මව්පියන් ගේ නොසැලකිල්ලෙන් දිවි හැර ගිය කුඩා දැරිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,459
    56,056
    113
    මව්පියන් ගේ නොසැලකිල්ලෙන් දිවි හැර ගිය කුඩා දැරිය


    දිවයිනේ පළාත් කිහිපයකට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ කුඩා දැරියක් සහ කාන්තාවක් මියගොස් තිබේ.

    අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූ එකම පවුලේ තිදෙනෙක් ද මේ වනවිට රෝහල්ගත කර ඇත.

    දිවයිනේ පළාත් කිහිපයකට ඊයේ (04) පස්වරුවේ තද වැසි ඇදහැලිණි.

    ගත වූ පැය 24 දී වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ, අනුරාධපුර දිස්ත්‍රික්යෙනි.

    එම අගය මිලිමීටර් 146.9කි.

    වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසක පහත්බිම් ජලයෙන් යට වී තිබේ.

    අධික වැසි හමුවේ වැලිමඩ රේන්දපොළ ඩේල්වේස්ට්වත්තේ කොටසක නාය යෑමක් සක්‍රීය වීමෙන් ඊට පහළින් පිහිටි සිල්මියාපුර නිවාස කිහිපයක් අවදානමට ලක් ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

    මේ අතර, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පස්කඳු නායයෑම හේතුවෙන් ගලහගම ප්‍රදේශයේ නිවාස 06කට අර්ධ හානි සිදු ව තිබේ.

    වැසි තත්ත්වය හමුවේ මහනුවර - මහියංගණය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේ තාවකාලික පළතුරු වෙළෙඳසලකට පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇත.

    ඊයේ රාත්‍රියේ සිදු වූ එම අනතුරින් වෙළෙඳසලේ හිමිකාරිය මිය ගොස් ඇති අතර, 37 හැවිරිදි ඇය
    රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    මේ අතර, උතුරු පළාතට ද තද වැසි ඇදහැලිණි.

    මුලතිව් කූරවිල් ප්‍රදේශයට ඇද හැලුණු වැසි සමඟ අකුණුසැර වැදීමෙන් එකම පවුලේ තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    වයස අවුරුදු 16ත් 21ත් අතර පසු වන ඔවුන් යාපනය රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබයි.

    පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසක් අසලින් ගලා බසින ඇළ මාර්ගයක කඩදාසි බෝට්ටු යවමින් සිටි දරුවන් කිහිප දෙනෙකු අතුරින් අවුරුදු දෙකකයි මාස 02ක් වයසැති දැරියක් ජලපහරට හසු වී ගසා ගෙන ගොස් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    එම දරුවන් එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසට මදුරන්කුලිය පොලිස් ස්ථානයේ කොස්පාල්වරයෙක් මව්පියන්ට දැනුම් දී පැයක් යාමටත් මත්තෙන් අදාළ දැරිය එම අනතුරට මුහුණ පා තිබිණි.

    මවිපියන් ගේ නොසැලකිලිමත්කමින් එම අවාසනාවත්ත සිද්ධිය සිදු වී ඇති බව පොලිසීය පවසයි.

    වැසි හේතුවෙන් ජලාශ සහ ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    රාජාංගනය ජලාශයේ වාන් දොරටු 08ක් මේවන විට විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 10,850ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරේ.

    මේ අතර, අංගමුව ජලාශයේ වාන් දොරටු 02ක් විවෘත කිරීම හමුවේ ඉන් ඔයට මුදාහැරෙන ජල ධාරිතාව තත්පරයට ඝණ අඩි 4,100කි.

    බුත්තල වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 06ක් අගල් 06 බැගින් විවෘත කර තිබේ.

    මේ හේතුවෙන් සෙල්ලකතරගම සහ මැණික් ගඟ දෙපස ජනතාවට මෙන්ම එම ගංගා භාවිතයේ දී විමසිලිමත් වන ලෙසට ආපදා අංශ දැනුම් දී ඇත.

    උඩවලව ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කිරීම හේතුවෙන් අම්බලන්තොට ලියන්ගස්තොට අමුණ වාන් දැමීම ද මේ වන විට ආරම්භ වී තිබේ.

    මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අදත් සවස් කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බවයි.

    එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කරයි.
     
    • Sad
    Reactions: B.Chat