කොස්ගොඩ_තාරක

thomian

Well-known member
  • May 20, 2011
    12,470
    17,587
    113
    අප තාරකගේ බල වැයික්කිය කරා යෑම ආරම්භ කළෙමු. කොස්ගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටර් තුනකට මෙපිටින් වම් පැත්තට වැටී ඇති මාර්ගය දිව යන්නේ තාරකගේ උපන් ගම වන වතුරවෙලටය. සැබෑවට සුන්දර ගම්මානයක් ලෙස වතුරවල හැඳින්විය හැකිය. නමුත් මේ වන විට වඩාත් අනාරක්‍ෂිත ගම්මානය වන්නේද වතුරවෙලය. එහිදී අප සමඟ අදහස් දැක්වූ වතුරවෙල ගම්වැසියන් දෙදෙනකු පවසා සිටියේ මෙවැන්නකි.

    "තාරක කියන්නේ ඇත්තටම හොඳ කොල්ලෙක්. තාත්තා අත්ට්‍රැක්ටරයක් එළෙව්වේ. මනුස්සයා බීලම අකාලයේ මළා. ඊට පස්සේ තාරක ඉගෙනීම අතහැරියා. මුලින්ම ගංජා වික්කා. ඊට පස්සේ කුඩුත් විකුණුවා කියලා කියනවා. වාහනයක් උස්සලා තමයි තාරක මුලින්ම හිරේ ගියේ. හිරේදී තමයි අංගොඩ ලොක්කව තාරකව අඳුරගත්තා කියන්නේ. අංගොඩ ලොක්කා තාරකට මාකඳුරේ මධුෂ්ව අඳුන්වලා දෙනවා. ඊට පස්සේ මෙයාලා බැංකු කඩන්න ගන්නවා. ෆිනෑන්ස් කම්පැනි කඩන්න ගන්නවා. කොහොම වුණත් තාරක හම්බ කරපු සල්ලි ගෑනුන්ටයි සූදුවටයි වියදම් කරපු කොල්ලෙක් නෙමෙයි. එයා මනුෂ්‍යයන්ට හොඳයි. අනිත් අය පිටරටවල හැංගිලා ඉද්දී තාරක තාම ලංකාවේ ඉන්නේ ඒ හින්දනේ."

    By mawbima 2017-11-12

    තාරක උසස් පෙළට හදාරා ඇත්තේ ගණිත විෂයයන්ය. නාවික ක්ෂේත්‍රය සම්බන්ධ පාඨමාලාවක් හැදෑරීම තාරකගේ අරමුණ වීලු! තම පියාගේ අකල් වියෝව නිසා අධ්‍යාපන කටයුතු අතරමඟදී අත්හැර දමන තාරක පියා සිදුකළ අත්ට්‍රැක්ටර් පැදවීමේ රැකියාව සිදු කර ඇත්තේ පවුලේ බර සිය උර මත පැටවුණු නිසාය. කුරුඳු තැළීම ජීවිකාව වශයෙන් සිදු කළ තාරකගේ මව දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක් නඩත්තු කරගෙන ගොස් ඇත්තේ ඉතාමත් අසීරුවෙන් යැයි කියැවේ. මෙම තත්ත්වය හමුවේ ඉගෙනීමට මුල්තැනක් දීමට නොහැකි වූ තාරක ගංජා සහ කුඩු ජාවාරම් කරන්නට ගත් බව කියැවේ. අම්බලන්ගොඩ නන්‍ෙදාරේ ප්‍රදේශයෙන් කුලී ගමනක් යෑමටයි කියා රැගෙන ගිය වෑන් රථයක් 2001 වර්ෂයේදී කොල්ලකා තම නම පොලිස් පොත්වල ලියවා ගන්නා විට තාරකගේ වයස අවුරුදු 19කි. එම කොල්ලය යටතේ තවත් තිදෙනකු සමඟ රිමාන්ඩ් බන්ධනාගාර ගතවන තාරක බන්ධනාගාරයෙන් ඇප මත පැමිණෙන්නේ අපරාධ ලෝකය පිළිබඳ හොඳ දැනුමක් සහ වැඩි සම්බන්ධතා ගොන්නක් වර්ධනය කරගෙනය.
    By mawbima 2017-11-19

    killers%2Bin%2Bsouth%2Blk.png



    මීට වසර 5කට පෙරාතුව කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරකගේ බැජියාය. කොස්ගොඩ ලොකූ කොස්ගොඩ තාරකගේ මිතුරාය. මාකඳුරේ මධුෂ් දකුණු පාතාලයේ ලොක්කාය. වැලිපැන්නේ සරා කොස්ගොඩ ලොක්කාගේ මිතුරාය. බන්දුපිටියේ මැණිකා කොස්ගොඩ ලොකූගේ බැජියාය. මීටියාගොඩ රාජු කොස්ගොඩ රණාගේ බැජියාය. ඒ දෙමිතුරෝ කොස්ගොඩ සුජීගේ මිතුරෝය. අංගොඩ ලොක්කා සහ හබරකඩ වසන්ත කොස්ගොඩ තාරකගේ ලොක්කෝය.


    sina.jpg



    කොස්ගොඩ සුජී විසින් කොස්ගොඩ ලොකූ (රුවන් චාමර අබේසේකර) මරා දමන ලදැයි සැක කරන තාරක තම බැජියාට අභියෝග කරමින් කල එළිබසින්නේ කොළඹ පාතාලයේ අංගොඩ ලොක්කාගේ මිතුරෙක් වෙමිනි. තාරකගේ කොළඹ සම්බන්ධතා තමන්ගේ ඇඟට ගුණ නැති බව දන්නා සුජී සහ රණා ගජ මිතුරන් වන්නේ නොසිතූ ලෙසය.
    සුජී සහ රණා තමා පස්සේ වැටී ඇති බව දන්නා තාරක, අංගොඩ ලොක්කා මාර්ගයෙන් උපයන්නේ තමන් සහ එක පලෝලේ යන පාතාල හිතමිතුරන්ය. ඒ සඳහා යහමින් මුදල් විසිකළ යුතු නිසා අත්තිඩිය, මිරිහාන පෞද්ගලික බැංකු දෙකකට කඩා පැන පිළිවෙළින් රුපියල් ලක්‍ෂ 10ක් සහ 18ක් කොල්ල කන්නේ තාරකගේ කණ්ඩායම බව කියැවේ. ඒ කොස්ගොඩ පාතාලයේ තම පිලට ඇති පදමට අවි ආයුධ මිලට ගැනීම සඳහාය. අංගොඩ ලොක්කාගේ මිතුරා තම මිතුරා යැයි පවසමින් හබරකඩ වසන්ත තාරකව තමා ළඟට කැඳවා ගන්නේ පාතාල පස්ගෝ රස යහමින් ලැබුණොත් තාරක හැදෙන ගහක් බව දුරදීම හඳුනාගෙනය.

    කට්ටිය කොස්ගොඩ ලොකූට දැම්මේ අරක්කු වෙට්ටුවකි. කොස්ගොඩ ලොකූගේ මිතුරා වැලිපැන්නේ සරාය. සරා මාර්ගයෙන් රණා, ලොකූට හිතවත් බන්දුපිටියේ මැණිකාව ඇමට දා ලොකූව වැලිපැන්නට ගෙන්වා ගන්නේ අරක්කු පාටියකටය. ඔවුන් පැමිණෙන මාර්ග හොඳින් දැන කොස්ගොඩ රණා, කරන්දෙණියේ සුද්දා සමඟ ගෝනපීනුවල රාලහාමි ගාවට ගොස් ඝාතනයට අවැසි ටී 56 ලබා ගත්තා යැයි කියැවේ. අරක්කු බෝතලයක් අත දරා ආ ලොකූ ටී 56 අත දරා පැමිණි කරන්දෙණියේ සුද්දාට බිලිවීම අහම්බයක් නොවේ. තවත් ලෙසකින් කරළියට පැමිණි කතාවකට කියැවෙන්නේ කොස්ගොඩ ලොකූ ඝාතනය කළේ මීටියාගොඩ රාජු සහ කොස්ගොඩ රණා බවය. මීටියාගොඩ රාජු පළපුරුදු වෙඩික්කරුවෙක් නිසා එවැනි හාහෝවක් පතළ වීමට ඇති ඉඩකඩ වැඩිය. රාජු හිත හොඳ ‍ෙදාස්තර ලෙස කරන්දෙණියේ ප්‍රචලිතව සිටි ප්‍රසාද් ජයසිංහ මහතා 2011 වර්ෂයේදී මරා දමා පාතාලයට අත්පොත් තැබුවෙකි.

    ලොකූගේ මරණය තවත් මරණ ගණනාවකට පියකම දැරීය. තාරකට ලොකූ නොමැති අඩුව හොඳින් දැනෙන්නේ සුජීගේ පාර්ශ්වයේ තර්ජන උත්සන්න වන විටය. ලොකූගේ සොහොයුරා දේශාන් යොදවා සුජී හෝ රණා අහවර කිරීමට තාරක මාන බලන්නේ වතුරට වැඩිය ලෙය උකු බව දැනය. සුජී ඩුබායි රටේ නිසා රණා තාරකගේ ඉලක්කය බවට පත්වේ. මේ අතරතුර සුජී ඩුබායි සිට දෙන ඉලක්කය දකුණේදී ක්‍රියාත්මක කිරීමේ බලය ලබා ගන්නේ තෙල් වත්තේ පොඩි ලැසී සහ කරන්දෙණියේ සුද්දාය.

    b9eca47d3d5e30f0d74193059336dc22_L.jpg

    පොඩි ලැසී



    Untitled-28.png

    තාරකගේ පළිගැනීමේ මානය සුජීගේ පවුලේ අභ්‍යන්තරය විනිවිද යන්නේ සුජී දේශපාලන බලපුළුවන්කාරයෙක්ට අඳින්නට සූදානම් වන අතරතුරය. එය එල්ල වූයේ සුජීගේ මාමා ඉලක්ක කරගෙනය. කොස්ගොඩ පොලිස් වසමට අයත් යුදපිටිය, මැණික්ගම්මානය, කුරුඳුගම්පියස යන ගම්මානවලට කඩා පාත්වන තාරකගේ සහචරයෝ යුදපිටිය ගම සැබෑ යුදපිටියක් කරමින් ජයමුණි මහින්ද රාජා මරා දමන්නේ ටී 56 ප්‍රහාරයකිනි. එතැනින් නතර නොවන තාරකගේ කණ්ඩායම මහින්ද රාජාගේ පුතුන් දෙදෙනා වන අයේෂ් සහ දුමිඳු වන තම ගොදුරු බවට පත් කර ගෙන ඉන් පසු මැණික්ගම්මානයේ කපිල පෙරේරා ඝාතනය කරන එම කණ්ඩායම කුරුඳුගම්පියසේ දිනේෂ් කුමාර සොයා ගියත් ඔහු නිවෙසේ නොමැති නිසා වියරු වැටී නිවෙස දෙවනත් කරන්නේ වෙඩි වරුෂාවක් එල්ල කරමිනි. මෙම ප්‍රහාරයන් සඳහා තාරක සහ කොස්ගොඩ ලොකූගේ සහෝදරයන් පැමිණෙන්නට ඇතැයි සැක කෙරේ.


    10-1.jpg



    කෝන්තරයේ ඉතිහාස කතාව -



    කොස්ගොඩ ලොකූ ඝාතනය වන්නේ කොස්ගොඩ සුජීගේ මාමා වූ මහින්ද රාජගේ කොන්ත්‍රාත්තුවක් මත බවද ලොකූගේ (තාරකගේ) පාර්ශ්වය තුළ සැකයක් ඇතිව තිබිණි. මේ ඝාතන වැල රාජාගෙන් ආරම්භ වන්නට හේතුවක් වන්නේද එයය.


    මෙම දෙපිරිස අතර කෝන්තරය ඇති වන්නේ 2014 වසරේ දෙසැම්බර් මස අවසාන සතියේය. ඒ වනවිට මහින්ද රාජා හා පවුලේ අයගේ ප්‍රධාන ව්‍යාපාරය වී තිබුණේ බ්ලොක්ගල් නිෂ්පාදනයයි. දිනක් මහින්ද රාජාගේ වැඩිමල් පුතුන් දෙදෙනා වන ඝාතනයට ලක්වූ අයේෂ් ධනංජය සහ විශ්ව තාරක සිය පියාට අයත් කැන්ටර් රථයෙන් බ්ලොක්ගල් රැගෙන ගැනුම්කරුවකුට ලබාදීමට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි කොස්ගොඩ ලොකූ සහ තවත් අයෙක් කොස්ගොඩ කොළණිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ හමු වී ඇත. වේගයෙන් පැමිණි දෙපිරිස අනතුරක් වීම වළක්වාගෙන ඇත්තේද අනූ නවයෙනි. එතෙක් කිසිදු ගැටුමක් නොතිබුණු මෙම දෙපිරිස අතර ගැටුම නිර්මාණය වී ඇත්තේ මෙහිදී ඇති වූ බහින්බස්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එයින් පසු 2015 ජනවාරි 03දා සවස මහින්ද රාජාගේ දෙවැනි පුතා වන විශ්ව තාරක කොණ්ඩය කපන්නට කොස්ගොඩ - උෟරගහ මාර්ගයේ බාබර් සාප්පුවක් වෙත පයින් යමින් සිටියදී තවත් අයකු සමඟ යතුරුපැදියකින් පැමිණි කොස්ගොඩ ලොකූ, විශ්ව තාරකගේ හිසට පොල්ලකින් පහරදී පලාගොස් තිබේ. එයින් බරපතළ තුවාල ලබන විශ්ව තාරක, ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරන අතර හිසේ තුවාලයට මැහුම් 06ක් දැමීමට සිදුවේ. විශ්ව තාරක ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2015 ජනවාරි 05 දින රාත්‍රි 12.05ට කොස්ගොඩ ලොකූ සමඟ තවත් 12 දෙනෙක් ත්‍රිරෝද රථ 03කින් මහින්ද රාජාගේ නිවෙසට කඩා වදින අතර කුඩා පුතු හැර මහින්ද රාජා, බිරිය සහ වැඩිමහල් පුතුන් දෙදෙනා කඩු හා මන්නාපිහිවලින් කපාකොටා බරපතළ තුවාල සිදුකර පලායයි. එම අවස්ථාවේ යාබද නිවෙසේ සිටින මහින්ද රාජාගේ මස්සිනා වන එස්. ඒ. ලාල් සහ ඔහුගේ පුතාද පැමිණෙන අතර ඔවුන්ටද කඩුවලින් කොටා බරපතළ තුවාල සිදුකරයි.

    !
    !
    !
    !



    අද වන විට :angry::angry:

    8431-gfda.jpg

     
    • Like
    Reactions: Ithika mithika

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය ඔක්කොම බයයි ගෝඩ් ෆාදර්ට
    ගෝඩ් ෆාදර් ඉන්නේ පානදුර


    kna3Y.jpg


    පානදුර මහේෂ් නොහොත් ජුන්ඩයියා වලතර

    giphy.gif
     
    Last edited:
    • Haha
    Reactions: Ysa Karu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ඔක්කොම බයයි ගෝඩ් ෆාදර්ට
    ගෝඩ් ෆාදර් ඉන්නේ පානදුර


    kna3Y.jpg


    පානදුර මහේෂ් නොහොත් ජුන්ඩයියා වලතර

    giphy.gif


    adoo oya kabbo makkunda ?

    okunge god god geth god ape mahesh god

    thada kora,

    ලන්චක්කුවෙන් gahala maray iye matara set ekata ape god hitiyanam
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරල කැලේදී ඕන වුණ හිට්ලර්.....

    .

    අද අපිට ආරංචි වුණා,උට මාතර කිරල කැලේ
    දී, ශොට් එක හම්බුණා කියලා.මාතර ගේම්
    එක ගහලා මුන්ට කිලෝමීටරයක් දුව ගන්න
    බැරි වුණත් අවි පෙන්වන්න ගිහින් තියෙන්නෙ
    මාතර කිරල කැලේට.මට නම් ඒ මොකුත්
    කමක් නැහැ.පාතාලයේ එකාට මේ කරපු
    වැඩේ හරියටම හරි.ලෙයට ලෙය.අන්තිමට
    හිට්ලර් ගෝටාගේ ක්‍රමය සම්මුතිවාදී ලිච්චවි දරුවන්ට මාතර කිරල කැලේදී ඕන වුණා.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඉදකිං AL මැත්ස් කරපු එකෙක්ද මේ ගොන් තකතිරු විදිහට හොරකං කරන්න ගිහිං තියෙන්නෙ අටවත් පාස් නැති ගෝතයො සෙට් එකක් කියලා හිතං හිටියෙ ඒක කරපු ගොන් තාලෙට මිනි උසී ග්ලොක්17 T56 තිබ්බා කියලා මොලේ දෙන්න බෑනෙ නිකං බොරුවට අර පොලිසියෙ මනුස්සයත් මලා මේ ගොන් හැත්තත් මාට්ටු
     

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    ඉදකිං AL මැත්ස් කරපු එකෙක්ද මේ ගොන් තකතිරු විදිහට හොරකං කරන්න ගිහිං තියෙන්නෙ අටවත් පාස් නැති ගෝතයො සෙට් එකක් කියලා හිතං හිටියෙ ඒක කරපු ගොන් තාලෙට මිනි උසී ග්ලොක්17 T56 තිබ්බා කියලා මොලේ දෙන්න බෑනෙ නිකං බොරුවට අර පොලිසියෙ මනුස්සයත් මලා මේ ගොන් හැත්තත් මාට්ටු

    Exactly, they have not even watched these kinda movies. (i.e : Den of Thieves ) :no::no::no:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    kna3Y2.jpg

    :oo::oo:

    උබල ඔය රවූම් කරපු තෙන දැක්කද? හොල්මනක් නේද :dull:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    English aya visin Dayadha karapu, education system ekath mea valata vaga kiyanna ona. Mulu life ekama , long term education system ekata bara deela, exam fail unama, life ekama kada vatena , mea education system eka pradana vasayen vaga kiyanna ona.