කොවිඩ් වැලඳුනු දරුවන්ට තවත් රෝගයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙයි.

    ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 - 6ක් පමණ කාලයක් ගතවන විට එම නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බවය.

    එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොඳුරු වී සිටිම එහි ඇති බරපතළ තත්ත්වය වන බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

    මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා කියා සිටියේය.

    උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවත් එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයෑම බව ද වෛද්‍යවරයා පැවසීය.

    මෙය අලුත් රෝගී තත්ත්වයක් වන බවත් මෙය 2020 අප්‍රේල මාසයේ දී එංගලන්තයේ දී හඳුනාගත් බව ද පැවසු වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා, ඉහත දැක්වු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා බවත් සඳහන් කළේය.

    ''මෙය ඉතා භයානක තත්ත්වයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලිනුත් මෙය වාර්තා වෙලා තියෙනවා. එම රටවල දරුවන් මේ රෝගී තත්ත්වය නිසා මිය ගොස් තිබෙනවා. ලංකාවෙත් දැන් එය තිබෙනවා. දැනට හමුවෙලා තිබෙන රෝගී දරුවන් 06 දෙනා කොළඹ අවට ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙන්නේ. වැලිමඩ ප්‍රදේශයෙනුත් එවැනි රෝගී දරුවෙක් හමුවුණා. එම දරුවා බදුල්ල රෝහලට යොමුකර ප්‍රතිකාර ලබා සුවය ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා මෙම තත්ත්වය රට පුරා ව්‍යාප්ත වෙලා ඇති කියලා.“

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    mage yaluwekge puthek innawa ban oya case ekama thamai.
    Hemas dawas 3k thiyan idala berima thena baby ward aran gihin
    ehedi thamai doctors la diagnose karala thiyenne Corona hedila hoda wela kiyala
    Ita passe ena side effect ekak lu oka.
    thawama kolla hospital inne.