කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට

wca

Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113

    මේකේ පොලිස් කාරය wrong සයිඩ් ගිහින් නේද ?

    කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට


    image_4b8407b65a.jpg

    (කේ. බුද්ධික කුමාරසිරි)
    මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනතුරට ලක් කල පෞද්ගලික බස් රථයක රියදුරු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
    මෙම අනතුරින් මීගොඩ පොලිසියේ පැදිකරු ලෙස කටයුතු කල රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් නලින්ද යන අයගේ දකුණු පාදය කැඩී ඇති බවත් පසු පැදිකරු ලෙස සිටි පොලිස් කොස්තාපල් නිරෝෂන් යන අයටද තුවාල සිදුව ඇතැයි ද පොලිසිය පවසයි
    අනතුර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ බදුල්ල පෞද්ගලික බස් රථයේ රියදුරු වන බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඩවිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත
    සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා විසින් පරීක්ෂණ පැවැත්විය​