අද උදේ පාන්දර ඉඳන් කළුබෝවිල මෝචරිය ළඟ. ඒ ඉස්සරහ තියෙනවා පොඩි ගෙදරක්, ඒක කැෆේ එකක්, කාර් පාර්ක් එකක්, කාර් වොෂ් එකක්, ඉන්ෂුවරන්ස් විකුණන තැනක් ආදී ඔක්කොම. පුළුවන් තරම් ඈතින් ඉඳගෙන ගෙදර අය කඩේ වැඩ කරනවා.
අදාල පළාතෙ පොලිස් නිලධාරියා ආවම ඒ පළාතෙ මැරුනු අයව බාරගන්න ආපු ඥාතීන්ව ඇතුලට ගන්නවා. ඇතුලෙ මරණ පරීක්ෂන ලියන්නයි මිනී නිදහස් කරන්නයි සෑහෙන පිරිසක් වැඩ. වෙරළු ගහක් යට පුටු තියලා තම තමන්ට නෑදෑවෙන මිනී බාරගන්න ආපු අයව ඉන්දලා තියනවා.
වෙරළු ගහෙන් අලි වෙරළු ගෙඩි ටොක් ගාලා ඔලුවට වැටෙනවා. ගැස්සිලා බලන කොට තව එකෙකුගෙ. ඊට පස්සෙ ටිකක් එහා ඉන්න බුදුන්ගෙ ඔලුවටත් වෙරළු ටොකු වදිනවා.
මේ අතරෙ නිදහස් කරන මිනී කනත්තට අරන් යන්න පෙට්ටියක් සහ හර්ස් එකක් ඕන වෙනවා. රුපියල් තිස් පන්දහට, විසි පන්දහට, ඊට පස්සෙ පාලොස්දහට මේ සර්විස් එක තියෙනවා. ටිකක් ඈතින් නම් හයදාහට විතරත් තියෙනවා. කොහෙන් ගත්තත් එන්නෙ නිකං මැදපු නැති ලෑලි පෙට්ටියක්. ඇතුලට කඩදාසියක් එළලා තියෙනවා. බොරු සෝබන මෝස්තර මොකුත් නෑ. කොයි ගාන ගෙව්වත් ලැබෙන සේවාව සමානයි. හෙනම කොමියුනිස්ට්.
එතන ඉඳගෙන ඉඳිද්දි තමයි ඉලක්කං ඇත්තට පේන්නෙ. රෑට ප්‍රවෘත්තිවල විස්සක් මළා, විසිපහක් මළා කිව්වට ඒක දැනෙන්නෙ නෑ. ඒත් එක පලාතක මැරිච්ච මිනිස්සු එකතු කරන් යන්න පෝලිමේ ඉඳන් ඉන්න මිනිස්සු දැක්කම වැඩේ බරපතලකම දැනෙනවා.
එහෙම ඉන්න හැම කෙනෙක්ම දොස්තරලට බනිනවා. මැරුනු කිසි කෙනෙකුගෙ ඥාතියෙක් ඒ මැරුන මනුස්සයට කොවිඩ් තිබ්බා කියල පිළිගන්නෙ නෑ. ඊයෙ හිටපු මනුස්සයා අද නැති වුනාම ඒක එකපාර අදහගන්න බැරුවත් ඇති. අවුරුදු හැට හැත්තෑව පැනපු මිනිස්සු වැලට මැරිලා.
මගේ එහා පැත්තෙ ඉඳන් ගෑනු කෙනෙක් ඉස්සරහ මරණ පරීක්ෂන වාර්තාව ලියන දොස්තරට සාප කරනවා.
ඕකුන් පනුවො ගහලා මැරෙන්නෙ. මේ ආත්මෙ විතරයි ඔය කෝට් හම්බුවෙන්නෙ...
ඒ එයාගෙ අම්මට කොවිඩ් කිව්වා කියල. අම්මට කොවිඩ් නං අම්මා මැරෙනකං සාත්තු කරපු එයාටත් කොවිඩ් වෙන්න ඕන කියලයි එයා කියන්නෙ.
ඉතිං ඔයාව නිරෝධායන කළේ නැද්ද?
එහෙම කොහොමද? අම්මගෙ මිනිය හරි බාරගන්න ඉන්නෙ මං විතරයි. කාත් කවුරුත් නැති කෙනෙක් වගේ අම්මව වළදාන්න දෙන්න බෑනෙ. මං අඬලා අඬලා කොහොම හරි ආවා..
අනිත් පැත්තෙ ක්‍රිස්තියානි මනුස්සයෙක්. එයාගෙ තාත්තව මේ විදිහට ආදාහනය කරන නිසා එයාට දෙවියන් ළඟට යන්න බැරිවෙනවා කියල එයා විස්සෝප වෙනවා. ඒ අතරෙ බෞද්දයො පාංශුකූලෙ දෙන්න බැරි වෙනවා කියල දුක් වෙනවා.
දොස්තරලා කඩිමුඩියෙ වැඩකරනවා. හිටිහැටියෙ ඒ අයගෙ ආරක්ෂාව ගැන මතක් වෙලා වැඩිය ළඟට එන්න එපා කියනවා. එතකොට පොඩ්ඩක් පස්සට යන මිනිස්සු ආපහු විනාඩියෙන් පරණ ගානට ළංවෙනවා.
එලියෙ ලයිට් කියල දෙයක් එක්ක ආපු නැති පස්ස දිග කාර් එකක් නවත්තන් ඉන්නවා. ඊට පිටිපස්සෙ පෙට්ටි කීපයක් එක්ක තව කාර් එකක්. මිනියක් එලියට ආපු ගමන් පෙට්ටියක් අරන් අර ලයිට් නැති කාර් එකෙන් ළඟම කනත්තට යනවා. හර්ස් එකක් ඒ තරම් හයියෙන් යන්නෙ නැතුව ඇති කවදාවත්.
පොලිතින් බෑග්වල ඔතලා ලෑලි පෙට්ටිවල මිනී පුරවනවා. පොඩ්ඩක් සිපර් එක ඇරලා පරණ අඳුරනකම් මතක් කරගන්න ඉඩක් දෙනවා.
හර්ස් එක දුවලා ගිහින් ආපහු එන්නෙ ඊළඟ පෙට්ටිය අරන් අනිත් කනත්තට යන්න.
මරණය කියන අමු කාරණය ඇරුනම අනිත් හැම ඉමෝෂනල් වස්ත්‍රයක්ම කොවිඩ් වලින් නිරුවත් කරලා තියෙනවා. එන්න පුළුවන් ඥාති දෙන්නෙකුට විතරයි. ළඟම හැමෝම ගෙවල්වල කොරන්ටයින්.
අපි කනත්තට එද්දි ආදාහනාගාරෙ ගෑස් ඉවරවෙලා. ගෑස් ගේනකං පුටුවකට වෙලා වාඩිවෙලා පැය බාගයක් විතර බලන් හිටියා. ආදාහනාගාරෙ පිටිපස්සෙ මනුස්සයෙක් මයියොක්කා පාත්තියක් ගලවනවා. මිනිහගෙ අල වෙනදා තරම් ලොකුවට නෑ කියල කනස්සල්ලෙන්. මිනිස්සු කීපදෙනෙක් නැවතිලා ඉන්න කනත්තෙ කාමරේ තව මනුස්සයෙක් ෆෝන් එකෙන් කෑ ගහනවා.
යකෝ උඹ මං නරක මිනිහා කියන්න එපා. වාහනේ හයි කරලා දීපං. දැං දවස් කීයක්ද? ඇයි බං මූ...
මරණය පස්සට ඇද්දත් ජීවිතේ ඉස්සරහට යනවා.
ලොරියක ගෑස් පටවගෙන කොල්ලො තුන්දෙනෙක් ආවා. උන් විනාඩියෙන් ගගනගාමීන් වගේ ඇඳගත්තා. ඊට පිටිපස්සෙ ශුද්ධ වූ දියර විදින මැෂිමකින් උන්ව නෑව්වා. පෙට්ටියත් නෑව්වා. ඇතුලට දැම්මා. ස්විච් එක එබුවා.
මළ ගෙයක් අහවරයි.
උපුටා ගැනීමක්...