කොස්දෙල් - Artocarpus altilis

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මගේ බිරිදගේ පියා එ කියන්නේ මාමන්ඩියා වගාවට පට්ට කෑමති. කොරොනා කාලේ උස්සන් අවා කොස්වගේ කටු තියන දෙල් වගේ සයිස් ගෙඩියක්.මගෙන් ඈහුවා දන්නවද කියලා. ඈත්තටම වයසක අයගේ කෙස් පෑහේන්නේ නික්න් නෙමෙ කියලා මට හිතුනා, අති පන්ඩිත පොරවල් වගේ ඉන්න අපිත් කොර උනා. පස්සේ මම ගුගුලෙන් හොයලා බෑලුවා මෙ මොන හත්තිලව්වක්ද කියලා. උබ්ලට දෑනගන්නත් එක්ක දෑම්මා මම. නොදන්න් දෙයක් දෑනගත්තානම් රෙපක් දාගේන යන්න.

    A member of in breadfruit (del), Jackfruit (kos) family. Hence, the fruit of this plant shows features of both fruits this tree locally known as Kosdel. A native species grows well with the wet and warm conditions in the wet zone, also in intermediate zone. At the maturity a tree can grow up to 20 meters. Kosdel fruit eaten by birds, bats and mammals, therefore in the wild seeds disperse by animals. Trees also grown in home gardens mostly the fruit and seeds use as a food by villagers. Sometimes timber used for constructions and furniture. Some parts of the tree used for Ayurveda medicinal treatments.
    (පරිවර්තනය කරන්න බෑ කුනුහම්බ එන්නේ)


    Kosdel-Artocarpus-altilis.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    කොස් දෙල් කියලා තමයි අපි කියන්නෙ
    අපේ ගම් පලාතෙ නම් ටිකක් තියනවා , අපේ ගෙදර ලග දොලපාරක් අයිනෙ ගහක් තියනවා අයිතිකාරයෙක් නැහැ, අපි ඒකෙන් නිතර කඩාගෙන එනවා
    දෙල් ගෙඩිය ප්‍රමානෙම හරි ඊට වඩා පොඩ්ඩක් ලොකු රවුම් බෝල වගේ ගෙඩි හැදෙන්නෙ
    කොස් ගෙඩියට වඩා උල් කටු තමයි තියෙන්නෙ
    දෙල් ගෙඩි තරම් ගෙඩි හැදෙන්නෙ නැහැ ගහේ, ගහේ ප්‍රමානෙත් එක්ක ගෙඩි ටිකයි හැදෙන්නෙ. ගස් පොඩි කාලෙම ගෙඩි හැදෙනවා හැබැයි එකයි දෙකයි. ගෙඩි ගොඩක් හැදෙන්න නම් මහා ගහක් වෙන්න ඕන
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    kole mona wageda ?

    දෙල් කොලේ වගේමයි
    හැබැයි දලු (අර දල්ල එන්න කලින් කොපුවක් වගේ එකක් හැදෙන්නෙ ඒක එහෙම) එහෙම තද කොල පාටයි. දෙල් වල ඕව ලා කොළ පාටයිනේ
    හොදටම ගස් දෙකම දැකල පුරුදු නම් ගෙඩි නැතත් ගහෙන් අදුනගන්න පුලුවන්.

    මේකත් දැනගන්න කෙනෙක්ට දැනගන්න කියලා දැම්මෙ
    තව ඔය වගේ කොස් ෆැමිලි එකේම ගස් වර්ග දෙකක් තියනවා
    එකක් තමයි බැදි දෙල් කියන එක, මේකෙ කොලේ රවුම් ලොකුයි, ගෙඩිය දෙල් ගෙඩියට වඩා පොඩියි පොඩ්ඩක් දිගයි(පොලොස් ගෙඩියක් වගේ), මේවයෙ ගෙඩි ඉදුනම් තද සුවදක් තියනවා ඒක නිසා ගෙඩි කෑවොත් ඔලුවෙ කැක්කුම හැදෙනවා කියලා කතාවක් තියන නිසා ගෙඩිය කන්නෙ නැහැ, හැබැයි මේවයෙ ඇට එකතු කරලා කබලේ බැදලා කනවා පට්ට රහයි. ටිකක් රටකජු වගේ ගතියක් තියෙන්නෙ

    තව කොස් ගොන්න කියලා වරගයක් තියනවා, ඒවයෙ ගොඩක් පොඩි ගෙඩි හැදෙන්නෙ, ගෙඩි ඇඹුල් රසයි, සමහර ගස් තියනවලු පැණි රස ඒව. මම එකම ගහයි දැකලා තියෙන්නෙ ඒකෙ නම් පට්ට ඇඹුල් රහයි ගෙඩි
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: Plusky and ryandok

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    කොස් දෙල් කියලා තමයි අපි කියන්නෙ
    අපේ ගම් පලාතෙ නම් ටිකක් තියනවා , අපේ ගෙදර ලග දොලපාරක් අයිනෙ ගහක් තියනවා අයිතිකාරයෙක් නැහැ, අපි ඒකෙන් නිතර කඩාගෙන එනවා
    දෙල් ගෙඩිය ප්‍රමානෙම හරි ඊට වඩා පොඩ්ඩක් ලොකු රවුම් බෝල වගේ ගෙඩි හැදෙන්නෙ
    කොස් ගෙඩියට වඩා උල් කටු තමයි තියෙන්නෙ
    දෙල් ගෙඩි තරම් ගෙඩි හැදෙන්නෙ නැහැ ගහේ, ගහේ ප්‍රමානෙත් එක්ක ගෙඩි ටිකයි හැදෙන්නෙ. ගස් පොඩි කාලෙම ගෙඩි හැදෙනවා හැබැයි එකයි දෙකයි. ගෙඩි ගොඩක් හැදෙන්න නම් මහා ගහක් වෙන්න ඕන
    මේවා රසයිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    මේවා රසයිද?
    රසයි කියන්නෙ ඕව උයලා කන්නෙ
    සාමාන්‍යෙන් ලාවට පැහීගෙන එනකොට කඩලා මැල්ලුම් එහෙම තමයි හදන්නෙ. බෝල බෝල වගේ ඇට තියෙන්නෙ කොස් ඇට වගේමයි, මට නම් ඇත්තටම කොස් මැල්ලුම වගේ තමයි රසේ පොඩි වෙනසක් තියනවා. මම නම් කොස් මැල්ලුමට වඩා ආසයි
     
    • Like
    Reactions: Plusky