කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් කොවිඩ් මර්දනය සඳහා බෙහෙතක් සොයාගත් බව සති කිහිපයකට පෙර ප්‍රකට විය. ඊට හේතු වූයේ එම බෙහෙත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්රමුඛව වෛද්‍ය මඩුල්ලක් විසින් සිදුකරන ලද සායනික පරීක්ෂා කිරීම් හමුවේ 100% ක්ම සාර්ථක බව මාධ්‍යවල ප්‍රචාරය විය. නමුත් එය කොවිඩ් මර්දන ඖෂධයක් ලෙස ලියාපදිංචිය ලැබීමට නම් තවත් පර්යේෂණ කිහිපයකින් ඉදිරියට යා යුතු බවද දැක්විනි. මේ සිදුවීම් අතරතුර කොවිඩ් මර්දන පැණිය දළදා වහන්සේ වෙත, මල්වතු අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේලා වෙත සහ අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස හා අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ද පිළිගන්වනු ලැබිණි. එම පැණිය අසාර්ථක බෙහෙතක් බව මෙතෙක් කිසිවෙකු කිසිදු මාධ්‍යයකින් හෙළිදරව් කර නැත. එයට මුහුණ දුන් සියළු දෙනා පවසන්නේ එය 100% ක්ම සාර්ථක බවයි. තත්වය එසේ තිබියදීත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා එම පැණිය දැඩි විවේචනයට සහ අවඥාවට ලක් වෙමින් පවතී (ඒ බව මල්වතු අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේලාද අදහස් දැක්විය).
මම තමයි කාලි.. ඔබවහන්සේගේ අම්මා..
එම අවඥාව දෙගුණ තෙගුණ වූයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ඖෂධය පිළිගැන්වීමට ගිය අවස්ථාවේ ඇතිවූ තත්වය හේතුවෙනි. ඒ දක්වා ශ්‍රද්ධාභක්ති පෙරටුව පූජනීය ස්ථානයන් වෙත ඖෂධය පූජා කළ ධම්මික මහතා හිටිවනම උස් හඬින් අටමස්ථානාධිපති හිමියන් ඇමතීම බොදුනුවන්ගේ සිත් රිදවන්නක් විය. එයට හේතුවුණු කතාව මාධ්‍ය තුළ පලවූ ආකාරයට මෙසේය.,
ඖෂධය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල පරිශ්‍රයට ගොස් පූජා කිරීමට අවස්ථාව හිමි නොවීම නිසා නැවත අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැකීමට ධම්මික මහතා පැමිණි අතර, එහිදී මාධ්‍ය තුළින් දැකගත හැකි වූ අයුරින් කිසියම් ආරූඪ වීමක් හෝ ඊට සමාන සිදුවීමක් හරහා ධම්මික මහතා උස් හඬින් අටමස්ථානාධිපති හිමියන් ඇමතීය. "මං ලෝකයේ සියළුදෙනා බේරගන්න ඖෂධයක් හැදුවා.. ඔබවහන්සේ දන්නවා මං කාලි කියලා.. මගේ ඖෂධයට ඇයි අගෞරවයක් කෙරුවේ පැත්තකට වීසිකරන්න කිව්වෙ ඇයි.. මම උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධී මූලයටයි මේ පූජාව කරන්න ආවේ.. ඔබ වහන්සේ ඇයි මට අවසර දුන්නෙ නැත්තේ.. ඔබවහන්සේ... මං කාලි.. ඔබවහන්සේගේ අම්මා.. ඇයි මං හදපු බෙහෙත පැත්තකට දැම්මේ.. (මොහොතකින්) එහෙම නැත්තං මට මේ කර්තව්‍යයෙන් ඉවත් වෙන්න අවසර දෙන්න.."
පැණිය බෝධීන් වහන්සේ මූලයට වක්කරන්නට අවසර ඉල්ලුවාද?
එම සිදුවීම විමර්ෂණාත්මක බැලුවහොත් අදාල ඖෂධය බෝධි මූලයට පූජා කිරීම ආකාර දෙකකට දැකිය හැකිය. එකක් නම් ඖෂධය බෝතලය සමගින්ම බෝධි පාමුල පරිශ්‍රයේ පූජා කිරීම. අනෙක නම්, බෝතලයෙන් පිටතට ගත් ඖෂධය බෝධි පාමුල පරිශ්‍රයට වැක්කෙරීම. මෙහිදී රුවන්වැලි සෑ රදුන්ගේ මතුපිට පාෂාණ හෝ බදාම ස්ථරයට සිදුකළාක් මෙන් ඖෂධය වැක්කෙරීම, මෙහිදී සිදු කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදීම පැසසිය යුතුය. (එහිදී ධම්මික මහතා එසේ කිරීමට ඉල්ලා සිටියාදැයි නොදනිමු) එසේ නොමැතිව, බෝධි මූල පරිශ්‍රයට මංජුසාව / බෝතලය පිටින්ම පූජා කිරීම සිදුකිරීමට ඉල්ලා සිටියදී එයටද ඉඩ නොදුන්නා නම් එය විමසිය යුතු කරුණකි.
ධම්මිකට අකැප උඩමළුව දුරාචාරී අයට කැපද?
මන්ද, ලෝකයම බෙහෙතක් සොයමින් සිටින මොහොතක 100% ක් සාර්ථක හෙළ ඔසුවක් සෙයාගත් පුද්ගලයාට සිය විශිෂ්ට සොයාගැනීම දේශයේ මුදුන්මල්කඩ බඳු ස්ථාන කිහිපය වෙත පූජා කිරීමට පැමිණෙද්දී ඒ සඳහා අවස්ථාවක් ලබාදීම කළගුණ දත් හා හෙළ බොදු ගති සිරිත්වලින් හෙබි සියළු වගකිවයුත්තන්ගේ ආචාරධර්මයක් විය යුතු බැවිනි. (බෝධීන් වහන්සේ අසලට යාමට දේශපාලඥයින්ට හා ප්‍රභූ පුද්ගලයින්ට අවස්ථාව හිමිවේ. එසේම තවත් එකී නොකී වැදගත් / අවැදගත්, අවිචාරවත්, බේබදු, සොරකම්, මැරකම්, වංචනික, පගා, කොමිස්, වනචර හා දූෂණ සිදුකළ පංච දුෂ්චරිතයෙන් විවිධ දුරාචාර සිදුකළ, සිදුකරන පුද්ගලයින් පවා උඩ මළුවට ගොස් නලල තවරා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට බාදාවක් නැත.!) එහෙත් ලෝකයටම වටිනා නව සොයාගැනීමක් කළ පුද්ගලයාට උඩමළුව අකැප වීම ගැටළු සහගතය. එම ගැටළුව මෙලෙස ලිහා ගනිමු.
ධම්මික පැණිය බොරුවක් බවට සාක්ෂි තිබේද?
අදාල සිදුවීමේදී, ධම්මික මහතා කිසියම් ආරූඨයකින් මෙන් උස් හඬින් ඇමතීමට හේතු වූ කරුණු වූයේ බෝධි මූල පරිශ්‍රයට ඖෂධය පූජා කිරීමට ඉඩ නොදීම හා ඖෂධය පැත්තකට විසි කරන්න කීම අරභයාය.
ධම්මික මහතාගේ ඖෂධය පිළිබඳව සැක සංකා මෙතෙක් ඇතිවී නැත.
එම ඖෂධය පිළිබඳව විශ්වාසය උපරිම මට්ටමට ළඟා වෙමින් තිබෙන්නේ දේශීය වෛද්‍ය ඇමතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙය ප්‍රසිද්ධියේ පානය කිරීම ප්‍රතිඵලදායක බව පැවසීම නිසාය.
කිසිදු අවස්ථාවක මෙම ඖෂධය වංචනික ක්‍රියාවලියක්, බිස්නස් එකක් හෝ වෙනත් සමාජය නොමග යැවීමේ අරමුණකින් කරන්නක් බවට මෙතෙක් තොරතුර වාර්තා නොවීම.
වතුපිටිවල රෝහලේ කළ මූලික සායනික පරික්ෂාවන්ගෙන් 100% ක්ම සාර්ථක බව පෙන්වීම (ඖෂධය ලබාදුන් සියල්ලන්ගේම ශරීරයෙන් කොවිඩ් වෛරසය ඉවත් වී තිබීම.)
ශරීරයට අහිතකර හෝ අතුරු ආබාධ නොමැති බවට මෙතෙක් තහවුරු කර තිබීම.
සිල්ලර මතුපිට විතරක් අතගා බලන්නෝ..
ධම්මික මහතාගේ ඖෂධය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආකාරයක පැමිණිල්ලක් නොමැති අතර, ඖෂධය අසාර්ථක බවට කිසිදු සාක්ෂියක් නොමැතිව තිබියදීත්, එක් සිදුවීමක් පාදක කරගෙන හෝ එසේ නොමැතිව හෝ අතිශය නින්දිත ආකාරයෙන් "පැණිය" සඳහා පහර ගැසීම, ගරුකළ යුතු සමාජමය ආචාරධර්ම පිරිහී ඇති බවට ඉඟි කරන්නකි. දේශීයත්වයට ගරහන සහ අවිචාරවත් අදහස් හුවමාරු කිරීම් හරහා මේ වනවිට වැරදි අදහස් සෑහෙන ප්‍රමාණයක් මේ සිදුවීම් සම්බන්ධයෙන් සමාජගතවී ඇති බව මාධ්‍ය පරිශීලනයේදී දැකගත හැකිය. ඒවා හුදෙක් සිල්ලර මතුපිටකින් දකින සිදුවීම්ය. ඒවායේ සැබෑ ගැඹුර ගැන එසේ දකින්නවුන්ට අවබෝධයක් තිබී නැත. නමුත් කොවිඩ් සිල්ලර වෛරසයක් නොවේ.. මරණීය වෛරසයකි. ඒ සඳහා 100% සාර්ථක ඖෂධයක් මෙතෙක් ලෝකයේ කොතැනකින් වත් සොයාගෙන නොමැති පසුබිමක "ධම්මික පැණිය" සිල්ලර මතුපිටකින් පමණක් අතගා විනාශ කර දැමීමට යත්න දැරීම කෙතරම් සදාචාරාත්මකද? තවත් කෙටි කලක් කාලයට ඉඩදී බැලිය යුතු නොවේද.?
කෙටි - කටු - සටහන - චාරුක.
(දත්ත අන්තර්ජාලය ඇසුරෙනි)
