(ඩයනා උදයංගනී)
ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇත.
ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති, ප්‍රමිති ආයතනයේ සභාපති ආදී තනතුරු ද හොබවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්බධීකරණ නිලධාරියා ලෙස මෙන්ම හිටපු ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ තුරෙයි රත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත .
ඔහු මියගොස් ඇත්තේ කොවිඩ් ආසාදනය වී කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය .
තුරේරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය තෙවැනි මන්ත්‍රීවරයා ය . මෙයට පෙර කොවිඩ් ආසාදනය වීමෙන් හිටපු කතානායක වරයෙකු වූ විජමූ ලොකුබණ්ඩාර මහතා මිය ගියේය .
මිය යන විට අසූ වැනි වියේ පසුවූ තුරේ රත්නසිංහම් මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 2002වර්ෂයේ සිට 2010වර්ෂය දක්වා එම මන්ත්‍රී ධූරයේ කටයුතු කළේය .

හිටපු මන්ත්‍රී තුරේරත්නසිංහම් කොවිඩ් වැළඳී මිය යයි