හල් ගෙඩි දැකලා තියෙනවද , අදම වෙන්න ඕන නම ඇහුවෙත්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)






    It is endemic to Sri Lanka.

    Fruits have a bitter taste. Traditionally people in the surrounding villages of the tree growing areas collect fruits for preparation of various food items including one of famous food called 'Hal Guti'.


    A preparation made from this tree is used in preserving traditional manuscripts written on palm leaves


    Vateria copallifera . IUCN Red List of Threatened Species.
    1998
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,580
    8,827
    113
    දැකල තියෙනවා, හල් ගාලා තියෙනවා, හදල කාලත් තියෙනවා.
    ඉස්සර අත්තම්ම එහෙම ඉන්න කලේනම් මේවා ගාල පොට්ටනියක් බලා වතුර පිල්ලේ එල්ලලා තියනවා රෑට, උදේට අරගෙන තම හදන්නේ.

    දැන්නම් වතුර බේසමකට වගේ දාලා තියල ගන්නව. ගොඩක්ම හැලප වගේ හදන්නේ.. පොඩි තිත්තත් එක්ක ලාල් එකක් තියෙනවා.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,830
    1,512
    113
    පාදුක්ක පැත්තේ තියනවා.

    ඔව් .... අපේ අම්ම ඉස්සර කියනවා .... එයාල හල් වලින් කෑම හදපු හැටි ....

    අපි දන්නෙ ආතර් සී ක්ලාක් ගෙ හල් විතරයිනෙ ....
     
    • Haha
    Reactions: ewijesekara

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    මමත් පොඩිකාලේ ඕන තරම් හල් වලින් හැලප කාලා තියනවා. වන්ඩු කාල තියනවා. අපේ ඉඩම් වල හල් ගස් සැහෙන තියනවා. ඔය හල් ගහේ මැලියම් වගයක් එනවා. ඒවා දුම්මල විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒවාට කියන්නේ හල් දුම්මල.

    හල් ගෙඩි එකතුකරලා අපි පොත්ත ඉවත් කරලා ගාගන්නවා. ගොඩක් වෙලාවට සැමන් ටින් එකක් සිදුරු විදලා ඒක උඩ අතුලලා ගාගන්නවා. ඉන් පස්සේ පිරිසිඳු රෙදි කෑල්ලක් අරගෙන පොට්ටනිය වගේ හදල වතුර පිල්ලට තියන ගැටගහනවා. උදේ වෙනකං හේදෙනවා පීල්ලේ වතුරෙන්. එතකොට තමයි තිත්ත ගතිය යන්නේ.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    හල් පිට්ටු එහෙම මාර රසයි. අවුරුදු 30කට විතර ඉස්සර අපේ වත්තෙත් ලොකු හල් ගහක් තිබ්බා, හල් දුම්මල එහෙම මාර සුවඳයි