කොවිඩ් 19 දත්ත සඟවන බවට රජයට PHI සංගමයෙන් චෝදනා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නව ආසාදිතයින් රෝහල් කරා ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, රට තුළ පවතින ඉතා ව්‍යාකූල බවය.

    එමෙන්ම ඉදිරියට ඇති විය හැකි තත්ත්වය ද ඉතා ම අවදානම් බවට එම සංගමය ජනතාවට අනතුරු අඟවයි.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    “දෛනිකව වාර්තා වන කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාවේ සංඛ්‍යා ලේඛන පිළිබඳ යම් යම් පරස්පරතා ඇති ව තිබෙනවා. විශ්වසනීයත්වයෙන් තොර බවට අපට යම් යම් සාධක අනාවරණය වෙනවා. මේ නිසා මහජනතාවත් මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වසනීයත්වක් නොමැති ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ඇති වෙන මරණ සම්බන්ධවත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වෙනවා. මේ මරණවල සංඛ්‍යා ලේඛන සම්බන්ධව. මේ වන විට රසායානාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබීම සඳහා අවම වශයෙන් දින 5ක කාලයක් ගතවෙනවා. ඒ වගේම ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල දින 15කට ආසන්න කාලයකුත් ගතවෙන කාලයක් අපිට නිරීක්ෂණය වෙනවා. මේ රසායනාගාර වාර්තා ලබා දීමට ලබාදුන් ඇතැම් පීසීආර් පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම් වාර්තා වෙනවා. මේ අස්ථානගත වුණ තොරතුරු හා කල් පහුවුණු සංඛ්‍යා ලේඛන සමග අපිට තවදුරටත් මේ ගනුදෙනුව කරන්න බෑ කියන එක තමයි පේන්නේ. ඒ නිසා රසායානාගාර සම්බන්ධයෙන් ඉදිරියට විදිමත්ව හා යම් වගකීමකින් කටයුතු කළ යුතුයි යන්න අවධාරණය කරනවා.“

    දෙරණ
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බොරු දත්ත නිසා තවත් කොරොනා ව්‍යාපතිය වැඩි වෙනවා.රජයේ දත්ත හැමදාම ඒකාකරි.එහෙම ප්‍රස්තාර නැ. හිටපු ගමන් කොරොනා අඩු වැඩි වෙනවා.රජය හරියට කොරොනා සංඛ්‍යාලේඛන දන්නේ නැත්නම් ඒක විශාල අවදානමකට රට පත් කරනවා.හැංගි හැංගි සෙල්ලම් කරාට කොරොනා එක්ක එලියේ නටන්න එන දවසක් එනවා
     
    • Like
    Reactions: hodakolla and dxx

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1610844848530.jpg