෛරස ප්‍රභේදයක් බිහිවීමට ඇති ඉඩකඩද අවම බව පර්යේෂණ කණ්ඩායමේ අදහසය.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    mehe jothishya karayoth okma kiwwa habai :lol:
    Screenshot from 2021-09-28 09-27-38.png