කොස්තාපල් ඩේවිඩ් දිවි නසාගත්තේ ඇයි?
රාජකාරිය අතරතුර පොලිස් වාහනයේ රියදුරු අසුනේ සිටි 44 හැවිරිදි කොස්තාපල් ඩේවිඩ් රත්බෑන්ඩ් ඉදිරිපස වීදුරුවේ යමක් ගැටෙන හඬට හිස හරවා බැලුවේය. එතැන සිටියේ තුවක්කුවක් මානා ගත් අපරාධ කරුවෙකි. ඔහු තත්පරයක්වත් ඉඩක් නොදී තුවක්කුව ඩේවිඩ්ගේ හිස පෙදෙසට එල්ල කොට මූනිස්සම් වැලක් මුදා හැරියේය. හිසත් මුහුණත් බදාගත් ඩේවිඩ් රෝහලේ දී සිහිය ලබන විට සදාකාලික අන්ධ පුද්ගලයෙක් බවට පත්ව සිටියේය. සිදුවීම වූයේ 2010 ජූලි මාසයේ දීය. එතැන් පටන් අන්ධ ජීවිතයක් ගත කරන්නට වූ ඩේවිඩ්ට පසුගිය දිනෙක ජීවිතය එපාවිය. ජීවත් වූ නිවසේ බාල්කයක ලණුවක් ගැටගසාගත් ඔහු ගෙල වැලදා ජීවිතයෙන් සමුගත්තේය.
දැන් මේ පිළිබඳව නොයෙක් ආකාරයේ මති මතාන්තර පුවත්පත් පුරා වෙයි. ඉන් කියැවෙන්නේ රාජකාරිය අතරතුර අනතුරට පත් ඩේවිඩ්ට නිසි උදව් උපකාර රජයෙන් සමාජයෙන් ලැබුණේ ද යන්නයි.
අවුරුදු විස්සක විවාහයෙන් දරුවන් දෙදෙනකු ද සිටින ඩේවිඩ්ට තමාට වූ අපරාධය උහුලා ගත නොහැකි විණි. ඔහු තමා අසල ගැවසෙන නොනිමි අඳුර පිළිබඳව ඉතා කනස්සල්ලෙන් කතා බහ කළේය. ඒ පිළිබඳව නිතියෙන් පසුතැවිලි වූයේය. හෙණයක් මෙන් පාත්වූ සැමියා ගේ අන්ධභාවය, බිරිඳට ද දරුවන්ට ද එක්වරම දරාගැනීමට හැකියාවක් නොවීය. සමාජමය වශයෙන් ද පවුලක් වශයෙන් ද ඔව්හු අතරමං වූහ.
මෙතෙක් නිවාඩු පිට සිටි ඩේවිඩ් අන්ධ නිලධාරියකු ලෙසට වැඩ ආරම්භ කිරීමට නියමිතව සිටියේ ලබන මසය. එහෙත් පසුගිය අවුරුදු දෙක තුළ ඔහුට පූර්ණ සහයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් ආයතනයකින් නොලැබුණු බව බොහෝ දෙනෙක් දැන සිටියහ. තමනට සහය මඳකම දැනීම නිසාම තමා වැනි අනෙක් අය ගැන සිතා ඔවුනට සහන ලබාදෙන ආයතනයක් ඇරැඹීමට ඩේවිඩ්ට අවශ්‍ය විය. බ්ලූ ලෑම්ප් ෆවුන්ඩේෂන් යනු ඔහු ඒ සඳහා ආරම්භ කළ පදනමයි. තමා මෙන් අනතුරට පත් අය වෙනුවෙන් සහය ලබා දීම එහි ප්‍රධාන පරමාර්ථයයි. එය එසේ ඇරැඹීමට සිදුවූයේ තමා සේවය කළ ආයතනයෙන් තමනට සහනයක් නොලැබුණු නිසා නොවේද?
සැත්කම් මඟින් ඩේවිඩ්ගේ හිසෙහි සහ මුහුණෙහි තිබූ දෙසීයකට වඩා මූනිස්සම් ඉවත් කරනු ලැබිණි. මීට අමතරව ඔස්ට්‍රේලියාවට ගොස් එහිදී ද සැත්කම්වලට භාජනය වීමට ඔහුට සිදුවිය. මේ වන විට ඔහුගේ ජීවිතයේ වෙනසක් ද වී තිබිණ. ඒ විසිවසක් ඔහු හා පවුල් කෑ බිරිඳ ඔහු අතහැර ගොස් තිබීමයි. ඔහුගේ ආවේගවත් හැසිරීමෙන් එසේ වූවේ යැයි සඳහන් වුවද ඉතා හොඳ වාර්තාවක් තිබූ ඩේවිඩ් වැන්නකු එවැනි තත්ත්වයකට පත්වූයේ ඔහුගේ අන්ධභාවය හා සබැඳුණු මානසිකත්වයට නිසි පිළියම් නොලැබුණු නිසා යැයි මත ඉදිරිපත් වී තිබේ. ඔස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ගැනීමට ඔහු ගියේ පසුගිය නොවැම්බර් මාසයේය. එහිදී ඊඑධ්ඊඡ්අ ට්විටර් මාධ්‍යය මඟින් ඔහු තම සිතැඟි කීපවරක්ම සඳහන් කරන්නට යෙදුණි. බිරිඳ හැරයාම පිළිබඳව කනගාටුව පල කොට සටහනක් දැමූ ඔහු “මම ලබන සඳුදා ලන්ඩනයට යනවා අවසාන වරට දරුවන්ගෙන් සමුගන්න” මෙන්ම “කොස්තාපල් රත්බෑන්ඩ් සමාදානයේ සැතපේවා!” යනුවෙන් ද සටහනක් දැමීය. මේ පිළිබඳව විමසා බලා කටයුතු කළා නම් ඩේවිඩ් අදත් අප අතරය. ඔහුගේ උදව් ඉල්ලා කෑගැසීමේ හඬ කිසිවකුටත් ඇසුණේ නැත. ඇසුනත් කිසිවෙක් ගණන් ගත්තේ ද නැත.
දැන් දැන් පොලිස් සේවයේ අංශවලින් නොයෙකුත් ශෝක ප්‍රකාශ ඉදිරිපත් වෙයි. ඔවුන් අතින් සිදුවූ ප්‍රමාද දෝෂය ගැන පසුතැවෙයි. මෙසේ කරන්නට මෙසේ බලන්නට තිබුණා යැයි කියයි. ඒත් දැන් ප්‍රමාද වැඩිය.
වසරකට එංගලන්තයේ පොලිස් නිලධාරීන් ගණනාවක් රාජකාරි වේලාවන්හිදී අනතුරුවලට ලක්වෙති. මිය යති. ආබාධිත වෙති. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට තව ප්‍රශ්නයක් ඇත. ඉරාක සහ ඇෆ්ගනිස්ථාන් යුද්ධ සඳහා යොදා ඇති බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ සහජීවනයයි. ඉරාක යුද්ධය අවසානයේ නැවත එංගලන්තයට පැමිණි සොල්දාදුවන් ගණනාවක් යුද්ධයේ කුරිරු අත්දැකීම් සිතෙන් තුරන් කර ගැනීමට නොහැකිව වද වින්දාහුද? පවුල් කඩාකප්පල් කරගත්තෝද? භාර්යාවන් හා පෙම්වතියන් හට හිංසා කළෝද? කී දෙනෙක් දිවි නසාගත්තෝද? සැබැවින්ම ඔවුන්හට නිසි පුනරුත්ථාපන ක්‍රමවේදයක් වීද?
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කීවාක් මෙන් ලෝකයේ දුප්පත් රටවල සමාජ ආර්ථකමය සුබසාධන කටයුතු සඳහා බ්‍රිතාන්‍යය වසරකට අති විශාල මුදලක් වැය කරයි. සමහරුන් එවැනි උදව් පදව් වලට නොයෙකුත් නිර්වචන සපයන නමුත් එය කෙරෙනුයේ හුදෙක් අවංක චේතනාවෙන් බව පැහැදිලි වන්නේ මෙහි සාමාන්‍ය ජනයා විසින් තුන්වන ලෝකයේ රටවල් දෙස දක්වන කරුණාව තේරුම් ගිය විටය. කෙසේ වෙතත් වඩුවාගේ ගෙදර පුටුව නැතිවාක් මෙන් ලෝක සුබ සාධනයෙහි යෙදෙන බ්‍රිතාන්‍යයේත් සුබසාධන අඩුලුහුඬුකම් ඇත.
ලෝකයේ රටවල් ගණනාවක් වෙනත් රටවල් තුළ මෙන්ම තමන්ගේ ම රට තුළ ද යුද වැද සිටිති. හමුදා භටයෝ මිය යති. තුවාල ලබති. ආබාධිත වෙති. ආබාධිත වුවත් නැවත ගම්බිම් බලා යති. ඔසොවාගෙන ගොස් තබති.
හමුදා සේවයේ සිටියදී නිවාඩු ලැබ ගෙදර පැමිණ වත්ත පහළ ලිඳෙන් දිය ඇද තමා නැහැවූ පුතා යුද්ධයේ ආබාධිතයෙකුව ඔසවාගෙන ගෙදර ;ගන ආවොත් තමාගේ කොන්දේ අමාරුව අමතක කොට ඔහු නහවන්නට සිදුවන්නේ ඒ අම්මාටම නොවේද? තම නිල ඇඳුමින් සැරසී උදෑසන දරුවන් ද සිඹ සනසා රැකියාවට යන නිලදරුවා අන්ධයකුව ගෙදර පැමිණියහොත් ඔහුගේ කණවැල ඇල්ලීමට හැකියාවක් ශක්තියක් ඉවසීමක් ආදරණීය බිරිඳට තිබේද? ඇයට උපකාරයක් පුහුණුවක් ලැබේද? රාත්‍රියට ඇඳට යාමට පෙර පොත්පත් කතන්දර කියවා දුන් පියාගේ අඩුපාඩුව දරන්නට දරුවනට හැකියාවක් තිබේද? මේ කරුණු පිළිබඳව තව තවත් සිත සිතා හදවත හඬවන්නට අවශ්‍ය නැත. එවැනි තත්ත්වයකට පත්වූවනට උදව් උපකාර කිරීම සරණ සේවාවන්හී යුතුකමක් පමණක් නොවේ. එය අපගේ වගකීමක් ද වන්නේය.
නීතිඥ අනුර හෑගොඩ