කොස්ලන්ද නාය යාමෙන් නිවාස 70ක් යට වෙයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    කොස්ලන්ද නාය යාමෙන් නිවාස 70ක් යට වෙයි

    koslanda.jpg



    කොස්ලන්ද මීරියබැද්ද තේ වත්තේ අක්කර 200ක් පමණ නාය ගොස් ඇත.මළසිරුරු දාහතරක් මීට මද වේලාවකට පෙර සොයාගත් බව සහන සේවකයෝ කියති.
    යුද හමුදාව, පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ,ආපදා කළමණාකරණ නිලධාරීන් හා සහන සේවකයෝ එහි පැමිණෙමින් සිටිති. මළ සිරුරු සෙවීම ඉතා අසීරු බව ඔවුහු කියති.නාය යන ප්‍රදේශ බැලීමට නොයන ලෙසත් එය ඉතා අනතුරු දායක ලෙසත් පොලීසිය කියයි.



    Hundred and twenty line houses and seven government quarters in the Haldummulla area in Badulla were destroyed due to a landslide this morning.
    Two bodies have been recovered by rescue teams so far and it is believed that about 250 people are trapped inside.
    The Disaster Management Centre (DMC) said an area of about two kilometres had been affected in the landslide.
    DMC Assistant Director Udayakumara said that the rescue operations are underway with the help of the army and the police. Meanwhile, Military Spokesman Ruwan Wanigasuriya said 500 soldiers have been deployed in the rescue mission.


    හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාම්වලින් නිවාස 70කට අධික සංඛ්‍යාවක් පස් කඳුවලට යට වී තිබේ.
    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානම සහිත ස්ථාන රැසක් හඳුනාගෙන ඇති බව ය.
    මේ හේතුවෙන් ජනතාව එම ප්‍රදේශයෙන් වහා ඉවත් විය යුතු බව එම සංවිධානය උපදෙස් දෙයි.
    මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, නාය යාම සිදුවූ ස්ථානයට ළඟා වීම දුෂ්කර වී ඇති බව ය.

    හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශයේ අද උදෑසන 7.30ට පමන සිදු වූ නාය යෑමකින් විශාල පිරිසක් පස් කඳු වලට යටවී ඇති බව ගොසිප් නිවුස් වෙත වාර්ථා වෙනවා.. නිශ්චිත ගනනනක් වාර්තා නොවුනද පුද්ගලයන් 400කට අදික ප්‍රමානයක් පස් කඳු වලට යට වී ඇති බව නිල නොවන මට්ටමෙන් වාර්ථා වේ.. කෙසේ වෙතත් කඩ කෝවිල් කෝවිල් වතු නිවාස සියල්ල පස් කඳු සමග ගසාගෙන ගොස් ඇති
    බවක් වාර්ථා වේ.

    තවමත් සුලුවශයෙන් නාය යෑම් පවතින අතර පස් කඳු අතර කුඩා දරුවන් පාසල් ලමුන් කාන්තාවන් සිටින බවත්, අතුරුදහන් අය පිලිබඳව තවමත් කිසිඳු පුවත් නැති බවත් වාර්ථා වේ.

    Source
    http://www.lankadeepa.lk/index.php/articles/272011
    http://www.dailymirror.lk/55355/major-landslide-in-badulla
     
    Last edited: